වාහන මිල ගැන අදහසක් - වාහන ගන්න යන අයට ඔවනදනක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    5,910
    6,581
    113
    මම මේ කාලෙ වාහන ගැන ටිකක් ඉන්ටරෙස්ට්, ඒ නිසා මේ ටිකේම වාහන මිල ගැන හෙව්ව. පොඩි ඇනලයිස් පාරක් දැම්ම. එලකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනකුත් දැම්ම. සකන්ඩ් හෑන්ඩ් මිල හොඳටම වැඩි වෙලා තියෙන්නෙ. ඒත් මට හිතාගන්න බැරි දෙයක් තියෙනව.
    මේ වාහන ගෙන්නන එක අන්තිමටම නැවැත්තුවෙ 2020 මාර්තු වල වගේ නේ. එතකොට ඩොලර් එක තිබ්බෙ 180ටත් අඩුවෙන්. හැබැයි දැන් ඩොලර් එක 370 පැනල යන්නෙ. ඒ කියන්නෙ දෙගුණයටත් පොඩ්ඩක් වැඩි වෙලා. වාහන ගෙන්නන්න දෙන එකත් නවත්තල. ඒ නිසා වාහනයක් අලුතෙන් ගේන්න දුන්නොත් වාහනයක් කොච්චර වෙයිද කියන එක ගැන කිසිම අදහසක් මිනිස්සුන්ට නෑ. ඒ නිසා හැමෝම ගණං කම්පෙයා කරන්නෙ වාහන ගෙන්නන එක අන්තිමටම තහනම් කරද්දි තිබ්බ මිලත් එක්ක.
    හැබැයි දැන් තියෙන ඩොලර් එකේ මිලත් එක්ක එදා ලක්ෂ 80ට වගේ පර්මිට් එකක් දාල ගත්ත ප්‍රිමියෝ එකක් අද ගෙන්නන්න දුන්නොත් කොටි 2කට කිට්ටු වෙන්න වැඩි වෙලා තියෙයි. හේතුව CIF Value එකට ටැක්ස් ගහන නිසා ඉබේටම CIF එකත් වැඩි වෙන නිසා තව ඒකෙන් ටැක්ස් වලටත් බලපෑමක් එයි. මම මේ කියන පදනමේ ඉඳල බැලුවම දැන් යන සකන්ඩ් හෑන්ඩ් මිල ටිකක් සාධාරණයි කියලත් හිතෙනව.
    හැබැයි දැන් පොළී අනුපාතික හොඳටම වැඩි නිසා වාහන+ඉඩම් මිල බලාගෙන ඉද්දි පහළ යනව. එතැන පොඩි වාසියක් තියෙනව වගේම අවාසියක් තියෙනව මොකද ඒ සල්ලි පොතක දාගෙන හිටියොත් ලොකු පොළියක් හම්බවෙනව.
    එතකොට මහ බැංකුවෙන් ට්‍රයි කරනව පොලී අනුපාත පහල දාන්න. එහෙම ලොකු රාවයක් යනව. එහෙම උනොත් වාහන මිල ආයිත් වැඩි වෙයිද?
    ඒ වගේම වාහන සේල් කාරයො එක එක උගුල් අටවනව බොරු මාකට් එකක් හදල වාහන මිල වැඩි කරන්න.
    ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට නම් කොහොමත් ඒක කරන්න වෙන්නෙ නෑ.
    ඒ අතරෙ ඩොලර් එවන අයට පර්මිට් දෙන සීන් එකක් යනව. ඒක මොන විදියට බලපායිද?
    මට මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නෙ.
    මේ වෙලාවෙ වාහනයක් අරගෙන IMF ඇවිල්ල හෝ අනුර කුමාරගෙ ආණ්ඩුවක් ඇවිල්ල හරි ඩොලර් එක බැස්සොත් එක පාරටම ඒ යට කරපු සල්ලි අපතෙ යන්නත් ඉඩ තියෙනව. හැබැයි ඒ වගේම මේ වාහන මිල වැඩි උනොත් පොළී අනුපාත අඩුවෙලා එතැනත් රිස්ක් එකක් තියෙනව.

    මේ ඔක්කොම හරියට බැලුවොත් උඹලට හිතෙන්නෙ මොකක්ද? හැම කාරණයක්ම ඇනලයිස් කරොත්. මේක වාහන ගන්න සුදුුසු වෙලාවක්ද? නැත්නම් ළඟකදි වාහන ගේන්න දෙයිද? ළඟකදි කියල අදහස් කරේ තව අවු 3-4ක් ඇතුලතවත්?


    මේක පස්සෙ ලියපු එකක්. EV ගැන මොකද හිතන්නෙ? මොකද ලංකාවෙ ඉස්සරහට එන තෙල් ප්‍රශ්න, ඒ වගේම ලෝකෙ හැමරටක්ම වගේ EV වලට යන ට්‍රෙන්ඩ් එකකුත් තියෙන නිසා ඒකත් හොඳ ඔප්ෂන් එකක්. ඒත් ලංකාවෙ EV එකක් ගන්න රිලයබල් ක්‍රමයක් තියේද? මොකද මට Offgrid එකක් තියෙන නිසා EV එකත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක්.

    ඒ වගේම මගේ Requirement එකත් කියන්න ඕන.
    මට දැනට පොඩි වාහනයක් තියෙනව (වැගන් ආර්). හැබැයි ලොකු වාහනයකට යන්න ආසාවක් තියෙනව හැබැයි ඒක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද වැඩිය මම වාහනේ දුවන්නෙ නෑ. මාස 5කට වගේ කිලෝ මීටර් 5000ක් දුවනව ඇති වැඩිම උනොත්. ලොකුවටම තියනේනෙ ආසාවක්. හැබැයි අලුත් එකකට යන්න ඕන කියන එක මගේ ඔලුවෙ තියෙනව. ඒක කරන්න හොඳම කාලෙ මේකද නැත්නම් වෙන කාලයක් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ.
    මට දැනට Comfortable zone එකේ ගන්න පුලුවන්(ණය නොවී, ෂේප් එකේ) වාහනයකට තියෙන්නෙ CHR, Premio වගේ ඒව තමයි. ඒව හැබැයි 1කට වගේ ගන්න පුලුවන් 2017 වගේ එකක්. මට හිතෙනව ඒ ගාන ලාබයි කියල ඇත්තටම.



    ඒ වගේම මේ කාලෙ ගෙවන ගානට උපරිම සාධාරණයක් වෙන වාහන මොනවද?
    මම බැලුවෙ,
    Toyota CHR
    Toyota Premio
    Honda Civic Sedan
    මේ සෙට් එක තමයි. මේ වගෙ මොනාහරි අවුල් තියේ නම් ඒවත් කියන්න. මේ වගේ ප්‍රශ්නෙක ඉන්නව ඇති ගොඩක් අය. එයාලටත් මේ ත්‍රෙඩ් එක උදව් වෙයි.



    සැ.යු:
    මේවට වියදම් කරන සල්ලි අරගෙන රට යන්න වගේ ඇඩ්වයිස් නොදී ඉන්න පුලුවන් නම් හොඳයි :)

    බලන කට්ටිය බම්ප් එකකින් සහය වෙන්න ;)
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,072
    1
    58,438
    113
    Kaduwela
    වාහන ගන්නවා නම් මේ තමයි හොදම කාලේ.
    ටැක්ස් වලට අච්චර කැපුනා මෙච්චර කැපුනා කියලා
    නාහෙන් අඩන Professionals ලා කියාගන්න එවුන්
    ගෙවන්න ගත්ත වාහන දාල රට පනියි අප්‍රේල් ලං වෙන්න කලින්.
    Civic Sedan එකකට පලයන්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,133
    12,129
    113
    මිනිස්සුන්ට කන්න බොන්නත් ගෙවල් දොරවල් උගස් කරන්න වෙලා තියෙන්නේ
    බැංකු වලින් නය දෙන්නේ නෑ
    මාසේ ආදායම ලක්ෂ 2ක් ද කොහෙද වෙන්නේ නැත්තම් නය දෙන්නෙත් නෑ

    තෙල් ගහන්න සල්ලි නෑ
    තෙල් එයිද කියල සුවරුත් නෑ

    කවුද ඉතිං ඔච්චර ගණන් දීල වාහන ගන්නේ
    තියන එවුනොත් ගෙවල් ඉඩකඩම් වාහන විකුණලා student visa වලින් රට පනිනවා :(
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    14,876
    15,054
    113
    ගම මහනුවරයි
    මිනිස්සුන්ට කන්න බොන්නත් ගෙවල් දොරවල් උගස් කරන්න වෙලා තියෙන්නේ
    බැංකු වලින් නය දෙන්නේ නෑ
    මාසේ ආදායම ලක්ෂ 2ක් ද කොහෙද වෙන්නේ නැත්තම් නය දෙන්නෙත් නෑ

