වාරියපොල අපි දුටු දේ හැරුණු විට .......

වාරියපොල අපි දුටු දේ හැරුණු විට .......

ලිංග පක්ෂපාතීත්වයට එරෙහිව

http://www.samabima.com/?p=11131

ලිංගික අතවරය නීතිමය වරදක් බවට පත් කොට ඇත්තේ ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිති අනුව ලංකාවේ අපරාධ නීතිය සංශෝධනය කොට ඇති හෙයිනි. නමුත් භාවිතාව තුළ එම නීතිය ක‍්‍රියාත්මකවීම වැළකී ඇත. තම ශරීරයට එරෙහිව කරනු ලබන හිංසාව ඉවසා දරාගත නොහැකි තැන ප‍්‍රති හිංසනයෙන් ප‍්‍රතික‍්‍රියා දක්වන්නට කාන්තාවන් පෙළැඹීම අරුමයක් නොවේ. එ් අවස්ථාවේදී කාලාන්තරයක් තිස්සේ පැවැති ඇබ්බැහිය හෙවත් සංස්කෘතිය විසින් හික්මවනු ලැබූ ජන සමාජය කලබල විය. සංස්කෘතියද, පොලීසිය, ජනමාධ්‍ය ඇතුළු ආයතන පද්ධතියද, අවසානයේදී නීතියද අවි අමෝරා ගත්තේ ලිංගික අතවරය සිදුකළ පුද්ගලයාට එරෙහිව නොව ලිංගික අතවරයට ලක්වූ තිළිණි අමල්කා වෙතය. ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ වාරියපොළ පොලීසිය එපමණකින් නොනැවතී ඇයට පිස්සුදැයි පරීක්ෂා කිරීම පිණිස වෛද්‍යවරයෙකු වෙතද ඉදිරිපත් කොට අවසානයේදී අධිකරණය වෙත ඉදිරිපත් කළාය.

මෙම ලිංග පක්ෂපාතීත්වයට අභියෝග කරන්නට ලංකාවේ කාන්තා සංවිධාන කිහිපයක් ඉදිරිපත් විය. ලක්බිමේ මවුවරු සහ දියණියෝ, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, ඩාබිඳු සාමූහිකය, කාන්තා සංවර්ධන පදනම සහ ප‍්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය සහ කාන්තා සංවර්ධන පදනම යන සංවිධානයන්හි නියෝජිතවරියන් ඇයගේ සහායට පැමිණියහ.

රයිට්ස් නව් සංවිධානය වෙනුවෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත්වන්නේ නීතියේ සමාන ආරක්ෂාව සියළුදෙනාටම ලැබිය යුතුය යන සාරධර්මය තිරසාරව පිළිගන්නා නිසාවෙනි. එමෙන්ම ස්ත‍්‍රී-පුරුෂ භාවය මත පදනම්ව කිසිවෙකු වෙනස්කොට සැලකීමකට ලක් නොකළ යුතු බව පිළිගන්නා නිසාවෙනි. රයිට්ස් නව් සාමූහිකයේ නීතිඥවරුන් වන නීතිඥ ලක්ෂාන් ඩයස් සහ නීතිඥ චන්දිමා දුනුවිල සමග ‘සමබිම’ සංස්කාරිකා මනෝරි කලුගම්පිටියද අසාධාරණයට ලක්වූ තිළිණි අමල්කා සමග අගෝස්තු 27දා වාරියපොළ පොලීසිය වෙත ගියාය.

මෙවර ‘සමබිම’ ඉරිදා සංග‍්‍රහය අසාධාරණයට ලක්වූ සහ එයට එරෙහිව ඉදිරියට පැමිණ සටන් කරන සියළු කාන්තාවන් වෙනුවෙනි.


අගතියට පත් තිළිණි අමල්කා වෙනුවෙන් ඇයගේ නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් මාධ්‍ය වෙත නිකුත් කළ ප‍්‍රකාශය

අගෝස්තු 27දා තිළිණි අමල්කා වාරියපොළ පොලීසියට පැමිණියේ තමන්ට පොලීසියෙන් කළ දැනුම්දීමකට අනුවය. 2014 අගෝස්තු 25 වන සදුදා දින ඇයට දැනුම්දීම සිදු කළේ වාරියපොල පොලිස් ස්ථානාධිපති පි‍්‍රයන්ත මහත්මයාය. එහිදී ඇය පැමිණියේ පොලීසියට පැමිණ කටඋත්තරයක් ලබාදීමටයි. ඒ අනුව ඇය නීතිඥවරු කිහිපදෙනෙකු හා තවත් කාන්තා කි‍්‍රයාකාරිනියන් කිහිපදෙනකු සමඟ 27 වන දින උදේ 10ට පමණ වාරියපොළ පොලීසියට පැමිණියා.
උදේ 10ට අපි පොලිස් ස්ථානාධිපති හමුවීමට ගිය විට මට එම ස්ථානයේ රැඳී සිටින ලෙසත්, සෙස්සන්ට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසත් දැනුම් දුන්නා. ඉන් අනතුරුව සාකච්ඡාව ආරම්භ වුණා. මූලික සාකච්ඡාවට අනුව පොලිස් ස්ථානාධිපතිතුමා පවසන්නේ මෙය සීමාව ඉක්මවා පහරදීමක් ලෙසයි. නමුත් නීතීඥවරයෙකු ලෙස මම දැරුවේ වෙනස් මතයක්. කාන්තා හිංසනය නම් වරදට දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 සහ 346 යන වගන්ති දෙකම බලපානවා. මෙහිදී සිදුකර තිබෙන යෝජනාවේ තියෙන ලිංගිකමය සාධක හේතු කරගෙන කාන්තාවක් වශයෙන් 345 වගන්තිය යටතේ දැඩි ලෙස අභිමානය පිළිබඳව ගැටළුවකට ඇය මුහුණ දුන්නා. එම තරුණාය ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයට අභිනයන් කරමින් ඇයට ලිංගික ඇසුරකට එන්න යැයි කරලා තියෙන ඇරයුම අවසානයේ ඇයව ඉතාම දැඩි කෝපයකට යොමු කළා.

මේක තමයි ඇය පහරදීමට යොමුවන ප‍්‍රධානම කාරණය. එතැනදී පහරදීමකට ඇය යොමුවීමට කලින් පුද්ගලයන් දෙදෙනෙකු පහරදීම් සිදුකර තියෙනවා. ඒ තමයි ජයසිංහ කියන ටයිම් කීපර්වරයා සහ සඳමාලි කියන ඇගේ මිතුරිය. ඇය තමයි අවසානයටම පහරදීලා තියෙන්නේ. ඇයගේ ප‍්‍රකාශයට අනුව ඇය පහරදීමට පෙළඹිලා තියෙන්නේ ඒ අවට සිටි අය දැඩිව කළ ඉල්ලීම මතයි. ඒ මෙවැනි පුද්ගලයන්ට පහරදීලා එවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්විය යුතුයි කියන පදනම මතයි. ඒ අනුව තමයි ඇය පහරදීම සිදුකර තිබෙන්නේ. ඇයට හමුවනවා ඒ අවට සිටින හැඩි දැඩි පුද්ගලයෙකුව, පෙනුමෙන් ඔහු පොලීසියේ තැනැත්තකු බව හැ‍ෙගනවා. ඒ පුද්ගලයා මෙහුව පොලීසියට බාරදෙන බවට ප‍්‍රකාශ කරනවා. ඒ ප‍්‍රකාශය විශ්වාස කරමින් ඒ උපකල්පනය මත ඇය ඒතනින් ඉවත් වෙනවා. ඉන්පසු ඇය කොළඹ බලා පිටත් වෙනවා.

25 වන දින ඇය මේ පිළිබදව පැමිණිල්ලක් පොලිස් මුලස්ථානයේ කාන්තා හා ළමා ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඒ ප‍්‍රකාශය සිදුකර අවසන් වනවාත් සමග වාරියපොල පොලීසියෙන් කදවීමක් ලැබෙනවා. ඒ අනුව අපි අගෝස්තු 27දා වාරියපොල පොලීසියට ගියා.

පහරදීමට ලක්වූවා යැයි කියන තැනැත්තාගේ පැමිණිල්ලේ පිටපතේ අපට කියවා දුන් ප‍්‍රකාශය අනුව ඇයගේ නම වැරදියි. එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප‍්‍රකාශය අපි සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරනවා. තවද තමන්ට කිසිදු තුවාලයක් හෝ හානියක් නැති බවට ඒ පුද්ගලයාම ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පොලීසියට දවස් පහක් යනතුරු නොපැමිණි බවත් එහි සටහන් කර තිබෙනවා. මේ සුළු කාරණා මත අපි අපේ ප‍්‍රකාශය සටහන් කළා. එහි ඇය කවුද, කුමක්ද කරන්නේ, ඇයට කර ඇති යෝජනාවේ බරපතළභාවය, එය කාන්තා ලිංගික හිංසනයට බලපාන කාරණය මත පහරදීමට පෙළඹුණු බවත්, ඒ ගැන තදබල හදිසි කෝපයක් පැන නැගුන බවත් සටහන් කළා. ඉන් පසුව මේ ප‍්‍රකාශයේ කරුණු සැකවින් බැලූවම පොලිස් ස්ථානාධිපති ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කළා. ඒ අනුව සවස 3.00ට පමණ ඇය ස්ථානාධිපතිතුමන්ගේ නියෝගය මත ඇයව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කිරීමට තීරණය කළා. විශේෂයෙන්ම ඇයගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යය යන කාරණය මත එය සිදු කළා.

1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය
අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබීමේදී අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එ් බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දඩුවම් දෙකින්ම හෝ ඔහුට දඩුවම් කරනු ලැබිය යුතුය; තව ද ඒ වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තකු සම්බන්ධයෙන්ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක්ද ඒ තැනැත්තාට ගෙවන ලෙසද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකිය.

දණ්ඩ නීති සංග‍්‍රහයේ 346 වගන්තිය
යම් තැනැත්තකු විසින් කරනු ලැබූ බරපතළ වූත්, හදිසි වූත්, ප‍්‍රකෝප කිරීමක් නොවූ අවස්ථාවකදී, ඔහුට අගෞරව කිරීමේ අදහසින් යමෙකු අඩන්තේට්ටම් කරතොත් හෝ සාපරාධී බලහත්කාරය පාතොත්, ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය.

ඒ අනුව සවස 3.00ට පමණ ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත රැගෙන ගියා. සවස 3.45ට පමණ ඇයව එම කාර්යාලයෙන් නැවත වාරියපොල පොලීසිය වෙත රැගෙන ආවා. වාරියපොල පොලීසිය වෙත පැමිණෙන විට සවස 4.20 පමණ වුණා. ඉන්පසු සවස 5.00 පමණ වන තෙක් අපිට තිබුණ තොරතුර වූයේ ඇයව 27 වන දින අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ අගෝස්තු 28 වන දින බවත්ය. ඒ අනුව නීතිඥවරුන් සහ අනෙකුත් කාන්තා කි‍්‍රයාකාරිනියන් කොළඹ බලා පිටත් වුණා. නමුත් ටික දුරක් එන විට දැන ගැනීමට ලැබුණේ නැවත ඇය අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව අප නැවතත් ඇය සමග වාරියපොල වැඩ බලන මහේස්ත‍්‍රාත් තුමියගේ නිවසට පැමිණියා. එහිදි කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව රුපියල් 50,000ක ශරීර ඇප මත ඇයව නිදහස් කළා. එහිදී නැවත සැප්තැම්බර් මස දෙවැනිදා වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව කැදවන අවස්ථාවේ පෙනී සිටීමටත් එකී සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීමටත් ඇයට නියෝග කළා. එම නියෝගයට එකගතාවය මත ඇයව ඇප මත නිදහස් කළා.
මේ මුළු පැමිණිල්ලම පදනම් කර ගන්නේ විනාඩි 3ක හෝ 4ක විඞීයෝ දර්ශනයක් මතයි. එය සංස්කරණය කරන ලද්දක්ද යන්න අප දන්නේ නැහැ. තවද මෙවැනි විඞීයෝ දර්ශනයක පෙර කතාව හෝ පසු කතාව සදහන් වන්නේ නැහැ. ඕනෑම දෙයකට පෙර කතාවක් හා පසු කතාවක් තියෙනවා. මේ සියලූ කාරණා මත අපි හිතනවා ඇයගේ ලිංගික හිංසනයට ලක්වීම කියන කාරණය අභිබවා ගොස් පිරිමියෙකුට පහර දුන්නා කියන කාරණය තමයි මතු කර ඇත්තේ.
පිරිමියෙකු විසින් කාන්තාවගේ අභිමානයට ලිංගිකමය වශයෙන් කරන බලපෑම ගැන දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තියේ සදහන් කාරණය මතු වී අවේ නැහැ. ඒ වෙනුවට දණ්ඩ නීති සංග‍්‍රහයේ 314 වගන්තියේ ඇති කාරණය තමයි ඉස්මතු වූයේ. එය නීතියේ විශාල බිදවැටීමක් ලෙස මා දකිනවා. මෙම නඩුවේ ආදේශ කරගත යුතු කාරණය දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තියයි. කාන්තාවකට පිරිමියෙකුට පහරදිය හැකිද කියන කාරණය නොවේ. කාන්තාවකට ලිංගික හිංසනය කළ හැකිද යන කාරණය තමයි සළකා බැලිය යුත්තේ.

ලංකා සමාජය එය ඒ තරම් දකින්න කැමති නැහැ. මේ විදියට ගියොත් අපිට ගැහැණියෙකුට විහිලූවක් කරන්න බැරි වෙනවා. එහෙම වුණොත් ගැහැණු අපිට කම්මුල් පාරවල් ගහනවා. කම්මුල් පාරවල් ගැහුවොත් අපිට පාරේ යන්න බැහැ වගේ දේවල් මතුවෙලා එනවා. මේක සමාජයේ පුළුල්වත්, නෛතිකමය වශයෙනුත් සාකච්ඡා කළ යුතු කාරණයක්. ඒ මන්ද හදිසි කෝපය කියන දේ පාවිච්චි කිරීමෙන් විශේෂයෙන් කාන්තා හිංසනයට එරෙහිවීමට කාන්තාවට අයිතිය නැද්ද යන කාරණයත් මේ සමාජයේ පුළුල්ව සාකච්ඡා විය යුතුයි. අනෙත් දේ තමයි මේ කතාව පිළිබඳව විවිධ දේශපාලන සම්බන්ධතා ප‍්‍රකාශ වුණා. ඒ වගේම මාධ්‍යයෙන් පැහැදිලිවම අපි දැක්කේ මේ ගැහැණු ළමයාගේ වීඩියෝ දර්ශනය පාවිච්චි කරලා ඇයගේ චරිතයට, ඇයගේ කි‍්‍රයාකාරීත්වයට සහ ඇයගේ ධෛර්යයට විශාල වශයෙන් හානි සිදුකිරීමක්. ඇය ධෛර්යමත් කාන්තාවක්. ඇයට හැකි වුණා යම්කිසි ප‍්‍රකාශයක් කරන්න. තමන්ගේ ශරීරයට කළා වූ යම්කිසි අභියෝගයකට ආත්මාරක්ෂාවෙන් ප‍්‍රති පිළිතුරු ලබා දෙන්න ඇයට හැකිවුණා. ඒක මේ සමාජය ධනාත්මකව බැලිය යුතු දෙයක්. නමුත් මේ දෙස සමාජය බැලූවේ සෘණාත්මකවයි. කොල්ලෙකුට ගහන්න කෙල්ලෙකුට පුලූවන්ද කියන අදහසත් එක්කයි. ඒක සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. අනිත් දේ තමයි මේ දෙදෙනාම සෑමවිටම ආමන්ත‍්‍රණය වුණේ ”කෙල්ල” සහ ”කොල්ලා” ලෙසයි. නමුත් මීට වඩා ශිෂ්ට සම්පන්න වචන භාවිතා කිරීමේ වැදගත්කමක් තියෙනවා. විශේෂයෙන්ම මාධ්‍යයට කෙල්ල සහ කොල්ලා කියන භාෂාවෙන් බැහැරව කාන්තාව සහ පිරිමියෙක් නැතිනම් පුරුෂයෙකු සහ ස්ත‍්‍රියක්, චූදිතයන් දෙදෙනෙකු වැනි වෙනත් විකල්ප චරිතයන් ඇති වචන භාවිතා කිරීම වැදගත්. ඒ වගේම මේක පහරදීමෙන් ඔබ්බට ගිය ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ ලංකාවේ තියෙන විශාල ගැටළුවේ කොටසක් ලෙස මම දකිනවා.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තුට්ටු දෙකේ blogs වලින් බලන්නේ අර ගෑණිගේ වරද නිවැරදි කරන්නයි මොකද ඒකි කෙල්ලෙක් නිසා.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    තුට්ටු දෙකේ blogs වලින් බලන්නේ අර ගෑණිගේ වරද නිවැරදි කරන්නයි මොකද ඒකි කෙල්ලෙක් නිසා.

    :yes:ayi ban ara kalakanni NGO un thama ekiwa uda thiyanne..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes:ayi ban ara kalakanni NGO un thama ekiwa uda thiyanne..

    :yes::yes: උන් හැම තිස්සේම කථාකරන්නේ ගෑනුන්ගේ පැත්තටයි, ගෑණියෙක් වරදක් කරත් ඒකටත් ඒකිව ශුද්ධ කරනවා, හරියට ගෑණු කියන්නේ පොඩි ළමයින් වගේ. :D හත් ඉලව්ව්වේ ඇයි මුන්ට බැරි සාධාරණයට පක්ෂව කථාකරන්න, අර කොල්ලා ගැන මොකුත් කියලා නෑ. :angry: ඌගේ කන පැළිලා, පවුල දාලා ගිහින්, නින්දා අපහාස කෝටියකට මුහුන දෙන්න වුනා ඒවාට මොකුත් කියන්නේ නෑ, ඒවට අනුකම්පාවක්වත් නෑ. :dull:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිරිමියෙකු විසින් කාන්තාවගේ අභිමානයට ලිංගිකමය වශයෙන් කරන බලපෑම ගැන දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තියේ සදහන් කාරණය මතු වී අවේ නැහැ. ඒ වෙනුවට දණ්ඩ නීති සංග‍්‍රහයේ 314 වගන්තියේ ඇති කාරණය තමයි ඉස්මතු වූයේ. එය නීතියේ විශාල බිදවැටීමක් ලෙස මා දකිනවා. මෙම නඩුවේ ආදේශ කරගත යුතු කාරණය දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තියයි. කාන්තාවකට පිරිමියෙකුට පහරදිය හැකිද කියන කාරණය නොවේ. කාන්තාවකට ලිංගික හිංසනය කළ හැකිද යන කාරණය තමයි සළකා බැලිය යුත්තේ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    : ඌගේ කන පැළිලා, පවුල දාලා ගිහින්, නින්දා අපහාස කෝටියකට මුහුන දෙන්න වුනා ඒවාට මොකුත් කියන්නේ නෑ, ඒවට අනුකම්පාවක්වත් නෑ. :dull:

    u wapurapu de nela gaththa.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    u wapurapu de nela gaththa.

    එහෙනම් යකෝ උබ පොඩි වැරැද්දක් කරොත් උබේ බෙල්ල කපන්න ඕනේ අරාබියේදි වගේ. :D
    මොකද උබත් වැරැද්දක් කරලානේ. :yes: දැන් වත් තේරුම් ගනින් මෝඩයෙක් වෙන්නේ නැතුව මේ කෙල්ල ප්‍රතිචාර දැක්වුවා වැඩියි කියලා, ඕනෙම එකක සීමාවක් තියෙනවා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පිරිමියෙකු විසින් කාන්තාවගේ අභිමානයට ලිංගිකමය වශයෙන් කරන බලපෑම ගැන දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තියේ සදහන් කාරණය මතු වී අවේ නැහැ. ඒ වෙනුවට දණ්ඩ නීති සංග‍්‍රහයේ 314 වගන්තියේ ඇති කාරණය තමයි ඉස්මතු වූයේ. එය නීතියේ විශාල බිදවැටීමක් ලෙස මා දකිනවා. මෙම නඩුවේ ආදේශ කරගත යුතු කාරණය දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තියයි. කාන්තාවකට පිරිමියෙකුට පහරදිය හැකිද කියන කාරණය නොවේ. කාන්තාවකට ලිංගික හිංසනය කළ හැකිද යන කාරණය තමයි සළකා බැලිය යුත්තේ.

    :yes::yes::yes::yes::yes::yes:

    එතකොට දැන් විහිළුවක් කියන්නෙත් ලිංගික හිංසනයක්ද? :lol::lol:
    ඒකි කථාව වෙනස් කරා කියලා හොදටම පැහැදිලියි, මුලින්ම අරූට ගහනකොට කිව්වේ කෙල්ලොන්ට අනං මනං කියන්න එපා කියලයි, ඊට පස්සේ මාධ්‍යයෙන් අහනකොට කියනවා phone number එක ඉල්ලුවාලු, පස්සට ගැහුවාලු. :D බොරු බයිලා.

    අනෙක් එක යුක්තිය ඉටුකිරිමේදි එතන වැඩි ප්‍රමුඛතාවක් දෙන්න ඕනේ අගතියට පත්වූ පාර්ශවයටයි, නීතිය අපක්ෂපාති වෙන්න ඕනේ එහෙම නැතුව අරකි කෙල්ලෙක් වුන පළියට වැඩි ප්‍රමුඛතාවක් දීලා සලකන්න නරකයි, මෙතන අගතියට පත්වූ පාර්ශවය තමයි කොල්ලා එතකොට කොල්ලට තමයි වැඩි ප්‍රමුඛතාවක් දෙන්න ඕනේ යුක්තිය ඉටුකිරිමේදි. :yes:
    හරිනම් ඒකිව අවුරුද්දකට හරි හිරේ දාන්න තිබුනා, (ඕකේ අනෙක් පැත්ත වුනා නම් අනිවාර්යෙන්ම අරූ අවුරුදු ගාණකට හිරේ යනවා නේ කාන්තා හිංසනය කියලා?) එහෙම දඩුවමක් ඒකිට හම්බ වෙච්ච නැති එකෙන් පේන්නේ නීතියේ තිබෙන පක්ෂපාති ස්භාවයයි කාන්තා පාර්ශවයට.
     
    Last edited:
    මම මේක දැම්මෙ ,, බලපන් අර ටයිම් කීපරයගෙ රඟපෑම , ඔය ලෝයරය කියන දේ ඇත්ත නම් අර ටයිම් කීපරය නේද අරකිට ගහන්න දීල බලාගෙන ඉන්නෙ , ඌ අරකිට නොගහන්නෙ ඒකිට ඇති බයකට නෙවී අර ටයිම් කීපරයට බයේ ,, අන්න එහෙමයි මට හිතෙන්නෙ , උබල මේ ත්‍රෙඩ් එකට මට නෙගිටිව් රෙප් දාන්න කලින් ටිකක් හිතපල්ල
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    එතකොට දැන් විහිළුවක් කියන්නෙත් ලිංගික හිංසනයක්ද? :lol::lol:
    ඒකි කථාව වෙනස් කරා කියලා හොදටම පැහැදිලියි, මුලින්ම අරූට ගහනකොට කිව්වේ කෙල්ලොන්ට අනං මනං කියන්න එපා කියලයි, ඊට පස්සේ මාධ්‍යයෙන් අහනකොට කියනවා phone number එක ඉල්ලුවාලු, පස්සට ගැහුවාලු. :D බොරු බයිලා.

    අනෙක් එක යුක්තිය ඉටුකිරිමේදි එතන වැඩි ප්‍රමුඛතාවක් දෙන්න ඕනේ අගතියට පත්වූ පාර්ශවයටයි, නීතිය අපක්ෂපාති වෙන්න ඕනේ එහෙම නැතුව අරකි කෙල්ලෙක් වුන පළියට වැඩි ප්‍රමුඛතාවක් දීලා සලකන්න නරකයි, මෙතන අගතියට පත්වූ පාර්ශවය තමයි කොල්ලා එතකොට කොල්ලට තමයි වැඩි ප්‍රමුඛතාවක් දෙන්න ඕනේ යුක්තිය ඉටුකිරිමේදි. :yes:
    හරිනම් ඒකිව අවුරුද්දකට හරි හිරේ දාන්න තිබුනා, (ඕකේ අනෙක් පැත්ත වුනා නම් අනිවාර්යෙන්ම අරූ අවුරුදු ගාණකට හිරේ යනවා නේ කාන්තා හිංසනය කියලා?) එහෙම දඩුවමක් ඒකිට හම්බ වෙච්ච නැති එකෙන් පේන්නේ නීතියේ තිබෙන පක්ෂපාති ස්භාවයයි කාන්තා පාර්ශවයට.


    :yes::yes::yes:
    සල්ලි වලට අම්ම තාත්තත් පාවා දෙන ලෝයර්ලත් ඉන්නවනෙ බන්.මූත් ඒවගේ එකෙක්ද කොහෙද
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes::yes:
    සල්ලි වලට අම්ම තාත්තත් පාවා දෙන ලෝයර්ලත් ඉන්නවනෙ බන්.මූත් ඒවගේ එකෙක්ද කොහෙද

    :yes::yes: NGO lawyers ලා උන්ට පිටරට කුට්ටි හම්බ වෙනවානේ.