තව අපි සමහරවිට වාහනයේ කැල්ලක් අයින් කරලා අලුත් කැලි දාගන්න අවස්ථා තියනවා පරණ කෑල්ලෙන් තව වැඩ ගන්න පුළුවන්කම තියෙද්දිත් නැත්නම් සමහරවිට පොඩී කොටසක තියන ප්‍රශ්නයක් නිසා අලුතින්ම පාර්ට්ස් දාන්න වෙන අවස්ථා තියනවා නමුත් තව සමහර අයගේ ඒ කෑල්ලෙම වෙන කොටසක ප්‍රශ්නයන් නිසා අලුතින් කැල්ලක් දාන්න උනොත් අපිට පුළුවන් අර පරණ කෑල්ල මාරු කරපු කෙනාගෙන් අවශ්‍ය කොටස සාදාරන මිලකට මිලදීගන්න
ඊළගට තව සමහර අය players, ලයිට්, alloy wheels වගේ දේවල් මාරු කරනවා වාහනයට originally එන ඒවා අයින් කරලා ඒ වගේ වෙලාවට ඒවත් සාදාරන මිලගනන් වලට දෙන්න පුලුවන්නම් එකත් ගොඩක් අයට වටීවි කියල හිතනවා
තව යම් යම් වෙලාවට වාහනයේ කොටස් අපේ වැරදි භාවිතයන් නිසා ඉක්මනටම සවුත්තු වෙන වෙලාවල් තියනවා තව සමහර සුළු සුළු දේවල් අපිටම fixed කරගන්න පුළුවන් අවස්ථා තියනවා එහෙම දේවල් ගැනත් එළකිරියේ සාමාජිකයෝ දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩක් වැදගත් වේවි
