වාසනාව හා උත්සහය

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වාසනාව හා උත්සහය

    එක්‌තරා රජ කෙනෙකුට ප්‍රශ්නයක්‌ ඇති විය. ඒ මිනිසකුට ජීවත් වීමට වඩාත් වැදගත් වන්නේ උත්සාහය ද නැතහොත් වාසනාව ද යන්නයි. මෙය විසඳා ගැනීම සඳහා රජතුමා රටේ ප්‍රසිද්ධ ප්‍රාඥයන් දෙදෙනකු කැඳවීය. එක්‌ අයෙකු දෛවඥයෙකි. අනෙකා ව්‍යාපාරිකයෙකි. රජතුමා තමාගේ ප්‍රශ්නය ඒ දෙදෙනාට ඉදිරිපත් කළේය.

    මොන උත්සාහය කළත් දෛවය හෙවත් වාසනාව නැතොත් ජීවිතයෙන් ඵලක්‌ නැතැයි දෛවඥයා කීවේය.

    මොන බොරු කතාද? වාසනාව ගැන හිත හිතා අතපය හකුළුවාගෙන පැත්තකට වෙලා හිටියට ජීවත් වෙන්න බැහැ· ඒ සඳහා දුවලා පැනලා වෙහෙසව කුමක්‌ හෝ කළ යුතු යෑයි ව්‍යාපාරිකයා කීය.

    "හොඳයි· මට මේ ප්‍රශ්නයට නිවැරැදි උත්තරයක්‌ අවශ්‍යයි. ඒ නිසා මම ඔබ දෙන්නාව කාමරයකට දමා දොර වසා, අගුළු ලා දවස්‌ තුනක්‌ රඳවා තබනවා. ඒ දවස්‌ තුන තුළ ඔබ දෙදෙනා උත්සාහයෙන් හෝ වාසනාවෙන් ජීවත් විය යුතුයි."

    එසේ කී රජතුමා ඒ දෙදෙනා කාමරයකට දමා දොර වසා රැකවල් කළේය.

    දෛවඥයා කාමරයේ මුල්ලක වාඩි වී වාසනාව මා ජීවත් කරයි කියමින් වැදහොත්තේය. උත්සාහවන්ත ව්‍යාපාරිකයා සිරුරේ කහඹිලියා තැවරුණු එකෙකු මෙන් කාමරය පුරා දුව පනිමින් දඟලන්නට විය. මෙසේ දඟලන විට කාමරයේ පොළොවේ එක්‌ තැනෙක බොල් හඬක්‌ විය. හෙතෙම බිම ඇතිරිල්ල ඉවත් කර බැලීය. එහි එක්‌ තැනෙක ලෑල්ලක්‌ දමා තිබුණි. ඔහු එය ඉවත් කළේය. ලෑල්ල ඉවත් කළ තැන යටට හාරන ලද වළකි. හෙතෙම එය අවුස්‌සා බලන විට එහි පියනකින් වසන ලද මුට්‌ටියක්‌ විය. මුට්‌ටියේ වැස්‌ම ඉවත් කර බලන විට එහි කොණ්‌ඩා කැවුම් කීපයක්‌ විය. ඔහු එය අතට ගත්තේය.

    යාළුවා උඹ වාසනාව කාලා ජීවත් වෙයන්. මම කැවුම් කාලා ජීවත් වෙන්නම් යි කියමින් පසෙකින් වාඩිලා ගත්තේය.

    ඒ වුණාට ඔය කැවුම් නැතිවාට මට බඩගින්න පුරුදුයි දෛවඥයා කීය.

    ඒ වුණත් උඹ මෙතෙන මළොත් මට හිරිහැරයක්‌· ඒ නිසා මේ කැවුමේ zකොණ්‌ඩයZ විතරක්‌ මම උඹට දෙනවා· ඒත් කැවුම් මුට්‌ටිය හොයා ගත්තේ මා බව උඹ කියන්න ඕනෑ· එතකොට එතුමා තේරුම් ගනිවී උත්සාහය නැතුව ජීවත් වෙන්න බැරි බව· එසේ කී හෙතෙම කැවුමේ කොණ්‌ඩය කොටස පමණක්‌ කඩා දෛවඥයා සිටින තැනට විසි කළේය. හෙතෙම එය ටිකෙන් ටික අනුභව කළේය.

    දින ගණන ගෙවී ගිය පසු රජතුමා රාජකීය සේවකයන් ලවා කාමරයේ දොර විවර කර බැලුවේය. දෙදෙනාම නිරුපද්‍රිතව එහි වූහ.

    "රජතුමනි, ඔබතුමා උත්සාහවන්තයාට සොයා ගන්නට මේ කාමරයේ වළක සඟවා තිබූ කැවුම් මුට්‌ටිය සොයා ගත්තේ මමයි. මා නිසා ඔහු ජීවත් වුණා" යි උත්සාහවන්තයා කීය.

    ඒ වුණාට රජතුමනි ඔබතුමා ඒ කැවුමේ කොණ්‌ඩය තුළ සඟවා තිබූ සියලුම මැණික්‌ කැට මට ලැබුණා. ඒ සියල්ලම මගේ සාක්‌කුවේ යෑයි දෛවඥයා කීවේය.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උත්සාහවන්තයාගේ මනුස්ස කම දෛවඥයාට වාසනාව ගේනවා කියලයි මට හිතෙන්නේ :D

    ඔව් වාසනාව පුදුමාකර දෙයක්..;). දැක්කද අර හයිවේ ඩ්‍රීම් එක ඇදුනේ ජීවිතේට ටිකට් එකක් නොගන්න කෙනෙකුට..:sorry:. එදා අහම්බෙන් අරන් තියෙන්නේ..:cool: කෝටි 10 යි :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උත්සාහවන්ත මිනිස්සුන්ගේ මහන්සියෙන් ජීවත් වෙන වාසනාවන්ත මිනිස්සු කොටසක් ඉන්නවා. අපේ රටේ ඇමතිවරු වගේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උත්සාහවන්ත මිනිස්සුන්ගේ මහන්සියෙන් ජීවත් වෙන වාසනාවන්ත මිනිස්සු කොටසක් ඉන්නවා. අපේ රටේ ඇමතිවරු වගේ.

    :sorry: අපේ වාසනාව බලෙන් ගත්ත අයට විඳවන්න වෙනවා .. ගොඩක් අය මැරෙන්න කලින් වි‍ඳෙව්වා හොඳට...:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මමනම් කියන්නේ උත්සාහයයි, වාසනාවයි කියන දෙකම තියෙන්න ඕනේ බං.

    මේක එකතු කරන්න ඕ‍නේ... මම හිතන විදියට නම් වාසනාව ගොඩක් ඉන්නේ උත්සහවන්තය ලඟින් කියලා..:yes:. නිකම් ඉන්න කෙනෙක් ලඟට වාසනාව යන්නේ ගොඩක් කළාතුරකින් :dull:
    මේක අහලා තියේ නේද fortune favors the brave :yes:
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    wasanawa tibunata wadak na uthsahaya nattam. uthsaha kalot apita wasanawa hambei. higway dream aduna manussaya ticket ekak aran uthsaha karapu nisa neda eka adune?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    11.gif