වාහන ආයතනය අත්හිටුවයි
මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට මහ බැංකුවෙන් පියවර
විනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳපොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක්
COVID-19 වසංගතය හේතුවෙන් විනිමය අනුපාතය සහ මූල්‍ය වෙළඳපොළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වයන් හි පීඩනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර කිහිපයක් ගෙන තිබේ.
1949 අංක 58 දරණ මූල්‍ය නීති පනත, 1988 අංක 30 දරණ බැංකු පනත සහ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතෙහි විධිවිධානවලට අනුව මෙම පියවරයන් ගන්නා ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලයක් තුළ පහත සඳහන් පියවරයන් අනුගමනය කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී ඇත.
1. 2020 අංක 01 දරණ බැංකු පනත යටතේ විශේෂයෙන් බැහැර කර ඇති ඒවා හැර අනෙකුත් සියලුම වර්ගයේ මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි යටතේ පහසුකම් සැපයීම අත්හිටුවීම.
2. 2020 අංක 01 දරණ බැංකු පනතෙහි දක්වා ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීම සඳහා ණයවර ලිපි යටතේ අත්තිකාරම් ගෙවීම් සහ භාර ගැනීම් අත්හිටුවීම.
3. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදී ගැනීම අත්හිටුවීම.
ඊට අමතරව, විදේශ විනිමය බලයලත් වෙළෙඳුන්ට සංචාරක දීමනාවක් ලෙස විදේශ මුදල් නෝට්ටු නිකුත් කිරීමට අවසර දී ඇත්තේ උපරිම ඇමරිකානු ඩොලර් 5,000 (හෝ වෙනත් විදේශ මුදල් වලට සමාන) ක් දක්වා පමණි.