වාස්ට මරණ දඬුවම
බම්බලපිටියේ ව්‍යාපාරික මොහමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි වැරදිකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා රවිඳු ගුණවර්ධන ඇතුළු හය දෙනා හට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද මරණ දඬුවම නියම කළේය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඩුවම නියම කළ මුල්ම අවස්ථාව මෙයයි.
නඩුවේ තීන්දුව පිටු 802කි.
කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරන්න මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසුරිය මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මෙය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් ජුරි සභාවකින් තොර මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස හිටපු නීතීපති පාලිත ප්‍රනාන්දු මහතා එවකට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා පත් කළ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.
2013 අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ කොළඔදී මෙහොමඩ් ෆවුස්ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ සමඟ එක්ව මොහොමඩ් සියාම් නමැත්තා මරා දැමීමට කුමන්ත්‍රණය කරන ලදැයි සියලු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
ඒ අනුව මොහෙමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ දී ඝාතනය කළැයි 2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිවද , ඔවුන්ට ආධාර හා අනුබල දුන්නැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.
හිටපු උප පොලිස් පරිකෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන (51799) ගාමිණී අතපත්තු සනත්චනද්‍ර,(68656) ආනන්ද පතිරගේ ප්‍රියන්ත සංජීව,(61816) කැලූම් රංගන දිසානායක සෙසු වැරදිකරුවෝ ය.
සියාම් ඝාතන පරීක්ෂණ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානී අබේසේකර, ප්‍රධාන පොලිස් පරිකෂක රංජිත් මුණසිංහ, උප පොලිස් පරිකෂක උපාලි බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සිදු කළහ.
2014 මාර්තු මස 31 වැනිදා සැකකරුවනට අධි චෝදනා භාර දුන්නේය.
135 දෙනකු නඩුවේ සාක්කි දුන්හ.
අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පැමිණිල්ලේ දේශනය දින දහක දී පැය 57ක් ඉදිරිපත් කළාය.

Last edited: