වාහනේ කණ්ණාඩිය වගේ දිලිසෙන්න

වාහනේ කණ්ණාඩිය වගේ දිලිසෙන්න නියමෙටම හෝදන්නේ මෙහෙමයි 

1. කාර් එක හැමදාම හෝදන්න ඕනෙද?

2. හෝදන්න සුදුසු වෙලාව

3. සෝදන්න පටන් ගන්න කලින්

4. මුලින්ම දුහුවිලි ඉවත් කරගන්න

5. ෂැම්පු එකයි බාල්දි දෙකයි

6. සෝදමු අපි සෝදමු
7. වේලන්නත් ඕනෙ

8. තවත් වැදගත්ම දෙයක්

9. වාහනේ අභ්‍යන්තරය පිරිසිදු කරගැනීම (Interior Cleaning)

10. වැක්ස් කිරීම

“වාහනයක් හෝදන එක මහ කජ්ජක්ද? හෝස් එක අල්ලලා සබන් ගාල ඇතිල්ලූවා ආපහු හෝස් එක අල්ලලා සබන් හෝදලා පිහදාගත්තා. ගේම ක්ලෝස්”
අපි සාමාන්‍යයෙන් වාහනයක් හෝදන හැටි ඔහොම උනත් මේ ක්‍රමය හරියටම හරි නැහැ. මේ ආකාරයට වැඩිදුර හිතන්නෙ නැතිව වාහනය හෝදන එකෙන් වාහනයේ බාහිර පෙනුමට වගෙම කල්පැවැත්මටත් බෙහෙවින් හානි වෙන්න පුලුවන් කියල ඔයාල දන්නවද?
වාහනයක් නිවැරදිව හෝදගන්න එක ආවට ගියාට කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. මේක නිසියාකාරව පියවර කිහිපයකින් කරගන්න ඕනෙ වැඩක්, හැබැයි මේ දේ සාර්ථකව කරගන්නවා කියන්නෙ අද ඊයෙ ගත්තා වගේ අලුත් පෙනුමක් ඔබේ වාහනේට ලැබෙනව කියන එකයි. අපි මේ කියන්න යන්නෙ එවැනි පෙනුමක් එන විදිහට ඔබේ මෝටර් රථය පිරිසිඳු කරගන්නා ආකාරය ගැනයි. වාහනේ පිටත ඇතුලත පිරිසිදු කරද්දී සහ වැක්ස් කරද්දී පිළිපදින්න ඕනෙ මේ නිවැරදි උපදෙස් ඔයාලට බොහොම වැදගත් වනු නොඅනුමානයි.

අලුතින් කාර් එකක් හෝ වෙන ඕනෑම මෝටර් රථයක් ගත්ත මුල් දවස්වල ඉතින් කොයි වෙලාවෙත් හේදිල්ල පිහදැමිල්ල තමයි. හැබැයි අවුරුද්දක් දෙකක් යද්දි සමහරු මේ හේදිල්ල ගමනක් යනකොට විතරක් කරන්න පුරුදු වෙනවා. මේ කියන දෙවිදියෙම හේදිල්ල වාහනේ පිටත පෙනුමටත් කල්පැවැත්මටත් හොඳ නෑ. සාමාන්‍යයෙන් සතියකට වතාවක් පමණ වාහනය හේදුවහම හොඳටම ඇති.
හැබැයි තව මෙහෙම දෙයක් තියනවා, අපි ගමනක් යද්දි වාහනයේ රැඳෙන විවිධ අපද්‍රව්‍ය තියනවා. සත්ව මළපහ, ගස්වලින් වැටෙන කහට පැල්ලම්, මැරුණු කෘමීන් වැනි දේවල්. ඊට අමතරව කර්මාන්තශාලාවල් එහෙම බහුල ප්‍රදේශයක ඔබ ගමන් කරනවනම් ඇසිඩ් වැස්සකට එහෙම අහුඋනොත් වාහනයේ ඒ පැල්ලම් රැඳෙන්නට පුලුවන්. මේ වගේ අවස්ථාවලදී ඉක්මනින් වාහනය සෝදන එක නුවණට හුරුයි. මෙකද මෙවැනි පැල්ලම් දිගු කාලයක් රැඳෙන්න හරින එකෙන් ඔබේ වාහනයේ පේන්ට් එකට හානි වෙන්න පුලුවන්. මේ වගේ පැල්ලම් නැතිනම් සතියකට වරක් පමණ වාහනය සෝදන එක තමයි සාමාන්‍යයෙන් සුදුසු වෙන්නේ.

නොකරම බැරි අවස්ථාවක මිසක දැඩි හිරුරශ්මියක් සහිත උණුසුම් දහවලක වාහනය හෝදන එක අපි අනුමත කරන්නේ නැහැ. එහෙම වෙලාවට සෙවනක ඉඳන් වාහනේ හෝදන එක තමයි සුදුසු. උදේ වරුවක හරි හිරු රශ්මිය අඩු හවස් වරුවක් හරි මේ කාර්යය සඳහා වඩාත්ම ගැලපෙනවා. සෙවනක ඉඳන් හේදුවත් එතන ආලෝකය මදිනම් වාහනය සේදීමෙන් ලැබෙන පෙනුම ගැන 100%ක් හරි අවබෝධයක් ගන්න අපිට අමාරු නිසා ආලෝක තත්ත්වය ගැනත් සැලකිල්ලක් දක්වන එක සුදුසුයි.
ඒ වගේම තමයි අවුවේ ගොඩක් වෙලා නවතා තැබීමෙන් හරි ගමනක් ගිහින් ඇවිත් වාහනේ රත්වෙලා තියන වෙලාවක හරි වාහනේ හෝදන්න ගන්න එපා. අපි මෙහෙම කියන්නේ හිරු එළිය සහ උණුසුම වැඩි වෙලාවක සේදීමේදී වතුර සහ සබන් ඉක්මනින් වියලී යාමටත්, ඒ නිසාම සේදීමෙන් පසු පැල්ලම් ඉතිරිවීමටත් ඉඩ තිබෙන නිසායි.

වාහනය සෝදන්න ඉතින් වාහන සේදීම සඳහාම නිපදවූ ෂැම්පූ වර්ගයක් තමයි පාවිච්ච කරන්න ඕනෙ. වෙන වෙන ඩිෂ් වොෂ් වැනි සේදීම්කාරක මේකට ගැලපෙන්නෙ නෑ. සමහර කාර් වොෂ්, සර්විස් ආයතන වල අය පාවිච්චි කරන කාර් සේදුම්කාරක තියනවා මේවයින් නියමෙට පිරිසිඳු වෙනවා. ඒත් ඒවා සැර රසායනිකයන්ගෙන් හැදිල තියන නිසා නිතර සේදීමෙන් වාහනයේ පිටත් තීන්ත තට්ටුවට හානි වෙන්න පුලුවන්. ඒ නිසා සුපිරි වෙළඳසලකින් ගන්න තියන, කවුරුත් දන්න සාමාන්‍ය සේදුම් ෂැම්පූ එකකින් ගෙදරදී අතින් සෝදන එක තමයි වාහනේට කරන්න පුලුවන් ලොකුම සැලකිල්ල.
ඊළඟට අවධානය යොමු කරන්න ඕනෙ කාරණේ තමයි සෝදන රෙදිකඩ හෝ ස්පොන්ජ් එක. හොඳට කුණු ගැලවිලා යන්න කියලා ගොඩක් රළු ස්පොන්ජ් හෝ රෙදි ගන්න එපා. ඒකෙන් වෙන්නෙ කුණුත් එක්ක තීන්ත තට්ටුවත් ගැලවිලා යන එක. සුමුදු, ඒ වගේම පුලුවන්නම් කුණු වලට රැඳෙන්න කුහර වැනි ඉඩ තියන ස්පොන්ජයක් භාවිතා කරන එක වඩාත් හොඳයි. එතකොට දුහුවිලි කුණු ගැලවිලා ආවත් මේ ඉඩවල් අතරේ රැඳෙන නිසා වහනේ සීරීමකට ලක්වන්නේ නැහැ. ලොම් සහිත රෙදි කඩක් හෝ අත්වැසුමක්, සී ස්පොන්ජයක් මේ සඳහා නියමෙටම ගැලපෙනවා. හැබැයි මේවා එකක් නම් තියාගෙන බැහැ අඩුම තරමේ දෙකක් හෝ තුනක් යොදාගන්න වෙනවා. ඒ ඇයි කියල හෝදන වෙලාවටම කියන්නම්කෝ.
ආ තව දෙයක්, යකඩ සිප්, බොත්තම් වැනි කෑලි බෑලි තියන ඇඳුම් ඇඳගෙනත් වාහන හෝදන්න පටන් ගන්න එපා. අනවශ්‍ය ගැජට් බැජට් නැති සරල ඇඳුමක් ඇඳගන්නත් මතක තියාගන්න.

මුලින්ම කරන්න ඕනේ වාහනයේ කුණු දූවිලි හොඳින් ඉවත් වෙන විදිහට වතුර අල්ලන එක. වාහනයේ උඩ සිට පහල කොටස් වලට පැතිරෙන සේ වාහනය වතුර අල්ලා පිරිසිඳු කරගන්න. හැබැයි අතුල්ලන්න යන්න එපා. මෙහෙම පිරිසිඳු කරගැනීමෙන් පස්සේ පොඩ්ඩක් විමසලා බැලුවොත් පෙනෙයි තරමක් තදින් වාහනයට කාවැදිලා තියන පැල්ලම්. ඔබට පුලුවන් ෂැම්පු ගා සෝදන්න කලින් Bug and tar remover එකක් භාවිතයෙන් මේ පැල්ලම් ඉවත් කරගන්න. මේක නැත්නම් ඒත් කමක් නෑ. අපිට පුලුවන් ඊළග පියවරට යන්න. ඒ කියන්නෙ ෂැම්පු ගා සෝදන්න.
5. ෂැම්පු එකයි බාල්දි දෙකයි

අපි මේ කියන්න යන පොයින්ට් එක වරද්දගන්න නිසා තමයි හුඟක් වාහන වල සීරීම් ලකුණු බහුලව දකින්න හම්බුවෙන්නෙ. ඒ නිසා මේ දේවල් වලට අනිවා අවධානය යොමු කිරීම වැදගත්.
මුලින්ම කරන්න තියෙන්නෙ කුඩා බකට් දෙකක් ගන්න එක. ඔව්, බකට් දෙකක්. මොකද අපි ෂැම්පු එක හදාගන්න බකට් එකටම නැවත නැවත ස්පොන්ජය දමමින් වාහනේ හෝදද්දි ඒකෙ රැඳෙන වැලි,කුණු සහ දුහුවිල්ල ස්පොන්ජයේ රැඳෙමින් වාහනේ හීරීම් වලට ලක් කරන්න පුලුවන්. බෝතලේ සඳහන් උපදෙස් පරිදි නියම මාත්‍රාවට හදාගත් ෂැම්පු මිශ්‍රණය එක බාල්දියකටත්, අනිත් බාල්දියට පිරිසිඳු වතුරත් පුරවගන්න ඕනෙ. වරක් ෂැම්පු පොඟවා ඇතිල්ලීමෙන් පස්සෙ පිරිසිඳු වතුර බාල්දියට ස්පොන්ජය ඔබල පිරිසිඳු කරගෙන තමයි නැවත වාහනේ ෂැම්පූ ගාන්න ගන්න ඕනෙ.

ෂැම්පු යොදා ඇතිල්ලීම වාහනයේ උඩ සිට පහලට එන විදිහට තමයි කරන්න ඕනෙ. රවුමට රවුමට අතුල්ලනවාට වඩා දිග අතට වාහනය ඇතිල්ලීම තමයි සුදුසුම ක්‍රමයි. උඩ ඉඳන් පහලට ෂැම්පූ ගාගෙන යද්දී උණුසුම නිසා මුලින්ම ගාන කොටස් වල සබන් වේලීමකට ලක්වෙන්න පුලුවන්. මේ නිසා මුලින්ම වහලය සහිත කොටස, ඉන් පස්සේ ජනෙල් වීදුරු සහ දොරවල් වගේ කොටස් වශයෙන් වෙන වෙනම සබන් ගාමින් සෝදන එක සාර්ථක ක්‍රමවේදයක් වනවා. වාහනයේ ජනෙල් වීදුරු වලින් පහල කොටස් බොහෝ සෙයින් අපද්‍රව්‍ය රැඳෙන්නට ඉඩ ඇති ප්‍රදේශ නිසා මේ තැන් සහ ටයර් සේදීමට වෙන වෙනම ස්පොන්ජ් හෝ රෙදි කඩවල් භාවිතා කිරීම තමයි හොඳ. නැත්තම් ඒවායේ තියන දූවිලි වැලි ආදිය වාහනේ තීන්ත තට්ටුවට හානි පමුණුවන්න පුලුවන්.
වාහනය ෂැම්පු කර සේදීමට කලින් ටයර් සහ වීල් මුලින් පිරිසිඳු කරන්නට හුරුවූ අයත් ඉන්නවා. ඒ ක්රමයටත් අපි වරදක් කියන්නේ නැහැ. ඔබට පහසු මේ ඕනෑම ක්‍රමයක් භාවිතා කලාට වරදක් නෑ. මතක තියාගෙන්න ඕනෙ දේ තමයි වැඩිපුර වැලි සහිත අපද්‍රව්‍ය රැඳෙන ස්ථාන සෝදන්න භාවිතා කරන රෙදිකඩවල් වාහනයේ තීන්ත සහිත ඉහල කොටස් වලට යොදා නොගන්න එක.
වාහනයේ සබන් ඉවත් වෙන්න වතුර ඇල්ලීමත් ඉහල සිට පහලට තමයි කල යුත්තේ. මේ සඳහා වැඩි පීඩනයක් සහිත ජල ප්‍රහාරයක් එල්ල කරනවට වඩා තරමක් හිමින් ජලය ගලායන්නට සලස්වා වාහනය පිරිසිඳු කරගැනීම වඩා සාර්ථකයි.

