වාස්ට මරණ දඬුවම

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වාස්ට මරණ දඬුවම

    51d52c653816442d3201511271c07c60c64d60f.jpg

    බම්බලපිටියේ ව්‍යාපාරික මොහමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි වැරදිකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා රවිඳු ගුණවර්ධන ඇතුළු හය දෙනා හට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද මරණ දඬුවම නියම කළේය.
    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඩුවම නියම කළ මුල්ම අවස්ථාව මෙයයි.
    නඩුවේ තීන්දුව පිටු 802කි.
    කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරන්න මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසුරිය මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
    මෙය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් ජුරි සභාවකින් තොර මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස හිටපු නීතීපති පාලිත ප්‍රනාන්දු මහතා එවකට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා පත් කළ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.
    2013 අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ කොළඔදී මෙහොමඩ් ෆවුස්ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ සමඟ එක්ව මොහොමඩ් සියාම් නමැත්තා මරා දැමීමට කුමන්ත්‍රණය කරන ලදැයි සියලු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
    ඒ අනුව මොහෙමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ දී ඝාතනය කළැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිවද , ඔවුන්ට ආධාර හා අනුබල දුන්නැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.
    හිටපු උප පොලිස් පරිකෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන (51799) ගාමිණී අතපත්තු සනත්චනද්‍ර,(68656) ආනන්ද පතිරගේ ප්‍රියන්ත සංජීව,(61816) කැලූම් රංගන දිසානායක සෙසු වැරදිකරුවෝ ය.
    සියාම් ඝාතන පරීක්ෂණ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානී අබේසේකර, ප්‍රධාන පොලිස් පරිකෂක රංජිත් මුණසිංහ, උප පොලිස් පරිකෂක උපාලි බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සිදු කළහ.
    2014 මාර්තු මස 31 වැනිදා සැකකරුවනට අධි චෝදනා භාර දුන්නේය.
    135 දෙනකු නඩුවේ සාක්කි දුන්හ.
    අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පැමිණිල්ලේ දේශනය දින දහක දී පැය 57ක් ඉදිරිපත් කළාය.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    වාස් කියන රූකඩය නැටෙව්වේ ගෝඨාභය. අනේ අපොයි ලංකාවේ කැකිල්ලේ නීතිය
     
    • Like
    Reactions: arsehole-froce

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වාස් හොද පොලිස් නිලදාරියෙක්... ඒත් වැරදි කලානම් දඩුවම් විදින්නත් ඕනේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pora kahawaththata dammata passe murder case adu unalu neda ? habai godak aya missing unala hoo gaathanayata lakunalu neda :eek::eek: eewatat sambandai kiyala thama rattu kiyanne :sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ආයේ ඡන්දයක් ලං වෙනකොට ඕකේ ඇදිලා එන්නත් මොනා හරි තියෙන්න එපයි.

    ඒක නම් ඇත්ත බන්. මුන් දෙගොල්ලොම උන්ගේ ගේම බැලන්ස් කරගෙන ගහගෙන යනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    වාස් කියන රූකඩය නැටෙව්වේ ගෝඨාභය. අනේ අපොයි ලංකාවේ කැකිල්ලේ නීතිය

    නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන පාපොච්චාරණය කිරීමට සැරසෙන බවට මාධ්‍යවල පලවීමත් සමග හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පසුගිය රජයේ ඉහළ පෙලේ පුද්ගලයෙකුගෙන් පණිවිඩයක් රැගෙන ඔහු බැලීම සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් ඇත. මීට දින කිහිපයක පෙර සිදුවූ එම හමුවේදී ජෝන් සෙනෙවිරත්න නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට පවසා ඇත්තේ ‘අවස්ථාව තේරුම් අරන් නිශ්ශබ්දව ඉන්න' කියාය.

    හිටපු ඇමතිවරයාගේ පණිවිඩයෙන් අතිශය කෝප වී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ‘දැන්ද තොපිට මාව මතක් වුනේ? ... කියපිය ගිහිල්ලා මං අවුරුද්දකට වඩා රිමාන්ඩ් එකේ තපින්නෙ උන් නිසා කියල. මම ගස් යන්නේ උන්ව ගස් යවල ඉවරවෙලා' කියමින් කුණු හරුපයෙන් කෑ ගැසීමට පටන් ගැනීම නිසා ජෝන් සෙනෙවිරත්න හිමින් සීරුවේ එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

    අපගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා හිටපු ජනාධිපති ආර්යාවට සම්බන්ධ රත්තරන් ගණුදෙනුවක් හා ඔහු විසින් නාමල් රාජපක්ෂට ලබාදුන් පාතාල අවි තොගයක් පිළිබඳව පලමුවෙන්ම හෙලි කිරීමට අදහස් කරගෙන සිටින බවයි. මේ වන විට වාස් ගුණවර්ධන රහස් පොලීසියට ලබාදී ඇති කටඋත්තර වල සඳහන් මිනී මැරුම් 20කට ආසන්න ප්‍රමාණයෙන් බහුතරයක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන්ව තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අපවෙත වාර්තා වේ.

    - http://sinhala.lankanewsweb.net/news/15443-dig-ert5
     
    :lol::lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    උඹ දැක්කද නටවනවා ?

    වාස්ව පෞද්ගලිකව දන්නවා. මිනිහා රාජකාරිය අකුරට කරපු නිලදාරියෙක්. පස්සෙ පස්සේ පිස්සු කෙලින්න ගත්තා.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    වාස්ව පෞද්ගලිකව දන්නවා. මිනිහා රාජකාරිය අකුරට කරපු නිලදාරියෙක්. පස්සෙ පස්සේ පිස්සු කෙලින්න ගත්තා.

    ow ow...oya akura gena mamath hondata dannava malli.... Apith hitye oya gedara langa tamai.. :P
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වාස් කියන රූකඩය නැටෙව්වේ ගෝඨාභය. අනේ අපොයි ලංකාවේ කැකිල්ලේ නීතිය

    මචං වාස් කාගෙ රූකඩයක් උනත් නැතත්, ඌ වැරදි කරා නම් එකට දඩුවම් විදින්න ඕන... රූකඩය නටවපු එකා නීතියෙන් ගැලවෙයි, සාක්ශි නැති නිසා... ඒත් අනිත් උන්වත් ඉගනගන්න ඕන එක එක අපතයොන්ගෙ රූකඩ නොවී තමාගේ රජකාරිය සාදරනව හරියට කරන්න... මොකද එක එකාගේ රූකඩ වෙලා හිටියට තම්න්ට කෙල වෙද්දි උන් බේර ගන්න එන්නෙ නෑ...
     
    :yes::yes: