ගාන මිලියන 4 පනිනවා කියල දැකපු, දේශීය නිෂ්පාදනය පස්සේ දුවපු යක්ක පුත්තු මෝක්සා ට රටේ නැති දෙස් දෙවොල් තියනවා

පට්ට ලස්සන වගේම මීට වඩා quality කියලා හිතිය හැකි මිනි වාහන චීනෙන් 5000 $ ට අඩුවෙන් ගේන්න පුළුවන්. නමුත් මීට වඩා දෙයක් කරන්න බෑ ලංකාවේ, මේක ලොකු වෙළඳ පොළක් නෙමේ, කරල තියෙන්නෙ පුළුවන් දේ තමයි
වෙන ජපන් යුරෝපා ආදි quality වාහන හදන රටවල් පැත්තක තියමු, චීනෙන් අර ලස්සන එකක කෑලි ගෙනත් ඇමුණුවත් ඒ ගානට මෙහෙ අපිට අමුණන්න බෑ. ඒකෙන් වෙන්නෙත් රටට එන්න තියෙන ආනයන බද්දත් නැති වෙන එක විතරයි, පාරවල් පුරවනවාට අමතරව.
ලංකාව වගේ හුණ්ඩුවක නිෂ්පාදන ආර්ථිකයක් sustainable නැත්තේ ඇයි කියන එක ගැන අවුරුදු ගාණක ඉඳන් කිව්වා. ප්‍රධාන හේතු ආයි කිව්වොත් මුළු කලාපය සමගම සැසඳුවත් අපේ labor cost වැඩි, බලශක්ති මිල වැඩි, ඉඩම් මිළ වැඩි ඒ වගේම ඔය තුනම අවශ්‍ය පමණ නෑ. අමුද්‍රව්‍යත් නෑ, සෑහෙන දේශීය වෙළඳ පලක් වත් නෑ. (ඔය ගැන කලින් ලියපු එකක් කමෙන්ට් වල දානව.)
බජට් කාර් එකක් concept stage එකේ ඉදලා commercial level එකට ගෙනියනකොට හරි ගානකට තරගකාරීව විකුණන්න නම් අඩු ගානේ කෑලි ලක්ෂයක්කත් අවුරුදු පහකදී විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරිනම් ඉතින් ඔච්චර තමයි.
ඕක කාර් වලට විතරක් නෙමෙයි, Niche නොවන අනෙකුත් නිෂ්පාදන වලටත් පොදුයි.
දැන්වත් නිෂ්පාදන හෝ කෘෂි ආර්ථික වලින් මේ රට ගොඩ දාන්න පුලුවන් කියන හීනෙන් අවදිවෙන්න. රට ගොඩ දාන ක්‍රමය තමයි සේවා ආර්ථිකය, අපිට ඇති තරම් competencies තියන


කොහොමත් අපිට හරියන්නේ පෞද්ගලික කාර් නෙවෙයි. කළ යුතු පොදු ප්‍රවාහනය දියුණු කිරීමයි.
#PublicTransport #NationalTransportPolicy
#systemchange #survivalguidelk #ServiceEconomy