වාද පිටිය - පුනුරුත්පත්තිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල්ලි කොර වුණා නේද මට පඬි talk දාන්න ඇවිත් :rofl:

    මම කියපු දේ උබට තේරැනේ නැ බන්.මම දැනගෙනමයි ඔක ලයුවෙ.උබ හිතුවද උබේ මොලේට නොතේරැනාට මම සිනි බෝල කතාවක් ලියයි කියල. :P:lol::lol:
    ඒකේ "විද්‍යාව" සහ "අවිද්‍යාව" කියන ‍වචන දෙකේ සැහෙන තේරැමක් තියෙනව,උබට ඒවා තේරැමි යන්නෙ නැ බන්, බුද්ධිය අඩුයි.:P:lol::lol::lol:
     
    මම කියපු දේ උබට තේරැනේ නැ බන්.මම දැනගෙනමයි ඔක ලයුවෙ.උබ හිතුවද උබේ මොලේට නොතේරැනාට මම සිනි බෝල කතාවක් ලියයි කියල. :P:lol::lol:
    ඒකේ "විද්‍යාව" සහ "අවිද්‍යාව" කියන ‍වචන දෙකේ සැහෙන තේරැමක් තියෙනව,උබට ඒවා තේරැමි යන්නෙ නැ බන්, බුද්ධිය අඩුයි.:P:lol::lol::lol:




    baila නොකිය
    පුනුරුත්පත්තිය විද්‍යාත්මකව කොහෙද ඔප්පු කරලා තියෙන්නේ කියපන් :D
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے

    baila නොකිය
    පුනුරුත්පත්තිය විද්‍යාත්මකව කොහෙද ඔප්පු කරලා තියෙන්නේ කියපන් :D



    උබත් ශුවර් එකටම මේ හාදයගෙ පියාගෙ සීන් එකකින් ජාතක වෙච්ච එකෙක් වගේ..
    නැත්තන් යකඩෝ ඕන එකෙක්ට තේරෙන්න කියල තියෙද්දිත් මේ වගේ ගොබ්බ ප්‍රශ්න අහයිද...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions

    baila නොකිය
    පුනුරුත්පත්තිය විද්‍යාත්මකව කොහෙද ඔප්පු කරලා තියෙන්නේ කියපන් :D

    උබේ ඔය චූටි මොලේට මේකවත් තේරෙනවද බලපන්.. :lol::lol::lol:

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුල් වරට ලෝකාරම්භය හා එනයින් මානව පරිණාමය ගැන වෙන් කොට අදහසක් ඉදිරිපත් කළේ, දීඝ නිකායේ 27 වැනි සූත්‍රය වන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙනි..එනිසා, මෙලෙසින් අපගේ ප්‍රස්තුතයට අදාළ වන පරිදි, දීඝ නිකායේ, පටික වග්ගියෙහි, 27 වැනි සූත්‍රය ලෙස එන අග්ගඤ්ඤ සූත්‍රයෙහි දෙවැනි කොටස හුවා දක්වමි…මෙම සූත්‍ර දේශනාව උන් වහන්සේ මහා කරුණාවෙන් දෙසා වදාළේ, ශ්‍රාවස්ථියෙහි පූර්වාරාමයේ බුදු පාමොක් මහ සඟ ගණ සමඟ එක්ව, පරිව්‍රාජකත්වය අපේක්ෂාවෙන් සිටි භාරද්වාජ, හා වාසෙඨ්ට නම් බමුණු කුල පුතුන් දෙපළ අමතමිනි..

    මෙකී වාසෙඨ්ඨ හා භාරද්වාජ නම් බමුණු කුළ සාමනේර දෙපළ, “බුදු පියාණන් වහන්සේ ගෙන් සිරි සදහම් අප කෙසේ නම් සෘජුවම අසා දැන ගම් දෝහෝයි” සිතමින් සිටින මොහොතක, අළුයම් හි කෙසරු සලා නැඟී සිට, රන්වන් අයෝමය බාහු බෙලෙන් සිය ගුහායෙහි සක්මනෙහි යෙදෙන මහා සිංහ රාජයෙකු සේ, ධ්‍යාන සමාපත්තියෙන් ඉකුත් වී ගඳ කිලියෙන් නික්ම, වැලි තලයෙහි සක්මනෙහි යෙදෙන මහා විශ්ව සියපත දැක, ” මේ නම් අප ගුරු උතුමන්ගෙන් යමක් සෘජුවම අසා ගන්නට කදිම අවස්ථාවකැයි” දැන, සම්මා සම්බුදු සෙවණැල්ලේ සක්මනට එක්විය..තමා පසු පස්සේ එන සාමනේර දෙපළ විමසූ තථාගතයෝ “නුඹලාගේ පැවිද්ද නිසා, නුඹලාගේ වංශ නෑයන් වන බමුණන් නුඹලාට අපහාස කරනවාදැයි” ඇසූ සේක..ඔවුහුද එය ඒක මතිකව අනුමත කළහ..ඒ අපහාස වල ස්වරූපය දක්වන්නැයි බුදු පියාණන් කළ විමසුමට පිළිතුරු දුන් වාසෙට්ඨයෝ, බමුණන් තුමූ මහා බ්‍රහ්මයෙකුගේ මුඛයෙන් උපන්නා යැයි සිතා සිටින්නෝ වන හෙයින්ද, ඒ බඹුට නෑ කම් ඇතැයි සිතන හෙයින්ද, රන්වන් පැහැ සිරුරැති, සුපේශල පාරිශුද්ධ ජනනයන් ඇතැයි සිතන හෙයින්ද, ඒ සා ශ්‍රීමත් කුලයක් හැර දමා මේ මහණ කමකට බැස හෑල්ලූ වූයේ කුමක් නිසාදැයි කියමින් තමන්ට නින්දා අපහාස වැඩි වශයෙන් කරන බව කීහ..මෙවිට මිනිසා කුල සතරකට බෙදා, මේ මහ පොළව මත උප්පත්තියක් ලද බව කියන බමුණන් ගේ හින්දු වෛද නිකායික මත වාදයන්, හිරු දුටු බොල් පිණි සේ දුරලන්නට, ශාක්‍ය කුල සූර්යයාණෝ “අග්ගඤ්ඤ” රැස් මාලාව විදහා ලූ සේක..

    දැඩි අවධානයෙන් බලන්න..බුදු පියාණන් වහන්සේ ලෝකාරම්භය හා එහි හටගත් “පෘතුවි මූලික” ජීවය මෙලෙස විග්‍රහ කරන සේක…

    ….ආභස්සර බ්‍රහ්ම ලෝක….

    ආභස්සර බ්‍රහ්ම ලෝක පිළිබඳ බුදු පියාණන් වහන්සේ අග්ගඤ්ඤ සුතුරෙහි පමණක් නොව, බ්‍රහ්ම ජාල, බ්‍රහ්ම නිමාන්තනික, පඨික ආදී වූ සූත්‍ර දේශනාවන්හි මොනවට පැහැදිලි කරන සේක..ඉතාම පබසර වූ, ප්‍රභාමත්, ආලෝක කිර්ණ විහිදුවන සැහැල්ලු සිරුරු ඇති, පියාසැරි සහිත, නිදුක් ජීවිත ගත කරන බ්‍රහ්මයින් මේ ලෝකයන්හි ඇති හෙයින් ඒවා “ආභස්සර” ( නොහොත් පබසර ) බඹ ලෝ වේ..මේ බ්‍රහ්ම ලෝක වල ආයු කාළය මහා කල්ප අටක් පමණ වෙතැයි බුදු දහමේ සඳහන්ය..මේ ආභස්සර බ්‍රහ්ම ලෝක වනාහි බුදු දහමේ එන රූපාවචර, අරූපාවචර යන බ්‍රහ්ම ලෝක කොටස් යුග්මයෙන්, ” රූපාවචර” නොහොත් රූප කායන් සහිත, බ්‍රහ්ම ලෝක තලයන්ට අයත් වන බ්‍රහ්ම ලෝකයකි..ද්විතියික දැහැන් වැඩූවන් මෙහි උපත ලබන හෙයින් මෙය “ද්විතියික ධ්‍යාන බ්‍රහ්ම ලෝකය” ලෙසද නම් කෙරේ..( බුදු පියාණන්ගේ සිරි සදහම් මගෙහි, දීඝ නිකායේ මේ පිළිබඳව බොහෝ අවබෝධයක් ලබා ගත හැකි සූත්‍ර දේශනා රැසකි..උදාහරණ ලෙස මහා සුදස්සන සූත්‍රය, හා පුද්ගලිකව මා වැඩියෙන්ම ප්‍රිය කරන චක්කවත්තී සිංහ නාද සූත්‍රය ගත හැක )

    ….කල්ප විනාශයෙන් පසුව….

