යොදවන්න කාලයක් නැති කම හින්දයි, රටේ තිබුණ තත්වෙයි එක්ක මගේ වාහනේ ට්‍රාන්සර් එක අවුරුද්දක් විතර ඇදි ඇදි තිබිල මේ මාසෙ කොහොම හරි ට්‍රාන්සර් එකට දාගත්ත.
ලියකියවිලි අඩුපාඩු නැතුව හරියට අරගෙන ගියොත් පැයක් ඇතුලත වැඩේ කරගන්න පුලුවන්.
මුලින්ම,
0112677877
මෙන්න මේ අංකෙට කතා කරල,
වාහන වර්ගය, අයි. ඩී නම්බර් එකයි දීල දිනයක් වෙලාවක් වෙන්කරගන්න ඕනෙ. එතනින් අපිට දෙනව අංකයක්. ඒ අංකෙ, දිනය වෙලාව එක්ක sms එකකින් අපේ ෆෝන් එකට එනව.
මට හම්බවුනේ කෝල් කරපු දවසෙ ඉඳන් හරියටම සති දෙකකට පස්සෙ දිනයක්.
ගේට්ටුවෙන් ඇතුලට ගන්නෙ එක්කෙනෙක් විතරයි. ඒ කෙනාටත් ඇතුලට යන්න ඇපොයිමන්ට් නම්බර් එකක් හරි, මොකක් හරි ලියවිල්ලක් හරි තියෙන්න ඕනෙ. ඒ හින්ද rmv එක පෙන්නන්න පොරොන්දු වෙලා ගමේ යාළුවො එක්කගෙන යන්න එපා.
ගේට්එකෙන් ඇතුලෙ ඉන්න අදාල නිලධාරියෙකුගෙන් හරි රිසෙප්ශන් එකෙන් හරි, කවුන්ටර් ගැන විස්තර දැනගන්න පුලුවන්. එළියෙ ඉන්න අපතයින්ගෙන් විස්තර අහන්න යන්න එපා.
අදාල කවුන්ටර් එකෙන් එළියෙ අපේ ඇපොයිමන්ට් එකට අදාල නම්බර් එක තියෙන රිසිට් එකක් දෙනව. වන්ඩේ සර්විස් වලටයි, නෝමල් සර්විස් වලටයි වෙන වෙනම අංක පිලිවෙලක් තියෙනව. නොම්බරේ ගන්නකොටම අපි යන සේවය මොකක්ද කියල කියන්න ඕනෙ.
ඒක අරන් ඩිස්ප්ලේ එකේ අපිට අදාල අංකෙ වැටනකල් වාඩිවෙලා ඉන්න පුලුවන්.
එතනින් අදාල ලියකියවිලි ටික අරගෙන අපිට රිසිට් එකක් දෙනව.
ඒක අරන් බැංකුවට අදාල ගාන ගෙවන්න ඕනෙ. මෙතනදි රිසිට් එකේ ගහල තියෙන ගානට වඩා ගාණක් ඇඩ් වෙනව ඒ නිසා රිසිට් එකේ 600ක් 800ක් කියල ලියල තිබුණ පලියට "ශා හරි ලාබයිනෙ" කියල බැංකුවෙ ළමයට සල්ලි දික් කරල පච වෙන්න එපා.
කාර් එකකට නෝමල් ට්‍රාන්සර් වලට රු 3180.00 ක් විතර යනව.
බැංකුව තියෙන්නෙ පහල තට්ටුවෙ බිල්ඩමේ වම්පැත්තෙ කෙලවරේ. එතන පෝලිම ටිකක් කචල් පෝලිං පනින උන් එක්ක මරාගන්නෙ නැතුව වැඩේ කරගන්න.
බැංකුවෙන් මුදල් ගෙවපු බවට රිසිට් දෙකක් දෙනව. එතනින් කහ පාට රිසිට් එක උඩ කවුන්ටරේට දීල cmt 52 ගන්න.
එළකිරියෙ මේ ගැන අහල තිබුණ ප්‍රශ්න,
ට්‍රාන්සර් එකට තමුංම යන්න ඕනෙද?
නෝමල් සර්විස් වලට ඕනෙ නෑ. මොකද මගේ id එක දිහාවත් එකෙක්වත් ඇහැ ඇරලවත් බලුවෙ නෑ.
පුරවනකොට වැරදීමක් උනොත් mta 6, 8 වලින් ඕනෙම කොලයක් පුරවල බාරදෙන්න පුලුවන්ද?
බෑ.. මෝටර් රථ කොමසාරිස්ගෙ නමට තියෙන එක විතරයි ගන්නෙ.
නම ලියන්න ඉඩ මදි වුනොත් කොටු වලට පිටින් ලිවුවට අවුලක් නැද්ද?
අවුලක් නෑ.. මමත් එහෙම පිරෙව්වෙ. සම්පූර්ණ නම තියෙන්න ඕනෙ.
සැලකිය යුතු දේවල්,
කොවිඩ් තිබුණ, ස්ට්‍රයික් තිබුණ, බඩේ අමාරුව හැදුන, ආච්චි මැරුණ කියන කතා එකක්වත් අදාල නෑ. ෆෝම් එකේ ඩේට් එක දවස් 14ට වැඩිනං උං දඩ ගහනව. ඒ නිසා ලඟ ඩේට් එකක් අනිවා දාගෙන යන්න.
එතන ඉන්න මිනිස්සුන්ට කිසි ගානක් නෑ. තමුං දුර තියාගෙන හොඳ මාස්ක් දෙකක්වත් දාගෙන පරිස්සම් වෙන්න.
ට්‍රාන්සර් එකට අදාල ලියකියවිලි ෆෝම් එකේ ඉස්සරහ තියෙනව.
මේ සයිට් එකෙනුත් බලාගන්න පුලුවන්
http://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=si

Last edited: