"වාහන ආනයනයට සීමා නෑ" - මහ බැංකුව කියයි

Max_r

Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    එලකිරි සිලිබයියොන්ට ලිමිට් කරල තිබුනා අද දවල් වෙද්දි?....
    මොකද බිලියන් ටෝක්ස් දුන්නට, මුන්ට සල්ලි නැ කියලා මහබැංකුව දැනගෙන
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Derane pacha news 😂 😂
    වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් විදේශ සංචිතවලට අහිතකර බලපෑමක් ඇති විය හැකි බවට මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට අනතුරු අඟවා තිබේ.


    ඒ සම්බන්ධයෙන් පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසද මුදල් අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලා ඇත.



    ජ්‍යෙෂ්ඨ මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකු පැවසුවේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ගත වූ මාස පහ තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 742ක වටිනාකමකින් යුත් ණයවර ලිපි (Letters of Credit) විවෘත කර ඇති බවයි.



    මෙය ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඉලක්කයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.



    ඒ අනුව, ණයවර ලිපි විවෘත කිරීම සහ ආනයන කටයුතු අපේක්ෂා කළාට වඩා වේගයෙන් සිදුවී ඇති බැවින්, ආනයන ප්‍රවණතාව සමීපව අධ්‍යයනය කර කල්තියා අවශ්‍ය පිළියම් යොදන ලෙස මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට උපදෙස් දී තිබේ.



    ඇමෙරිකානු ඩොලර් පිටතට ගලා යාම විදේශ විනිමය සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බරපතළ බලපෑමක් ඇති කළ හැකි බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයටද බලපෑම් ඇතිවිය හැකිය.



    දිගු කලක් ක්‍රියාත්මක වූ වාහන ආනයන තහනම මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කරන ලද අතර, මේ වන විට වාහන 18,000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇත. එමගින් රුපියල් බිලියන 220ක බදු ආදායමක් උපයා ඇත.


    වාහන ආනයනයෙන් ලැබුණු ආදායම මේ වසරේ රේගු බදු ලෙස රුපියල් ට්‍රිලියනයක සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. මේ වසර සඳහා රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1කි




    raize wagon r vezel byd prices will go up !
    කලින් match ගහපු එවුන් ගොඩ :yes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,657
    3,376
    113
    Bandarawela
    අලී වැඩෙන් පස්සේ ඉතුරු බඩු වලටත් ඕක තමයි වෙන්නේ. චීනේ මිල 5000, බදු 1500, වෙළදපොල මිල 20000. :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,654
    87,027
    113
    ආශ්චර්යමත් රටක
    එලකිරි සිලිබයියොන්ට ලිමිට් කරල තිබුනා අද දවල් වෙද්දි?....
    මොකද බිලියන් ටෝක්ස් දුන්නට, මුන්ට සල්ලි නැ කියලා මහබැංකුව දැනගෙන

    😹😹

    ටෝක් දෙන හෑලි ගහන සිලි බයියොන්ට කියන විදියට සල්ලිත් තිබුණ නං අද ලංකාව UK වගේ. 😆