වාහනේ හෝදල මහන්සි උනාට කමක් නෑ. මේක හරියාකාරව වියලාගන්නත් ඕනෙ. හැබැයි වාහනේ වියලාගන්නව කියන්නෙ තෙත හිඳෙනකන් අවුවෙ තියෙල අන්තිමට ඉතුරුවෙන වතුර බින්දු ටික තෙතමාත්තු කරන එකටනම් නෙමෙයි හරිද.
ටැප් වතුර ඇතුලු ඕනෑම වතුරක ඛනිජ වර්ග (Minerals) අඩංගු වෙනවා. වතුර වාෂ්ප වෙලා ගියත් මේවා වාහනයේ මතුපිට රැඳීම නිසා ඉරි පැල්ලම් ආදිය රැඳිලා වාහනයේ දීප්තිය අඩු කරන්න පුලුවන්. ඒ නිසා වාහනය සේදූ ගමන් අපි පිස දැමීමත් කරන්න ඕනෙ. මේ සඳහා මයික්‍රොෆයිබර් (Microfiber) රෙදිකඩවල් භාවිතය වඩාත් සුදුසුයි. වාහනය පිසදා ගන්න ගමන් අතින් වාහනය ස්පර්ෂ නොකරන්නටත් වගබලාගන්න. තදින් අතුල්ලමින් වියලන්නට යන්නත් එපා.

වාහනේ හෝදල වේලලත් ඉවර උනාට හේදිල්ල මෙතැනින් ඉවර නෑ. දැන් කරන්න තියෙන්නේ වාහනේ හෝදන්න යොදාගත්ත රෙදි ස්පොන්ජ් කැබලි ආදිය හොඳින් සෝදගන්න එක තමයි. මේ සඳහා සැර සබන් ජාතියක් පාවිච්චි කරන්නේ නැතිව නිකන්ම වතුරින් හෝදගන්නත් පුලුවන්. හුඟක් අය වාහනේ හෝදලා ඉවර වෙලා මේ රෙදි කැබලි සෝදන්න අමතක කරනවා. ඒකෙන් වෙන්නේ ඊළඟ දවසෙ හෝදන්න ගනිද්දි මේවයෙ රැඳිල තියන අපද්‍රව්‍ය නිසා වාහනේ සීරෙන එකයි.
9. වාහනේ අභ්‍යන්තරය පිරිසිදු කරගැනීම (Interior Cleaning)

වාහනේ පිටත පෙනුම විතරක් නෙමෙයි ඇතුලත පිරිසිදු කම ගැනත් අවධානය යොමු කරන එක වටිනවා. ඒක වාහනේක යද්දි දැනෙන සුවපහසු හැඟීමට වගේම වාහනයේ ඒසී පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයටත් සෑහෙන්න බලපානවා.
වාහන වල යද්දි ඇතුලත ගොඩ ගැහෙන අනවශ්‍ය කොලකෑලි වගේ අපද්‍රව්‍ය ඉවත් කරගන්න එක තමයි මුලින් කරන්න ඕනෙ. ඊට පස්සෙ වාහනේ රබර් පාපිසි ඉවත් කර සෝදාගෙන එළිමහනේ වේලෙන්න තබන්න. වාහනේ ඇතුලත වැලි සහ දුහුවිලි වැකියුම් එකක් මගින් ඉවත් කරගන්න එක තමයි ඊළඟ පියවර. මේ සඳහා පහසුවෙන් හැසිරවිය හැකි Handheld වර්ගයේ වැකූම් ක්ලීනරයක් භාවිතා කරන එක තමයි පහසුම ක්‍රමය. වැකූම් යන්ත්‍රය Wet and dry එකක් වනවානම් තවත් හොඳයි.
වාහනගේ පොඩි පොඩි ඉඩ කඩ වල ඇති දුහුවිලි ඉවත් කරගන්න වැකූම් යන්ත්‍රයේ ආම්පන්න නොමැතිනම් ඒ සඳහා යන්තමින් තෙත් කරගත් කුඩා බුරුසුවක්, රෙදිකඩක් ඔතාගත්ත ප්ලාස්ටික් පිහියක්, කොට්න් බඩ් වැනි දේ යොදාගන්න පුලුවන්. දුහුවිලි ඉවත් කිරීම අවසන් උනාට පස්සෙ පිරිසිදු කිරීමේ දියරයක් යොදා බුරුසුවකින් මැද වාහනයේ කාපට් සහ අප්හොල්ස්ට්රි පිරිසිදු කරගන්න. මේ දියරය ස්ප්‍රේ කරද්දී ඕනෑවට වඩා තෙතමනය හිටින්න ස්ප්‍රේ කරගන්නත් එපා. හරියාකාරව වේලුනේ නැත්නම් පුස් ඇති වෙන්නට පුලුවන්.
ඉන්පසු ඔබට පුලුවන් වීදුරු ජනෙල් පිරිසිදුකාරකයක් මගින් (Glass cleaner) පිරිසිදු කරගන්න. මෙය මගින් වීදුරුවල පිටත ඇතුලත දෙකම පිරිසිදු කරන්න මතක තියාගන්න. මේ සඳහා පිරිසිදු කාරකයක් තෝරාගැනීමේදී ඇමෝනියා රහිත පිරිසිදුකාරකයක් භාවිතා කරන්න. ඇමෝනියා සහිත දියරභාවිතයෙන් ඔබේ වාහනයේ රබර්,ලෙදර් සහ ටින්ටඩ් වීදුරු වලට මෙන්ම සෞඛ්‍යයටත් අයහපත් බලපෑම් වෙන්න පුලුවන්. වාහනයේ ඩෑෂ් බෝඩ් පිරිසිදු කිරීමේදී පිරිසිදුකාරක දියරය ස්ප්‍රේ නොකොට වෙනත් රෙදිකඩක තවරා පිරිසිදු කරගන්න වග බලාගන්න.

වැක්ස් ආලේප කිරීමෙන් වාහනයේ පිටත තීන්ත තට්ටුවට අමතර ආරක්ෂාවක් ලැබෙනවා. ඊට අමතරව ඉතා කුඩා සීරීම් ලකුණු මකා දමන්නටත් වාහනයට ඔපයක් ගෙන දෙන්නටත් වැක්ස් ආලේපනය සමත්.
සාමාන්‍යයෙන් හැම මාස තුනකට වතාවක් වගේ වාහනය වැක්ස් කිරීම සුදුසුයි. වැක්ස් ආලේප කරන්න පටන් ගන්න කලින් වාහනය සෝදාගෙන හොඳින්ම වියලාගෙන තිබීම ඉතාම වැදගත් වෙනවා. මුලින්ම කුඩා කුඩා රවුම් හැඩයට වාහනයේ වැක්ස් ආලේප කරගන්න අවශ්‍යයි. වාහනය සේදීමේදී අපි කලා වගේ කොටස් වශයෙන් වෙන වෙනමත් වාහනයේ වැක්ස් ආලේපනය කරන්න පුලුවන්. මුලින්ම තුනී වැක්ස් තට්ටුවක් ආලේප කරල විනාඩි කිහිපයක් තිබෙන්න අරින්න ඕනෙ. ටික වේලාවකින් වාහනේ තීන්ත මතුපිට හිම බැඳුන ආකාරයට මේ වැක්ස් තට්ටුව පෙනෙන්න ගනීවී. ඉන්පසු මයික්‍රොෆයිබර් රෙදිකඩක් භාවිතයෙන් මේ වැක්ස් තට්ටුව පිසදා වාහනය ඔප දමාගන්න ඔබට පුලුවන්.
මේ විදිහට ආලේප කරගන්න වැක්ස් තට්ටුවට වාහනේට ආරක්ෂාව ලබාදෙන්න පුලුවන් යම් කාල සීමාවක් තිබෙනවා. ඒ නිසා වාහනේ මතුපිට පෙනුම ආරක්ෂා කරගන්න මම කලින් කීවා වගේ මාස තුනකට වතාවක්වත් මෙසේ වැක්ස් කිරීම ප්‍රයෝජනවත් වෙයි.

http://www.aniwa.lk
Last edited: