මචන් වාහන පේන්ට් කරන හොද ප්ලේස් එකක් කියපන්කෝ මහරගම , කොට්ටාව පැත්තෙන්. ලොකුවටම අවුල තියෙන්නෙ ඉස්සරහ බෆර් එක හීරිලා. ඒක පොඩ්ඩක් හදාගන්න ඕනෙ. තව බොඩියෙ තැන තැන touch up ටිකක් ගහගන්න ඕනෙ. හොද කොලිටියට කරන තැනක් කියපන්. මොකද සමහර වාහන තියනව පේන්ට් කරාට හිතන්නවත් බෑ පේන්ට් කරලද කියල. සමහර ඒව පේන්ට් කරාම පේනව දිලිසෙන කොට සහ අල්ලන කොට දැනෙනව මේක නම් පේන්ට් කරල කියල. ඒක නිස සුපිරි පොට් එකක් කියපන් මචන්ලා.

