වාහන ගෙන්වීම සහ නොවටිනා මිල

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම අකුරු තුනක එකකුත් දැක්කා බං ඕකක්.
    අනේ මන්දා බං.. මොනා හරි විදිහක් ඇති...
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    perodua-alza-1.jpg


    මේ වගේ Model දෙක තුනක් වත් ලංකාවේ හදන්න ඕනේ ජපන් කොම්පැණි එකක් සෙට් කරගෙන . අනිත් වාහන වලට 200% ක බදු වැඩි කරන්න ඕනේ ගෙන්වන එක නතර කරන්න .

    කම්පැනි එකෙන් කාර් ගහලා Car Sales කරයන්ට දෙන්න ඕනේ වාහන විකුණන්න . එතකොට උන්ගේ Business Safe රටේ විනීමයත් ඉතුරු වෙනවා Jobs ගොඩක් හැදෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,134
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Lankawe godak un factory danna bayai JVP un inna kam. Ewa athule Union hadala demand karala company loss karanawa kiyla salli illala nayakayo ewain Ireland gewal gannawa☹☹☹
    ගොඩක් උන් කිව්වෙ කවුද? එකෙක්ව කියපන් පැට්ටේරියක් දාන්න බයෙන් ඉන්න
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Gediyak wnnthi.


    ගෙඩියක් නම් ගරාජ් නම්බර් ගන්න බෑ නේ බන්


    මම අකුරු තුනක එකකුත් දැක්කා බං ඕකක්.
    අනේ මන්දා බං.. මොනා හරි විදිහක් ඇති...

    ම්ම්ම්ම් එක තමා


    මෙම unregister එළියට එන්නේ custom auction වාහන

    This vehicle is getting currently running numbers

    කොහොම ද බන් ඔක්ශන් එකෙන් ගන්නෙ?
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    මේ පන්සලක නෙවේ බන් අපේ ගෙදර ගාව එකෙක් ගෙනල්ල තියෙන්නෙ බං
    Custom auction karapu ekak wenna athi. Ape aiya kenek gawa thiyanaw parana mini Cooper ekak CBJ ekak
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ලක්ෂ 60 ට අඩු වාහන ගෙන්වන එක තහනම් කළා නම් ඉවරයි ...මොකද හැම හිගන්නම නය වෙලා හරි බලන්නේ වාහනයක් ගන්න ...කන්න නෑ ඒ වුනාට වාහනයක් නඩත්තු කරනව ...පහල මද්යමපන්තික මිනිස්සු කරන්න දහසක් දේවල් තියෙද්දී වාහනේකට හිර වෙනව ...මුන් ඔක්කොම වාහන ගත්තම පාරේ යන්න ඉඩ නැතිවෙනවා ..අනවශ්‍ය තදබදයක් එනව ...

    මෙහෙම කලාම සල්ලි තියන එකා වාහනයක් ගනියි ...පාරේ යන්නත් ඉඩ තියෙයි ...එතකොට හිගන්නෝ සෙට් එකට එක තැන ඉන්න බැහැ ...සල්ලි හොයන්න try කරයි ...නැති එකා පාඩුවේ බස් එකක යයි ...පුළුවන් එකා උත් ගොඩදාගෙන රටත් ගොඩදාන්න දායකත්වයක් දෙයි ...

    දැන් තියන ප්‍රශ්නේ සල්ලි තියන එකාටත් සැපක් විදින්න බැරි වෙන එක ..ලංකාවේ සීයක් ගත්තොත් අනුවකටම වාහනයක් නැහැ ,,,ගන්න වත්කමක් නැහැ හිගන්නෝ ඉන්නේ ...උන්ට හෙන චූන් පාලකයින්ගේ අදක්ෂතාවය පේන්නේ නැහැ මේ තීරණ වලත් හොද කියනව

    අපිට පුළුවන්නේ අමුඩයක් ඇදගෙන තුන් වේල කාලත් ඉන්න ඩොලර් එක 10 ට බහියි ඕක කරන්න රජයක් ඕනිද

    අනිත් කාරණේ වාහන වල මිල වැඩියෙන් විකුනනවා කියල සෙල් කාරයොන්ට බනින වේසික පුත්තු ගේ කටවල් ඇරෙන්නේ නැහැ රජයන් විසින් නාස්ති කරන්න ගහන බදු නිසා තමයි මේ දේ වෙන්නේ කියල ...එව්වට කට අරින්න බයයි මල පහ වෙයි කියල
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොහොම ද බන් ඔක්ශන් එකෙන් ගන්නෙ?

    ඔයා vat ගෙවන්න රෙජිස්ටර් වෙලා තියෙනවා නං එහෙම නැත්තං ඔයාගෙ නමින් කම්පැනියක් තියෙනවා නං vat ගෙවන ඔයාට පුලුවන් කස්ටම් එකේ register වෙන්න
    එතකොට මේ වගේ ලංකාවට ගේන ගෙඩි තව යම් යම් වැරදි නිසා මේ විදිහට අල්ලලා තියෙන අලුත් වාහන නිෂ්පාදිත වර්ෂය පරණ උනාට rmv එකේ register වෙන්නේ දැනට නිකුත් වෙන නම්බර් එකකට
    ඒ කියන්නේ මේකට අලූත්ම නම්බරයක් තමා හම්බෙන්නෙ
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ගොඩක් උන් කිව්වෙ කවුද? එකෙක්ව කියපන් පැට්ටේරියක් දාන්න බයෙන් ඉන්න
    Ai ara gewal asse nikamo wage pinata kaka bibi inna English bari bimal kiyana pin gonata job illanna da?😜😁😜😜
     
    • Haha
    Reactions: 2osama

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    covid අර්බුදයත් එක්ක ලංකාවට වාහන ගෙන්වීම සීමා කරන්නට රජය තීරණය කරලා තියෙනවා

    මේකෙන් ඩොලර් බිලියනයක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි කියලා රජය හිතන්නේ

    කොයි පක්ෂ නායකයා වුණත් රට පාලනය කරන්නේ ඔහුට අවස්ථාවක් එනවා යම්කිසි තෝරාගැනීමක් කරන්න

    වාහන ගෙන්වීම සහ ඒ ආශ්‍රිත රැකියාවන් කරන පිරිස කොපමණද එසේ නොකරන පිරිස කොපමණද යන්න අතරින් වැඩි පිරිසකට වැඩි ප්‍රතිලාභයක් ලබා දීමට ගත යුතු තීරණය රජයක් හැටියට ගන්නට වෙනවා.

    සියලුම ආනයනික දේවල් වල මිල තීරණය වන්නේ ඩොලරය සහ rupiyal අතර අනුපාතය අනුව ඒක නිසා වාහනයක් ගැනීමෙන් ඩොලර් ඉහළ නැග්ගොත් අනිත් හැම භාණ්ඩයකම මිල වැඩි වීම් සිද්ධ වෙනවා

    අත්‍යවශ්‍යම දේවල් වන ආහාර සහ බෙහෙත් යන ආදීන්ගේ මිල පවා ඉහළ යාම නොවැළැක්විය හැකියි වාහන ගෙන්වීම කිරීම් දිගටම සිදු කළහොත්.

    ඉතින් මේ සම්බන්ධයෙන් රජය තීරණයක් හරියට අරන් තිබ්බට කොවිඩ් එක්ක වුන මේ ප්‍රශ්නය covid නිසාම ටේ වාසියට හරවා ගන්න තිබ්බ ක්‍රමයක් රජය විසින් හිතලා නැති බවයි පෙනෙන්නට තියෙන්නේ හෝ රජයට උපදෙස් දෙන අය ඒ සම්බන්ධව කියලා නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

    මගේ අදහස නම් covid නිසා ඉන්දියාවේ ගොඩක් කර්මාන්තශාලා වහලයි තියෙන්නෙ අනෙකුත් වාහන නිෂ්පාදනය කරන රටවල් වල කර්මාන්ත ශාලා වලටත් මේ ප්‍රශ්න ඇති ඉතින් මේ නිසා අපේ රටේ හම්බන්තොට වගේ පැත්තක අඩුම තරමේ එකලස් කිරීමේ කර්මාන්ත ශාලා හෝ පටන් ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා. අඩුම තරමේ මූලික අඩිතාලම් ටික මේ වෙලාවේ දාගන්න පුළුවන් අනිත් එක යම් නිෂ්පාදකයෙක් සමග එකඟතාවයකට එන්න පුළුවන් මේ තහනම දිගටම මෙහෙම තියාගෙන ඉන්නවා නමුත් අපේ රටට අවශ්‍ය වන වාහන සහ බයික් මෙහෙම නිපදවන්න කියලා.

    රජය මේ අවස්ථාවේ වාහන ගෙන්වීමට ඉඩ දුන්නත් වාහන වල මිල ඉහළ අගයක තියෙන්න පුළුවන් ඒ නිෂ්පාදනය වීම ආනයනයේදී covid virusය නිසා සිදුවන බාධා වීම් හා covid නිසා සිදුවුණු මිල වැඩිවීම යන ආදිය නිසා.

    අනික් අතට මේ දැනට විකුණන්න තියෙන වාහන වල මිල වැඩිවීම පරණ වාහන වල මිල රොකට් එකක් වගේ ඉහල ගියා පහුගිය ටිකේ නමුත් දැන් දැන් ඒවා නැවත පල්ලෙහාට එන බවකුයි මට නම් පේන්න තියෙන්නෙ මොකද වාහන වලට ලොකු ගණන් කිව්වට ඒ ගණන් වලට ගන්න පිරිස බොහොම අඩුයි ඒක නිසා තව ටික කාලෙකින් ඕවා නියම මිල වල් වලට ඒවි හැබැයි ඒ නියම මිල දැනට අවුරුද්දකට විතර කලින්තිබ්බ මිලට නම් වැඩිය වැඩි වේවි.

    vega වගේ කාර් එකක් හදපු මිනිස්සු මෙහෙ හිටිය ඉතින් යම්කිසි රජයේ උදව්වකුත් ඇතුව මයික්‍රෝ අයිඩීයල් හා වෙනත් ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන සමාගම් කිහිපයකටඅවස්ථාවක් සලසලා දෙන්න රජයට පුළුවන්කම මේ වෙලාවේ තියෙනවා ඒක කරනවා නං රටක් හැටියට අපිට මේ අමාරු වෙලාවේ ගන්න පුලුවන් හොදම අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ.

    එහෙම වුනොත් අනාගතයේ දවසක සතුටු වෙන්න පුළුවන් වෙයි මේ තීරණය ගැන.
    nodanna labbawal nokiya hitahan

    maha jarama anduwak meka

    vitz eka 1.5 mil walin wadi wela
    passo ek 1 mil walin wadi wela
    bike na aluthin

    ara horen genapu wahana 300ta mokada une ?
    kypn blnna
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මේ දවස් වල ගොඩක් අයට කොවිඩ් නිසා ජොබ් නැතිවෙල හෝ අදායම අඩුවෙලා තියෙන කාලෙක වුනත් වාහන ගන්න පුලුවන් ආර්ථිකයක් තියෙනව හැබැයි ලෝකල් මාකට් එකේ ගනන් වැඩිවෙලා තියෙන වාහනයක් ගන්න අමාරුයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් මේ අදහස මං පිළිගන්නවා tourism එකට මුළු රටම ලෑස්ති කරන්න ඕන ඒ වගේ මයින්ඩ් සෙට් එකක් touris ලා ගැන ඇති කරන්න ඕනා අර හරියට සිංගප්පූරුවේ කරා වගේ ඒ වගේම ලෝකෙ පිළිගත්ත පුද්ගලික විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතන මෙහෙ ගේන්නම වෙනවා

    සිංහල වෙදකමයි ආයුර්වේද යි සහ හොඳ පුද්ගලික බටහිර ස්පිරිතාල මේ හදලා වෙදකම් වලට මිනිස්සු ගෙන්නගන්න පුළුවන්

    නමුත් වැඩේ තියෙන්නෙ මේවා කරන්න ගියොත් එහෙම උද්ඝෝෂණ වල නිමක් නැති වෙයි අනිත් පැත්තෙන් හොඳ ඒවා පැත්තක තියලා ගූ ගොඩවල් ගේන්න තමා ඉන්න දේශපාලඥයන් දඟලන්නේ මොකද කොමිෂන් එක බලාගෙන

    පටු අරමුණු පැත්තක තියලා හරි දෙයක් ගේනකොට ඒකට උදව් කරා නං රට මීට වැඩිය ගොඩක් ඉස්සරහට ගිහින්

    කොයි පැත්තෙන් හරි එන දේශපාලඥයන් තමන්ගේ ගොඩ ගොඩදගන්න බලනවා මිසක් රට වෙනුවෙන් වැඩක් කරන්න හිතන එවුන් බොහොම අඩුයි.

    අනිත් පැත්තෙන් බල ඉන්න එකා හරි දෙයක් කරන්න හැදුවොත් ඒකට විරුද්ධව බකට් අදින එක තමා අනිත් අය කරන්නේ මොකෝ හරි දෙයක් කරොත් ඒ නිසා තමන්ට බලයට එන්න අමාරු වෙයි කියලා හිතෙන නිසා.

    ඉතිං ඔය දෙ විදිය තියෙනකං රට ඉතින් එකතැන පල්වෙන එක තමා වෙන්නේ
    මේක ඇත්ත බන්. වැඩේ හරියට කරන දේශිය වෙදමහත්තුරු හොයාගෙන සිංහල වෙදකම කියල කෙලින්ම පිටරටවල ප්‍රමෝට් කරන්න පුලුවන්. සංචාරක අමාත්‍යාංශය කරන්න ඕනෙ වැඩ මේවා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පැට්ටේරිය දාන්න බයෙන් ඉන්න එකාට උදව්වක් දෙන්න
    Job nathuwa nikamo wage pinata kaka gewal asse inna BMW bimal tai , baduhetti tai udawwak dipan. 😝😁😝

    Ara minimaru jeppo tyre perala la maranna giya lamaya ta udawwak dipan😁😜😜😝😝😁
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දන්න එකෙක් කියපංකෝ මෙහෙම පරන වාහන ගෙන්නෙ කොහොම ද කියලා?

    View attachment 102676

    owa godak durata port eke thibila auction dapuwa wenna athi ekai smahara godak parana wahana walata aluth number thiyenne oka sahena kalayak thiyalane auction danne ehema gatha ekak wenna athi.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ප්‍රතිපල එන පාටයි හැබැයි කොයි තරම් සාර්ථක වෙයිද දන්නේ නැහැ

    ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..


    වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

    වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ‘ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක’ (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ ‘දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය’ මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    කර්මාන්ත අමාත්‍යාංශය