මචො, ඔය ගානට පරන ජපන් නම් ගන්න එපා,
ජපන් ඒවා අරන් පදින්න බැ කියනව නෙමෙයි, ඒත් අඩුම අවුරුදු 10 පැනලනෙ බං ගන්න වෙන්නෙ.
හොද එකක් හම්බ උනොත් වාසනාව,
ඔය කාලෙ අතරෙ owners ලා දෙතුන් දෙනෙක් වත් ඉන්න ඇති,
රට වටෙ ගරජ් බාස් ලා අත ගහලා අටවලා ඇති. සමහර එවා බබා වගෙ දුවනවා, ඒත් අව්ලක් ආවම කෙලවරක් නැ,
සාමන්යෙන් ලක්ශ 40 න් වත් උඩ වාහන නම් බය නැ පාවිච්චි කරපු එවා ගන්න, ගොඩක් ඒවා කම්පැනි මෙන්ටෙනන්ස් කරපුවා, එහෙම නැති උනත් ගත්ත එකා පරිස්සමෙන් පැදපුවා. ගනන් අඩු වාහන අටවලා තියෙන්න පුලුවන් සම්භාවිතාව වැඩියි.
ඔය බජට් එක හොදම දේ ඇල්ටො 800 ලෝ මයිලේජ් එකක් හොයාගන්න, 20,000 35,000 දුවපුවා තියෙනවා, තාම බං ලොකු රෙපෙයාර් මුකුත් ආපු නැති ඒවා, ඇල්ටො කියන්නෙ සාක්කුවට දැනෙන්නෙ නැති වාහනයක්, ඔන හුත්තක් දැම්මත් 10,000 ට අඩුයි,
ඉලග එක පැන්ඩා, පැන්ඩා සැප හොදයි ඇල්ටො එකට වැඩිය, ඒත් මේන්ටේනන්ස් කොස්ට් එක වැඩියි, බඩු ටිකක් ගනන්, සාමන්යෙන් කියන කතාවක් තමයි පැන්ඩා දොරක් දාද්දි ජපන් එකක දොර 4 දාන්න පුලුවන් කියලා, ඇල්ටො නම් තවත් අඩුයි.
ඉලග එක VIVA Elite එක,
අනිත් දෙ තමයි පලවෙනි වාහනේ නම් පරන එකක් ගන්නම එපා, ගරජ් සින් ස්පෙයාපාර්ට්ස් සින් සර්විස් වල සින් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න, අලුත් එකක මැනුවල් එක බලලා හරි ඔවා ඉගෙන ගන්න පුලුවන්,
ඉට පස්සෙ ආසයි නම් ඔක දිලා 30-40 රේන්ජ් එකේ ඊලග වාහනේ ගද්දි පරන එකක් ගන්න, ඒක හොද එක්ස්පිරියන්ස් එකක් වෙයි, ඒ වෙද්දි වාහන සින් එක ඇගෙ තියෙන නිසා, එක පාරක් හරි එන්ජිම සම්පුර්නයෙන් ගලවලා, ගරජ් එකක දවස් දෙක තුනක් හිටියම, පාරක් මැද හිටලා බාස් ලා හොයලා තමන්ම අත ගාලා මොනා හරි කරගන්න පුලුවන් උනාම එක පට්ට එක්ස්පිරියන්ස් එකක්,
ඉට පස්සෙ ඉතින් නාකි උනාම ඔවා ඉගෙන ගන්න වෙලාවක් නැ, ඒත් කවදා හරි බෙන්ස් බීඑම් පදින දවසකත් ඒ දැනුම වැදගත් වෙවි