මුලින්ම මචන් ප්ලග්ස් බලහන් ගැලවිලා එහෙම තියෙනවද කියලා මුලින්ම. හැබැයි ඉතින් එහෙම වුනත් ලයිට්ස් දෙකේම ප්ල්ග්ස් එක පාරම ගැලවිලා යන්න තියෙන අවස්තාව ඉතාම අඩුයි.
ඊට පස්සේ මචන් බලහන් කාර් එකේ තියෙන්නේ බල්බ් දෙකක්ද නැත්තම් එකක්ද කියලා. මම කිව්වේ ඩිම් එකට එක ලයිට් එකකුයි, හයිබීම් එකට තව එකකුයි.
දෙකක් තියෙනවනම්, ලෝබීම් (ඩිම්) ලයිට් එක පිච්චෙන්න වගේ තිබිලා තිබිලා අන්තිමට පිච්චිලාම යන්න ඇති.
තව බලහන් ෆියුස් බොක්ස් එකේ ලෝ බීම් එකට ෆියුස් එකක් තියෙනවද කියලා. ලෝ කිව්වට ඒකේ ඇත්තේ හෙඩ්ලයිට්ස් කියලා විතරයි. බලහන් ඒක පිච්චිලාද කියලා.
ඔය ඔක්කෝමත් නෙමේ නම්, ඩිස්ට්රිබියුශන් එකේ ෆෝල්ට් එකක් තියෙනවා අනිවා. එහෙමත් නැත්තන් කන්ට්රෝල් ස්විච් එක අප්සට් ගිහිල්ලා ඇති. ඒකනම් ගොයියෝ ටිකක් අමාරු වැඩක්. ස්ටියරින් පැනල් එක ගලවලා බලන්න වෙනවා සර්කිට් එක. පැය 2-3ක වැඩක්.