ව්‍යසනයක පෙර නිමිත්තක්ද...?

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ව්‍යසනයක පෙර නිමිත්තක්ද...?

    මඩකලපුවේ ධීවරයින්ට අමුතු දැකීමක්. මාලු වෙනුවට සර්පයින්. මේ ස්වාභාවික ව්‍යසනයක පෙර නිමිත්තක්ද...?

    පසුගිය දින කිහිපය පුරාවටම මඩකලපුවේ ධීවර ජනතාවට කිසි දිනක නොවූ අත්දැකීමකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. ඒ අනුව මඩකලපුව නාවලඩියේ ධීවර ජනතාව පවසන්නේ මේ දිනවල මාළු වෙනුවට තමන්ගේ දැල් වලට සර්ප විශේෂයක් හසුවන බවයි. එසේම මඩකලපු ගංගා මෝය ඔස්‌සේ මෙවැනි සර්පයින් විශාල සංඛ්‍යාවක්‌ ගොඩබිම දෙසට ඇදී ආ බවද ධීවරයින් ප්‍රකාශ කරනවා.

    කෙසේ වෙතත් මෙම සර්ප විශේෂයට සමාන මතස්‍ය විශේෂයක් සිටියද ඔවුන් සමඟ සසඳා බලන විට මෙලෙස දැල් වලට හසුව ඇත්තේ එම මතස්‍යයින් නොවන බවද ධීවරයින් පෙන්වා දෙනවා. එසේම සර්ප විශේෂය මුහුදු නයාට සමාන බවද ධීවරයින් පෙන්වා දෙන අතර මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර මෙම සර්ප විශේෂය හඳුන්වා දෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය නිසා ධීවර කටයුතු තරමක් අඩාල වීමත් සමඟ මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදුවීම නිසා තමන් බොහෝ අපහසුතාවයට පත්ව ඇති බවයි එම ධීවරයින් පෙන්වා දෙන්නේ. එසේම මෙය ස්වාභාවික ව්‍යසනයක පෙර නිමිත්තක් බවටද සැක පහළ වෙන නිසා ධීවරයින් බියෙන් පසුවන බවද දමිළ මාධ්‍ය වාර්තා කරනවා.


    mu_01.jpg

    mu_02.jpg

    24337375_10155811589704519_1067247544_n.jpg

    24550355_10155811589599519_1986058099_n.jpg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    මඩකලපුවේ අවුරුද්දකට දෙකකට සැරයක් ඕක වෙනවා ඕක එච්චර ලොකු අවුලක් කරගන්න එපා
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මඩකලපුවේ අවුරුද්දකට දෙකකට සැරයක් ඕක වෙනවා ඕක එච්චර ලොකු අවුලක් කරගන්න එපා

    මොක්කුද බන් මේ :confused::confused:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මඩකලපුවේ අවුරුද්දකට දෙකකට සැරයක් ඕක වෙනවා ඕක එච්චර ලොකු අවුලක් කරගන්න එපා


    හෙහ් හෙහ් හෙහ්
    විදග්ධ පුක් ශෝධක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    හෙහ් හෙහ් හෙහ්
    විදග්ධ පුක් ශෝධක

    ආ උබලගේ වත්තට ගස් කඩන වැටිලද ?
    ටකරං හුළගේ ගිහිල්ලද ?
    කරන්ට් එකනම් මුඩුක්කු වලට කොහොමත් නෑ නේ නේද ?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ මුහුදු සර්පයෝ නෙවේ.මුහුදු සර්පයින්ගෙ වරල් වගේ පැතලි උන වල්ගා තියෙන්නේ. news වල උනුත් දන්නා කෙනෙක්ට පෙන්නලා තහවුරු කරන්නේ නැතුව ඔහේ news දානවා මිනිස්සු කලබල වෙන විදියට. මේ ආදෝ(eel) විශේෂයක්. හැඩය, වර්ණරටාව අනුව Ophichthidae කුලයේ (Family) ආදෝ විය හැකියි කියලයි විශේෂඥ මතය. Ophichthidae අයට snake eels කියල කියන්නේ.


     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ආ උබලගේ වත්තට ගස් කඩන වැටිලද ?
    ටකරං හුළගේ ගිහිල්ලද ?
    කරන්ට් එකනම් මුඩුක්කු වලට කොහොමත් නෑ නේ නේද ?


    තව හෝදපන් විදග්ධ තව හෝදපන්

    - විදග්ධ පුක් ශෝධක -
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ඕක වෙන්නේ මුහුදේ ලවනතාවය අඩු වෙලා නිසා කියල කාලගුනෙන් කිවුවා.ලවනතාව අඩු නිසා මුහුදු ජීවින් වෙනත් පැති වලට යනවලු.ඒක නිසා තමා මුන් මාලු ඉන්න පැති වලට migrate වෙනව ඇත්තේ.