මෝටර් රථ ආනයනය මත පනවා ඇති තහනම තවදුරටත් පැවතියයොත් වාහන ක්ෂේත්රයේ සෘජු හා වක්ර සේවකයින් ලක්ෂයකට පමණ රැකියා අහිමි වනු ඇති බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්රිගු Medialk.com වෙත පැවසීය.
මෙම තත්ත්වය ශ්රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සියලුම වාහන අලෙවිකරුවන්ට, පරම්පරා ගණනාවක් තිස්සේ මෙම කර්මාන්තයේ නියැලී සිටින ආනයනකරුවන්ට සහ මෝටර් වාහන ආශ්රිත සේවා සපයන පුද්ගලයන්ට අහිතකර ලෙස බලපා ඇති බව ද ඔහු ප්රකාශ කළේය.
Source - Medialk.com(https://medialk.com/Sinhala/ReadPost/2643 )