වාහන මිල යළි නගියි

Oct 3, 2008
1,723
437
0
වාහන මිල යළි නගියි

ආනයනික වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර ඒ අනුව වාහන මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

yahapalana_government_-_car.jpg



https://www.youtube.com/watch?v=rzUsRpxlNjY

ආනයනික වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර ඒ අනුව වාහන මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වීම සිදුවේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.

ඒ අනූව නව ඒකක බද්ධ හඳුන්වාදීම හේතුවෙන් නිෂ්පාදන බදු වෙනසකට භාජන වී ඇති බව හෙතෙම පැවසීය.

වාහනවල වටිනාකම සම්බන්ධයෙන් පැවැති විෂමතා සම්බන්ධයෙන් අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මෙන්ම සිය නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවලින් පසු නව ඒකක බද්ද හඳුන්වාදීමට පියවර ගත් බවත්, ඒ අනූව එය වෙළඳපොළ උඩු යටිකුරු වීමක් ලෙස සැලකිය හැකි බවත්, ඔහු කීවේය.

මේ යටතේ එංජින් ධාරිතාව 1000ට වැඩි සියලු වාහන මිල ඉහළ යනු ඇත.

එංජින් ධාරිතාව 1000 සිට 1500 දක්වා වාහන සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 30ක් පමණ වේ.

එංජින් ධාරිතාව 1500ත් 1600ත් අතර වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 3500ක බද්දක් ද ධාරිතාව 1600ට වැඩි වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 4000ක් ද බදු වශයෙන් අය කරන බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

විද්‍යුත් මෝටර් රථ වාහන මිල ඒකක බදු ක්‍රමය යටතේ අඩු වන අතර මුලින් පැවැති ලක්ෂ 29ක පමණ බද්ද නව ක්‍රමය යටතේ ලක්ෂ 17 හමාරක් පමණ වනු ඇත.

නමුත් පවතින මිලට වඩා එම වාහන වැඩි අගයක් විය හැකි බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ රුපියල් ලක්ෂ 4 දක්වාද, පියර්ස් රථයක බද්ධ රුපියල් ලක්ෂ 33 සිට 72 දක්වාද, එක්සෙල් රථයක බද්ද රුපියල් ලක්ෂ හතලිස් ගණනේ සිට 72 දක්වාද වැඩිවිය හැකි බව හෙතෙම පැවසීය.

කෙසේ වුවද වෑන් හා ලොරි රථවලට නව බද්ද බලපෑමක් සිදුනොවනු ඇතැයි ද ඒ මහතා කීවේය.

තවද මරුටි, ඇල්ටෝ වැනි වාහනවල ලක්ෂ 8ක පැවැති ලක්ෂ 12ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන ආනයනය නතර වනු ඇතැයි ද, එසේම ජපන් වාහනයක් ගැනීමේ හැකියාව අවම වනු ඇතැයිද ඔහු පැවසීය.

රේගු ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ වාහන බදු වලින් බවද කියා සිටි ඒ මහතා ඒකක බදු ක්‍රමය හොඳ බවද මේ නිසා වාහන අලෙවි කරන සමාගම්වලට ස්ථාවර විය හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.


https://www.youtube.com/watch?v=hg4nzloYwV0
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලයි සිරයි ඉරාගන ඉන්දියාවට &ක දෙනව,
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වෙනසක් ඉල්ලපු පොන්නයන්ට නියම වෙනසක් හම්බවෙලා තියෙන්නේ.