වාහන මිල ගැන අදහසක් - වාහන ගන්න යන අයට ඔවනදනක්

KDI12

Active member
  • Apr 24, 2016
    453
    129
    43
    මම මේ කාලෙ වාහන ගැන ටිකක් ඉන්ටරෙස්ට්, ඒ නිසා මේ ටිකේම වාහන මිල ගැන හෙව්ව. පොඩි ඇනලයිස් පාරක් දැම්ම. එලකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනකුත් දැම්ම. සකන්ඩ් හෑන්ඩ් මිල හොඳටම වැඩි වෙලා තියෙන්නෙ. ඒත් මට හිතාගන්න බැරි දෙයක් තියෙනව.
    මේ වාහන ගෙන්නන එක අන්තිමටම නැවැත්තුවෙ 2020 මාර්තු වල වගේ නේ. එතකොට ඩොලර් එක තිබ්බෙ 180ටත් අඩුවෙන්. හැබැයි දැන් ඩොලර් එක 370 පැනල යන්නෙ. ඒ කියන්නෙ දෙගුණයටත් පොඩ්ඩක් වැඩි වෙලා. වාහන ගෙන්නන්න දෙන එකත් නවත්තල. ඒ නිසා වාහනයක් අලුතෙන් ගේන්න දුන්නොත් වාහනයක් කොච්චර වෙයිද කියන එක ගැන කිසිම අදහසක් මිනිස්සුන්ට නෑ. ඒ නිසා හැමෝම ගණං කම්පෙයා කරන්නෙ වාහන ගෙන්නන එක අන්තිමටම තහනම් කරද්දි තිබ්බ මිලත් එක්ක.
    හැබැයි දැන් තියෙන ඩොලර් එකේ මිලත් එක්ක එදා ලක්ෂ 80ට වගේ පර්මිට් එකක් දාල ගත්ත ප්‍රිමියෝ එකක් අද ගෙන්නන්න දුන්නොත් කොටි 2කට කිට්ටු වෙන්න වැඩි වෙලා තියෙයි. හේතුව CIF Value එකට ටැක්ස් ගහන නිසා ඉබේටම CIF එකත් වැඩි වෙන නිසා තව ඒකෙන් ටැක්ස් වලටත් බලපෑමක් එයි. මම මේ කියන පදනමේ ඉඳල බැලුවම දැන් යන සකන්ඩ් හෑන්ඩ් මිල ටිකක් සාධාරණයි කියලත් හිතෙනව.
    හැබැයි දැන් පොළී අනුපාතික හොඳටම වැඩි නිසා වාහන+ඉඩම් මිල බලාගෙන ඉද්දි පහළ යනව. එතැන පොඩි වාසියක් තියෙනව වගේම අවාසියක් තියෙනව මොකද ඒ සල්ලි පොතක දාගෙන හිටියොත් ලොකු පොළියක් හම්බවෙනව.
    එතකොට මහ බැංකුවෙන් ට්‍රයි කරනව පොලී අනුපාත පහල දාන්න. එහෙම ලොකු රාවයක් යනව. එහෙම උනොත් වාහන මිල ආයිත් වැඩි වෙයිද?
    ඒ වගේම වාහන සේල් කාරයො එක එක උගුල් අටවනව බොරු මාකට් එකක් හදල වාහන මිල වැඩි කරන්න.
    ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට නම් කොහොමත් ඒක කරන්න වෙන්නෙ නෑ.
    ඒ අතරෙ ඩොලර් එවන අයට පර්මිට් දෙන සීන් එකක් යනව. ඒක මොන විදියට බලපායිද?
    මට මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නෙ.
    මේ වෙලාවෙ වාහනයක් අරගෙන IMF ඇවිල්ල හෝ අනුර කුමාරගෙ ආණ්ඩුවක් ඇවිල්ල හරි ඩොලර් එක බැස්සොත් එක පාරටම ඒ යට කරපු සල්ලි අපතෙ යන්නත් ඉඩ තියෙනව. හැබැයි ඒ වගේම මේ වාහන මිල වැඩි උනොත් පොළී අනුපාත අඩුවෙලා එතැනත් රිස්ක් එකක් තියෙනව.

    මේ ඔක්කොම හරියට බැලුවොත් උඹලට හිතෙන්නෙ මොකක්ද? හැම කාරණයක්ම ඇනලයිස් කරොත්. මේක වාහන ගන්න සුදුුසු වෙලාවක්ද? නැත්නම් ළඟකදි වාහන ගේන්න දෙයිද? ළඟකදි කියල අදහස් කරේ තව අවු 3-4ක් ඇතුලතවත්?

    මේක පස්සෙ ලියපු එකක්. EV ගැන මොකද හිතන්නෙ? මොකද ලංකාවෙ ඉස්සරහට එන තෙල් ප්‍රශ්න, ඒ වගේම ලෝකෙ හැමරටක්ම වගේ EV වලට යන ට්‍රෙන්ඩ් එකකුත් තියෙන නිසා ඒකත් හොඳ ඔප්ෂන් එකක්. ඒත් ලංකාවෙ EV එකක් ගන්න රිලයබල් ක්‍රමයක් තියේද? මොකද මට Offgrid එකක් තියෙන නිසා EV එකත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක්.

    ඒ වගේම මගේ Requirement එකත් කියන්න ඕන.
    මට දැනට පොඩි වාහනයක් තියෙනව (වැගන් ආර්). හැබැයි ලොකු වාහනයකට යන්න ආසාවක් තියෙනව හැබැයි ඒක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද වැඩිය මම වාහනේ දුවන්නෙ නෑ. මාස 5කට වගේ කිලෝ මීටර් 5000ක් දුවනව ඇති වැඩිම උනොත්. ලොකුවටම තියනේනෙ ආසාවක්. හැබැයි අලුත් එකකට යන්න ඕන කියන එක මගේ ඔලුවෙ තියෙනව. ඒක කරන්න හොඳම කාලෙ මේකද නැත්නම් වෙන කාලයක් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ.
    මට දැනට Comfortable zone එකේ ගන්න පුලුවන්(ණය නොවී, ෂේප් එකේ) වාහනයකට තියෙන්නෙ CHR, Premio වගේ ඒව තමයි. ඒව හැබැයි 1කට වගේ ගන්න පුලුවන් 2017 වගේ එකක්. මට හිතෙනව ඒ ගාන ලාබයි කියල ඇත්තටම.

    ඒ වගේම මේ කාලෙ ගෙවන ගානට උපරිම සාධාරණයක් වෙන වාහන මොනවද?
    මම බැලුවෙ,
    Toyota CHR
    Toyota Premio
    Honda Civic Sedan
    මේ සෙට් එක තමයි. මේ වගෙ මොනාහරි අවුල් තියේ නම් ඒවත් කියන්න. මේ වගේ ප්‍රශ්නෙක ඉන්නව ඇති ගොඩක් අය. එයාලටත් මේ ත්‍රෙඩ් එක උදව් වෙයි.

    සැ.යු:
    මේවට වියදම් කරන සල්ලි අරගෙන රට යන්න වගේ ඇඩ්වයිස් නොදී ඉන්න පුලුවන් නම් හොඳයි :)

    බලන කට්ටිය බම්ප් එකකින් සහය වෙන්න ;)
    CIF nemei CC ekat tami TAX ghnne...sooo Vehicle price double wenne ne....poddai wedi wnne.....
     
    • Love
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,064
    8,365
    113
    Doller eka bahi kiyala hitana eka probabilty eka itha aduma deyak adu unath loku ganakin aduwei kiyala hitanna ba.

    savings wala intrest rate wadi kannwa kiyanne wahana mila adu wenwa, adu wenwan wahana mila wadi wenwa. apita ithin kawadawath hariyatama peek eka methanai kiyala kiyanna ba habai me welwa adu wena trend eka podiyata yana hinda ai ganan wadi wenna chance ekak thiyanwa, ewa ihtin hariyata kiyanna ba factors godak blapanwa. It's up to you

    oya market eka gana analysis park danma wage oyage wahna gana tikakth analysis parak danna. oyage use case ekata galapena hondama eka thoraganna. oyage requirements mukuth dala na methana.
    මචං Requirements නම් පස්සෙ අප්ඩේට් කරා. මටත් හිතෙන්නෙ මචං මේ වගේ Situations හරියට රීඩ් කරන්න අමාරුයි කියල. හැබැයි දැන් යන සකන්ඩ් හෑන්ඩ් වාහන මිල ලාබයි කියලමයි මට හිතෙන්නෙ.
    මේව EV නේද? මේ මගුල් ගෙන්නන විදියක් තාම හරියට කියල නෑ නේ බං. එක එකා එක එක කතා කියන්නෙ
    Turbo one ekakata 95 one ne. CHR ekatat one.
    Monada appe ochchara maintains tiyenne?
    CHR එකට 95 ඕනද? මම ඕන තරම් දැකල තියෙනව CHR වලට 92 ගහනව බං.
    මේ කිරියෙම ත්‍රෙඩ් ගොඩක දැක්ක ඒකෙ Maintenance cost වැඩියි කියල. හැබැයි මම නම් ආසම වාහනයක්. Grace එකත් ටිකක් හොඳයි වගේ නේ
    Civic eka ground clearance eka adui neda

    Manual Civic ekak daala tibba 2018... 95i ... maru baande habai ground clearance sahenna madi..
    සිවික් එක ගැන මොකද හිතන්නෙ?
    Me days wala wahana wikinenne naha neda?
    ඔව් රේට්ස් වැඩි නිසා ගොඩක් අය FD දානව බං. ඇත්තටම අවශ්‍යතාවයකට ගන්න එකෙක්ටත් හොඳ කාලෙ මේක තමයි මට හිතෙන්නෙ.
    $ eka controlled hindai me gana thiyenne, oka digatama karanna be.
    උඹ කියන්නෙ ඩොලර් එක අල්ලගෙන ඉන්න එකද? හැබැයි IMF ලැබුනොත් ඩ්‍රොප් වෙන්නත් සම්භාවිතාවක් තියෙනව නේ?
    කවුරු ආවත් අයේ එහෙම දැනෙන්න ලොකුවට ඩොලර් එක නම් බහින එකක් නෑ බන්
    ම්ම්
    උබ වගේම තමා මාත් වහනයක් ගන්න බල බල හිටියේ. මුලින් vitz එකකට යනවා කියල් හිතුවේ. නැදැයෝ වගයක් රට ගිහින් උන්ගේ vitz එක විකුණන්න අපිට දිලා ගියේ. එක පැද්දට පස්සේ සෙට් නැ මට. පස්සේ CHR එකකුත් බලලා වැඩේ අතැරියා. මන් chr හොයද්දි නොට් වෙච්ච දෙයක් ගොඩක් අඩුවට දාලා තිබ්බා 2018-2019 එවා. ලක්ශ 100ට්ත් අඩුවෙන්. එවට කතා කරාම ආන්සර් කරනවා. බලන්න එන්න අහද්දි මග අරිනවා. අපේ පැත්තේ 2018 chr එකක් දාලා තිබ්බා 95කට. කතා කරාම 92කට වැඩෙ කරන්න කතා කරගත්ත. බලන්න එන්න අහද්දි අද බැ අද බැ කියලා මග ඇරිය. 10 සැරයක් විතර ට්‍රයි කරා. මට හිතෙන විදියට මෙවා සෙල් කාරයොම දාන ඇඩ්. උන් මාකට් එක ඩවුන් කරලා වාහන අඩුවට ගන්නවා වගේ. සමහරක් විට තව මාස කිපයකින් වාහන වැඩි වෙන්න ඉඩ තියෙනවා.
    මචං විට්ස් එකේ නම් පික්අප් අඩුයි ඒ වගේම Accelerate කරද්දි ලොකු නොයිස් එකක් එනව. මටත් වැඩිය අල්ලන්නෙ නෑ. ඇයි CHR එක ගන්න හදල අතඇරියෙ? ඔය විකුණන උන්ගෙ කේස් නිසාද?
    මේ සේල් කාරයො නම් මාර ගේම් ප්ලේ කරන්නෙ බං. දැන් සද්දෙ නැතුව ඉන්නව ඔය පොලී වැඩි නිසා. හැබැයි පොලිය බැස්සොත් ෂුවර් වාහන මිල වැඩි වෙයි. හැබැයි අර ඩොලර් එකේ කේස් එකත් එක්ක බැලුවම ඇත්තටම සකන්ඩ් හෑන්ඩ් වාහන ලාබයි බං.
    Im also had the same senario machan..im looking at a EV...bmw i 3 series small electric car...its pretty and decent..milage hoda ekak ganna puluwanwei...man poddak wade passata dala inne baya hinda...chanden passe aniwa aye current natiwei thel natiwei...loku economy crash ekak ewi kiyala hitenawa
    මචං EV එකකට යනව නම් බය නැතුව Offgrid එකකට යන්න මම වගේ. මට ලක්ෂ 16ක් වගේ ගියේ Offgrid එක ගහන්න. දැන් පැනල් වල ටැක්ස් අයින් කර නිසා තව ගොඩක් අඩුවට කරගන්න පුලුවන් වෙයි. එතකොට නම් ඔය තෙල් ප්‍රශ්න අනං මනං ගැන වොරි වෙන්න දෙයක් නෑ. මටත් හිතාගන්න බෑ වෙලාවකට හිතෙනව වැඩේ අල්ලල දාල නිකං ඉන්න :ROFLMAO:
    investing in a vehicle in sri lanka is utter stupidity, we have an abundance of vehicles in sri lanka, plus too much of maintenance and running cost, after 7-8pm no vehicles in the road.
    ම්ම්
    CIF nemei CC ekat tami TAX ghnne...sooo Vehicle price double wenne ne....poddai wedi wnne.....
    නෑ මචං අනිවා ඩබල් වෙනව. මම කතා කරන්නෙ ටැක්ස් එක ගැන නෙමෙයි. ඩොලර් එක වැඩියි නේ. එදා ඩොලර් එක තිබ්බෙ 170ගණං ඒත් අද තියෙන්නෙ 370 ගණං. එතකොට වාහනේ මිල කෙලින්ම දෙගුණයකට වැඩි වෙන්න ඕන. අද වාහන ගෙන්නන්න අවසර දුන්නොත් අනිවාර්යෙන් එදා තිබ්බ වාහන දෙගුණයකට වැඩි වෙන්න ඕන.
    අනිත් එක හැමෝම වගේ Premio, CHR වගේ වාහන ගත්තෙ අර ලක්ෂ 25ද 35ද පර්මිට් එක දාල. එතකොට ඒවත් අවුල් යනව මේ විදියට CIF එක වැඩි උනාම. තේරුනාද මචං?
     
    • Like
    Reactions: dasith077

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මට ලඟදි ඉහල පැලැන්තියේ කියන වහනයක් අඩුවට සෙට් උන.. මගේ යාලුවෝ හැමෝම කියන්නේ සල්ලි තියන එකේ පිටරට ගිහින් settle වෙන්න අපරාදේ ඔච්චර ගානක් ලංකාවේ වාහනේකට දෙන්නේ කියල..
    හැබය් රට ගිහින් අපි මොන වාහනේ ගත්තත් එක සුද්දෙක් ගත්ත වගේ අපිට පිලි ගැනීමක් නැහැ. තනියම එක දිහා බලන් ඉන්න වෙන්නේ..
    එනිසා ලංකාවේ ඉන්නව නම් සල්ලි enjoy කරපන්, හොඳ වාහනයක් අරගනින්.

    වාහන ගන්නේ status maintain කරන්න නෙමෙය්, කා එක්ක connection හදාගන්නද වගේ ගොන් කතා කියන එවුන් ගණන් ගන්න එපා.. හොඳට සල්ලි තියන එවුන් ඔක්කොම තාම ලංකාවේ ඉන්නේ, ඔය middle class, ජොබ් කරන සෙට් එක තම යන්නේ..
     
    Last edited:

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,769
    1,921
    113
    Galle
    මචං Requirements නම් පස්සෙ අප්ඩේට් කරා. මටත් හිතෙන්නෙ මචං මේ වගේ Situations හරියට රීඩ් කරන්න අමාරුයි කියල. හැබැයි දැන් යන සකන්ඩ් හෑන්ඩ් වාහන මිල ලාබයි කියලමයි මට හිතෙන්නෙ.

    මේව EV නේද? මේ මගුල් ගෙන්නන විදියක් තාම හරියට කියල නෑ නේ බං. එක එකා එක එක කතා කියන්නෙ

    CHR එකට 95 ඕනද? මම ඕන තරම් දැකල තියෙනව CHR වලට 92 ගහනව බං.
    මේ කිරියෙම ත්‍රෙඩ් ගොඩක දැක්ක ඒකෙ Maintenance cost වැඩියි කියල. හැබැයි මම නම් ආසම වාහනයක්. Grace එකත් ටිකක් හොඳයි වගේ නේ

    සිවික් එක ගැන මොකද හිතන්නෙ?

    ඔව් රේට්ස් වැඩි නිසා ගොඩක් අය FD දානව බං. ඇත්තටම අවශ්‍යතාවයකට ගන්න එකෙක්ටත් හොඳ කාලෙ මේක තමයි මට හිතෙන්නෙ.

    උඹ කියන්නෙ ඩොලර් එක අල්ලගෙන ඉන්න එකද? හැබැයි IMF ලැබුනොත් ඩ්‍රොප් වෙන්නත් සම්භාවිතාවක් තියෙනව නේ?

    ම්ම්

    මචං විට්ස් එකේ නම් පික්අප් අඩුයි ඒ වගේම Accelerate කරද්දි ලොකු නොයිස් එකක් එනව. මටත් වැඩිය අල්ලන්නෙ නෑ. ඇයි CHR එක ගන්න හදල අතඇරියෙ? ඔය විකුණන උන්ගෙ කේස් නිසාද?
    මේ සේල් කාරයො නම් මාර ගේම් ප්ලේ කරන්නෙ බං. දැන් සද්දෙ නැතුව ඉන්නව ඔය පොලී වැඩි නිසා. හැබැයි පොලිය බැස්සොත් ෂුවර් වාහන මිල වැඩි වෙයි. හැබැයි අර ඩොලර් එකේ කේස් එකත් එක්ක බැලුවම ඇත්තටම සකන්ඩ් හෑන්ඩ් වාහන ලාබයි බං.

    මචං EV එකකට යනව නම් බය නැතුව Offgrid එකකට යන්න මම වගේ. මට ලක්ෂ 16ක් වගේ ගියේ Offgrid එක ගහන්න. දැන් පැනල් වල ටැක්ස් අයින් කර නිසා තව ගොඩක් අඩුවට කරගන්න පුලුවන් වෙයි. එතකොට නම් ඔය තෙල් ප්‍රශ්න අනං මනං ගැන වොරි වෙන්න දෙයක් නෑ. මටත් හිතාගන්න බෑ වෙලාවකට හිතෙනව වැඩේ අල්ලල දාල නිකං ඉන්න :ROFLMAO:

    ම්ම්

    නෑ මචං අනිවා ඩබල් වෙනව. මම කතා කරන්නෙ ටැක්ස් එක ගැන නෙමෙයි. ඩොලර් එක වැඩියි නේ. එදා ඩොලර් එක තිබ්බෙ 170ගණං ඒත් අද තියෙන්නෙ 370 ගණං. එතකොට වාහනේ මිල කෙලින්ම දෙගුණයකට වැඩි වෙන්න ඕන. අද වාහන ගෙන්නන්න අවසර දුන්නොත් අනිවාර්යෙන් එදා තිබ්බ වාහන දෙගුණයකට වැඩි වෙන්න ඕන.
    අනිත් එක හැමෝම වගේ Premio, CHR වගේ වාහන ගත්තෙ අර ලක්ෂ 25ද 35ද පර්මිට් එක දාල. එතකොට ඒවත් අවුල් යනව මේ විදියට CIF එක වැඩි උනාම. තේරුනාද මචං?
    Machan kohoma karat issarahata electric tama possibility eka wadi...ayenam petrol polim wala inna ba mai...!!
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ

    update eka baluwa, my pov, ev wahana hariyata mehe stablish wenna thawa awurudu 3-5 yai aduma. moko wahne witrak genawata madi. technology advance ethakota mechanics la one, charging network ekak one, parts thiyenna one. oya serama wenna thawa kal yanwa. ubata echara kal inna puluwan nan idala ganin. dan gannwann ev recommend karanna puluwan secondary vehicle widihata tama.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    Premio
    නඩත්තු වියදමත් එක්ක සෑහෙන්න ලාබයි. දැන් අවුරුදු 6, 7කට විතර කලින්, 2007-2010 premio එක ගියේ 50-45 අතර. 2011-2013 එක ගියේ 50-56 අතර. 2013-2017( 2017 ආපු ෆේස්ලිෆ්ට් එකට කලින්) එක විකිණුනේ 55ත් 65ත් අතර ගනන් වලට. කොහොම හරි මගේ වාහනේ 2019 නොවැම්බර් වල විකුණන්න හදද්දී මේ හැම එකක්ම ලක්ෂ 5කින් 6කින් අඩු වෙලා තිබ්බා. මම ගාව තිබ්බේ 2012 මොඩල් එකක්. ගත්තේ 53ට. 2019 අන්තිම වෙද්දී අලුත් ෆේස්ලිෆ්ට් එකත් ඇවිල්ලා ටිකක් කල් නිසා මගේ වාහනේ කාලේ එකකුත් විකිණුනේ 45ට වගේ. කොහොම හරි කොරෝනා එක්ක ගණන් වැඩි උනා. මේ උදාහරණේ කිව්වේ කලින් තිබ්බ තත්වෙත් එක්ක එකම වාහනේ අළුත් මොඩල් එකක් ආවොත් පරණ මොඩල් එකේ ගාන අඩු වෙනවා. මම දැනට දන්න විදියට ප්‍රිමියෝ එක හදන්නේ නෑ. කැම්‍රි එකෙන් ප්‍රිමියෝ එක රිප්ලේස් උනා 2020 විතර. ඒකත් එක්ක ආයේ කවදා හරි දවසක වාහන ගෙන්නන්න ගත්තොත් කොහොම වෙයිද දන්නේ නෑ. හැබැයි පරණ විදියට උනොත් ගණන් අඩු ව

    පාවිච්චිය පැත්තෙන් ගත්තොත් නම් වියදම් හොඳටම අඩුයි. අවුරුදු 10ක් විතර පරන වෙලත් ගානකට පැද්දොත් 17-18ක් විතර ලීටරේට කරනවා.

    ලෝන් ගැන කිව්වොත් නම් බැන්කු වල වැඩ කරන අයම කියන්නේ මේ දවස් වල බැංකු රිම් එකෙන් යන්නේ කියලා. FD කියලා බර ගණන් තැන්පත් කරපු සල්ලි වලට පොලිය ගෙවනවා විතරයි. ආයේ අනිත් පැත්තට වැඩි ගාණක් එකතු වෙන්න කියලා invest කරන්න ලෝන් දෙන්න විදියක් නෑ. මොකද මිනිස්සු දැන් පොලිය වැඩි නිසා ණය ගන්නේ නෑ. මේ තත්වෙත් එක්ක කවදා හරි ලඟදිම දවසක පොලිය තියෙනවට වඩා අඩු කරන්න වෙනවා. එතකොට වාහන ගණන් කොහොම වෙයිද දන්නේ නෑ. ගොඩක් දුරට වැඩි වෙයි. ඒත් මේ වාහන විකුණන විදියත් එක්ක ලොකුවට වැඩි වෙන එකකුත් නෑ. සේල් කාරයොත් ඉස්සර වගේ මලපෙරේත කමට වාහන ගොඩ ගහන්නේ නෑ. උන්ම ගණන් වැඩි කරපු මාකට් එකේ උන්ටම වාහන විකුණ ගන්න බැරුව කෙල වෙලා උන් ඉන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    $ eka controlled hindai me gana thiyenne, oka digatama karanna be.
    මොනව දීලද බන් $ එක කන්ට්‍රෝල් කරන්නෙ. ඩොලර් තියනවා නං ඒක කරන්න පුලුවන්. නැත්තං ඒක කරන්න විදියක් නැහැනේ. කලින් ආණ්ඩුව බිලියන ගානක් ඉවර කරේ තියන ඩොලර් වලින් ඩොලර් එක 200ට තියාගෙන ඉන්න ගිහින් නේ

    import restriction එක නිසා තමයි කන්ට්‍රෝල් වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Jack London

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හැබය් රට ගිහින් අපි මොන වාහනේ ගත්තත් එක සුද්දෙක් ගත්ත වගේ අපිට පිලි ගැනීමක් නැහැ. තනියම එක දිහා බලන් ඉන්න වෙන්නේ..
    Ane manda wahana ganne social acceptance ekata da? :confused:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    මචං විට්ස් එකේ නම් පික්අප් අඩුයි ඒ වගේම Accelerate කරද්දි ලොකු නොයිස් එකක් එනව. මටත් වැඩිය අල්ලන්නෙ නෑ. ඇයි CHR එක ගන්න හදල අතඇරියෙ? ඔය විකුණන උන්ගෙ කේස් නිසාද?
    මේ සේල් කාරයො නම් මාර ගේම් ප්ලේ කරන්නෙ බං. දැන් සද්දෙ නැතුව ඉන්නව ඔය පොලී වැඩි නිසා. හැබැයි පොලිය බැස්සොත් ෂුවර් වාහන මිල වැඩි වෙයි. හැබැයි අර ඩොලර් එකේ කේස් එකත් එක්ක බැලුවම ඇත්තටම සකන්ඩ් හෑන්ඩ් වාහන ලාබයි බං.
    මගේ බජට් එක තිබ්බේ 10mn බන්. Below 10mn දාලා තිබ්බ chr ඔක්කොටොම කතා කරා. එකක්වත් වැඩක් උනේ නැ. ඊට පස්සේ ට්‍රයි කරේ සිවික් එක. එවත් සෙට් උනේ නැ හොද එකක්. අනික 92 ගහන එවා තියෙන්නේ. දැන් හිතන් ඉන්නේ බජට් එක තව ටිකක් වැඩි කරන් 2017න් උඩ ප්‍රිමියො එකකට යන්න.
     
    • Like
    Reactions: chami2015

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    මොනව දීලද බන් $ එක කන්ට්‍රෝල් කරන්නෙ. ඩොලර් තියනවා නං ඒක කරන්න පුලුවන්. නැත්තං ඒක කරන්න විදියක් නැහැනේ. කලින් ආණ්ඩුව බිලියන ගානක් ඉවර කරේ තියන ඩොලර් වලින් ඩොලර් එක 200ට තියාගෙන ඉන්න ගිහින් නේ

    import restriction එක නිසා තමයි කන්ට්‍රෝල් වෙලා තියෙන
    puluwan mcn ena $ tiken wena wiyadam kapala control karanna puluwan
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,064
    8,365
    113
    Machan kohoma karat issarahata electric tama possibility eka wadi...ayenam petrol polim wala inna ba mai...!!
    ඔව් මචං මටත් EV සීන් එක නම් ලොකුවටම ඔලුවෙ තියෙනව
    update eka baluwa, my pov, ev wahana hariyata mehe stablish wenna thawa awurudu 3-5 yai aduma. moko wahne witrak genawata madi. technology advance ethakota mechanics la one, charging network ekak one, parts thiyenna one. oya serama wenna thawa kal yanwa. ubata echara kal inna puluwan nan idala ganin. dan gannwann ev recommend karanna puluwan secondary vehicle widihata tama.
    හැබැයි මචං හොඳට දුවන්න පුලුවන් EV එකක් නම් ලංකාවෙ නගර අතරෙ තියෙන දුර නිසා ටිකක් ෂේප් කියලත් හිතෙනව. සාමානයයෙන් කිලෝ මීටර් 500ක්වත් දුවන්න පුලුවන් EV එකක්. හැබැයි මට Offgrid එකක් තියෙන නිසා ඒක හොඳ ඔප්ෂන් එකක් වෙයි කියලත් හිතෙනව.
    Premio
    නඩත්තු වියදමත් එක්ක සෑහෙන්න ලාබයි. දැන් අවුරුදු 6, 7කට විතර කලින්, 2007-2010 premio එක ගියේ 50-45 අතර. 2011-2013 එක ගියේ 50-56 අතර. 2013-2017( 2017 ආපු ෆේස්ලිෆ්ට් එකට කලින්) එක විකිණුනේ 55ත් 65ත් අතර ගනන් වලට. කොහොම හරි මගේ වාහනේ 2019 නොවැම්බර් වල විකුණන්න හදද්දී මේ හැම එකක්ම ලක්ෂ 5කින් 6කින් අඩු වෙලා තිබ්බා. මම ගාව තිබ්බේ 2012 මොඩල් එකක්. ගත්තේ 53ට. 2019 අන්තිම වෙද්දී අලුත් ෆේස්ලිෆ්ට් එකත් ඇවිල්ලා ටිකක් කල් නිසා මගේ වාහනේ කාලේ එකකුත් විකිණුනේ 45ට වගේ. කොහොම හරි කොරෝනා එක්ක ගණන් වැඩි උනා. මේ උදාහරණේ කිව්වේ කලින් තිබ්බ තත්වෙත් එක්ක එකම වාහනේ අළුත් මොඩල් එකක් ආවොත් පරණ මොඩල් එකේ ගාන අඩු වෙනවා. මම දැනට දන්න විදියට ප්‍රිමියෝ එක හදන්නේ නෑ. කැම්‍රි එකෙන් ප්‍රිමියෝ එක රිප්ලේස් උනා 2020 විතර. ඒකත් එක්ක ආයේ කවදා හරි දවසක වාහන ගෙන්නන්න ගත්තොත් කොහොම වෙයිද දන්නේ නෑ. හැබැයි පරණ විදියට උනොත් ගණන් අඩු ව

    පාවිච්චිය පැත්තෙන් ගත්තොත් නම් වියදම් හොඳටම අඩුයි. අවුරුදු 10ක් විතර පරන වෙලත් ගානකට පැද්දොත් 17-18ක් විතර ලීටරේට කරනවා.

    ලෝන් ගැන කිව්වොත් නම් බැන්කු වල වැඩ කරන අයම කියන්නේ මේ දවස් වල බැංකු රිම් එකෙන් යන්නේ කියලා. FD කියලා බර ගණන් තැන්පත් කරපු සල්ලි වලට පොලිය ගෙවනවා විතරයි. ආයේ අනිත් පැත්තට වැඩි ගාණක් එකතු වෙන්න කියලා invest කරන්න ලෝන් දෙන්න විදියක් නෑ. මොකද මිනිස්සු දැන් පොලිය වැඩි නිසා ණය ගන්නේ නෑ. මේ තත්වෙත් එක්ක කවදා හරි ලඟදිම දවසක පොලිය තියෙනවට වඩා අඩු කරන්න වෙනවා. එතකොට වාහන ගණන් කොහොම වෙයිද දන්නේ නෑ. ගොඩක් දුරට වැඩි වෙයි. ඒත් මේ වාහන විකුණන විදියත් එක්ක ලොකුවට වැඩි වෙන එකකුත් නෑ. සේල් කාරයොත් ඉස්සර වගේ මලපෙරේත කමට වාහන ගොඩ ගහන්නේ නෑ. උන්ම ගණන් වැඩි කරපු මාකට් එකේ උන්ටම වාහන විකුණ ගන්න බැරුව කෙල වෙලා උන් ඉන්නේ.
    තෑන්ක්ස් මචං කමෙන්ට් එකට. FD Rates නම් බහියි කියල හිතෙනව. හැබැයි IMF එක සප් එක දුන්නොත් රටේ ආර්ථිකයට මොනා වෙයිද කියල හිතාගන්න බෑ. ඩොලර් එක අඩුවෙයිද. වාහන ආයිත් ගේන්න දෙයිද පොලී රේට්ස් වලට මොනව වෙයිද. කිසිම දෙයක් හිතාගන්න බෑ නේ බං

