1970 දශකයේ දී ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ලද විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන ප්‍රමිතිකරණ ප්‍රතිපත්ති පිළිබඳ සටහනකි. මෙය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රවේශය සහ ජනවාර්ගික ගැටුම පිළිබඳ වඩාත් පුළුල් ලෙස වර්තමාන සාකච්ඡා කිරීමේදී මඟ නොහැරිය හැකි සංසිද්ධි කීපයෙන් එකක් ලෙස සැලකිය හැකි නිසා තරමක් දීර්ඝව ලියැවුන බව සලකන්න.
කොටස i: සංදර්භය සහ පසුබිම් විස්තර
නිදහසින් පසු කාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනස්කම් සිදුවූ සමයකි. 1956 සිංහල පමණක් පනත (Sinhala Only Act) හඳුන්වා දීම සහ 1958 දෙමළ භාෂා (විශේෂ ප්‍රතිපාදන) පනත යටතෙ ද්විතීයික පාසල්වල ඉගැන්වීමේ භාෂා මාධ්‍යය ඉංග්‍රීසියෙ සිට සිංහල සහ දෙමළ දක්වා වෙනස් කිරීම යන කාරණා ප්‍රධාන වශයෙන් මේ යටතේ ගැනේ.
මෙම රාජ්‍ය ප්රතිපත්තීන් පාසැල් ඇතුලත් වීම් (enrollments) දළ වශයෙන් තුන්ගුණයක් දක්වා ඉහළ නැංවීය. ඒ ඉංග්‍රීසි කතානොකරන, ප්‍රභූ නොවන පසුබිම්වල සිංහල සහ දෙමළ සිසුන් විශාල පිරිසකට දැන් ඔවුන්ගේ පළමු භාෂාවෙන් ද්විතීයික පාසල්වල අධ්‍යාපනය ලැබිය හැකි බැවිනි.
නමුත් මෙය විශ්ව විද්‍යාල ඇතුලත්වීම් (university entrance) සම්බන්ධයෙන් විශාල ගැටළු ඇති කිරීමට සමත් විය. විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් සපුරන සිසුන් සංඛ්‍යාව 1960 දී 5,200 අගයක සිට 1969/70 දී 30,400 දක්වා ලෙසින් හය ගුණයකින් වැඩිවිය. නමුත් ලබාදිය හැකි ස්ථාන (placements) වැඩිවී තිබුනේ 1960 දී තිබූ 1,800 සිට 1969/70 දී 3,450 දක්වා දෙගුණයකින් පමණි. පළමු වතාවට ලාංකික රජයක් උසස් අධ්‍යාපන අතිරික්තයකට මුහුණ පෑහ.
නමුත් ගැටලුව එතනින් අවසන් නොවුනි. පෙර කී විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් වැඩිවීම බොහෝ දුරට කලා පීඨ සඳහා වන සිසුන්ගෙන් දක්නට ලැබුණු අතර එමඟින් 1960 දශකය තුළ රැකියා විරහිත කලා උපාධිධාරීන්ගේ සංඛ්‍යාව වැඩි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස තාක්ෂණික අධ්‍යාපනය පදනම් කරගත් විද්‍යා පීඨ (ඉංජිනේරු, වෛද්‍ය, භෞතික විද්‍යා, උසස් ගණිත ආදිය) සඳහා ඇතුළත් වීමේ තරගයද වැඩි විය.
මෙහිදී විද්‍යා අධ්‍යාපනය සම්බන්ධයෙන් එවිට ලංකාවෙ පැවති තත්ත්වය පිලිබඳ කාරණා කීපයක් වටහා ගත යුතුයි. පළමුවැන්න බොහෝ පාසැල් හි 12 වන ශ්‍රේණිය දක්වා විද්‍යාව උගෙනීමට අවැසි පහසුකම් නොතිබූ අතර එසේ කළහැකි පාසල් සංකේන්ද්‍රණයවී තිබුනෙ උතුරු සහ බස්නාහිර පළාත් වලයි. ඊට අමතරව විද්‍යා විෂයයන් සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රජාවෙන් 50% පමණම නියෝජනය වූයේ උතුරේ දෙමළ ජාතිකයන් සහ පහතරට සිංහලයන් වෙසෙන පළාත්වලිනි. නිදසුනක් ලෙස 1969 දී විද්‍යාව පදනම්කරගත් පීඨ සඳහා ඇතුළත් කර ගැනීමේදී උතුරේ දෙමළ සහ සමහර පහතරට සිංහල ප්‍රජාවන් පොදුවෙ 50% කට වඩා වි.වි. ස්ථාන (placements) ලබාගැනීමට සුදුසුකම් දක්වා තිබුනි.
1970 දී විද්‍යාව පදනම් කරගත් පාඨමාලා සඳහා වූ වාර්ගික නියෝජනය මෙසේය: ප්‍රවේශය ලැබූ සිසුන්ගෙන් 39.8% ප්රතිශතයක්උතුරු + උඩරට දෙමළ ජනයාගෙන් නියෝජනය වූ අතර ඒ හා සසඳන විට පහතරට + උඩරට සිංහලයන් 57.7% කින් නියෝජනයවිය (එවිට රටේ ජනගහනය 18% ක් දෙමළ සහ 72% ක් සිංහල ලෙස සමන්විත වූ බව සැළකිය යුතුය). පහත වඩා විස්තරාත්මක වගුවක් දැක්වේ.
තවද 1969 වන විට විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි සිට සිංහල සහ දමිළ ලෙස වෙනස් වී තිබුනි. සියලුම විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග සඳහා දැන් උත්තර පත් දෙවර්ගයක් පරීක්ෂක වරු දෙවර්ගයක් (සිංහල සහ දෙමළ ලෙස) යටතේ ලකුණුදීම ඇරඹුනි. ඉංග්‍රීසි විභාග යටතේ නොඇසුනු විභාග වංචා සහ අනිසි අනුග්රහයන් (favoritisms) පිළිබඳ පැමිණිලි සිංහල දෙමළ දෙපාර්ශවයෙන්ම එකිනෙකාට එල්ල වන්නට විය. මේ චෝදනා බොහෝමයක්ම සාවද්‍ය බව නොරහසක් වුවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් නොරිස්සීම් සිංහල-දෙමළ දෙපාර්ශවය අතර ඇතිවීම පටන් ගෙන අවසන්ය.
කොටස ii: අධ්‍යාපනික ප්‍රතිපත්ති සහ දේශපාලනික මැදිහත් වීම්
පෙර කී අර්බුද සියල්ල 1970 දී තේරී පත් වූ එක්සත් පෙරමුණ රජය විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දීමටවේදිකාව සකසනු ලැබීය. එම රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති යෝජනා ක්‍රමවේද (scheme) හතරකින් ක්‍රියාත්මක විය. මෙතැන් සිට එම ක්‍රමවේදයන් විස්තර කරමු:
ක්‍රමවේදය 1: අවම ලකුණු අනුකූලනය - Minimum Mark Adjustment
දමිළ විභාගකරුවන් ඉංජිනේරු පීඨ වලට ඇතුළත් වීම 60% ක් තරම් වූ නිසා අත්දැකීම් මත පදනම්ව රජය කලාව හැර අනෙකුත් සියලුම පාඨමාල සඳහා සිංහල භාශා අපේක්ෂකයින් වෙනුවෙන් අඩු අවම-ලකුණු ප්‍රමාණයක් සහ දෙමළ අපේක්ෂකයන් වෙනුවෙන් වැඩි අවම-ලකුණු ප්‍රමාණයක් නිර්මිත කෙරුනි. පහත සටහන බලන්න.
මෙම කෘත්‍රිම ලකුණු පැනවීමෙන් විද්‍යා පාඨමාලා සඳහා ඇතුළත් වන සිංහල සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ ඉලක්කය යම් දුරකට සපුරා ගැනුනි. 1970 සිට 1971 දක්වා විද්‍යා පාඨමාල වල සිංහල ප්‍රතිශතය 60.6% සිට 63.6% දක්වා ඉහළ ගිය අතර දෙමළ ප්‍රතිශතය 35.3% සිට 33.6% දක්වා අඩුවීමකි. සංශෝදනයෙන් පසු පාඨමාලා සඳහා සුදුසුකම් සැපිරූ සිසුන්ගෙ දත්ත වාර්ගික පදනමින් පහත වගු දෙකෙහි දක්වා ඇත.
නමුත් මෙම ප්‍රතිසංස්කරණය රජය තුළත් ඉන් පිටතත් සිටි සමහර සිංහල ජාතිකවාදීන් තෘප්තිමත් කිරීමට සමත් වූයේ නැත. ඔවුන්ගේ නව මැසිවිල්ල වූයේ නාගරික සිසුන්ට මෙන් නොව ග්‍රාමීය ප්‍රදේශවල සිංහල සිසුන්ට විද්‍යා පාඨමාල සඳහා ඇතුළුවීමේදී අසාධාරණකම් තවමත් තිබෙන බැවින් ඔවුන්ගේ නියෝජනය තවත් වැඩි විය යුතු බවයි.
ක්‍රමවේදය 2: මාධ්‍ය අනුව ප්රමිතිකරණය -Medium wise Standardization
1973 දී රජය සියලු මාධ්‍යයන්හි ලකුණු ඒකාකාර පරිමාණයකට අඩු කළ අතර (reconciling to uniform scale) එමඟින් එක් එක් මාධ්‍යයෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්ගේ අවසාන සංඛ්‍යාව එම මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාවට සමානුපාතික වන ලෙස සකස්වුනි.
මේ සඳහා වන සාධාරණීකරණය (rationale) වූයේ ‘විද්‍යාව සඳහා දෙමළ අපේක්ෂකයින්ගේ (සහ කලාව සඳහා සිංහල අපේක්ෂකයින්ගේ) අධික සුදුසුකම් (over-achievements) කාර්ය සාධනයට හේතු වී ඇත්තේ ඒ ඒ ප්‍රජාවන්ගෙ අදාළ විෂයය සඳහා වන ඉගැන්වීමේ ගුණාත්මකභාවය (teaching quality) හි වෙනස් බවය, එබැවින් ලකුණු ‘ප්රමිතිකරණය’ කිරීම මාධ්‍ය දෙක අතරඅසමතුලිතතාවයන් නිවැරදි කරනු ඇතිය’ යන්නය.
මෙම ක්‍රමවේදය වාර්ගික ප්‍රතිශතයන් හි වඩා උග්‍ර වෙනස්කම් ඇති කලේය. 1972 සිට 1973 දක්වා, ඉංජිනේරු ඇතුළත් වීම් වල සිංහල ප්‍රතිශතය 62.4% සිට 73.1% කින් ඉහළ ගිය අතර දෙමළ ප්‍රතිශතය 34.7% සිට 24.4% පහත වැටුණි. ඒ මුලු දෙමළ සිසුන් ගණනක් ලෙස 360 සිට 347 දක්වා අඩුවීමකි. මේ කාලය තුල වි.වි. පද්ධතියට සිසුන් ඇතුළත් කරගන්නා ධාරිතාවය (placements) 1069 සිට 1177 දක්වා වැඩි වී තිබූබවද සැළකිය යුතුයි. පහත වගු බලන්න.
නමුත් තවමත් සෑහීමකට පත් නොවූවන් හිඟ නොවීය. අවම ලකුණු (cut-off marks) අඩු කල පසුවත් ජනගහනයෙන් 47% ක්නියෝජනය කල උඩරට සිංහලයන් 1973 දී විද්‍යා පාඨමාලා සඳා වන ඇතුළත් කිරීම්වලින් අයත් කර ගත්තේ 19% ක් පමණි. මුවර්ස් / මැලේජාතිකයන් ද විශ්වවිද්‍යාලවල ප්රවේශයන්හිදී සාපේක්ෂව දුර්වලතා පෙන්වූ බව නිරීක්ෂණය කල හැක.
ක්‍රමවේදය 3: ප්රමිතිකරණය + දිස්ත්‍රික් කෝටා - Standardization + District Quota
භූගෝලීය පදනමින් තිබූ විෂමතාවන් විසඳීම සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින් විසින් සැපිරිය යුතු 1974 දී රජය විසින් එක් එක්දිස්ත්රික්කය සඳහා ජනගහනය අනුව නිශ්චිත ස්ථාන (placement) ප්‍රමාණයක් නියම කරන ලදී. තවද ඉතිරිව ඇති ඕනෑම ස්ථානයක් සමානුපාතිකව අනෙකුත් දිස්ත්‍රික්ක අතර බෙදා හරින ලදි.
මෙම ප්රමිතිකරණය + දිස්ත්‍රික් කෝටා ක්‍රමය යාපනය දිස්ත්‍රික්කයේ සංකේන්ද්‍රණය වී සිටි ශ්‍රී ලංකා දෙමළ ජනයාට විශාල ලෙස බලපෑය. ඔවුන්ට එවසර හිමිව තිබුනේ සමස්තයක් ලෙස 5.54% ක පමණ තරමේ ස්වල්ප ස්ථාන කෝටාවක් පමණි. 1970 සිට1974 දක්වා කාලය තුල ඉංජිනේරු විද්‍යාව සඳහා දෙමළ ප්‍රවේශය 48.3% සිට 16.3% ටත්, වෛද්‍ය විද්‍යාවට 48% සිට 26.2% ත්, සමස්තයක් ලෙස විද්‍යා ධාරාවට 35.5% සිට 20.9% ටත් පහත වැටී තිබුනි.
මේ වන විට, පෙර කී වාර්ගික සීමාකිරීම් ක්‍රමවේදයන්ට දෙමළ සමාජයේ අප්‍රසාදය පුළුල් වෙමින් පැවතින. දිස්ත්‍රික් කෝටාව තීරණය කරනු ලැබුවේ උපත ලැබූ ස්ථානය මත මිස පදිංචිය මත නොවන නිසා, අඩු කාර්ය සාධනයක් ඇති සිසුන් සමහර විට එම පාසැලේම වැඩි දක්ෂකම් පෙන්වන සිසුන් පරයා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ අවස්ථාද ඇතිවෙමින් තිබුනි.
මෙම ගැටලු විමසීම සඳහා පත්කල පාර්ලිමේන්තු ආංශික කමිටුවක් (sectoral committee) විසින්
අ) භාෂාව අනුව ප්රමිතිකරණයඅවසන් කිරීම සහ
ආ) ලකුණු නැවත සැලකිල්ලට ගැනීම සඳහා දිස්ත්‍රික් කෝටා ක්‍රමය වෙනස් කිරීම
නිර්දේශ කරන ලදී. ඒවායින්දෙවැන්න පමණක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන ලදී.
ක්‍රමවේදය 4: ප්රමිතිකරණය + වෙනස් කළ දිස්ත්‍රික් කෝටා ක්‍රමය - Standardization + Modified District Quota
1976 සංශෝධිත යෝජනා ක්‍රමය යටතේ වි.වි ඇතුළත් කිරීම්වලින් 70% ක් ‘අමු ලකුණු’ (raw marks) මත සහ 30% දිස්ත්‍රික් පදනම මත වන ලෙස සකස් වන වන ලදී. දෙවනියට සඳහන් කල 30% න් 15% වෙන් කර ඇත්තේ ‘අධ්‍යාපනික වශයෙන් පසුගාමී ප්‍රදේශ’ සඳහා ය.
මෙකී නව යෝජනා ක්‍රමය දෙමළ ජාතිකයින්ට මුලින් සිදුවූ අවාසි තරමක් දුරට නිවැරදි කල අතර ඔවුන්ගේ 1975 සිට 1976 දක්වා විද්‍යා ඇතුළත් කිරීම් 35% කින් ද සමස්ත විශ්වවිද්‍යාල ප්‍රවේශය 25% දක්වා ද ඉහළ ගියහ. එනමුදු මෙය 1970 ට පෙර තිබූ මුල් මට්ටමට වඩා තවමත් අඩුය. කෙසේ වෙතත් මෙම සංශෝදනය දෙමළ දෙමාපියන් සහ දෙමළ ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් හෝ සිංහල ජාතිකවාදීන් තෘප්තිමත් කළේ නැත.
ඉනික්බිතිව 1977 දී තේරී පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් මෙම ප්රමිතිකරණය අහෝසි කළ නමුත්, ප්රමිතිකරණය ඉවත්කිරීමෙන් සිදුවන වෙනස පූර්ණය කිරීම සඳහා ස්ථාපනය කල සංකීර්ණ සූත්‍ර මාලාවක් හරහා පෙර කෝටා ක්‍රමයට බොහෝ සමාන ක්‍රමයක් 1978-1981 දක්වා කාලය තුල රඳවා ගන්නා ලදී. පෙර කී "වෙනස පූර්ණය" කිරීම යන්නෙන් අදහස් වන්නේ ‘අඩුවරප්රසාදිත’ දිස්ත්‍රික්ක සඳහා වාසිදායක තත්ත්වයක් තවදුරටත් පවත්වාගැනීමයි.
නමුත් ඒ මට්ටමින් හෝ ගැටලුව නිරාකරණය වනවිට හානිය සිදුවී අවසන්ය. අදාළ කාලය තුල ද්‍රවිඩ තරුණ පරපුරේ විශාලප්රමාණයකට විශ්ව විද්‍යාලයට පිවිසීමට තම දක්ශතා මත හිමිවීමට තිබූ (merit based) සාධාරණ අවස්ථා අහිමි විය. ඊට අමතරව සිංහල පමණක් පනත (Sinhala Only Act) යටතේ මේ වන විටත් දෙමළ ජනතාවට ලබා ගත හැකි රාජ්‍ය සේවයෙහි රැකියා ප්‍රමාණය අඩු කර තිබීම නිසා දෙමළ ප්‍රජාවේ සිත් රිදීම් වඩා නරක අතට හැරුනි. පසුව එලැඹෙන ව්‍යාකූල වාර්ගික අර්බුධ සමයට පෙර කී අධ්‍යාපනය සම්බන්දව වූ විවාදාත්මක රාජ්‍ය තීරණයන් මඟින් පසුබිම සැකසීම ආරම්භ වී තිබින.
ඉතුරු කොටස සඳහා පහත පෝස්ටුව බලන්න...

Last edited: