වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 03

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 03 (Benz)

    මේ කියන්න යන්නේ Mercedes benz නිෂ්පාදන නාමය ගැන

    mercedes-benz-logo.jpg


    Mercedes benz කියපු ගමන් මතක් වෙන්නේ Karl Benz නේද

    Carl-Benz_coloriert.jpg

    මේ ඉන්නේ Karl Benz මහත්තයා

    Karl Benz කිව්වහම තව එකදෙයක් මතක් වෙන්න ඕනේ ඒ තමයි ලෝකේ පළවෙනිම කාර් එක.

    pervie-auto-v-mire.jpg

    මේ තියෙන්නේ Karl Benz මහත්තයගේ වාහනේ

    1879 දී තමයි අභ්‍යන්තර දහන පෙට්‍රල් එන්ජිමක් Karl Benz මහත්තය හදල තියෙන්නේ. ඊ ට පස්සේ ඒ කියන්නේ 1886 දී තමයි මෙම එන්ජිම බාවිතා කරලා ලොව ප්‍රථම අභ්‍යන්තර දහන පෙට්‍රල් එන්ජිමක් සහිත කාර් එක හදල පේටන්ට් බල පත්‍රය අරගෙන තියෙන්නේ.
    හැබැයි මේකේ රෝද තුනයි. Mercedes benz සමාගමේ ආරම්බය 1886 කියල තමයි සදහන් වෙන්නේ ඒ උනාට1926 දී තමයි මුල්ම වාහනය නිපදවල තියේන්නේ Mercedes benz වෙළද නාමයෙන් ඒ කියන්නේ 1886 ආරම්බවෙලා 1926 වෙනකම් Daimler-Benz වෙළද නාමයෙන් තමයි වාහන නිපදවල තියේන්නේ. Stuttgart, Germany නගරයෙහි තමයි මෙම ආයතනයේ මුලස්ථානය පිහිටුවා තියෙන්නේ.
    මෙම වර්තමාන Mercedes benz ආරම්බයේ Gottlieb Daimler මහත්තයත් සම්මාදම් වෙලා තියෙනවා. එකනේ Daimler-Benz නම බාවිතා කරල තියෙන්නේ.Daimler Motoren Gesellschaft තමයි Gottlieb Daimler මහත්තයාගේ සමාගම. මේ සමාගමේත් කොටස් කරුවෝ ගොඩක් ඉදලතියෙනවා.Mercedes benz ලෙස නම යොදාගෙන තියෙන්නේ 1926 ඉදල කිව්වනේ,ඒ කියන්නේ Karl Benz මහත්තයාගේ පැත්තෙන් Benz ලෙසද Daimler Motoren Gesellschaft සමාගම Mercedes ලෙසද සම්මාදම් වී තමයි අද පවතින Mercedes benz නාමය 1926 සිට බාවිතා කරන්න.Emil Jellinek කියන්නේ Daimler Motoren Gesellschaft සමාගමේ ප්‍රධාන කොටස් අයිතිකරුවා.මෙයාගේ දුව තමයි Mercédès Adrienne Manuela Ramona Jellinek ඒයාගේ පලවෙනි දුව සහ ඒයා දුවට ගොඩක් ආදරේ නිසා Mercedes ලෙස නම යෝජනා කරල තියෙනවා.
    Mercedes කියන ඒකේ තේරුම තමයි Spanish භෂාවෙන් තෑග්ග එම සමාගම කාර්,බස්, ලොරි,වැන්,හමුදා වාහන වගේ ගොඩක් වර්ග නිපදවනවා. එම සමාගම තමයි airbags /A B S වගේ ගොඩක් තාක්ෂණික දේවල් ඒ ගොල්ලන්ගේ රථ වලට මුලින්ම යොදාගත්තේ.

    කලින් කලට මෙහි logo එක වෙනස් වී ඇති ආකාරය..

    Mercedes-Benz-Logo-History.jpg


    මේ ඉන්නේ Emil Jellinek සහ එයාගේ දියණිය Mercédès Adrienne Manuela Ramona Jellinek
    q6.jpg


    මේ ඉන්නේ Gottlieb Daimler මහත්තයා
    1c6298e64cdd2a4641bf38d3ad833c59--wilhelm-maybach-gottlieb-daimler.jpg


    ඔබ දකින සාමාන්‍ය බෙන්ස් රථ වලට එහා ගිය බෙන්ස් රථ

    54bf07d3afdfdbe3b3aafafb7e3df81dfe70bb42


    diamantovy_mercedes5.jpg


    mercedes-benz-p8.jpg


    dw98hp1l.jpg


    2018_mercedes-benz_a-class-sedan_concept_02.jpg


    මේ තියෙන්නේ අපේ සරල ජනාධිපති තුමාට ලගදි ගෙනාපු සරලම බෙන්ස් රථය

    435254-mercedes-maybach-s600-guard-cropped.png


    oem-name0.jpg




    වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 04 (BMW)

    තොරතුරු mechanicsinhala මගින් උපුටා ගන්නා ලදී.
     
    Last edited:
    • Like
    Reactions: EvilEye