    මගේ බජට් එක තිබ්බේ 10mn බන්. Below 10mn දාලා තිබ්බ chr ඔක්කොටොම කතා කරා. එකක්වත් වැඩක් උනේ නැ. ඊට පස්සේ ට්‍රයි කරේ සිවික් එක. එවත් සෙට් උනේ නැ හොද එකක්. අනික 92 ගහන එවා තියෙන්නේ. දැන් හිතන් ඉන්නේ බජට් එක තව ටිකක් වැඩි කරන් 2017න් උඩ ප්‍රිමියො එකකට යන්න.
    මචං මම මේ ටිකේම CHR වලට කතා කරා. දැන් ගොඩක් මිල බහින ලයින් එකක් තියෙනව. 2017 YOM, 2019 Reg උන ඒව 1ට අඩුවෙන් දැන් යනව. මට එකෙක් 95කට කිව්ව. තව ඉද්දි තව අඩුවෙයිද කියල කියන්න බෑ. ටිකක් හදිස්සියේ විකුණන ලයින් එකක් තියෙනව බං. Premio නම් බොරු මාකට් එකක් වගේ තියෙන්නෙ.
    ------ Post added on Feb 1, 2023 at 1:45 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,679
    113
    Auckland
    රුපියල් රේට් එක නම් කිසිම විදියකින් අධිප්‍රමානය වෙන්නෙ නෑ. එහෙම උනොත් ඒක ආර්ථිකේට හොදත් නෑ. වෙන්න තියන එකම දේ අවප්‍රමානය වෙන වේගෙ අඩු වීම විතරයි. ලංකාවෙ මුදලෙ අවප්‍රමාණය අවුරුද්දට 7%යි. ඕක ටික ටික වෙනස් උනාට අවුරුදු 10-20ක් ඇවරේජ් ගනන් හදල බැලුවාම ආය 7% යි. ඉතින් ඕක තේරුම් අරන් කරන දෙයක් කරන්න ඔනෙ.

    ඊලගට ආය ආර්ථිකෙ වැඩ කරන්න පටන් ගත්තම ස්ථාවර වෙලා ඔය සාමාන්‍ය නියමයට යටත් වෙලා වැඩ පටන් ගන්නව. 1995දි කොරොල්ල එකක් ලක්ශ 5ක් වගේ නම් ඕක 2015 වෙනකොට ලක්ශ 50ක් වගෙ වෙලා දැන් 2025 යනකොට ලක්ශ 250ක් වගේ වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: dasith077

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    වෙලාවට කිව්වෙ නැත්නම් මම රිප්ලයි එක දාන්නෙ 'මේවට වියදම් කරන සල්ලි අරගෙන රට යන්න ' කියලා
    යන්නන් වාලේ යනවා තමා........... මම දන්න දෙතුන් දෙනෙක්ම යුරෝප් ගියා මාස 3,4 වෙනවා තමා ජොබ් නෑ....... ඒ අතර මගෙ පුංචිගෙ පුතාත් ඉන්නවා......අමු කට්ටක් කනවා....... මැරෙන්න සීතලයි ලු මේ දවස් වල................ දාල පලයන් කියලා කිව්වට ටිකක් හිතල තිරණය කරපල්ලා යනවද නැද්ද කියලා.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    dan 2020 CHR ekak genawanam genna cost eka 70-75k yanawa otana tax ekath watunama 110k wenne
    dan lankawe 2017 CHR yanneth e price ekata
    https://ikman.lk/en/ad/toyota-chr-gt-led-pkg-reg-2019-2017-for-sale-kalutara-5

    theoretically wahana import karanna dunnoth aniwa me tiyana gana adu wenawa

    eth langakadi wahane genne denne naha. eka nisa price eka wedi wenneth naha mokada wahana maintenance cost eka sahenna wedi nisa
    wahana witarak nemei tax wedi unu ewa, living expense wedi unu nisa wahana update karanne naha kawuruth
    eka nisa wahana move wenne naha tiyana eka use karanawa. puluwan nam tiyana wahane downgrade karana kalayak issarahata ewi

    anika aluthin wahana ganna young set ekath dan wahana gewal hadanna nemei balanne salli tikak set karan mehen paninna

    lankawe middle class eka left wena scene ekak tiyenne, bagayak wena ratawal wala diaspora wenawa, thawa set ekak middle class eken yata level ekata watenawa

    eka nisa me wage wahana market eka sure naha habai low end eke wahana, buddy vans, lorry, motorbikes, wheel wage wahana wala demand eka tiyey