    තෙල් ගහන්න සල්ලි නෑ
    තෙල් එයිද කියල සුවරුත් නෑ

    කවුද ඉතිං ඔච්චර ගණන් දීල වාහන ගන්නේ
    තියන එවුනොත් ගෙවල් ඉඩකඩම් වාහන විකුණලා student visa වලින් රට පනිනවා :(
    E pena hatine... Ona tharam minissu innawa wahana ganta habai :yes: but reasonable price ekakata...
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,910
    6,581
    113
    මෙච්චර ත්‍රේඩ් දාලා හිඟ කාලා වාහන ගන්න හොයන කෙනෙක්ට Alto 800. අනිත් උන් ට ඕනේ එකක්. ආතල් එකට වාහන ගන්න උනුත් ඉන්නවනේ.
    පුච්චන්න සල්ලි තියාගෙන සල්ලි වලට කරන්න දෙයක් නැතිකමට වාහන ගන්න එක වෙනයි. ඒත් මම නම් දෙයක් කරන්න කලින් හොඳට හොයල බලල කරන්නෙ බං. ගොඩක් අය මේ විදියට හොයනව ඇති ඉතිං.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,637
    28,184
    113
    කෑගල්ල
    පුච්චන්න සල්ලි තියාගෙන සල්ලි වලට කරන්න දෙයක් නැතිකමට වාහන ගන්න එක වෙනයි. ඒත් මම නම් දෙයක් කරන්න කලින් හොඳට හොයල බලල කරන්නෙ බං. ගොඩක් අය මේ විදියට හොයනව ඇති ඉතිං.
    මේ රටේ තිබ්බ සල්ලි ටික කොහේ හරි තියෙන්න ඕන නේ. පිරිසකට අමාරු වෙනවා කියන්නේ තව පිරිසකට හොඳ වෙන්න ඕනේ නේ. පිරිසකට හොඳටම අමාරු වෙනවා කියන්නේ තව පිරිසකට හොඳටම හොඳ වෙන්න එපැයි. මම නම් කියන්නේ ඔය තියන විදිහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඔය මුලින් කියලා තිබ්බ විදිහට $ එකට ශපෙක්ෂව වාහන ගණන් වැඩි වෙලත් නෑ නේ හරියට ගත්හත්. ගන්නවානම් ගන්න එක තමා හොඳ. මොකද පෙළක් උන් ඉන්නවා ලොකු අවබෝධයක් නැතිව අඩුවට දීලා දාන උනුත්. ඔය @kasun_kbp කියලා තියනවා වගේ එහෙම එකෙක්ම අල්ලා ගන්න ඕනේ. එහෙම උන් ඉන්නවා.
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    948
    446
    63
    bandaragama
    Civic තමයි ඉතිං . තර්බො යුනිට් එකේ කොමන් ෆෝල්ට් එකක් එනවා.ඒ ඇරුනම පම්ට්ට වාහනේ
     
    • Love
    Reactions: chami2015

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,199
    1
    46,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහන මිල අනුමාන කරන එක සංකීර්ණ වැඩක්

    දැන් ලෝකෙ EV වාහනවලට යන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නෙ. ඒ නිසා ගන්න එකක් ආපහු විකුනන්න මාකට් එක ගැන හිතන්නෙ නැතුව ගන්න.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,910
    6,581
    113
    First of all ask yourself do I really need a car.
    Then depending on your requirements decide what type of vehicle you need.
    You can select the best option of that category next.
    If you are going to buy a car as an investment, I don't think it's a good idea.
    මාත් ඒකම අහනව 😁
    මට දැනට පොඩි වාහනයක් තියෙනව මචං(වැගන් ආර්). හැබැයි ලොකු වාහනයකට යන්න ආසාවක් තියෙනව හැබැයි ඒක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද වැඩිය මම වාහනේ දුවන්නෙ නෑ. මාස 5කට වගේ කිලෝ මීටර් 5000ක් දුවනව ඇති වැඩිම උනොත්. ලොකුවටම තියනේනෙ ආසවක්. හැබැයි අලුත් එකකට යන්න ඕන කියන මගේ ඔලුවෙ තියෙනව. ඒක කරන්න හොඳම කාලෙ මේකද නැත්නම් වෙන කාලයක් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ.
    තව දෙයක් මම Offgrid එකක් ගැහුව ගිය අවුරුද්දෙ. ඒ නිසා EV එකකට යනව නම් ලොකු වාසියක් තියෙනව මොකද ඉස්සරහට පෙට්‍රල් ප්‍රශ්නයක් ආවොත් කියල. ඒ නිසා ඒකත් ටිකක් සලකා බලන්න වෙනව.
    ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට වාහනයක් ගන්න කිසිම අදහසක් නෑ බං.
    මට දැනට Comfortable zone එකේ ගන්න පුලුවන් වාහනයකට තියෙන්නෙ CHR, Premio වගේ ඒව තමයි. ඒව හැබැයි 1කට වගේ ගන්න පුලුවන් 2017 වගේ එකක්. මට හිතෙනව ඒ ගාන ලාබයි කියල ඇත්තටම.

    මේ රටේ තිබ්බ සල්ලි ටික කොහේ හරි තියෙන්න ඕන නේ. පිරිසකට අමාරු වෙනවා කියන්නේ තව පිරිසකට හොඳ වෙන්න ඕනේ නේ. පිරිසකට හොඳටම අමාරු වෙනවා කියන්නේ තව පිරිසකට හොඳටම හොඳ වෙන්න එපැයි. මම නම් කියන්නේ ඔය තියන විදිහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඔය මුලින් කියලා තිබ්බ විදිහට $ එකට ශපෙක්ෂව වාහන ගණන් වැඩි වෙලත් නෑ නේ හරියට ගත්හත්. ගන්නවානම් ගන්න එක තමා හොඳ. මොකද පෙළක් උන් ඉන්නවා ලොකු අවබෝධයක් නැතිව අඩුවට දීලා දාන උනුත්. ඔය @kasun_kbp කියලා තියනවා වගේ එහෙම එකෙක්ම අල්ලා ගන්න ඕනේ. එහෙම උන් ඉන්නවා.
    Hyper inflation එකක ලක්ෂණයක් නේ බං ඒක. අඩුම පන්තියේ අයගෙ සල්ලි වැඩිම තැනකට තල්ලු වෙනව. ළඟදි සමීක්ෂණයකිනුත් කියල තියෙනව නේ ලෝකෙ ඉන්න ධනවත්ම අයගෙ ළඟ 90%කට වැඩිය එහා ජනගහනයෙ සල්ලි තල්ලු වෙලා කියල. ඕව වෙනම කතා කරන්න ඕන සිද්දි බං.
    "IMF ඇවිල්ල හෝ අනුර කුමාරගෙ ආණ්ඩුවක් ඇවිල්ල හරි ඩොලර් එක බැස්සොත්"

    kawadda $ basse :lol:
    ඔව් ඉතිහාසයෙ කවදාවත් ඩොලර් එක බැහැල ස්ටේබල් වෙලා නෑ. පොඩ්ඩක් අඩුවෙලා ආයිත් වැඩි වෙලා තියෙනව. ඒත් බං මේක ඉතිහාසය එක්ක කම්පෙයා කරන්න අමාරුයි නේ? මොකද Hyper inflation එකක් එක්ක යන සිද්දියක්. මාර හයිප් එකකින් ඩොලර් එක වැඩි උනේ. ඒ නිසා එක ගානකට බැහැල ආයිත් ස්ටේබල් වෙන්න පුලුවන්. මේවට ඉතිං හරියට උත්තර දෙන්න සක්කරයටවත් බැරුව ඇති 😁
    මචං මම දැක්ක කිරියෙ කියල තියෙනව ගොඩක් අය ඒකට 95 Octane ඕන කියල. මේන්ටේනස් කොස්ට් එක හොඳටම වැඩියි අනං මනං.
    හැබැයි මට දැනට අහුඋන ලාබම වාහනෙත් මේක. ලක්ෂ 80 ගානට වගේ යනව.

    වාහන මිල අනුමාන කරන එක සංකීර්ණ වැඩක්

    දැන් ලෝකෙ EV වාහනවලට යන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නෙ. ඒ නිසා ගන්න එකක් ආපහු විකුනන්න මාකට් එක ගැන හිතන්නෙ නැතුව ගන්න.
    අන්න ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ මචං. ඒකත් මේ සෙට් එකේ එක කොනක තියෙනව. මම Offgrid එකකුත් ගහපු නිසා ඇත්තටම මට EV එකකට යන එක ලාබයි. ඒත් ට්‍රස්ට් කරන්න පුලුවන් EV එකක් තියේද? ගන්න ක්‍රමයක් තියේද?
    ------ Post added on Jan 25, 2023 at 3:01 PM
     
    • Like
    Reactions: sahansira

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    1,989
    1,759
    113
    Ⓔᗩ𝓇ţħ
    Doller eka bahi kiyala hitana eka probabilty eka itha aduma deyak adu unath loku ganakin aduwei kiyala hitanna ba.

    savings wala intrest rate wadi kannwa kiyanne wahana mila adu wenwa, adu wenwan wahana mila wadi wenwa. apita ithin kawadawath hariyatama peek eka methanai kiyala kiyanna ba habai me welwa adu wena trend eka podiyata yana hinda ai ganan wadi wenna chance ekak thiyanwa, ewa ihtin hariyata kiyanna ba factors godak blapanwa. It's up to you

    oya market eka gana analysis park danma wage oyage wahna gana tikakth analysis parak danna. oyage use case ekata galapena hondama eka thoraganna. oyage requirements mukuth dala na methana.
     
    • Love
    Reactions: chami2015