වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...
අසන්න....Download කරන්න...
http://www.dinamina.lk/kalanamithuro/
අපිට ඉතාම වටිනා දුර්ලභ වූ ලාභයක් මුණගැහිල තියෙන වෙලාවකදී, ඒ ලාභය පරිපූර්ණ වශයෙන් අත්කරගන්ට නම්, අපි ඉතාම සිහිකල්පනාවෙන් පිළිවෙලකට යමක් කරන්ට පුරුදුවෙන්ට ඕනැ. පිළිවෙලකට යමක් නොකළොත් අපිට වටිනා යමක් ලබාගන්ට බැරුව යනව.
නිර්මාණශීලි දේ කරන කෙනෙක් පිළිවෙලකට යමක් කළොත් එයාගෙන් ලස්සන නිර්මාණයක් ලැබෙනව නේද? අපිළිවෙලකට ඔහේ කරනව, එතකොට ලස්සන දෙයක් නිර්මාණය වෙන්නෙ නෑ. ඒ වගේ මේ ජීවිතේ උපරිම ඵල නෙලාගන්ට අපිට දැන් අවස්ථාව තියෙනව. ඒ උපරිම ඵල නෙලාගන්ට නම් අපි පිළිවෙලකට මේ ජීවිතේ පුරුදුකරන්ට ඕනැ.
මේ ජීවිතේ අපතේ යන්ට දෙන්ට එපා. ජීවිතය ඉතාම වටිනා දෙයක්. ඒ ජීවිතේ වටිනාකම ඉස්මතුනොවෙන වෙලාවල් තමයි සසරේ වැඩි. ජීවිතේ කිසි වටිනාකමක් නැතිවිදිහට ඔහේ ගත වෙලා යන කාලය තමයි වැඩි. සසර පුරාවට ජීවිතයට වටිනා කමක් එකතුවුනේ නෑ. ජීවිතේට වටිනාකමක් එකතුනොවී ම ඉපදෙනව, කනව, බොනව වීනෝදවෙනව මැරිල යනව.
ආයෙත් ඉපදෙනව කනව, බොනව විනෝද වෙනව රණ්ඩු කරගන්නව මැරිල යනව. ජීවිතේට කිසි වටිනාකමක් තිබුනෙ නෑ. ඒක හරියට දක්ෂ නැති කෙනෙකුට මුණගැහුන රත්තරන් කන්දක් වගේ. දක්ෂ කෙනෙකුට රන් කන්දක් මුණගැහුනා නම්, ඒ රන් කන්දෙන් පස්ටික අයින්කරල රන්ටික පෙරල පිරිසිදු කරල ප්රයෝජනයට ගන්නව.
දක්ෂ නැතිකෙනෙකුට රන් කන්දක් මුනගැහුන කියල එයා මොනව කරන්ටද. එයාට ඒ කන්දට හේත්තුවෙලා නිදාගන්ටවත් බෑ. ඒ නිසා තේරුම්ගන්ට මේ ජීවිතේ රන් කන්දක් වගේ. මේකෙ පස්ටික බැහැරකරල රන්ටික මතුකරගන්ට කල්පනා කරන්න. ඒ නිසා කාලය අපතේ දාන්ට එපා.
ජීවිතේ වටිනාකම අතිශය බලවත් වූ වෙලාවක් මේක. ඒ රන් කන්ද රන් කරුවෙකුට මුණගැහුන වෙලාවක්. රන් කන්ද නිකම්ම කෙනෙකුට මුණගැහුන නම් ඒකෙ ගස්ටික පුච්චල හේනක් දායි එච්චරයි.
රන් කරුවෙකුටයි ඒ රන් කන්ද මුනගැහිල තියෙන්නෙ කියල හිතන්න. රන්කරුවෙකුට මුණගැහුනොත් පස්ටික බැහැරකරල, ඉතාම ප්රවේශමෙන් පිරිසිදුකරල ඒ රත්තරන් ටික අරගෙන කොවෙ දාල උණුකරල ඒකෙන් කැමති කැමති ආභරණ හදාගන්ට පුළුවන් විදිහට රන්ටික හදල ගන්නව.
අන්න ඒ වගේ අපිට ධර්මය මුණගැහුන වෙලාවේ මේ සිතේ උපක්ලේෂ බැහැරකරල පිරිසිදු සිතක් ඇතිකරගන්ට පුළුවන් විදිහේ මඟට අපි එන්ට ඕන. යම් කලෙක හිත සම්පූර්ණයෙන් පිරිසදු කරගන්ට අපිට අවස්ථාවක් ලැබෙයි. ඒක මේ ජීවිතේ වෙන්ට පුළුවන් ආත්ම භාව හතකින් හරි කමක් නෑ. දැන් ආරම්භයට එන්න.
ඒ නිසා ඉතාමත්ම නුවණින් කල්පනා කරල සිහිය උපද්දවගෙන උවමනාවකින් කටයුතුකරන්ට ඕනැ. උවමනාවකින් කටයුතු කරන්නෙ වගකීමක් තියෙනකොටයි. අපිට වගකීමක් තියෙනව කියල හිතන්න. මොකක්ද වගකීම? මේ ජීවිතයට අර්ථයක් ඇතිකරගන්ට අපිට වගකීමක් තියෙන්ට ඕනැ. නැත්නම් ඉපදුනා, කෑව, බිව්ව, ඇන්ඳ, රණ්ඩුවුනා, ගැහුව, බැන්න ඉවරයි.
සංසාරෙ පුරාවට සිද්ධවුනේ එච්චරයි. මේ ජීවිතේ අපි ඒක කරගන්ට හොඳ නෑ. මේ ජීවිතේ අපි නිහඬ අය බවට පත්වෙන්ට ඕනැ. ධර්මය ජීවිතේට හුරුකරගන්ට බලන්ට ඕනැ. ඒකට අවස්ථාවක් තියෙයි. දැන් අපිට මුණගැහුන දේ ජීවිතයට පමුණුවා නොගත්තොත් අපි අවාසනාවන්තයි.
රන් කන්දක් මුනගැහිල අනිත් පැත්ත බලන් ඉන්නව වගේ වැඩක් ඒක. ඒ නිසා ගෙවෙන හැම මොහොතක්ම සංවරභාවය ඇතිකරගැනීම පිණිස භාවිතාකරන්න. එළඹෙන හැම මොහොතකදී ම සිහිය උපද්දවගෙන ඉන්ට කල්පනා කරන්න.
අන්න එහෙම දක්ෂයෙක් වෙන්ට ඕනැ. දක්ෂයා තමයි ලොකු දේ කරන්නෙ. අපි ලොකූ දෙයක් කරන්ට පුළුවන් අය බවට පත්වෙන්ට ඕනැ. ලොකු දේ කියන්නෙ ධර්මය පුරුදුකිරීම ම යි. ඒ තමන්ගෙ කටයුත්තක් කරන්නෙ, ඒ නිසා ධර්මයට එන්න. එතකොට අපි ශාන්ත බවට පත්වෙනව.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
http://dhammamedicine.blogspot.com/
අසන්න....Download කරන්න...
http://www.dinamina.lk/kalanamithuro/
ජීවිතයේ උපරිම ඵල නෙලාගන්නට නම්..

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
http://dhammamedicine.blogspot.com/