අනික කොස්ට් එක අඩු කරගන්න විදිහ දැන් හොඳටම බලන්නේ.
අපි ගඩොල් පෝරණු තියෙන පැත්තෙන් ලොරිය හයර් කරොත් ලාබයක් තියෙයිද? අපේ නැත්තම් ගෙවල් පැත්තෙන් ගත්තොත් ලාබද? කොහොමටත් අප් ඇන්ඩ් ඩවුන් ට්‍රිප් දෙක වදින නිසා. ලොරිය හිස්ව කොහොමත් ගමනක් යවන්න වෙනව නේද?
අනික් වැඩේ ලොරිය නිකං තියන් ඉන්න වෙන එක බඩු විකිනෙනකම්.
මට වැදගත්ම දෙයක් අහන්න බැරි උනා. මේ ගඩොල් ජාති දෙක තුනක් තයෙනවා නේද? පොඩි රතු ගඩොල්(හැම තැනම තියෙන ටයිප් එක.) අනික පොඩි එක වගේ දෙගුණයක් විතර ලොකු සයිස් එකක් තියෙන එක.
මේ ගඩොල් වල ගුණාත්මක බාවය දැනගන්නේ එක්ස්පිරියන්ස් එකෙන්ද? ගඩොල් ගොඩේ පිට තියෙන ඒවා හොඳට පිච්චිලා, අනික්වා චාටර් වෙන්න අවදානමක් තියෙන නිසා.