වාහන ආනයනය ගැන බලාපොරොත්තුවක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113

    වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් බලාපොරොත්තුවක්​

    September 26, 2021 07:02 am

    වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
    ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රටට විදේශ විනිමය ගලාඒම සිදුවන ආකාරය මත ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකාබැලිය හැකි බවය.
    ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සඳහන් කළේය.
    වාහන ආනයනය පමණක් නොව මේ වනවිට ආනයනය සම්බන්ධ බොහෝ සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසීය.
    එහෙත් මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම් අනුව එම ආනයන සම්බන්ධ සීමා තුළනය වනු ඇති බවද ඔහු පවසයි.
    දැනට රජය සාර්ථක ලෙස කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදුකරන බැවින් ඉතා කඩිනමින් සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
    අපනයනය මූලික වූ කර්මාන්ත ද ඒ හරහා සුපුරුදු පරිදි ගමන් කිරීමට හැකි වනු ඇති බව තම විශ්වාසය බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    6KACf5l.png