    දැන් අප සප්ත සූරියග්ගමන සූත්‍රයත්, අනාගතවංශ දේශනාවත් මඳක් පරිශීලණය කර බලමු..ඒ දේශනාවන්ට අනුව කල්පාවසානයේ මේ පෘතුවිය පුපුරා කැබලී වී, ධූලි වලාවන් බවට පත්ව යති..ඉන් අනතුරුව කාලාන්තරයක් තිස්සේ එලෙස පැවතී, යළිත් ඒ, ඒ කාබනික සක්‍රීය ප්‍රතික්‍රියා ඔස්සේ නැවතත්, ග්‍රහ ලෝකය නිර්මාණය වේ..මෙම ක්‍රියාවලියද සංසාරය සේම චක්‍රීයව සිදුවේ..එනිසා බුදු දහමට අනුව කාලානුරූපීව පෘතුවියේ හට ගැන්ම හෝ අවසානය යනු “කෝටුවක කොන් දෙක මෙන්” නිශ්චිත මුලක් හා අගක් ඇති දෙයක් නොවේ..එය චක්‍රයකි..ඇතිවෙයි..පවතියි..නැතිවෙයි..නැතිවී පවතියි..යළිත් ඇතිවෙයි..යනාදී වශයෙන් සිදුවන ක්‍රියාන්විතයකි..නමුත් මේ ග්‍රහ ලෝකයේ යළි, යළිත් හට ගැන්ම කල්පානූරූපීව සිදුවෙයි..මක් නිසාද, මෙය “බුද්ධෝත්පාද”, නො එසේ නම් විශ්වයට බුදු වරුන් පහළ වන ග්‍රහ ලෝකය බැවිනි..

    ( For the benefit of my English readers: Buddhism is the only religious theology on Earth, which preaches a theory of “Deformation and reformation” of Earth, subjected to matter.. )

    මෙවැනි පෘතුවි විනාශයකදී එහි සිටින ජීවින් කොහේ උපත ලබනාවද? මේ ගැටළුව විසඳා ගැනීමට බොහෝ විමසීම් කළෙමි..මෙයට ලැබුණු පිළිතුරු බොහෝය..නමුත් ඒ පිළිතුරු අතරේ වඩාත්ම බුදු දහම නිවැරදිව පහදා දෙන පිළිතුරු අඩංගු වූයේ “අජාන් බ්‍රහ්මවංසෝ” නම් බ්‍රිතාන්‍ය ජාතික ස්වාමීන් වහන්සේගේ හා අපේම කිරිබත් ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවන්හීය..උන් වහන්සේලා දෙපළම බුදු දහමේ ඒ ගැන ඇති දැක්ම ඉතා නිරවුල්ව දෙසන සේක..ඒ අනුව, එලෙස පෘතුවිය විනාශ වී යද්දී එහි වෙසෙන යහපතෙහි නියැළුණු, යහපත් දැකුම් ඇති පිරිස් මෙවැනි ආභස්සර බඹ ලෝ තලයන්හි උපත ලබන අතර, මිසදිටුව නිසා නොමඟ ගියෝ “අන්තරීක්ෂ කල්පාන්ත නිරයන්හි” ගිනි දැල් මැද උපත ලබති..මේ හැර, මේ අතර මඟ, එනම් ඉතාම යහ පැවැත්මක් නැත්තා වූද, එහෙත් බොහෝ පව් කම් කොට නැත්තාවූද, ඒ, ඒ පව් පින් තලයන්හි සිටින ජීවිහු, මිනිසාට ඇතැම් අංශ වලින් සමාන යැයි සැළකෙන ජීවින් සිටින ග්‍රහ ලෝක වල,හෝ දෙව් ලෝක ආදියෙහි උපත ලබනු ඇත….උදාහරණ ලෙස ගතහොත් : එක සූර්යයෙකුගෙන් හා එක සඳකින් ආලෝකය ලබන “චූලනිකා” ලෝක ධාතුව නොහොත් ලෝක 31 ක් එක්වීමෙන් සෑදෙන ලෝක ධාතුව, සහස්සී ලෝක ධාතුව ( චුලනිකා ලෝක ධාතූන් 1000 ක් එක්වීමෙන් තැනෙන ), ද්වී සහස්සී ලෝක ධාතුව ( එමෙන් දෙගුණයක් එක්වීමෙන් තැනෙන ), ත්‍රී සහස්සී ලෝක ධාතුව ( එමෙන් තෙගුණයක් එක්වීමෙන් තැනෙන ) යනාදී වශයෙන් බුදු දහමේ විශ්ව විග්‍රහයේ එන විශ්ව වස්තු මණ්ඩල ඇති හෙයින් මේවායේ මිනිස් ලොවට සමාන, මිනිසුන්ට හැඩ හුරුවෙන් සමාන ජීවින් වෙසෙන වෙනත් ග්‍රහ ලෝක දහස් ගණනක් තිබේ..මේ හැර දිව්‍ය ලෝක, අසුර ලෝක, ප්‍රේත ලෝක ආදී තවත් ලෝකද දහස් ගණනකි..එනිසා මේ පෘතුවි තලය විනාශ වී යන දවසක මිනිසා ඇතුළු ජීවින් පුනුරුප්පතිය ලබන්නේ කොහේදැයි? මහා විශාරද ගැටළුවක් ලෙස ශාස්වථවාදීන් අපෙන් අසන විට දෙන්නට පිළිතුරු ඕනෑ තරම් තිබේ..මේ පිළිතුරු දීඝ නිකාය හොඳින් කියවන අයෙකුට ඇති තරම් සොයා ගත හැකියි..එවිට ” අපි නැවත, නැවතත් උපදිනවා නම් මේ ලෝකය විනාස උනාම අපි යන්නේ කොහේටද? යන ගැටළුවට කදිම පිළිතුරක් එයින් බුදු දහම සපයා ඇත..

    ….යළි ඇතිවීම….

    දැන් ක්‍රමයෙන් පෘතුවි තලය යළි වෙනත් අයුරකින් හෝ ඒ ධූලි වලායන්ගෙන් ඒක රාශි වී ඇති වීම ඇරඹේ..මෙය සම්බන්ධව විවිධ බොදු උගතුන්, විවිධ මත පළ කරති. ඇතැම් අය පවසන අන්දමට මේ හට ගැනම සමස්ථ සෞර ග්‍රහ මණ්ඩලයේම හට ගැන්මක් වන අතර, ඇතැම් අය ඊට රැහැණිව යමින්, මේ පෘතුවියට පමණක් සීමා වූ හට ගැන්මක් ලෙස අරුත් දක්වයි..මේ නිසා, අප මෙතැනදී පෘතුවියට පමණක් සීමාවූ හට ගැන්ම ( අග්ගඤ්ඤ සූත්‍රය ගැන කථා කරන හෙයින් ) ගෙන හැර දක්වමු..

    පෘතුවි ගෝලය මෙසේ හට ගනී..අනතුරුව අකුණු සහිත බිහිසුණු වැසි හට ගනී..මේ වැසි, මෙකළ අප දකින සුළු වූ වැසි නොවේ..මහා සාගර හට ගන්නට තරම් බල සම්පන්න ජල ධාරිතාවයන් සහිත වැසි වේ..මේ වැනි වැසි මඟින් සමස්ථ පෘතුවියම වසා පැතිරෙන ජල පෘෂ්ඨයක් සෑදේ..

    “වාසෙට්ඨයෙනි, මෙවිට පෘතුවි තලය සහ මුලින්ම ජලයෙන් වැසී පවතී, ඇත්තේ ඉතාම ඝණ අන්ධකාරයකි..චන්ද්‍ර, සූර්යයෝ නොදකිති..තාරකාවෝද නොදකිති..දිනයෙහි, රැයෙහිය කියා වෙනසක් නොමැත..මාස, සති, වර්ෂ, සෘතු යනාදි කාල ප්‍රභේද නැත…” ..

    මෙන්න මෙතැනදී, “පෘතුවියට වඩා සූර්යයා පැරණි බැවින්, එහෙනං එළියක් නොදකින්නේ ඇයි? එහෙනං මේ සූත්‍රයෙහි එන ඇරඹුම පිළිබඳ කතාව බොරු නේදැ” යි අසමින් බුදු දහම අභියෝගයට ලක් කරන බොහෝ දෙනා පනිති..නමුත් ඒ අයට ඉවසීමෙන් දිය යුතු පිලිතුර වන්නේ, බොහෝ විට නිහාරිකා තුල තරු පන්ති පවා නිර්මාණය වන “විශ්ව ධූලි” නොහොත් Cosmic Dust තවමත් පෘතුවිය මත මූලික සැකැස්මේ ඇති හෙයින්, ඒවායෙන් හිරු, සඳු ආවරණය වන බවය..මේ වායු ධූලිය, මුළු මහත් පෘතුවි වායු ස්ථරයම වසා ඝණ වලාවක් ලෙස පවතී..මේ මේඝ වලායෙන් කාබනික ප්‍රතික්‍රියා මඟින් අකුණු සහිත බලවත් වැසි, මේඝ ඝර්ජනා ඇතිවෙයි..මෙවිට ප්‍රාථමික අවදියේ සිටින පොළවෙහි ස්වරූපය ඉතා භයංකරය…

    මෙලෙස මේ ලොව විදාරණය වන විට, ආභස්සර බඹ ලෝ වලින් අර ඉහත කී, දිලිසෙන සෝබාමාන සිරුරු ඇති ජීවිහු, නොහොත් බඹුන් අවුදින්, ( ඇතැම් විට ඔවුන්, ඒ බඹ ලෝ වල උපත ලබන්නට ඇත්තේද, මේ නව පෘතුවිය හටගන්නට පෙර පැවති ලෝ තලයේ, කල්පාන්තයේ ජීවත්ව සිට ඉන් පරලොව ගොසින් විය යුතුය..ඒ බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය කල්ප 8ක් බැවින්, මේ පෘතුවි තලය නැවත බිහිවන තෙක්ම ඔවුන්ට ජීවත් වීමේ හැකියාව ඇති හෙයින්, තමා කලින් ජීවත් වූ පෘතුවි තලය පිරික්සීමට ඔවුහු එනවා විය යුතුය..) මෙහි ආකාශයේ පාවෙමින් සැරි සරති.. ඔවුහු අර ඉහත කී දැවැන්ත ජල පෘෂඨයෙහිද සැරි සරති..ඔවුහු අලිංගිකය ( බ්‍රහ්ම ලෝක වල, කාම ලෝක ධාතූන් තුල මෙන් ලිංගික සංසර්ගයෙන් තෘප්තියක් ලැබීමක් නැත..මේ නිසා බ්‍රහ්මයන් ලිංගිකව කොටස් වලට නොබෙදේ..කෙටියෙන් කියතොත් ඒවායේ “මිස්ටර්” සහ “මිස්” ලා නැත )

    ” වාසෙට්ඨයිනි..කළක් ඇවෑමෙන්, මේ ජල තලය මත, ක්‍රමයෙන්, කිරි පැසක, කිරි සීතල වන විට, ඒ මත කිරි සමක් (Skim of the milk නො එසේ නම් “යොදය”) වැඩෙන්නා සේ, ක්‍රමයෙන් ගොඩ බිමක් පැතිරී යයි…එම ගොඩබිම් පසෙහි වර්ණ, ගන්ධ, රස යන ත්‍රිත්වයම අන්තර්ගතය..මෙහි රසය මී විළඳ සේය..මේ රස පොළව පහළ වීමයි…”

    මේ වන විට හිරුගේ කිරණ, “හිරු පීඩනය” (Pressure of Solar Rays)මඟින් අර වායුගෝලය වසා තිබූ දූලි වලා තට්ටු විදගෙන, ඒවා මැඩගෙන පොළෝ මතුපිටට, වදින හෙයින්, පොළව මත ඇති මහා ජල ගෝලයෙන් යම් තරමක් වාෂ්ප වී යාමෙන් හෝ, පෘෂ්ඨයන් පහළ වෙති..නො එසේ නම් භූමි තල (Earth Plates) එකිනෙකා හා තෙරපී ඉස්සීමෙන් ගොඩ බිමක් පහළ වේ…දැන් මේ දෙස අවධානය යොමුකරන්න..බටර් නොහොත් වෙඬරු, මාජරින්, එමෙන්ම බියර් වර්ග, ඇතැම් වයින් වර්ග, දත් බෙහෙත් වර්ග නිෂ්පාදනයෙදී ද, ඇමෝනියා යොදා ගැනේ…නැතහොත් ඇමයිනෝ අම්ල කාරක යොදා ගැනෙති..නූතන විද්‍යාව බෙහෙවින්ම දඟලා නිවැරදිව ග්‍රහණය කර ගෙන ඇති දෙයක් වන්නේ, ප්‍රාරම්භක පෘතුවිය මත තිබුණු ඇමයිනෝ අම්ල ” මේ පොළවේ” ජීව කාරයකන් නොහොත්, ජීවය තනන “බිල්ඩිං බ්ලොක්ස්” වූ බවය..මේ ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන ලෙස වර්ධනය වී, ඒ ප්‍රෝටීන න්‍යෂ්ඨික අම්ල ලෙස වැඩී එයින් ජීව දේහ හටගත් වග විද්‍යාව විසින් එහි “ඇබියෝජෙනෙසිස්” අධ්‍යයන ශාඛාව ඔස්සේ මනාව හඳුන්වා දී තිබේ..මෙතැනදී නූතන විද්‍යාව අග්ඤ්ඤ සූත්‍රය හා යම් තාක් දුරකට සමපාත වනු ඇත.. මක් නිසාද, බුදු පියාණන් වහන්සේ විසින් “වෙඬරු වර්ණයෙන්” යුක්තය කියා දෙසා ඇත්තේ, අනිවාර්යෙන්ම, වෙඬරු නිෂ්පාදනයේදී යොදා ගන්නා ඇමයිනෝ අම්ල අන්තර්ගත රස පොළව ඒ වර්ණයෙන් තිබූ නිසාම විය යුතුය…නූතන විද්‍යාව දිවා, රෑ දඟලා, දත කා සොයා ගත් මේ දෙය, බුදු රජාණන් වහන්සේ ඊට වසර දහස් ගණනකට පෙර සර්වඥතා ඤාණයෙන් අවබෝධ කරගෙන දෙසා වදාල හෙයින් එයත් විද්‍යාවට නම්බු දිය හැකි “අළුත්” සොයා ගැනීමක් නම් නොවෙයි…

    “වාසෙට්ඨය! රසයේ ගිජු වූ මොවුන්ගෙන් ඇතැම්හු, ” මේ කිමෙක්දැයි රසය බලමෝදැයි” පවසා ඒ රස පොළවේ, රස බැලූහ..රස බලන්නට, බලන්නට, එය හා තණ්හායෙන් ඇලුණු හෙයින් රසයේම ගිජුවී දිගින්, දිගටම රස බැලූහ..මෙසේ රස බලමින් යද්දී, ඔවුන්ගේ සිරුරු වල ප්‍රභා මණ්ඩල අහෝසි විය, ඝණ විය..ක්‍රමාණුකූලව එකිනෙකාගෙන් වෙනස් විය..ලිංගික රූපකායෝ සහිත විය..ලස්සනයැ..අවලස්සනයැ..සම්මත ඇති විය..”

    මේ වූ කලී, මේ මහ පොළවේ සෙසු ජීවය පහළ වූ ජීව සූපයයි..උක්ත බ්‍රහ්මයන් එහි රසයට ඇලී, ගැලී රස පොලව දිගින්, දිගටම කැබලි කොට වැළදූහ..අනතුරුව අනුවණයන් ලෙස එයටම තණ්හාධිකව ඇලුණෙන්, සිය සිරුරු වලින් විහිදුණු ආලෝක මණ්ඩල අහිමි කර ගත්හ..එවිට, තමාගේ “ස්වයං ආලෝකය” අතුරු දන් වීමත් සමඟම මොවුන්ට හිරු, සඳු දිස්වීම ඇරඹිණි..දහවල, රැයින් වෙන්ව දැනෙන්නට විය..තව, තවත් රසයේ ගිජුව වැළඳූහ..සිරුරු ඝණ විය..පෙර මෙන් ඒක රූපී භාවය අහෝසිව ගොස්, විවිධ රූපකාය මතුවන්නට විය..

    තත්වය බරපතළ වීම ඇරඹුණේ මෙතැන් සිටය..මේ අයුරින් සිරුරු වෙනස් වන්නට ගත් නිසා, “ලස්සන, අවලස්සන” ආදී වශයෙන් සංකල්ප බිහිවීම ඇරඹුනි..අහසින් ගමන් කිරීමේ, පාවීමේ ආදී නිරාමිස බ්‍රහ්ම දේහ ධාරීන්ට උරුම හැකියාවන්ද අහෝසි විය..බ්‍රහ්ම ලෝක වල මෙන් දීර්ඝායුෂ “භෞතික, ඝණ දේහ සහිතව” පවත්වා ගත නොහැකිය..මක් නිසාද ඒවායේ සෛල වයස් ගත වන බැවිනි..ඝණ නොවූ විශ්ව සිරුරු ඇත්තන්ගේ සියුම් සෛල වයස් ගත වන්නේ ඉතාමත් සෙමිනි..මේ බවට අපට ආසන්නයේම ඇති උදාහරණය වන්නේ..පෘතුවියෙන් පිටත අභ්‍යාවකාශ මධ්‍යස්ථාන වල, “අව-ගුරුත්ව” තත්වයන් යටතේ සිටින ගගනගාමීන්ගේ දේහවල වයස් ගත වීමේ වේගය අඩු බව සොයා ගැනීමය..මේ නිසා ගුරුත්වාකර්ෂණයේ සවියට සවියට හසු වූ ඝණ සිරුරු ඇති බ්‍රහ්මයන්ට දිගු ආයුෂ අහිමි විය..

    “ජනනේන්ද්‍රිය අතින් ඔවුහු ස්ත්‍රී, පුරිස් ලෙස වෙනස් විය…ලිංගේන්ද්‍රිය පහළ විය..යමෙකු ස්ත්‍රී වූයේ නම් ස්ත්‍රී ලක්ෂණද, පුරිස වූයේ නම් පුරිස් ලකුණුද පහළ විය….ඔවුනොවුන් කෙරෙහි ඇලීම, ලිංගික තෘෂ්ණාව ඇති විය..”

    මේ ලෙසින් මිනිසාගේ රූපකාය පහළ විය..ලිංගේන්ද්‍රියෝ හට ගැන්මත් සමඟම, සාමාන්‍ය කාම ලෝක වල ඇති, ගැහැණු, පිරිමි භේදය පහළ විය..විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ලිංගිකව එක්වීමේ ආශාව හට ගති..මුලදී, මෙලෙස එක්වන පිරිස් සෙසු මනු කුළ වාසීහු සිය වාසයෙන් බැහැර කළ නිසා, වෙන කුටුම්භ තුළ ලිංගිකව එක්වීමට ඔවුහු සකසා ගත්හ..ප්‍රජනනයෙන් දරුවන් බිහි කිරීම මිනිසා මෙසේ ඇරඹුවේය..

    ….මිනිසාගේ ආහාර චක්‍රයේ ආරම්භය….

    ඉහත ලෙස මිනිසාගේ රූප කාය පරිණාමය වීමට සමාන්තරවම, සමඟාමීවම මිනිසාගේ ආහාර චක්‍රයද පහළ වීම සිදුවෙමින් පැවතිණි..

    “ඉහත රස සහිත භූමියම බොහෝ කල් ඔවුහු වළඳන විට ඒ අතුරු දන් විය..ඉක්බිති බොහෝ වර්ණ සහ ගන්ධ සහිත “ඕජාවෝ” ( භූමි හතු ) පහළ විය..මොවුහු ඒවාටද ගිජුව දිගුවටම වැළඳූහ..ඔවුන්ගේ සිරුරු වලට යම් වර්ණ පහළ විය..මේ වර්ණ වලින් මොවුන් මත්ව සිටින විට ඒ ඕජාවෝද අතුරුදන් විය..මෙවිට බදාලතා නම් වැල් වර්ගයක් හට ගත්තේය..එහි රසයට හා වර්ණයටද ගිජු වූ ඔවුහු ඒවාද අනුභව කරන්නට වූහ..කාලයක් ඉකුත්ව ඒවාද අතුරුදන් විය..”

    මේ වන විට විවිධ වෘක්ෂ ලතා පහළ වී තිබුණා විය යුතුය..මෙයින් කියැවෙන්නේ මිනිසා “තැත් වරද ක්‍රමයට” ඒවායේ එක, එක කා බලමින් තමනට “ප්‍රධාන ආහාරයක්” සහිත ආහාර චක්‍රයක් සකසා ගත් ආකාරයයි..නො එසේ නම් මහ පොලවේ ආහාර දාමයන්ට මිනිසාද එක් වූ ආකාරයයි….මෙතැන බුදු පියාණන් වහන්සේ වාසෙට්ඨයන්ට දෙසා වදාරන්නේ මිනිසාට ආහරමය වශයෙන් ප්‍රයෝජනවත් වූ තුරු ලතාවෝ ගැන පමණි…

    මෙවිට මහ පොළවේ අතරමං ව සිටි පිටින් ආ මිනිස් වර්ගයා තවමත්, වගා කරගෙන කෑම අවබෝධ කරගෙන නොසිටියා විය යුතුය…එවිට “බුද්ධෝත්පාද” ග්‍රහ ලෝකයේ මිනිස් ජීවය පවත්වා ගෙන යෑමට දායක වන, එයට වග කියන ශුද්ධ වාස ආදී බ්‍රහ්ම ලෝක වල ජීවින්, මිනිසාට රැකෙන්නට යම්, යම් උදව් උපකාර කරන්නට ඇත..අපේ පළමු ශිෂ්ඨාචාර සියල්ලම පාහේ, පිට සක්වළ සමඟ පැවැත්වූ සම්බන්ධතාවන් සිය ඉතිහාසයන්හි සටහන් කර ඇත්තේ මෙහෙයින් විය යුතුය…

    මෙයින් පසුව අග්ගඤ්ඤ සූත්‍රයෙහි තුන්වන කොටසේ බුදු පියාණන් වහන්සේ, උක්ත සාමනේර දෙනමට, මිනිසා අතුරින් පාලකයන්, උස්සන් පහළ වූ සැටිත්, ඒ, ඒ කුල ප්‍රභේද හට ගත් හැටිත්, බමුණු මත සුන් කරමින්,ඉතාම නිවැරදිව කියා දුන් සේක..

    මා මෙම ලිපියේ පළමු වැනි කොටසෙන් ඔබට සඳහන් කළ, චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදයට එරෙහිව දැන් ලොව ගොඩ නැඟී ඇති ප්‍රධානතම තර්ක ත්‍රිත්වය දැන් නැවතත් ගෙන බලන්න…

    මේ තර්ක ත්‍රිත්වයටම බුදු දහමෙන් කදිම පිළිතුරු ඉහත අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලැබෙනවා නේද? ඉතාම පැහැදිලිව ලැබෙනවා..නමුත් මේ තර්ක හමුවේ ඩාර්වින් වාදය අන්ත අසරණයි..බුදු දහම සනාථයි..බලන්න, කාලානුරූපීව වඩා සංකීර්ණ දේ පරිණාමයට අඩු කාළයක් ගොස් ඇත්තේ ඇයිදැයි අසන පැනයට ලබා දිය හැකි විසඳුම වන්නේ, එය ඩාර්වින් වාදයේ සාවද්‍යතාවය මනාව ඔප්පු කරන වැරදීමක් බවය..

    නමුත් අපට බලපෑ යම් කිසි ස්වභාවික පරිණාමික ප්‍රතිරෝධයක් අනිත් සතුන්ට බල නොපෑවේ ඇයි? යනාදී වශයෙන්, අප මේ තාක් වැට කඩුළු පනින්නට සමත් වූ විට අනෙක් සත්ව කොට්ඨාශ අප මෙන් නොවන්නේ ඇයි?..මේ ග්‍රහ ලෝකයේ මේ වැනි, දියුණු, බුද්ධිමත්, චින්තන රටා හිමි ජීවින්ට “මිනිසුන්” වන අප පමණක් ඉතිරි වී සිටින්නේ ඇයිද? යනුවෙන් අසන ඕනෑම ගැටළුවකට දිය හැකි පිළිතුරු අග්ගඤ්ඤ සූත්‍රයෙහිම අන්තර් ගත නොවේද?..ඒ පිළිතුර වන්නේ

    “අපි ආවේ පිටින්” යන්නය..

    ….අවපරිණාමය….

    එසේ නම් හිතවතුනි! බුදු පියාණන්ට අනුව බලන්න..මේ අප යන්නේ “අධි පරිණාමී” මාවතකද? නො එසේ නම් අප පරිණාමයෙන් ඉදිරියට යනවාද? නැති නම් අප පරිණාමයෙන් යන්නේ ආපස්සටද?

    මුලින්ම බ්‍රහ්ම තලයක අතිශය මනසින් දියුණු ජීවින් ලෙස අප සිටියෙමු..අනතුරුව ඒවා අහිමි කර ගෙන, එහෙත් පුෂ්ඨිමත් නිරෝගී මනුෂ්‍යයෝ වූහ..එහෙත් මානසික තලයෙන්, මානසික පරිණාමයෙන් බෙහෙවින් පහළට වැටී, කාමයෙහි ඇලුණු, අර නිරාමිස ප්‍රීතිය නැති කර ගත්, තෘෂ්ණාධික මනස් ඇති නොදියුණු ජීවිහු වූහ…බ්‍රහ්ම තලයේ තිබුණු ආයුෂද පිරිහී ගියේය..දැන් එන්න, එන්නම අප මිටි වේ..අපේ ශරීර කෘෂ වේ..උදා: ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය පුරුෂයෙකුගේ උස පසු ගිය වසර 10 තුළ පමණක් අඟල් තුනකින් අඩුවී ඇත..අතීතයේ අපේ පැරැණ්නන්ට තිබූ නීරෝගී බව දැන් නැත..බුදු හිමියන්ගේ අනාගත වංශ දේශනාව පරිදි අනාගතයේ වසර 10 ක පරමායුෂ ඇති, තුත්තිරි ගසිනුත් සෙවන ලබන දේහ ඇත්තවුන් බිහි නොවිය හැකිද?..

    දි‍යුණුව හෝ ඉදිරි ගමන යනු මේ අද ලබා ගෙන ඇති ආකාරයේ කාම සුඛල්ලික “මැටීරියල් ඇසෙට්” පස්සේ හති දම, දමා දිවුම නොවේ..ඒ දුවන්නට, දුවන්නට අප මනසින්, මනෝ ශක්තියෙන් පිරිහී යයි..

    “මිනිස් වර්ගයා ඒ, ඒ තලයන්ගෙන් පහළට, පහළට බැස යන හැටි ඔබට පේනවා නොවේද? මේ “අවපරිණාමයක්” නොවේ නම් වෙන කුමක්ද?”

    ඔළුවෙන් හිටගෙන කිව්වත් ඉස්සරහට, පස්සට නිතර මතවාදීව දෝලනය වන බටහිර විද්‍යාව මේ සුපැහැදිලි බුද්ධ දේශණය හමුවේ නිෂ්ප්‍රභා වී යයි…මේ සංසිද්ධි වල ගැලපීම බටහිර විද්‍යාවට සිතා ගන්නටවත් නොහැක..

    ( එසේ නම් මේ ලෝකාරම්භයට මැවුම් කාරයෙක් රිංගා ගත්තේ කොහෙන්ද? සර්වබලධාරියෙක් කඩා වැටුණේ කොහි සිටද? මීළඟ කොටසින්, “බ්‍රහ්මජාල සූත්‍රය හා දක්ෂිණ විභංග සූත්‍රය ඇසුරෙන්….” )

    පසුවදන:

    මිනිසා පෘථිවියේ පළමු ජීවියාද?
    මිනිසා යනු අග්ගඤ්ඤ සූත්‍රයෙහි පරිදි නම් මූලාරම්භයේ සිටම සිටි ජීවියෙක් තමයි..නමුත් ඒ මුල්ම, ඒ කියන්නේ පෘතුවිය මත ජීවය සූපය හට ගන්නාම අවදියෙදි මිනිසා නෙමෙයි හිටියෙ බ්‍රහ්මයෙක්..ඒ කියන්නේ පිරීහීමක් සහ මුලින්ම කායිකව ඇති වෙලා මානව කයක් බිහි වන්නට පෙර..ඒ නිසා ඒ තිබුණු බිහිසුණු තත්වයන්ට ඔරොත්තු දුන්නා වෙන්න පුළුවන්.

    එසේනම් දැනට විද්‍යාවේ මිනිසා සිටියා යැයි නොකියවෙන pre-cambrian යුගයේ පටන් Tertiary යුගය දක්වාද මිනිසා ජීවත් වුනාද?
    ලුණු හැදෙන්නෙත් වතුරෙන්, දිය වෙන්නෙත් වතුරෙන්..ඒ වගේ ඔය කියන යුග පිළිවෙල, ඔය කියන කාල රාමු, කාල සීමා ඔය පිළිවෙලට, ඔය විදියටම තිබුණාය කියන මතය හැදෙන්නෙත් බටහිර විද්‍යාවෙන්, ඕවා නිතර, නිතර කඩා බිඳ දමන්නෙත් බටහිර විද්‍යාව තමයි..ඔය කාළ සීමාවන් ගැන..ඔය යුගයන් ගැන බටහිරයන් සොයා ගත්තේ බුදු හිමියන් වගේ මනෝ අභ්‍යාස තුළින් අතීතය දෙස බලලා නෙමෙයි..මේ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන, අපි වගේම වැරදි සහිත සාමාන්‍ය මිනිසුන් හදන සූත්‍ර, ප්‍රමේයයන් යොදා ගෙනමයි..ඒ නිසා අපි ඒවායේ නිරවද්‍යතාවය බුදු දහමේ මේ කියපු කොටසට සමපාත කරලා..ඒවා තුළිනුත් අග්ගඤ්ඤය නොදැක ඉමු..ඔය යුගයන් තිබුණේම නෑ කියලත් හෙට මේ බටහිර ඉන්න උගතුන් ඔබට කියාවි.. )

    ප්‍රේත ලෝක ආදී විමාන වල සිටින් ජීවින්, වෙනත් ග්‍රහ ලෝක වල, ලෝක ධාතු වල, සහස්සිකා ලෝක ධාතුවල ආදී, බුද්ධ අණ පවතින විශ්වයේ පවා සිටින සත්ව විෂය අනන්තයි, අචින්ත්‍යයි මහණෙනි කියලා තමයි බුදු පියාණන් දේශනා කළේ..එක බුදු සසුනකට නිර්වාණාවබෝධය කරන්නේ ඔය මහා විශ්ව සත්ව ප්‍රජාවෙන් මොන තරම්ම සුළු තරයක්ද? ඒ නිසා ඒක ඒ තරම් විෂය ගෝචර නෑ..බුදු හිමියන් පවා වතාවකදී විශ්ව සත්ව විෂය සංඛ්‍යානය කිරීම හෝ සහ මුලින් අවබෝධ කර ගන්නට වෙර දැරීම ප්‍රතික්ෂේප කළා නේද?.. විශ්වය අනන්තයි..සත්ව විශය අනන්තයි..අචින්ත්‍යයි.. සංසාරයේ මුලක් සොයන්න බෑ..එයත් අනන්තයි..මේ කිසිවක් සංඛ්‍යානය කළ නොහැක…

    මා මේ කරන්නේ මගේ සුළු දැනුමේ හැටියට පුංචි පැළයක් සිටුවීමේ අහිංසක ක්‍රියාදාමයකි..මට වඩා දැනුමින් බොහෝ බලසම්පන්න, ජීව, රසායනික, හා භෞතික විද්‍යාවෙන් උගත්, බොදු දහම ගැන දැනුමින් පිරිපුන් සැමට මා මේ කුඩා පැළය සිටවූ තැන මහා උද්‍යානයක් සකස් කළ හැකි බව මම දනිමි..ඒ අයට එලෙස සිත් පහළ වේවා! මේ කුඩා උත්සාහය එතුවක් පමණි! පුද්ගලික කීර්තියක් බුදු දහමට මුවා වී ගැනීමෙ කිසිදු වුවමනාවක් මට නැත..අදාළ අයට එය වැටහේවා!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    baila නොකිය
    පුනුරුත්පත්තිය විද්‍යාත්මකව කොහෙද ඔප්පු කරලා තියෙන්නේ කියපන් :D

    උබට මම කියන‍දේ තේරෙන්නෙ නැති හින්දයි කියන දේවල් බයිල වගේ තේරෙන්නෙ :lol::lol:
    මම කියුව වගේම විද්‍යාවෙන් ඔප්පු කරල තියෙනව පුනුරැත්පත්තියක් තියෙනව කියනදේ බොහොම පැහැදිලිව.අවිද්‍යාවෙ ගිලුන උබල වගේ උන්ට ඒවා පෙන්නෙ නැ ,කියවල වරෙන් විද්‍යාව :yes:
     

    මචන්ලා මමත් Buddhist :yes:

    එත් මට මේ පුනුරුත්පත්තිය කියන concept එක
    ගැන 1% විස්වාසයක් නැහැ, මොකද ඒ concept එක තාම විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි වුන නිසා. අපිට අඩුම තරමින් පෙර ආත්මේ දෙමව්පියන්වත් මතකද නැහැ නේ? :shocked:

    බෞද්ද පොත පතේ , මොනවා ලියන්න බැරිද, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාවට පස්සේ. එත් ඒ කරුණු
    විද්‍යාත්මක සාක්ෂි ඇතිව ඔප්පු කරන්න බැරිනම් ඒවාට පැවැත්මක් නැහැ, මොකද අනාගත මිනිස්සු අහනවා ඒවා වෙන්නේ කොහොමද කියල. ඒ මිනිස්සුන්ගේ හැටි (human nature). හරියට කවුරුහරි තමන් සෝවාන් වුනි කියනවා වගේ තමඊ :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions

    මචන්ලා මමත් Buddhist :yes:

    එත් මට මේ පුනුරුත්පත්තිය කියන concept එක
    ගැන 1% විස්වාසයක් නැහැ, මොකද ඒ concept එක තාම විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි වුන නිසා. අපිට අඩුම තරමින් පෙර ආත්මේ දෙමව්පියන්වත් මතකද නැහැ නේ? :shocked:

    බෞද්ද පොත පතේ , මොනවා ලියන්න බැරිද, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාවට පස්සේ. එත් ඒ කරුණු
    විද්‍යාත්මක සාක්ෂි ඇතිව ඔප්පු කරන්න බැරිනම් ඒවාට පැවැත්මක් නැහැ, මොකද අනාගත මිනිස්සු අහනවා ඒවා වෙන්නේ කොහොමද කියල. ඒ මිනිස්සුන්ගේ හැටි (human nature). හරියට කවුරුහරි තමන් සෝවාන් වුනි කියනවා වගේ තමඊ :D

    උබ දැන් පුනුරුප්පත්තිය කියවනවා කියල එකක් අහල තියනවද කියහන් ! අවුරුදු තුනේ හතරෙ ළමයි ගිය ආත්මෙ ගැන කියන්න පටන් අරන් ඒ ගෙවල් වලට ගිහින් පරණ නෑදෑයෝ හම්බුන ඒවා අහල තියනවද !

    උබට ඔච්චර අමාරුවක් තියනවනම් වෙන ආගමකට පලයන් ! අර සුරංගනා කතා අබරලා තියන ආගමකට ගියානම් ශෝක් ! :lol::lol::lol: අපිට පව් නොදී !

    උබ උබේ අම්මගෙම පුතෙක් කියල උබ ඔප්පු කරගෙනද තියෙන්නෙ ? DNA Test එක කරලා ? නැහැ නේද ? ඇයි ඒ.. මොකද උබ දන්නවා ඒ උබේ අම්ම කියල !

    උබල වගේ මොන්ටිසෝරි මානසිකත්ව තියන එවුන් ලංකාවේ ඕන තරම් ඉන්නවා.. අපි උන්ට අනුකම්පා කරනවා !
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    මචන්ලා මමත් Buddhist :yes:

    එත් මට මේ පුනුරුත්පත්තිය කියන concept එක
    ගැන 1% විස්වාසයක් නැහැ, මොකද ඒ concept එක තාම විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි වුන නිසා. අපිට අඩුම තරමින් පෙර ආත්මේ දෙමව්පියන්වත් මතකද නැහැ නේ? :shocked:
    :D

    එතකොට මෝහනය කිරීමෙන් ඕව පසු පස හොයාගෙන යන්නෙ කවුද බං? ඔය කියන විද්‍යාව ඉගෙන ගන්න අයම නේද? නැතුව ගමේ ගොඩේ ගුරුන්නාන්සේල නෙමෙයි නේ? :baffled:

    දැනට උනත් අපිට physical body එකක් හැදුවත් ඒකට ජීවය දෙන්න බැරි අයි? ජීවය/ප්‍රාණය කියල දෙයක් තියේනම් මැරෙනවා කියන්නෙ ඒක සිරුරෙන් පිටවෙනවා කියන එක නෙමෙයිද? පිට උනාට පස්සෙ ඒකට මොකද වෙන්නෙ? ශක්ති විශේෂයක් නම් ඒක විනාශ කරන්න බැහැ නේද?

    නව දරු/ජීවී උපතකදී ඇට, ලේ මස් සියල්ල වර්ධනය වෙලත් (100% කිසිම අඩුවක් රෝගයක් නැති අවස්ථාවලත්) මළ දරු උපත් ඇති වෙන්නෙ ඇයි? ඔයා කියන විදියට ඒක එහෙම වෙන්න බැහැ නේද? මොකද හැමදේම සම්පුර්ණ නම් ජීවයත් ලැබෙන්න එපැයි. ඒත් ලැබෙන්නෙ නැහැ නේ නේද? එහෙනම් ඒක , ඒ ජීවය කියන ශක්ති ප්‍රභවය physical body එකකට ලබෙන්නම ඕන නේද?

    සායනිකව මරණය තහවුරු කල පසුත් යලි සජීවී තත්වයට පැමිණුන රෝගීන් පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

    සියල්ල පැහැදිලි ලෙසම අපේ නූතන විද්‍යාවට ග්‍රහණය කරගන්න බෑ කියල දැන් වත් තේරෙනවද? :nerd:
     
    උබ දැන් පුනුරුප්පත්තිය කියවනවා කියල එකක් අහල තියනවද කියහන් ! අවුරුදු තුනේ හතරෙ ළමයි ගිය ආත්මෙ ගැන කියන්න පටන් අරන් ඒ ගෙවල් වලට ගිහින් පරණ නෑදෑයෝ හම්බුන ඒවා අහල තියනවද !


    අර 1/100000000000 අහන්න ලැබුන ඒවාද? :D හැබෑටම internet ආවටපස්සේ ඒවා අහන්නවත් නැහැ නේ අපේ රටේ :yes:. උබ දන්නවද ඒ ai කියල? journalists and scientists ල හොයා ගත්ත, ඒ දෙමව්පියෝ ඒ ලමියින්ට එහෙම කියන්න කියල පුරුදු කරවල ප්‍රසිද්දිය සහ ලාභ ප්‍රයෝජන පිණිස :D
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පුනරුප්පතියක් ගැන කතා නොකරන එක ආගමක්වත් තියෙනවද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    අර 1/100000000000 අහන්න ලැබුන ඒවාද? :D හැබෑටම internet ආවටපස්සේ ඒවා අහන්නවත් නැහැ නේ අපේ රටේ :yes:. උබ දන්නවද ඒ ai කියල? journalists and scientists ල හොයා ගත්ත, ඒ දෙමව්පියෝ ඒ ලමියින්ට එහෙම කියන්න කියල පුරුදු කරවල ප්‍රසිද්දිය සහ ලාභ ප්‍රයෝජන පිණිස :D

    දෙමව්පියෝ ළමයින්ට උගන්නපුවා හොයන්න scientists ල ගිහං ! :lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    එතකොට මෝහනය කිරීමෙන් ඕව පසු පස හොයාගෙන යන්නෙ කවුද බං? ඔය කියන විද්‍යාව ඉගෙන ගන්න අයම නේද? නැතුව ගමේ ගොඩේ ගුරුන්නාන්සේල නෙමෙයි නේ? :baffled:

    දැනට උනත් අපිට physical body එකක් හැදුවත් ඒකට ජීවය දෙන්න බැරි අයි? ජීවය/ප්‍රාණය කියල දෙයක් තියේනම් මැරෙනවා කියන්නෙ ඒක සිරුරෙන් පිටවෙනවා කියන එක නෙමෙයිද? පිට උනාට පස්සෙ ඒකට මොකද වෙන්නෙ? ශක්ති විශේෂයක් නම් ඒක විනාශ කරන්න බැහැ නේද?

    නව දරු/ජීවී උපතකදී ඇට, ලේ මස් සියල්ල වර්ධනය වෙලත් (100% කිසිම අඩුවක් රෝගයක් නැති අවස්ථාවලත්) මළ දරු උපත් ඇති වෙන්නෙ ඇයි? ඔයා කියන විදියට ඒක එහෙම වෙන්න බැහැ නේද? මොකද හැමදේම සම්පුර්ණ නම් ජීවයත් ලැබෙන්න එපැයි. ඒත් ලැබෙන්නෙ නැහැ නේ නේද? එහෙනම් ඒක , ඒ ජීවය කියන ශක්ති ප්‍රභවය physical body එකකට ලබෙන්නම ඕන නේද?

    සායනිකව මරණය තහවුරු කල පසුත් යලි සජීවී තත්වයට පැමිණුන රෝගීන් පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

    සියල්ල පැහැදිලි ලෙසම අපේ නූතන විද්‍යාවට ග්‍රහණය කරගන්න බෑ කියල දැන් වත් තේරෙනවද? :nerd:

    මූට තේරෙන්නෙ නෑ බන් ! මෝඩ අනාතයා fake එකකින් ඇවිත් නිකන් ආතල් ගන්නවා ! :lol::lol::lol:
     

    Hysteria reactions misinterpreted as Reincarnation

    "Children suffering from dissociative disorders (hysteria) sometimes give vivid descriptions under hypnotic trances and these expressions are misinterpreted as the evidence of past lives by inexperienced hypnotherapists who have no clinical background".

    "A typical case was analyzed by Professor Carlo Fonseka (Rebirth or Hysteria Island news paper 4th of January 2010) of a 14 year old girl with fainting attacks. Many reincarnation stories reported in countries like Sri Lanka and India have much to do with disassociation. In addition, some newspapers too fabricate and exaggerate stories in order to capture the attention of the readers who lack rational thinking. In the past few decades, some Sri Lankan newspapers reported reincarnations of the popular artist Rukmani Devi, film actor Vijaya Kumaratunge and President Ranasinghe Premadasa. These stories were found to be bogus and inflated".

    http://www.lankaweb.com/news/items/2010/07/22/an-objective-view-of-reincarnation/


    මොකෝ කියන්නේ? :D



     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මූට තේරෙන්නෙ නෑ බන් ! මෝඩ අනාතයා fake එකකින් ඇවිත් නිකන් ආතල් ගන්නවා ! :lol::lol::lol:

    ඌට මගේ කමෙන්ට්ස් පේන්නෙ නෑලු:P..ඒව පෙනුනොත් තර්ක කරන්න බෑනෙ,:rofl: අනාතයෙක් කියන්නෙ කොපි-පේස්ට් අනාථයෙක්. උගේම කියල තර්කයක් හදන්න, අහපු දේකට උත්තර දෙන්න හැකියාවක් නෑ. කොහේ හරි මොකෙක් හරි කියපු දෙයක් පේස්ට් කරලා පෙන්නනවා විතරයි. අඩු තරමේ ඒකෙ තියන දෙයින් තමන්ගෙ මතය තහවුරු වෙන්නෙ කොහොමද කියල කියාගන්න වත් මූට බෑ. ඒ උනාට කතා කරන්නෙ නම් වාද කරන්නයි :lol:


    මේ වගේ ලත් තැනම ලොප් වෙන මල හෝන්තු එක්ක මොන විවාදද බං:lol:
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Hysteria reactions misinterpreted as Reincarnation

    "Children suffering from dissociative disorders (hysteria) sometimes give vivid descriptions under hypnotic trances and these expressions are misinterpreted as the evidence of past lives by inexperienced hypnotherapists who have no clinical background".



    "A typical case was analyzed by Professor Carlo Fonseka (Rebirth or Hysteria Island news paper 4th of January 2010) of a 14 year old girl with fainting attacks. Many reincarnation stories reported in countries like Sri Lanka and India have much to do with disassociation. In addition, some newspapers too fabricate and exaggerate stories in order to capture the attention of the readers who lack rational thinking. In the past few decades, some Sri Lankan newspapers reported reincarnations of the popular artist Rukmani Devi, film actor Vijaya Kumaratunge and President Ranasinghe Premadasa. These stories were found to be bogus and inflated".

    http://www.lankaweb.com/news/items/2010/07/22/an-objective-view-of-reincarnation/


    මොකෝ කියන්නේ? :D



    Very good article. Thanks for sharing.

    IMO, scientifically reincarnation is questionable. But, I don't want to go beyond buddhism.
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    වැඩිය ඕනේ නැහැ එඩ්ගා කේසි කියල පොඩ්ඩක් හොයල බලන්න....
    එඩ්ගා කේසිගේ කියවීම ඔක්කොම ඇමරිකාවේ ඇතැම් විශ්වවිද්‍යාල වල පවා විෂය නිර්දේශ වලට දාලා තියෙනවා.... ඒවයේ ඔක්කොම තියෙන්නේ පුනරුත්පත්තිය ගැන තමයි.........
    ඒ විතරක් නෙවෙයි පැරාසයිකලොජි කියන විෂයක් ඇතුළත් කරලා ඒ රටවල් වල PHD එකක් දක්වා ඉගෙන ගන්නත් පුලුවන්....... පුනරුත්පත්තිය කියන්නේ එකේ එක කොටසක්.......... ඕනේ නම් කියපං..... අල ගිය මුල ගිය තැන් Source එකත් එක්කම දෙන්නම්....

    ප.ලි.
    එඩ්ගා කේසි යනු බොදුනුවෙක් නොවෙයි....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ඌට මගේ කමෙන්ට්ස් පේන්නෙ නෑලු:P..ඒව පෙනුනොත් තර්ක කරන්න බෑනෙ,:rofl: අනාතයෙක් කියන්නෙ කොපි-පේස්ට් අනාථයෙක්. උගේම කියල තර්කයක් හදන්න, අහපු දේකට උත්තර දෙන්න හැකියාවක් නෑ. කොහේ හරි මොකෙක් හරි කියපු දෙයක් පේස්ට් කරලා පෙන්නනවා විතරයි. අඩු තරමේ ඒකෙ තියන දෙයින් තමන්ගෙ මතය තහවුරු වෙන්නෙ කොහොමද කියල කියාගන්න වත් මූට බෑ. ඒ උනාට කතා කරන්නෙ නම් වාද කරන්නයි :lol:


    මේ වගේ ලත් තැනම ලොප් වෙන මල හෝන්තු එක්ක මොන විවාදද බං:lol:

    සිරා මචන් ! චූ කොල්ලොත් එක්ක කතා කරල කාලේ නාස්ති කරන එකේ තේරුමක් නෑ ! :lol::lol::lol: මූ fake එකකින් ආවට පරණ මෙම්බෙක් වෙන්න ඇති ! ඒත් ඌට රියල් ඒකෙන් එන්න කොන්ද පන නෑ ! නොදකින් විතරක් :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    වැඩිය ඕනේ නැහැ එඩ්ගා කේසි කියල පොඩ්ඩක් හොයල බලන්න....
    එඩ්ගා කේසිගේ කියවීම ඔක්කොම ඇමරිකාවේ ඇතැම් විශ්වවිද්‍යාල වල පවා විෂය නිර්දේශ වලට දාලා තියෙනවා.... ඒවයේ ඔක්කොම තියෙන්නේ පුනරුත්පත්තිය ගැන තමයි.........
    ඒ විතරක් නෙවෙයි පැරාසයිකලොජි කියන විෂයක් ඇතුළත් කරලා ඒ රටවල් වල PHD එකක් දක්වා ඉගෙන ගන්නත් පුලුවන්....... පුනරුත්පත්තිය කියන්නේ එකේ එක කොටසක්.......... ඕනේ නම් කියපං..... අල ගිය මුල ගිය තැන් Source එකත් එක්කම දෙන්නම්....

    ප.ලි.
    එඩ්ගා කේසි යනු බොදුනුවෙක් නොවෙයි....

    දාපන් මචා source මේ අනාතයට ගෙදර දුවන්න !
    11.gif
     
    වැඩිය ඕනේ නැහැ එඩ්ගා කේසි කියල පොඩ්ඩක් හොයල බලන්න....
    එඩ්ගා කේසිගේ කියවීම ඔක්කොම ඇමරිකාවේ ඇතැම් විශ්වවිද්‍යාල වල පවා විෂය නිර්දේශ වලට දාලා තියෙනවා.... ඒවයේ ඔක්කොම තියෙන්නේ පුනරුත්පත්තිය ගැන තමයි.........
    ඒ විතරක් නෙවෙයි පැරාසයිකලොජි කියන විෂයක් ඇතුළත් කරලා ඒ රටවල් වල PHD එකක් දක්වා ඉගෙන ගන්නත් පුලුවන්....... පුනරුත්පත්තිය කියන්නේ එකේ එක කොටසක්.......... ඕනේ නම් කියපං..... අල ගිය මුල ගිය තැන් Source එකත් එක්කම දෙන්නම්....

    ප.ලි.
    එඩ්ගා කේසි යනු බොදුනුවෙක් නොවෙයි....



    එහෙමද? එහෙනම් අහගන්න Edgar Cayce කියන්නේ කවුද කියල :D


    http://en.wikipedia.org/wiki/Edgar_Cayce

    Controversy and criticism


    "Cayce had advocated some controversial and eccentric ideas from his trance readings. In many of Cayce's trance sessions he had reinterpreted the history of life on earth. One of Cayce's controversial claims was that of
    polygenism. According to Cayce five human races (white, black, red, brown and yellow) had been created separately but simultaneously on different parts of the earth. Cayce also accepted the existence of Atlantis and had claimed that "the red race developed in Atlantis and its development was rapid". Another claim by Cayce was that "soul-entities" on earth had intercourse with animals to produce giants which were as much as twelve feet tall.[26]
    Olav Hammer
    wrote that many of Cayce's readings discussed race and skin colour and that the explanation for this is that Cayce was not a racist but was influenced by the occult ideas of Madame Blavatsky.[27] Robert Todd Carroll in his book The skeptic's dictionary (2003) wrote that "Cayce is one of the main people responsible for some of the sillier notions about Atlantis." Carroll mentioned some of Cayce's notions which included his belief in a giant crystal ball used to power energy on Atlantis and his prediction that in 1958 the United states would discover a death ray which had been used on Atlantis".

    Criticism


    "Skeptics
    of Cayce say that the evidence for his powers comes from contemporaneous newspaper articles, affidavits, anecdotes, testimonials, and books. Martin Gardner for example wrote that the trances of Cayce did happen, but the information from his trances occured becuase Cayce had been reading other books from authors such as Carl Jung, Ouspensky and Blavatsky. Gardner's hypothesis was that the trance readings of Cayce contain "little bits of information gleaned from here and there in the occult literature, spiced with occasional novelties from Cayce's unconscious."[29]
    They are also critical of Cayce's support for various forms of alternative medicine, which they regard as quackery.[30] Michael Shermer writes in Why People Believe Weird Things, "Uneducated beyond the ninth grade, Cayce acquired his broad knowledge through voracious reading and from this he wove elaborate tales."[31]James Randi as saying "Cayce was fond of expressions like 'I feel that' and 'perhaps' -- qualifying words used to avoid positive declarations."
    When asked in a reading about the age of the Great Pyramid, Cayce stated it was built approximately 10,500 B.C. Later carbon dating puts the age from 3800–2850 B.C., about 7,000 years later than Cayce's claim. Shermer wrote that, "Cayce was fantasy-prone from his youth, often talking with angels and receiving visions of his dead grandfather." Shermer further cites"
     
    Last edited: