"කොළඹ නව පුරපති සාගල බවට පැතිරෙන පුවත අසත්‍යයක් – එජාප
උණුසුම් පුවත් | Hot Newsදේශපාලන පුවත්
කොළඹ නව පුරපති පත්කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරනවා.
එම ව්‍යාජ ලිපියේ දැක්වෙන්නේ සමගි ජන බලවේගය සමග පැවති සාකච්ඡාවලට අනුව, කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක මහතා යෝජනා කර ඇති බවටයි.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුතු ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර එය සම්පුර්ණයෙන්ම අසත්‍යය එකක් බව එම පක්ෂය නිවේදනය කරනවා.
ඒ අනුව එම පක්ෂ දෙකම මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් සඳහන්."
එතික්ස් නම් කොහොමද දන්නෑ, ඒත් සාගල කියන්නේ හොඳ මනුස්සයෙක්

------
Post added on May 19, 2025 at 6:34 PM