ව්‍යාපාරයක් ලියාපදිංචි

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ව්‍යාපාරයක් ලියාපදිංචි

    කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුළුවන් ක්‍රම තුනක් (3) තියෙනවා.
    1. තනි පුද්ගල ව්‍යාපාර
    2. හවුල් ව්‍යාපාර
    3. සීමාසහිත පෞද්ගලික සමාගමක් ලෙස

    තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර ක්‍රමය ගොඩාක් ගැලපෙනවා කුඩා ව්‍යාපාරයකට. හේතුව ලියාපදිංචි කරන්න ඒ තරම් මුදලක් වැය වන්නේ නෑ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වරයා හරහා.. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන්න අවශ්‍යයි...
    තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර ලියාපදිංචිය අතර එතරම් වෙනසක් නෑ.

    ව්‍යාපාර නාම අඥා පනත යටතේ තමයි ව්‍යාපාර නාමය ලියාපදිංචි කරනනේ. ව්‍යාපාරය පවත්වන ස්ථානයේ අයිතිය ව්‍යාපාරයේ අයිතිකරුට නැතිනම් ස්ථානයේ අයිතිකරුගෙන් ලියුමක් අවශ්‍යයි ව්‍යාපාරය කරගෙන යාම සම්බන්ධව කැමැත්ත ප්‍රකාශ කරල. කුලියට ලබාගත් ස්ථානයක් නම් නිතීඥ වරයෙකු(lawyer) හරහා බදු ගිවිසුමක් අස්සන් කළයුතු වෙනවා. තනි පුද්ගල උනත් හවුල් උනත් ඒ කටයුතු සමානයි.
    හවුල් ව්‍යාපාරයට ⁣මීට අමතරව අවශ්‍ය වෙනවා
    1. එක් එක් හවුල් කරුවන්ගේ ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරි සහතිකයක් හා හවුල්කරැවෙකු ලෙස ව්‍යාපාරයට එකතු වීමය කැමැත්ත පල කළ ලිපියක්.
    2. රු 1000කට වඩා වැඩි ප්‍රාග්ධනයක් යොදවා ව්‍යාපාරය ආරම්භ කරන්නේ නම හවුල් කරුවන් අතර හවුල් ගිවිසුමක් ලිඛිතව පැවතිය යුතු වෙනවා
    තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර ලෙස ලියාපදිංචි කිරීමට එතරම් මුදලක් වැයවන්නේ නෑ. ලියාපදිංචි කිරීමේ කාර්යයත් සාපේක්ෂකව පහසුයි.
    එමෙන්ම තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර ක්‍රමයේ අවාසිත් බොහොමයක් තියෙනවා.
    # නෛතික පුද්ගලභාවයක් නොමැතිකම. එනම් ව්‍යාපාරය හා අයිතිකරු දෙදෙනෙකු ලෙස නීතිය ඉදිරියේදී පිළිගන්නේ නැ. ව්‍යාපාරයේ නමින් නඩු දැමීම, ගිවිසුම් වලට එළඹීමට හැකියාවක් නෑ.
    # වගකීම සීමා රහිත වීම. එනම්, නෛතික පුද්ගල භාවයක් නොමැති නිසා ව්‍යාපාරය වෙනුවෙන් වගකීමට බැදෙන්නේ අයිතිකරු නිසා අයිතිකරුගේ පෞද්ගලික දේපොළ වලින් පවා වගකීමට බැදෙනවා. ව්‍යාපාරය වෙනුවෙන් ලබාගත් ණය, ගෙවිය යුතු වියදම් පියවීමට ව්‍යාපාරයේ මුදල් නොමැති වුවත් අයිතිකරු හා ව්‍යාපාරය දෙදෙනෙකු නොවන නිසා අයිතිකරුගේ පෞද්ගලික මුදල්, ගේදොර, ඉඩකඩම්,යානවාහන පවා ව්‍යාපාරයේ වගකීම්, ණය, වියදම් පියවීමට යෙදවීමට සිදු වෙනවා. මේ නිසා ව්‍යාපාරය බංකොලොත් වුවහොත් අයිතිකරු ද බංකොලොත් තත්ත්වයට පත්විය හැකිය.
    # අඛණ්ඩ පැවැත්මක් නොමැතිකම , එනම් අයිතිකරු හා ව්‍යාපාරය දෙදෙනෙකු නොවන නිසා අයිතිකරු මියගිය පසු ව්‍යාපාරයද අවසන් වීම.
    # ඉහළ පිළිගැනීමක් නොමැතිකම, ව්‍යාපාර නාමය පමණක් ලියාපදිංචි වන හා නෛතික පුද්ගලභාවයක් නොමැතිකම නිසා දේශීය හා විදේශීය වශයෙන් පිළිගැනීම අවම වීම. බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනය ව්‍යාපාර ගිවිසුම් වලට එළඹීමට, ණය ලබා දීමට හා ව්‍යාපාර සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය දෙයක් වන ආයෝජනය ලබාදීමට ප්‍රතික්ෂේප කිරීම.
    ව්‍යාපාරයක් ලියාපදිංචි කළහැකි අනෙක් ක්‍රමය වන්නේ සීමාසහිත පෞද්ගලික සමාගමක් [..... (Private) Limited ] ලෙසට ලියාපදිංචි (සංස්ථාපිත) කිරීමයි. ආරම්භ වශයෙන් ලියාපදිංචි කිරීමට සාපේක්ෂකව වැඩි මුදලක් වැය වේ. නමුත් හවුල් ව්‍යාපාර හා තනිපුද්ගල ව්‍යාපාර වලට වඩා පහසුකම් හා වාසි වැඩිය. 2007 අංක 7 දරණ සමාගම් පනත මේ සඳහා බලපැවැත්වෙන අතර, තනි පුද්ගලයෙකුට වුවත් සමාගමක් ආරම්භ කිරීමට මෙම පනත හරහා පහසුකම් සලසා ඇත. මෙය ඉතාමත් වාසි සහගත වන්නේ මේ නිමා තනි පුද්ගලයෙකුගේ වත්කම් ආරක්ෂිත වන නිසාය. නමුත් බොහෝ දෙනෙකු මේ පිළිබඳව නොදන්නාකම හා ලියාපදිංචිය තනිවම කරගැනීමත් යම්තාක් දුරට දුෂ්කර විය හැකි නිසාත් හා සමාගමක් යැයි කියු විට ඇතිකරගන්නා හා සමාජයේ පතුරුවා ඇති අනවශ්‍ය බිය නිසාත් තම ව්‍යාපාරය සීමාසහිත පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරගැනීමට යොමු නොවේ. නමුත් සීමාසහිත පෞද්ගලික සමාගම් ක්‍රමයේ වාසි බොහොමයක් පවතී...
    # නෛතික පුද්ගල භාවයක් ලැබීම ; එනම් සමාගමක් යනු අයිතිකරුගෙන් වෙන් වූ වෙනමම ස්වාධීන ඒකකයක් ලෙස හෙවත් සමාගමක් නීතිය ඉදිරියේදී පුද්ගලයෙකු ලෙස පිළිගැනීමය. මේ නිසා ව්‍යාපාරයේ නමින් නඩු පැවරිය හැකි වීම, ව්‍යාපාරයේ නමින් ගිවිසුම් වලට එළඹීමට හැකිවීම ආදී ප්‍රතිලාභ හිමිවේ.
    # වගකීම සීමාසහිත වීම ; මෙම ප්‍රතිලාභය ව්‍යාපාර අයිතිකරුට ලැබෙන මහඟු අවස්ථාවකි. එනම් හවුල් ව්‍යාපාර හා තනිපුද්ගල ව්‍යාපාර සම්බන්ධව අයිතිකරුගේ වගකීම සීමා රහිත වුවත්, සමාගමක් සම්බන්ධව අයිතිකරුගේ වගකීම සීමාසහිත වේ. ඒ අනුව සමාගමකදී අයිතිකරු ව්‍යාපාරයේ ණය වගකීම්, ගෙවිය යුතු වියදම් ආදී වගකීම් සඳහා අයිතිකරුගේ පෞද්ගලික මුදල් , ගේදොර , ඉඩකඩම් වැනි දේපොළ වලින් වගකීමට නොබැදේ. යම් හෙයකින් ව්‍යාපාරයට ව්‍යාපාරයේ වගකීම් වන ණය හා ගෙවිය යුතු වියදම් ගෙවා ගැනීමට නොහැකි වුවහොත් අයිතිකරුගෙන් ඒ සඳහා යොදා ගන්නේ ව්‍යාපාරයේ යොදවා ඇති ප්‍රාග්ධනය පමනකි. එනම් සීමාසහිත සමාගමකදී අයිතිකරු ව්‍යාපාරය වෙනුවෙන් වගකීමට බැදෙන්නේ යොදවූ ප්‍රාග්ධන ප්‍රමාණය දක්වා පමණි.
    # අඛණ්ඩ පැවැත්ම ; එනම් සමාගමක් අයිතිකරුගෙන් වෙන් වූ වෙනම ම ස්වාධීන ඒකකයක් වන නිසා අයිතිකරුගේ මරණය , බංකොලොත් වීම සමාගමේ අවසානයට හෝ පැවැත්මට බල නොපායි.
    # ආයෝජන ලබාගැනීමේ පහසුව ; තනි පුද්ගල ව්‍යාපාරයක ආයෝජනය කරන්නේ එක් පුද්ගලයෙකු (අයිතිකරු) පමණි. හවුල් ව්‍යාපාරයක නම් හවුල් කරුවන්ය. ඒ අනුව තනිපුද්ගල ව්‍යාපාරයකට වඩා හවුල් ව්‍යාපාරයක ආයෝජන (ප්‍රාග්ධනය) වැඩි ප්‍රමාණයක් රැස් කරගත හැකිය. නමුත් හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම හවුල්කරුවන් ගණන 20 කි. විස්සකට (20) වඩා හවුල්කරුවන් වැඩිවන අවස්ථාවක එම ව්‍යාපාරය සීමාසහිත පෞද්ගලික සමාගමක් ලෙස සංස්ථාපිත කළයුතුය.
    සීමාසහිත පෞද්ගලික සමාගමක අයිතිකරුවන් (කොටස් හිමියන්) පනහක් (50) දක්වා වැඩිකර ගත හැකිය. ඒ අනුව ව්‍යාපාරයට ඉහළ ආයෝජනයක් (ප්‍රාග්ධනයක්) රැස්කර ගත හැකිය. තවද ව්‍යාපාරය සම්බන්ධයෙන් සෑම අයිතිකරුවෙකුගේම (කොටස් හිමියෙකුගේම) වගකීම සීමාසහිත වන බැවින් සමාගමක ආයෝජනය කිරීමට බොහොමයක් ආයෝජකයෝ කැමැත්තක් දක්වති.

    # ඉහළ පිළිගැනීමක් ලැබීම ; සමාගමක් අයිතිකරුගෙන් වෙන්වූ ස්වාධීන ඒකකයක් නිසා ව්‍යාපාරයටම වෙන් වූ පිළිගැනීමක් දේශීය වෙළඳපොළ තුළ මෙන්ම විදේශීය වෙළඳපොළ තුළද ගොඩනඟා ගැනීමට පහසුය. සමහර ව්‍යාපාර කටයුතු හා ගිවිසුම් වලට එළඹීමට සමාගමක් ලෙස සංස්ථාපනය කර තිබීම අනිවාර්ය වන විට ඒ සඳහා මෙය මූලික සුදුසුකමක් වේ.
    ******************
    මීට අමතරව ඔබගේ දැනුමට.....
    තනිපුද්ගල ව්‍යාපාරයක, හවුල් ව්‍යාපාරයක හා සීමාසහිත පෞද්ගලික සමාගමක දැකිය හැකි මූලික වෙනස්කම්....
    1. ව්‍යාපාරයක අයිතිය හිමිවන්නේ;
    a). තනිපුද්ගල ව්‍යාපාරයක - අයිතිකරු
    b). හවුල් ව්‍යාපාරයක - හවුල්කරු
    c). සමාගමක - කොටස් හිමියන් (Shareholders)

    2. ප්‍රධාන/මූලික ව්‍යාපාර කළමනාකරණය සිදුකිරීම
    a). තනිපුද්ගල ව්‍යාපාරයක - අයිතිකරු විසින්
    b). හවුල් ව්‍යාපාරයක - හවුල්කරුවන් විසින් හෝ සියලු හවුල්කරුවන්ගේ කැමැත්ත මත එක් අයෙක් හෝ කිහිප දෙනෙක්
    c). සමාගමක - අධ්‍යක්ෂක වරුන් (අධ්‍යක්ෂක මණ්ඩලයක්) විසින්.
    මෙම අධ්‍යක්ෂක මණ්ඩලය කොටස් හිමියන් අතරින් හෝ වෙනත් (අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ) පුද්ගලයින් ලෙස තෝරා පත්කළ හැක. සීමාසහිත සමාගමක් ලෙස සංස්ථාපනය කිරීමට අවම වශයෙන් එක් ⁣අධ්‍යක්ෂක වරයෙකු සිටිය යුතුය. අධ්‍යක්ෂක වරයෙකු නොවන කිසිදු කොටස් හිමියෙකුට ව්‍යාපාරයේ කළමනාකරණයට සම්බන්ධ විය නොහැක.

    සීමාසහිත පෞද්ගලික සමාගම් ලියාපදිංචි කටයුතු සියල්ලක්ම සිදුකරගත යුතුවන්නේ සමාගමක් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (Department of Registrar of Companies) හරහාය. මෙහි නිළ වෙබ් අඩවිය
    www.drc.gov.lk
    (සමාග් ලියාපදිංචියේ සියලුම කටයුතු මේ වන විට මෙම වෙබ් අඩවිය හරහා online සිදුකර ගත හැක)
    ව්‍යාපාර සටහන අංක 5
    © Sahan Kularathne
    B.Sc. Entrepreneurship (sp) UG
    University of Sri Jayewardenepura

    Managing Director,
    Dreams Institute of Enterprise Development and Education (Private) Limited

    ලියාපදිංචි කටයුතු සඳහා සහය අවශ්‍ය නම්
    0713215906
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Good post

    Good Valuable post....
    Good Valuable post....
    Good Valuable post....
    Good Valuable post....
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Online store එකක් වගේ නම් රෙජිස්ටර් කරන්න ඕනේ තනි පුද්ගල ව්‍යාපාර විදියටද? business place දානඑක අනිවාර්යිද ?