Kdh එකක් කැබ්සර්විස් එකකට දීල තමුංම ඩ්‍රයිවර් විදිහට වැඩ කරන මම අදුරන කෙනෙක් කිවුව කතාවක් මේක.
මෙයා තනියම සදර්න් හයිවේ එකේ රෑක ඩ්‍රයිවු කරගෙන යනකොට තද නිදිමතක් ඇවිල්ල.
යන්න බැරිම තත්වයක් ආපු හින්ද වෙන දෙයක් වෙච්චදෙන් කියල, හයිවේ එකේම ඉඩ තියෙන තැනක අයින් කරල නින්දක් දාල,
සර්විස් ඒරියා එකටත් එතන ඉඳන් පොඩි දුරක් තිබිල තියෙන්නෙ. හැබැයි යන්නම බැරි තත්වෙක තමයි මිනිහ ඉඳල තියෙන්නෙ.
පොලීසියෙන් ඇවිත් මූනට ටෝච් එකත් ගහල වීදුරුවට තට්ටුකරනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ.
පොලීසියෙන් විස්තර ඇහුවම,
"යන්න බැරිම තත්වයක් ආව නිසයි නැවැත්තුවෙ, මටනං තවත් යන්න බෑ. රාලහාමිල කැමති දෙයක් කරන්න අමාරුවෙන් ගිහින් ලොකු අනතුරක් කරගන්නවට වඩා දඩ කන එක හොඳයි" කියල.
පොලීසියෙ දෙන්නගෙන් එක්කෙනෙක් වාහනේ අරගෙන ගිහින්, සර්විස් ඒරියා එකේ ලයිට් එළිය වැටෙන්නෙ නැති කරුවල තැනක පාක් කරල මිනිහට වාහනේම නිදාගන්න අවස්ථාව දීල යන්න ගිහින්.