වාලම්පුරි

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    මීට කලකට පෙර තිරගතවූ තිලක් අතපත්තු අධ්‍යක්‍ෂණය කළ ‘බජාර් එකේ චන්ඩියා’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කළ බන්දුල දිසානායක අවුරුදු 20ක් පමණ හිමාලයේ භාවනානුයෝගීව වාලම්පුරි පිළිබදව ගවේෂනය කරමින් සිට නැවත ලංකාවට පැමිණ ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

    මෙසේ පැමිණි විශ්වකීර්ති දේශමාන්‍ය බන්දුල දිසානායක මේදිනවල ලංකාවේ ප‍්‍රධාන පුවත්පත් සියල්ලකම පාහේ තමන් විසින් හිමාලයේ දී සොයාගත් දක්ෂිණාවෘත වාලම්පූරි විකිණීම සඳහා ඇඞ්වර්ටීස්මන්ට් පළකරමින් සිටී. විශ්වකීර්ති දේශමාන්‍ය බන්දුල දිසානායකගේ දකුණට කැරකැවෙන වාලම්පූරියක මිල රුපියල් ලක්ෂ 5හේ සිට රුපියල් දසලක්ෂය දක්වා මිල කෙරෙන බව වාර්තා වේ.

    මේ පිළිබදව වැඩිදුර විස්තර සොයාබැලීමේදී ‘පැපරාසියා’ ට හෙළිදරව් වූයේ බන්දුල දිසානායක භාවනානුයෝගීව වැඩ සිට ඇත්තේ හිමාල වනයේ නොව කැනඩාවේ හිරගෙදරක බවයි. එසේ සිරගතවීමට හේතුව ‘හියුමන් ස්මගලින්’ නොහොත් ‘මිනිස් ජාවාරම්’ය.

    ‘බජාර් එකේ චන්ඩියා’ තිරගතවීමෙන් අනතුරුව ‘බජාර් එකේ පොරක්’ බවට පත්වී ඇති බන්දුල දිසානායක ලෝකයපුරා චිත‍්‍රපට ?ගතකිරීම් අරඹා තිබේ. ඒ යටතේ එංගලන්තය, කැනඩාව, ඇමරිකාව බලා ඔහුගේ රූගතකිරීම් පැතිර ගොස් ඇති අතර එසේ එම රටවලට රූගත කිරීම් සඳහා යන කණ්ඩායම් එම රටවල්වල ගල්වී ඇත. එසේ කැනඩාවේදී ගල්වුනු එක කණ්ඩායමක් නිසා බන්දුලගේ වැඬේ ‘දෙල්වී’ අවුරුදු ගණනක් භවනාකිරීම සඳහා කැනඩා රජය මගින් සිපිරිගෙයක් තුළ පහසුකම් සලසා දී තිබේ.

    කැනඩාවේ භාවනා කෝස් එක අහවරවූ පසු ‘බජාර් එකේ චන්ඩියා’ දැන් නැවතත් ලංකාවට පැමිණ විශ්ව කීර්ති දේශමාන්‍ය සම්මානවලින් පිදුම්ලැබ වාලම්පුරි දකුණට කැරකැවීම අරඹා තිබේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ කියන්නේ අර ස්වර්ණවාහිනියේ හක්ගෙඩි විකුනන හොරා ගැනද :oo:

    ඔව් ඔව්. ඕකාව බැලුම්ගලෙන් නෑව්වා කාලයක්. :lol: දැන් NethFM youtube එකේ වාලම්පූරියෙ කතාව නෑ. අරූ සල්ලි දීලා අයින් කෙරෙව්වද දන්නැ :eek:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්. ඕකාව බැලුම්ගලෙන් නෑව්වා කාලයක්. :lol: දැන් NethFM youtube එකේ වාලම්පූරියෙ කතාව නෑ. අරූ සල්ලි දීලා අයින් කෙරෙව්වද දන්නැ :eek:
    උතුරන්න සල්ලි තියෙන එකේ දීල අයින් කරන්න ඇති :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,890
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ කියන්නේ අර ස්වර්ණවාහිනියේ හක්ගෙඩි විකුනන හොරා ගැනද :oo:

    පට්ට හොරෙක් ඌම සල්ලි ගෙවල ඌම කියවනව TV චැනල් වල ගිරව වගේ කවදාවත් ලයිව් කතා කරන්ඩ බෑ පොරට,බිස්නස් කරන තැන නම්බර්ස් දෙන්නෙ..ලංකාවෙ මිනිස්සුන්ගෙ මෝඩකම,දුප්පත් කම වගේ දේවල් වලින් දවසට කෝටි ගනන් හොයනව ඇති බොහෝ දුරට බෙලි ක‍ටු විකුණල.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉරිදා දවසක උදේ ටීවි එක ඔබ ඔබ ඉද්දි එක පාරටම ස්වර්ණවාහිනිය අහුඋනා. කලාතුරකින් තමා බලන්නෙත්. :lol::lol::lol::lol:
    එතකොට ඔන්න ඔය ගල් මූසලයා වැඩ පටන් අරගෙන උදෙන්ම.:no:
    තලවතුගොඩ පාරේ යනකොට ඕකගෙ මාලිගාව තියෙන්නේ. මම දැකලා තියෙනවා සෙනග පොකුරු පිටින් ඕකගෙ ගුබ්බෑයමට රිංගනවා. මෙහෙමත් මෝඩ හරක් යකෝ..:sorry::sorry:
    ඕකගෙ ඔය සිප්පි කටු කඩේ අපේ ලග පාතක තිබුනානම් මම දන්නවා කරන දේ
    :no::no::no::no::no::no::oo::oo:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174

    PRASIDDHA NALU AMITTHAB BACHCHAN TA PAWA VALAMPURI WIKUNUWA KIYALA DAWASAK MATA AHUNA TV EKE OKA KIYANAWA.CANADA WE HIRA GEDARA WENNA ATHI HAMBA WENNA ATHTHE
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පට්ට හොරෙක් ඌම සල්ලි ගෙවල ඌම කියවනව TV චැනල් වල ගිරව වගේ කවදාවත් ලයිව් කතා කරන්ඩ බෑ පොරට,බිස්නස් කරන තැන නම්බර්ස් දෙන්නෙ..ලංකාවෙ මිනිස්සුන්ගෙ මෝඩකම,දුප්පත් කම වගේ දේවල් වලින් දවසට කෝටි ගනන් හොයනව ඇති බොහෝ දුරට බෙලි ක‍ටු විකුණල.
    ඔය ටීවී චැනල් වල උදේට යන ඔක්කොම ඔහොමයි උන්ම සල්ලි ගෙවලා, උන්ගේම උන් දම්මල කතා කරවලා උන්ගේම ගුණ වර්ණනා කරලා මිනිස්සු රවට්ටනවා. :baffled: ටීවී වල උනුත් සල්ලි දෙනවනං ඕන හොරෙක්ට ඕනේ දෙයක් කියන්න දෙනවා :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,890
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ටීවී චැනල් වල උදේට යන ඔක්කොම ඔහොමයි උන්ම සල්ලි ගෙවලා, උන්ගේම උන් දම්මල කතා කරවලා උන්ගේම ගුණ වර්ණනා කරලා මිනිස්සු රවට්ටනවා. :baffled: ටීවී වල උනුත් සල්ලි දෙනවනං ඕන හොරෙක්ට ඕනේ දෙයක් කියන්න දෙනවා :no:

    සියත TV එකෙන් තමා ඕක මුලින්ම ආවෙ ඊට පස්සෙ ස්වර්ණවාහිනී එකේ දිගටම දැක්ක උදේ තව මොන මොන ඒවගෙ ඉන්නවද දන්නෑ..ඔය ජොතිස්ස කාරයො,වාලම්පුරි හොරුන්ට නීතියක් නැනෙ නඩු දාන්ඩ ඒක නිසා ඕන හැටියට බොරු කියල මිනිස්සු අන්දන්ඩ පුලුවන්..පිනක් තියෙනවනම් සතෙක් මුහුදෙ ඉපදෙයිද බෙල්ලෙක් වෙලා,ඊට හපන් ඒ සතා මැරිල කට්ට ගෙදර තියන් මන්තරයක් කිව්වම මුදල් ධන වාසනා ලැබෙයිද..මෝඩ මිනිස්සු ඉන්නකන් බොරුකාරයො,හොරු ඉහලින් වැජබෙයි.:dull:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    මට වෙලාවකට හිතෙනවා මගේ ජීවතේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මෙන්න මේ හක් ගෙඩිය ගත්තේ නැති එක කියලා :(:(
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63

    මට වෙලාවකට හිතෙනවා මගේ ජීවතේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මෙන්න මේ හක් ගෙඩිය ගත්තේ නැති එක කියලා :(:(

    :lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දැන් හැම TV Channel එකකම තරගෙට උදේට ඔය වගේ මන්දමානසික මෝඩ මූසලයන්ව ගෙන්නෝනවා. උබලා නම් වැරදිලාවත් ඕවා බලල වැඩට නම් යන්න එපා. අරක අසුබයි කියයි. අද ඒරාෂ්ටකේ කියයි. බොරු බේගල් තමා කියන්නේ. ඒ උනත් සමහර දේවල් උන් කියන ඒවා මුලු දවසම මොලේ වැඩ කරනවා...
     
    • Like
    Reactions: CONCORDE777

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    PRASIDDHA NALU AMITTHAB BACHCHAN TA PAWA VALAMPURI WIKUNUWA KIYALA DAWASAK MATA AHUNA TV EKE OKA KIYANAWA.CANADA WE HIRA GEDARA WENNA ATHI HAMBA WENNA ATHTHE

    ඕකා කියනවා Carlos Slim(6th richest man) කෝටිපතියෙක් උනෙත් උගෙන් වාලම්පුරියක් අරගෙන කියලා:rofl:අතේ පැලවෙන බොරු කියන කාලකන්නියෙක්
    සිප්පි පොන්ස්:angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    මට වෙලාවකට හිතෙනවා මගේ ජීවතේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මෙන්න මේ හක් ගෙඩිය ගත්තේ නැති එක කියලා :(:(

    :rofl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් හැම TV Channel එකකම තරගෙට උදේට ඔය වගේ මන්දමානසික මෝඩ මූසලයන්ව ගෙන්නෝනවා. උබලා නම් වැරදිලාවත් ඕවා බලල වැඩට නම් යන්න එපා. අරක අසුබයි කියයි. අද ඒරාෂ්ටකේ කියයි. බොරු බේගල් තමා කියන්නේ. ඒ උනත් සමහර දේවල් උන් කියන ඒවා මුලු දවසම මොලේ වැඩ කරනවා...
    මිනිස්සු මානසිකව වට්ටලා අමාරුවේ දාන එවුන්.
     
    • Like
    Reactions: Gccamila

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මිනිස්සු මානසිකව වට්ටලා අමාරුවේ දාන එවුන්.

    මේවා මචං රජයෙන්ම මැදිහත් වෙලා නවත්තන්න ඕන. නැත්තම් කාටවත් ඕක නවත්තන්න බෑ.
    සමහරක් ටීවි චැනල්වල ගෙන්නන උන්ව බලහන්කෝ.එකෙක් මූණ වටේටම මොකද්ද පොරවගෙන ඌ නිකං ස්වර්ගස්ත වෙලා වගේ. තව එකෙක් ඇට මාල එල්ලගෙන මුලු ඇගේම,. උදේ පාන්දර හිනත් යනවා බං උන් ඇදලා ඉන්න හැටි දැක්කම.
    :lol::lol::lol::lol::lol::lol::lol: