වාහනයක් විකුනන කොට

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
වාහනයක් විකුනන කොට

වාහනයක් විකුනන කොට කරන්න ඕනේ දේවල් එකින් එක මොනවද කියල දන්නා කෙනෙක් විස්තරයක් දෙන්න පුලුවන්ද?

ඕනේ ලියකියවිලි, වාහනේ ගන්න කෙනාගෙන් ගන්න ඕනේ ලියකියවිලි, සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් වගේ?


:confused::confused:
 

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    විකුණන කෙනාට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ ගන්න කෙනා. විකුණනකෙනා ගන්නකෙනාගේ ID විස්තර වගේ දේවල් ගන්න එක හොඳයි.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    vikunaddi vikunana ekaage ID coppy ekak ganna oone

    salli deddi saha salli gaddi liumak ganna saha denna oone (muddarayak uda assan karala denna pluwan nam hondai)
    thawa ekak open papers denna epaa
    mt6 form ekee owner coppy eka vikunana kenaa tiyaaganna (ganna kenaa sign karala ganna oone kola 4 ma)
    eeta passe eeke 4to coppy ekak register post send karanna rmv ekata register post karapu kolee saha mt6 eke owners coppy eka dekama file ekaka daala aran tiyaaganna




    thawa mathak unoth daannam
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    vikunaddi vikunana ekaage ID coppy ekak ganna oone

    salli deddi saha salli gaddi liumak ganna saha denna oone (muddarayak uda assan karala denna pluwan nam hondai)
    thawa ekak open papers denna epaa
    mt6 form ekee owner coppy eka vikunana kenaa tiyaaganna (ganna kenaa sign karala ganna oone kola 4 ma)
    eeta passe eeke 4to coppy ekak register post send karanna rmv ekata register post karapu kolee saha mt6 eke owners coppy eka dekama file ekaka daala aran tiyaaganna




    thawa mathak unoth daannam


    Thanks machan...
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    ලියාපදිංචි හිමිකම් පැවරීමේදීඅනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

    • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    • ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    • එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    • එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    • වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    • වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    • වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    • නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    • නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    • සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා බාරදිය හැකිය.