ව්‍යාපාරික ලෝකය ජයගත්තු දැවැන්තයෝ ගැන ලි

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ව්‍යාපාරික ලෝකය ජයගත්තු දැවැන්තයෝ ගැන ලි

    ලෝකේ මිනිස්සු ජාති දෙකක් ඉන්නවා. ඒකෙන් එක කොටසක් හීන දකිනවා. හැමදාමත් ඒ හීන එක්ක ජීවත් වෙනවා. හැබැයි එතනින් එහාට මොකුත් නෑ. හැබැයි ලෝකේ ඉන්න දෙවෙනි කොටසත් හීන දකිනවා. හීන දැකලා නිකම් ඉන්නෙ නෑ. ඒ මිනිස්සු ඒ හීන ඇත්ත ලෝකෙට ගේන්න වැඩ කරනවා. ඇත්තටම මේ ලෝකේ වෙනස් කරලා තියෙන්නෙත්, වෙනස් කරන්නෙත් අන්න ඒ දෙවෙනි කොටසේ ඉන්න මිනිස්සු තමයි. ලෝකේ ඉන්න සුපිරිම ව්‍යාපාරිකයෝ අයිති වෙන්නෙත් අන්න ඒ කිව්ව මිනිස්සු කොටසට තමයි. ඒ අයට කිසිම දෙයක් නිකම්ම ලැබිලා නෑ. අම්මගේ තාත්තගේ දේපොළ වලින් හැදුණු මනුස්සයෙක් වුනත් එතනට එන්න පුදුම කට්ටක් කාලා, පුදුම දුකක් විඳලා වැඩ කරලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ සාර්ථකත්වය ගැන ලෝකෙම කතා කරන්නෙ ඒකයි. ඒ මිනිස්සුන්ගේ සාර්ථකත්වය ගැන පොත් ලියවෙන්නේ ඒකයි. ඒ පොත් වලින් අපේ ජීවිතේ සාර්ථක කරගන්නත් ගන්න ඕන තරම් පාඩම් තියෙනවා කියලා අපි කියන්නෙත් ඒකයි. මේ, ඒ වගේ ලෝකේ අති සාර්ථක ව්‍යාපාරිකයෝ ගැන ලියවුණු පොත් කීපයක්. කියවලා බලන්න ජීවිතේට ගන්න දෙයක් තියෙනවද කියලා!



    1. Losing My Virginity :lol::lol::lol:



    Source – inc.com, wealthdynamicscentral.com
    ගරු රිචඩ් බ්‍රැන්සන් කියන්නේ ඉංග්‍රීසි ජාතික ව්‍යපාරික දැවැන්තයෙක්. කොම්පැණි හාරසීයකට එහා තියෙන වර්ජින් සමූහ ව්‍යාපාර පටන් ගත්තේ බ්‍රැන්සන් වුනත් ගොඩක් දෙනා මේ හාදයාව දන්නේ වර්ජින් රෙකෝඩ්ස් හින්දා. ගොඩක් දෙනෙක් පුදුම වුණු, අහපු දෙයක් තමයි තරුණ කාලෙම ව්‍යාපාරික ලෝකයට අත්පොත් තිබ්බ රිචඩ් බ්‍රැන්සන් කොහොමද මෙහෙම දියුණු වුනේ කියලා. අවුරුදු විසිපහක විතර කාලයක් ඇතුළේ තමයි බ්‍රැන්සන් රෙකෝඩ් කොම්පැණියේ ඉඳලා ගුවන්යානා වෙළඳාමට පවා බැස්සේ. ඉතින් මේකට උත්තර දෙන්න බ්‍රැන්සන් ලියනවා පොතක්. අර ස්වයං චරිතාපදානයක් කියන්නේ, අන්න ඒකක්. මේ Losing My Virginity: How I Survived, Had Fun, and Made a Fortune Doing Business My Way කියන පොත කියෙව්වොත් බ්‍රැන්සන්ගේ සාර්ථකත්වයේ රහස විතරක් නෙවෙයි, අපිටත් සාර්ථක වෙන්න පාර හොයාගන්න පුලුවන් වෙයි.

    කර්තෘ: Richard Branson



    2. Steve Jobs:D:D:D


    Source – triginnovation.com
    ස්ටීව් ජොබ්ස් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඇපල් අයිෆෝන් එකක් හරි මැක් කම්පියුටර් එකක් හරි අයිපොඩ් එකක් හරි පාවිච්චි කරන මනුස්සයෙක් විතරක් නෙවෙයි, ලෝකේ ඕනම කෙනෙක් අඳුනනවා ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, නිර්මාණකරුවෙක් වගේම පුරෝගාමියෙක් වුණු ස්ටීව් ජොබ්ස් ගැන. ඇත්තටම ස්ටීව්ගේ මරණෙන් පස්සේ ජනප්‍රියත්වය තවත් වැඩිවුණා කිව්වොත් හරි. ඇමරිකානු ලේඛකයෙක් සහ මාධ්‍යවේදියෙක් වෙන වෝල්ටර් ඉසාක්සන් ලියනවා පොතක් ස්ටීව් ජොබ්ස් කියලා. ඇත්තටම මේක තමයි මේ වෙනකොට ස්ටීව් ජොබ්ස් ගැන ලියවුණු සාර්ථකම චරිතාපදානය කියලා හඳුන්වන්නේ. ස්ටීව්ගේ වෘත්තිය ජිවිතය විතරක් නෙවෙයි, පුද්ගලික ජීවිතයත් පෙන්නලා තියෙන මේ පොත අපේ පරම්පරාවට ඉහළ යන්න උත්තේජනයක් ලබාදුන්නු පොතක් කිව්වොත් හරි.

    කර්තෘ: Walter Isaacson


    3. Idea Man:confused::confused::confused:



    Source – startupkafe.com, techcrunch.com
    හැත්තෑ හතරේදී අවුරුදු 21 ක් වයස පෝල් ඇලන් තමන්ගේ පුංචි කාලේ යාලුවා වුණු බිල් ගේට්ස් එක්ක එකතු වුණා පළවෙනි පුද්ගල පරිගණකයට ක්‍රමලේඛයක් ලියන්න. එතන ඉඳන් ටිකෙන් ටික ඉස්සරහට ආපු පෝල් ඇලන් සහ ගේට්ස් නතර වුණේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන්. ඩොලර් බිලියන විස්සකට වඩා වටිනා මේ මනුස්සයා තමන්ගේ සලකුණ තියන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ විතරක් නෙවෙයි. තවත් බිස්නස් ගණනාවක් එක්ක පෝල් ඇලන්ගේ නම කියවෙනවා. මේ වෙනකොට දෙපාරක් පිළිකා රෝගයෙන් බේරිලා තියෙන පෝල් ඇලන් තමන්ගේ අයිඩියා මෑන් පොත ලියන්නේ ස්වයං චරිතාපදානයක් විදියට වුනත්, ඒකේ පෝල්ගේ කතාව විතරක් නෙවෙයි තියෙන්නේ. මෙච්චර කාලයක් ලෝකේ වෙන කවුරුවත් නොදැන හිටපු මයික්‍රොසොෆ්ට් ආයතනය දෙන්නෙක්ගෙන් පටන් අරගෙන ආපු ගමනේ කතාන්තර එහෙමත් මේකේ තියෙනවා.

    කර්තෘ: Paul Allen



    4. 30 Women in Power: Their Voices, Their Stories :love::love:



    Source – scroll.in
    නයිනා ලාල් කිද්වායි කියන්නේ ඉන්දියාවේ ඉන්න නියම පවර් වුමන් කෙනෙක්. එයා පොතක් සම්පාදනය කරලා සංස්කරණය කරනවා 30 Women in Power: Their Voices, Their Stories කියලා. මේ පොතෙන් කියවෙන්නේ ඉන්දීය යකඩ ගැහැණු 30 දෙනෙක් ගැන. ඒ අයගේ අදහස් සහ ඒ අයගේ කතා ගැන. මේ අය හැමෝම ව්‍යාපාරිකාවෝ නෙවෙයි. බැංකු ක්ෂේත්‍රයේ, නීති ක්ෂේත්‍රයේ, වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේත් මේ අය විසිරිලා ඉන්නවා. හැබැයි අපි මේ පොතත් මෙතනට ගේන්නේ එක හේතුවක් ඇතුව. මේ හැමෝගෙම කතා කියවලා බැලුවොත් සාර්ථකත්වය කරා යන ගමන ගැන අද ඉඳන්ම හිතන්න ඕනම කෙනෙක්, විශේෂයෙන්ම කසාදයක් බැඳගෙන ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඕන කියන කාන්තාවක් පවා හිතන්න පෙළඹෙයි.

    කර්තෘ: Naina Lal Kidwai



    5. Titan: The Life of John D. Rockefeller



    Source – thehustle.co, penguinrandomhouse.com
    රොකෆෙලර් සෙන්ටර් කියන නම ඕන තරම් හොලිවුඩ් ‍ෆිල්ම් වල කියවෙනවා අහලා ඇතිනේ. හැබැයි ඇත්තටම ඔය නමේ අයිතිකාරයා කවුද කියලා දන්නවද? ගරු ජෝන් ඩී. රොකෆෙලර් කියන්නේ ඇමරිකානු තෙල් අධිරාජ්‍යයක හිමිකරුවෙක්. ඇත්තටම තාමත් ඇමරිකාවේ ධනවත්ම මනුස්සයා වෙලා හිටියා කියලා හඳුන්වන්නෙත් රොකෆෙලර්ව තමයි. එහෙම නූතන ඉතිහාසයේ ධනවත් බිස්නස් අධිරාජයා කියලා රොකෆෙලර්ව අඳුන්වන්න හේතුවක් තමයි අතීතයේ පළවෙනි බිලියනපතියා වුනේ රොකෆෙලර් වීම. දැන් මේ ඓතිහාසික සංකේතයක් වුණු මනුස්සයාගේ ඇත්තම කතාව ලියනවා ජාතික සාහිත්‍ය සම්මාන දිනපු චරිතාපදාන ලේඛකයෙක් වුණු රොන් චර්නෝව් විසින්. ඉතිහාසයේ වැඩියෙන්ම මතභේදයන්ට හේතුවුණු ව්‍යාපාරික දැවැන්තයා වෙන්න පුලුවන් රොකෆෙලර් ගැන ලියවුණු මේ පොත නිසා අපි ධනවාදය ගැන දකින කෝණයත් සමහර වෙලාවට වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

    කර්තෘ: Ron Chernow



    6. The Snowball: Warren Buffett and the Business of Life:eek::eek::eek:



    Source – jonelcordero.com
    අහලා තියෙනවද ඔමාහා වල දිවැසිවරයා ගැන? වොරන් බුෆේ කිව්වොත් මතක් වෙයිද? ආන්න ඒ වොරන් බුෆේ කියන්නේ අපි දන්න මෑත කාලීන ඉතිහාසයේ අති සාර්ථක ආයෝජකයින් කීප දෙනාගෙන් එක්කෙනෙක්. ඒ වගේම ඩොලර් බිලියන 80 කට වඩා වටිනකමක් තියෙන ලෝක ධනවතෙක්. හැබැයි වොරන් බුෆේ කියන්නේ නිකම්ම ව්‍යාපාරික ලෝකේ දැවැන්තයෙක් විතරක් නෙවෙයි. සාර්ථකත්වය ගැන හීන දකින ඕනම මනුස්සයෙක්ට ආදර්ශයට ගන්න පුලුවන් මනුස්සයෙක්. වොරන් බුෆේ තමන්ගේ ධනයෙන් 99% කටත් වඩා සුභසාධන කටයුතු වලට පරිත්‍යාග කරලා තියෙනවා කිව්වොත් පිළිගන්නවද? ඒ විතරක් නෙවෙයි බුෆේ ලෝකේ ඉන්න අනික් බිලියනපතියන්ටත් කියන්නේ ඒ විදියට කරන්න කියලා. ඉතින් මේ වගේ අතිසාර්ථක වගේම ලෝකේ වැඩියෙන්ම ගරු සම්භාවනාවට පාත්‍ර වෙන මනුස්සයෙක් ගැන ඇලිස් ශ්‍රෝඩර් ලියන චරිතාපදානය තමයි කියන්නේ.

    කර්තෘ: Alice Schroeder



    7. Mr. Playboy: Hugh Hefner and the American Dream:):):)



    Source – amazon.com, nerdinterior.com.br
    දැන් මෙතනින් ප්ලේබෝයි සඟරා දන්නෙ නැති නංගිලා මල්ලිලා ඉන්නවද? නෑනේ. එහෙමනම් ප්ලේබෝයි සඟරාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි හියු හැෆ්නර් කිව්වොත් දන්නවද? එයා තමයි ප්ලේබෝයි සඟරාවේ හිටපු කර්තෘ. ඒ වගේම හාදයා ඇත්තටම සල්ලිකාර ප්ලේබෝයි කෙනෙක්. හියු හැෆ්නර් ලෝකේ ප්‍රසිද්ධ චරිතයක් වෙන්නේ එයාගේ මූල්‍යමය වටිනාකම නිසාම නෙවෙයි. ලිංගික නිදහස වගේම ප්‍රකාශනයේ නිදහස ගැනත් බොහොම ක්‍රියාකාරීව කතා කරපු හියු හැෆ්නර් ප්ලේබෝයි සඟරාව හරහා ලෝකෙට වෙනස්ම ලයිෆ් ස්ටයිල් එකක් හඳුන්වලා දුන්නා කිව්වොත් හරි. ඉතින් මේ වටින කියන හාදයා ගැන පොතක්ම ලියනවා ස්ටීවන් වොට්ස්. ඇත්තටම කිව්වොත් මිස්ටර් ප්ලේබෝයි හියු හැෆ්නර් වගේම මේ පොතත් මාරම ෆන් පොතක්.

    කර්තෘ: Steven Watts :cool::cool::cool:

     

    Attachments

    • Books-About-the-Worlds-Top-Entrepreneurs-aniwa-02.jpg
      Books-About-the-Worlds-Top-Entrepreneurs-aniwa-02.jpg
      51 KB · Views: 88
    • Books-About-the-Worlds-Top-Entrepreneurs-aniwa-03.jpg
      Books-About-the-Worlds-Top-Entrepreneurs-aniwa-03.jpg
      82.5 KB · Views: 67
    • Books-About-the-Worlds-Top-Entrepreneurs-aniwa-04.jpg
      Books-About-the-Worlds-Top-Entrepreneurs-aniwa-04.jpg
      71.8 KB · Views: 63
    • Books-About-the-Worlds-Top-Entrepreneurs-aniwa-06.jpg
      Books-About-the-Worlds-Top-Entrepreneurs-aniwa-06.jpg
      65.1 KB · Views: 67