dan okata mokadda wisaduma? wahana awata wadakuth nane ban.. parawal sanwardanaya nokara...dawasama block eke inna puluwan.... so mehema tax gahapuwama e gena eka adu karanawa...kohomath anthimeta wasiyak thamai thiyenne janathawata..
![]()

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවලින් ද එම තොරතුර සනාථ කර ඇත.
මෙරට ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ ගැන පසුගියදා විශේෂ අධ්‍යයනයක් කරන ලදී. එහිදී හෙළිදරව් වූ දත්ත අනුව 2018 ජූලි මස 1 වැනිදා වන විට තිබූ තත්ත්වය අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙරට වාර්ෂික කාර් අවශ්‍යතාවය 45,000ක් පමණය. මේ වනවිට රට තුළට ආනයනය කර ඇති කාර් රථ සංඛ්‍යාව 2,34,000කි. වසරකට ශ්‍රී ලංකාවේ වාර්ෂික ද්විත්ව කාර්ය වාහන අවශ්‍යතාව 4000ක් පමණය. දැනට ගබඩා අංගනවල මෙම වර්ගයේ වාහන 24,276ක් තිබේ. වාර්ෂිකව රට තුළ අලෙවි වන ත්‍රීරෝද රථ සංඛ්‍යාව 2,0000 පමණ වේ. එහෙත් දැනට ගබඩා අංගනවල ත්‍රීරෝද රථ 1,68,419ක් ගාල් කර ඇත්තේ අලෙවිය පිණිසය. එමෙන්ම රටේ වාර්ෂික මෝටර් සයිකල් අවශ්‍යතාව 30,00,00කි. නමුත් දැනට මෝටර් සයිකල් අලෙවිකරුවන් ළඟ අලෙවියට ගෙන්වා ඇති මෝටර් සයිකල් 9,43,920ක් රඳවාගෙන ඇත.
මේ ආකාරයට වසර 5කට පමණ ප්‍රමාණවත් වන වාහන තොගයක් රට තුළට එකවර ආනයනය කිරීම රටේ බරපතළ විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව මෙම සමීක්ෂණය පැවැත්වූ විද්වත්හු පෙන්වා දෙති.
සංජීවිකා සමරතුංග (ඉරිදා දේශය ඇසුරෙනි)
mangalayata thibbe tax eka 50-70% adu karanna. okunta kela wela yanna

අවුරුදු පහකට ඇති තරමට ඩොලර් කෝටි ගණනක වාහන ලංකාවට ඇදලා!
2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:31 317
http://www.deshaya.lk/article/51/%E0%B7%84%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB/9047/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B6%A7-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%87%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F-
රථවාහන ආනයනය සම්බන්ධව විවිධ සාකච්ඡාවන් ආර්ථික දේශපාලනික වශයෙන් මෙරට කලින් කලට නිර්මාණය වෙයි. එය දැන් සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්ව ඇත. පසුගිය කාලයේ රට හමුවේ අනාවරණය වූ තොරතුරු සමූහයක් හරහා රථවාහන ආනයනය සම්බන්ධව මහජන අවධානය වැඩිවිය. ඒ අනුව කියවුණේ මෙරටට වසර පහකට සෑහෙන තරම් වාහන ගෙන්වා ගබඩා අංගනවලට, වෙළෙඳපොලේ ඇති බවයි. තවද ඩොලරයේ අර්බුදයටත් මේ තත්ත්වය හේතුවී ඇති බව කියවුණි. අප සූදානම් වන්නේ මෙම තත්ත්වය පිළිබඳව යම් යම් සංවාදයක් ඔබ හමුවේ ගොඩනැගීමටයි.
පළමුව අප අවධානය යොමුකරනුයේ පසුගිය සතියේ හෙළිවූ රථවාහන ආනයනය සංඛ්‍යා දත්ත සම්බන්ධයෙනි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා සහ පසුගිය වසරේ මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තා මෙම දත්ත අනාවරණයට පාදක වී ඇත. මීට අදාළව ශ්‍රී ලංකා රථවාහන වෙළෙඳපොළ පිළිබඳව ප්‍රවීන ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් පිරිසක් සමීක්ෂණයක් ද සිදුකර ඇත. 2018 ජූනි 1 වැනි දිනට තත්ත්වය මෙසේ අනාවරණය විය. ඊට අදාළ තොරතුරු සරලව ඉහත වගුවේ දක්වමු.
මෙම තොරතුරු මත පෙනීයන්නේ අනවශ්‍ය තරම් රථවාහන මෙරටට ආනයනය කර ඇති බවයි. එය වසර පහක අවශ්‍යතාවට ප්‍රමාණවත් බව පෙනී යයි. එසේ නම් ප්‍රධාන ආර්ථික අර්බුදය කිහිපයකට හේතුව මෙම වාහන ආනයනය බව අනුමාන කළ හැකිය.
රථවාහන ආනයනය ඩොලර් පිටරටට පොම්ප කරන ප්‍රධානම ක්රමයකි. වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 1200ක් හෙවත් රුපියල් කෝටි විසිපන්දහසකට ආසන්න මුදලක් රථවාහන ආනයනය සඳහා වැයවේ. ඒ අනුව රුපියල අවප්‍රමාණය වීමටද වාහන ආනයනය ඉහළයාම හේතු වී ඇති බව හඳුනාගෙන ඇත. මේ වනවිට රුපියල අවප්‍රමාණය වීමේ ගැටලුව මත රජය රථවාහන ආනයනය පාලනයටද විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. අපි ඒ පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කරමු.
බැලූ බැල්මට වෙළෙඳපොළ අවශ්‍යතාවයට වඩා මෙතරම් රථවාහන ආනයනය කිරීමේ හේතුව වටහාගැනීම පහසු නැත. එවන් වෙළෙඳ අතිරික්තයක් නිර්මාණය වෙන තරම් රථවාහන මෙරට ගෙන්වීමේ අවාසි රටට මෙන්ම ආනයනයකරුවන්ටත් සිදුවන බව පෙනී යයි. මෙහිදී පැහැදිලි කළ යුත්තේ මෙරටට රථවාහන ආනයනයේ යම් නියාමනයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි. නමුත් මේ දක්වා එවැන්නක් සිදුව නැත. එසේ හෙයින් ඕනෑම අයකුට වාහන ආනයනය කිරීමේ හැකියාව තිබේ.
තවත් පසකින් ආනයනය සඳහා වන තීරුබදු රජය විසින් විටින්විට අඩු වැඩි කිරීමද ආනයනය වැඩිවීම හේතුවක් ලෙස දැක්විය හැකිය. මෙහිදී සිදුවන්නේ හිටිහැටියේ මිල පහළ දමන වාහන වර්ග වැඩි වශයෙන් ලංකාවට ආනයන කිරීමයි. තීරැබදු සහන බලපත්‍ර ක්රමයේ නව සංශෝධනය හේතුවෙන්ද පසුගිය කාලයේ අධික ලෙස වාහන ආනයනය සිදුවුණි. ඒ එම බලපත්‍ර සේල් හිමි ආනයනකරුවන් මිලදී ගැනීම හරහාය.
මෙලෙස වෙළෙඳපොළට ආනයනික රථවාහන විශාල ප්‍රමාණයක් එක්වීමේ ගැටලුව සම්බන්ධයෙන් අප රථවාහන ආනයනකරුවන් නියෝජන කරන සංගම් කිහිපයක් විමසුවෙමු.
ඒ අනුව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මෙසේ අදහස් දක්වනු ලැබීය.
“පහුගිය දවස්වල ප්‍රකාශ වෙලා තිබුණා අවුරුදු පහකට සෑහෙන්න වාහන ආනයනය කරලා තියනවා කියලා. ඇත්තටම ඒක වැරදියි. ජංගම දුරකතන වගේ තමා දැන් වාහන. ලංකාවේ මාස හයෙන් හයට මොඩල් එක මාරුවෙනවා. ජනතාවට අවශ්‍ය විදිහට. කොළඹ ජනතාව දැන් ෆෝන් එක මාරු කරනවා වගේ වාහන මාරු කරන්න පෙළඹිලා. ඒ නිසා අපි වෙළෙන්දෝ කවුරුත් ස්ටොක් තියාගන්නේ නෑ. පස්සේ විකුණන්න බැරිවෙනවා මිල පල්ලෙහාට බැහැලා. ඒක නිසා වෙළඳපොළේ විකිණෙන ප්‍රමාණය දැනගෙන මාස තුන හතරකට අවශ්‍ය වාහන ගෙන්වනවා. ලංකාවේ වාහන තිබුණට අලෙවියත් එක්ක බලද්දී උපරිම මාස තුන හතරකට පහකට තියෙයි. රජයට අවශ්‍ය දේ කරන්න ඕනානම්, වාහනවලින් විදේශවලට මුදල් යන නිසා යම්කිසි කාලයකට නැවැත්තුවට කමක් නෑ. වෙළෙන්දෝ විදිහට අපි රට ගැන හිතන්න ඕනා.”
ඒ මහතා පවසන පරිදි රථවාහන ආනයනය සම්බන්ධ ඉදිරිපත්ව ඇති නව තොරතුරු පිළිගත නොහැකි තත්වයක පවතී. තවද අයවැය යෝජනා සඳහා රථ ආනයනයේ ගැටලු වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
මීළඟට අප වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් පීරිස් මහතා විමසුවෙමු.
“අපි ව්‍යාපාරිකයො හැටියට අනිසි තොග ගෙනැල්ලා තියාගන්නේ නෑ. එසේ තොග ගෙනැල්ලා බැංකු පොලී ගෙව ගෙවා ඉන්නවා කියන්නේ එයා මෝඩ ව්‍යාපාරිකයෙක්. අවුරුදු පහක ස්ටොක් එකක් තියනවා කියන එක මං පිළිගන්නේ නෑ. නමුත් සමහර වෙලාවට නීති ලිහිල් වෙනකොට වැඩියෙන් එනවා වගේ පෙනෙයි. උදාහරණයක් විදිහට වැගන් ආර් වල නීතිය ලිහිල් වුණාම මිනිස්සු හෝ ගාලා ගෙනාව. එතනදී තීරුබදු වෙනස් වෙච්ච හින්දා ප්‍රතිලාභයක් ගන්න පුළුවන් කියලා ගේනවා. නමුත් ව්යාපාරයක්නේ කරන්නේ. හැමෝම බලන්නේ කීයක් හරි ලාභයක් ගන්න. ඒ වුණාට සිල්ලර කඩයකට සුපර්මාර්කට් එකක තරම් බඩු ගේන්නේ නෑනේ. අපේ තරමට ගේන්නේ. මොකද මේ අපේ සල්ලි නෙවෙයි. වැඩිපුර මේ බැංකුවලින් ලෝන් දාලා, ඉඩකඩම් උගස් තියලා ගන්න සල්ලි.”
ඉදිරිපත්ව ඇති දත්ත මත වාහන ආනයනය ඉහළ ගොස් ඇතැයි යන කාරණය හා වසර පහකට සෑහෙන වාහන ප්‍රමාණයක් වෙළෙඳපොලේ ඇතැයි යන කරුණ පිළිගන්නට ආනයනකරුවන් සූදානම් නැත. පෙනෙන්නට ඇති දත්ත සත්‍ය බව තහවුරු කරන්නටද වාහන ආනයනයකරුවන් සූදානම් නැත. එසේ නම් මෙහි යම් පරස්පරයක් නිර්මාණය වී තිබේ. දැන් තත්ත්වය සංකීර්ණය.
අධික ලෙස ඩොලර් ආනයනයේදී වැයවීමට අමතරව තවත් ගැටලු කිහිපයක් අපි සංවාදයට එකතුකර ගමු. මහමග රථවාහන අධිකවීම ඇතැම් දේශපාලකයන්ට අනුව රටේ දියුණුවේ සාක්ෂියකි. නමුත් සිදුව ඇත්තේ මෙරටට ගෙනවන ලද පැරණි වාහන භාවිතයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් නොවීමයි. විදේශයන්හි පැරණි වාහන භාවිතයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයන් තිබේ. ප්‍රති අපනයන සඳහා වෙළෙඳපොළ තිබේ. එහෙත් ලංකාවේ එවන් වැඩපිළිවෙළක් නැත. ඊට අමතරව පොදු ප්‍රවාහන සේවය පහසුකම් අවම ඉතා දුර්වල තත්වයක තිබීමද රථවාහන ආනයනය ඉහළ යෑමට හේතුවී තිබේ. සෑම පුද්ගලයකුටම පෞද්ගලික වාහන අවශ්‍යතාව තදින් දැනෙන්නේ පොදු ප්‍රවාහන දුර්වල වීම හරහාය. මේ අනුව රථවාහන ආනයනය ඉහළ යාමට වක්‍රව බලපෑ තවත් හේතු රාශියක් වන බව අපට පෙනෙන්නට තිබේ.
මීට ඉහතදී පැවති ණයවර ලිපි ක්‍රමවේදයක් අධි වාහන ආනයනයට හේතු වූ බවටද තොරතුරු තිබේ. කෙසේ නමුත් මේ වනවිට එය අහෝසි කර ඇත. එහි දී සිදුව ඇත්තේ ආනයනයකරුවන් ජපානය වැනි රටවලින් වාහන ගෙන්වීමේදී පළමුව බදු පමණක් ගෙවා පසුව මාස තුනක් හයක් අවුරුද්දක් වැනි කාලයක දී මුදල් ගෙවා නිම කිරීමයි. එම ක්‍රමය පැවති අවධියේ අධික ලෙස වාහන තොග මෙරටට ගෙන්වනු ලැබූ බව වාර්තාවෙයි. එහෙත් එය පරණ කතාවකි. මෑතක ඇති වූ ඩොලරයේ අර්බුදය හේතුවෙන්ද ආණ්ඩුව යම් යම් පියවර ආනයනය පාලනයට ගෙන ඇත. මෙහිදී රථවාහන ආනයනයට අදාළ ණයවර ලිපි විවෘත කිරීමේදී සීයට දෙසීයක තැන්පතුවක් තැබීම මහ බැංකුව දැන් අනිවාර්ය කර තිබේ. එ්වා තාවකාලික පිළියම් වෙයි. ඇතිව ඇති ආර්ථික අර්බුදය පාලනයට එය සාර්ථකව නමුත් තවත් පසකින් ආනයනයකරුවන් අපහසුතාවට පත්කරන්නකි.
රථවාහන ආනයනය ඉහළයෑම, සංඛ්‍යා දත්ත, ආනයනකරුවන්ගේ මතය, ඇතුළු සියල්ල පිළිබඳව අවධානයට ලක්කර අවසාන වශයෙන් යමක් කිව යුතුය. රථවාහන ගමනාගමනයට වැදගත් බව සැබෑය. නමුත් අවශ්‍යතාවට සරිලන පරිදි රථවාහන වෙළෙඳපොළේ තිබීම ප්රමාණවත්ය. ආනයනය ඉහළ ගොස් රටේ ආර්ථික ගැටලු ඇති වනවිට පමණක් මෙවන් අර්බුදවලට තාවකාලික විසඳුම් සෙවීම ප්‍රමාණවත් නැත. ඉදිරිපත්ව ඇති තොරතුරුද භාවිතා කරමින් පුළුල් විමර්ශනක් සිදුකර අනාගතවාදී විසඳුම් ඉදිරිපත් කර ක්‍රියාත්මක කළ යුතුය. මේ රථවාහන ආනයනය ඇතුළු රටේ සමස්ත ආනයනයන් සම්බන්ධයෙන් නැවත නැවතත් සිතා බැලීමට සුදුසු යුගයයි.
දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවලින් ද එම තොරතුර සනාථ කර ඇත.
මෙරට ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ ගැන පසුගියදා විශේෂ අධ්‍යයනයක් කරන ලදී. එහිදී හෙළිදරව් වූ දත්ත අනුව 2018 ජූලි මස 1 වැනිදා වන විට තිබූ තත්ත්වය අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙරට වාර්ෂික කාර් අවශ්‍යතාවය 45,000ක් පමණය. මේ වනවිට රට තුළට ආනයනය කර ඇති කාර් රථ සංඛ්‍යාව 2,34,000කි. වසරකට ශ්‍රී ලංකාවේ වාර්ෂික ද්විත්ව කාර්ය වාහන අවශ්‍යතාව 4000ක් පමණය. දැනට ගබඩා අංගනවල මෙම වර්ගයේ වාහන 24,276ක් තිබේ. වාර්ෂිකව රට තුළ අලෙවි වන ත්‍රීරෝද රථ සංඛ්‍යාව 2,0000 පමණ වේ. එහෙත් දැනට ගබඩා අංගනවල ත්‍රීරෝද රථ 1,68,419ක් ගාල් කර ඇත්තේ අලෙවිය පිණිසය. එමෙන්ම රටේ වාර්ෂික මෝටර් සයිකල් අවශ්‍යතාව 30,00,00කි. නමුත් දැනට මෝටර් සයිකල් අලෙවිකරුවන් ළඟ අලෙවියට ගෙන්වා ඇති මෝටර් සයිකල් 9,43,920ක් රඳවාගෙන ඇත.
මේ ආකාරයට වසර 5කට පමණ ප්‍රමාණවත් වන වාහන තොගයක් රට තුළට එකවර ආනයනය කිරීම රටේ බරපතළ විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව මෙම සමීක්ෂණය පැවැත්වූ විද්වත්හු පෙන්වා දෙති.
සංජීවිකා සමරතුංග (ඉරිදා දේශය ඇසුරෙනි)

කාර් සේල් කාරයෝ පට්ට ලොට් ගෙනල්ලා තියෙන්නේ...වාසනා පොර වැගන් ආර් 4000 ගෙනාවලු.විට්ස් 1500 ක් ස්ටොක් ලු. දැන් ඒවා විකිණෙනෙන්නේ නැති නිසා දාපු ගැටයක් ද කොහෙද? වාහන ටික සට ගාලා යන්නේ දැන් .....ඊට පස්සේ ඔය අයවැය සංෂෝදන....කතානායක තුමනි කියන එක විතරයි සංශෝදන ය නොවෙන්නේ. පොනිල් ලොගික්