ඉඩම් ගැන හැමෝම කියන්නේ කියන්නම් වාලේ මිසක් අත්දැකීමෙන් නෙමෙයි..ඉඩම් වටිනවා..මේක දූපතක් නිසා..හැබැයි ඉඩමක් කියන්නේ ගන්නවනම් දිගුකාලීන ආයෝජනයක්..අවුරුදු දහයක් පහලොවක් යනකම් වාසියක් නෑ....හැබැයි ඉඩම් ගන්න ගිහින් නඩුවකට පැටලුනොත් අවුරුදු විස්සක් තිහක් ඇදෙනවා..දැන් ඉන්න ගොඩක් ලෝයර්ලා ඕවගේ පත් ඉරු අනම් මනම් බලන් නෑ හරියට..ගොඩක් ඉඩම් වල කේස් තියනවා..ඔප්පු පිරිසිදු උනත් අල්ලපු වැටේ එකා එක්ක හරි කේස් එකක් තියනවා..එහෙම නැති ඉඩම් අඩුයි..මම අත්දැකීමෙන් කියන්නේ..මම අරන් දාපු සහ අම්මලගෙන් ලැබිච්ච ඉඩම් තියනවා..ඔය ඉඩම් කියන විදියට මිල යන්නේ නෑ..මිල ගියත් මේ දවස්වල විකුණන්න එහෙම ලේසි නෑ..මොකද මේ දවස්වල බැන්කු පොලී වැඩි හින්දා ලන්කාවේ ගොබ්බයො සල්ලි බැන්කුවේ දානවා..අනික ඉඩමක් ගන්නේ එහෙමත් සල්ලි තියන එකෙක් තමයි..දැන් ගොඩක් උන් බලන්නේ තියන ඉඩමක් කඩමක් විකුණලා පිටරටකට යාගන්න..එහෙම උනාම ඔය කියන විදියට ඉඩම් මිල වැඩිවෙන්නේ නෑ..ටවුන් එක්කනම් තත්වේ වෙනස්..මොකද කඩ කෑල්ලක් හදලා කුලියට හරි දෙන්න පුලුවන්..එහෙම නැතුව වෙන ඉඩම් නම් අරන් තේරුමක් නෑ..තව අවුරුදු පහක් හයක් යද්දී රටේ තත්වේ නරක් උනොත් කොහොමත් ඉඩම් මිල බහිනවා..වාහන ගැනනම් ඉතින් කියන්න දන්නේ නෑ..වාහනේක වාසිය ඕනි වෙලාවක සල්ලි කරන්න පුලුවන්..දැන් මිනිස්සු වාහන ගන්නේ නෑ අනම් මනම් නම් බයිලා..ගන්න එකා ගන්නවා..මිල අඩු වැඩි වීම් නම් වෙයි..ඩොලර් අරන් තියාගන්න එක හොද ආයෝජනයක්..මොකද ඕනි වෙලාවක සල්ලි කරන්න පුලුවන් සහ ඩොලර් එක කියන්නේ කවදාවත් කඩා වැටෙන ඒකකයක් නෙමෙයි..හැබැයි මේ ආන්ඩුවේ උන් මොන ගේම් ගහනවද දන්නෙ නෑ..ඩොලර් තිබ්බත් කාලෙකට ලාබ ගන්න බැරිවෙන්න පුලුවන් ..ඩොලර් එකට හරි මිලක් එන්නේ නැතිවෙන්න පුලුවන් ..හැබැයි කාලයක් ගිහිල්ලා හරි ඩොලර් කවදාවත් පාඩු වෙන්නේ නෑ..මේ කාලේ ඇත්තටම මොනවටවත්ම ආයෝජනය කරන්න සුදුසු නෑ..වාහනද ඉඩම්ද කියන ප්රශ්නෙට මගේ උත්තරේ ඉක්මනට සල්ලි කරන්න ඕනිනම් වාහන..ඉඩම් නම් ටවුන් එකක ඉඩමක්...