වාහන මිල විශාල ලෙස පහල බසී.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වාහනවල මිල ගණන් දිනෙන් දින පහත බැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාහන අලෙවිකරුවන් පවසනවා.

    වාහන ආනයනය කිරීම නවතා දැමීමත් සමග අධික මිල ගණන් වලට භාවිතා කරන ලද වාහන අලෙවි කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කිරීමත් ලීසිං සමාගම් ද පොලී අනුපාත ඉහළ දැමීමත් ඊට ප්‍රධාන හේතුව බවයි ඔවුන් පවසන්නේ.

    ඊට අමතරව වාහනවල අමතර කොටස් හිඟය සහ ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම භාවිතා කරන ලද වාහන අලෙවිය කැපීපෙනෙන ලෙස අඩුවීමට හේතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    වාහනවල මිල ගණන් පහතින්

    මයික්‍රෝ පැන්ඩා 2015 ලක්ෂ 25ක් වන අතර නව මිල වන්නේ ලක්ෂ 21යි

    සුසුකි ඇල්ටෝ 2015 ලක්ෂ 34 ඉක්මවයි නව මිල ලක්ෂ 27යි

    පෙර මිල සුසුකි වැගන් ආර් 2014 ලක්ෂ 45 ඉක්මවයි නව මිල ලක්ෂ 39යි

    සුසුකි ජපන් ඇල්ටෝ 2017 පෙර මිල ලක්ෂ 45ක් ඉක්මවන අතර නව මිල ලක්ෂ 39ක් වෙනවා.

    හොන්ඩා ෆිට් 2012 ලක්ෂ 60 ඉක්මවයි නව මිල ලක්ෂ 50 යි

    ටොයෝටා ඇක්වා ජී 2012 පෙර මිල ලක්ෂ 60ක්. නව මිල ටොයෝටා ඇක්වා ජී 2012 ලක්ෂ 50යි

    ටොයෝටා විට්ස් 2018 පෙර මිල ලක්ෂ 80ක් වන අතර නව මිල ටොයෝටා විට්ස් 2018 ලක්ෂ 60යි

    හොන්ඩා වෙසල් 2014 ලක්ෂ 80යි. නව මිල ලක්ෂ 63යි.

    හොන්ඩා ග්‍රේස් 2014 ලක්ෂ 85 ඉක්මවයි නව මිල ලක්ෂ 70යි

    නිශාන් එක්ස් ට්‍රේල් 2014 කෝටිය ඉක්මවයි නව මිල ලක්ෂ 85යි

    ටොයෝටා ප්‍රිමියර් 2017 පෙර මිල කෝටි එකහමාර ඉක්මවන අතර නව මිල ටොයෝටා ප්‍රිමියර් 2017 එක්කෝටි තිස්හත් ලක්ෂයයි

    Source
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    නිශාන් එක්ස් ට්‍රේල් 2014 කෝටිය ඉක්මවයි නව මිල ලක්ෂ 85යි

    ටොයෝටා ප්‍රිමියර් 2017 පෙර මිල කෝටි එකහමාර ඉක්මවන අතර නව මිල ටොයෝටා ප්‍රිමියර් 2017 එක්කෝටි තිස්හත් ලක්ෂයයි

    Source
    monada hutho mey waahana brand?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඊයේ දවසම ඇවිද්දා car බලන්න, එපා උනා වාහන හෙවිල්ල. පැත්තකට දාන්න ඔන්න මෙන්න තියෙන ඒවත් නොත්බ්බා නෙවෙයි :sorry: Civic FD4 2008 එකක් ගෙදරක තිබ්බා යනකොට හුලන් බැහැල, අතුල පුස් බැදිලා. උ පැන්ඩා එකක් අරන් civic එක නිකන්වත් ස්ටාර්ට් කරලා නැහැ සති ගානකින්. jump එකක් ගහල start කරගත්තේ.

    එහෙම දුවල ගෙදර ඇවිත් බලද්දී බෑන්ක් වල FD rate තවත් වැඩි වෙලා. ඉතින් ලොවෙත් තව අඩු වෙනවා, speed-draft, flouting leasing දාල එහෙම ගත්තු උන් අනාතයි, උන්ගේ monthly payment එක තවත් වැඩි වෙනවා එකෙන්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඊයේ දවසම ඇවිද්දා car බලන්න, එපා උනා වාහන හෙවිල්ල. පැත්තකට දාන්න ඔන්න මෙන්න තියෙන ඒවත් නොත්බ්බා නෙවෙයි :sorry: Civic FD4 2008 එකක් ගෙදරක තිබ්බා යනකොට හුලන් බැහැල, අතුල පුස් බැදිලා. උ පැන්ඩා එකක් අරන් civic එක නිකන්වත් ස්ටාර්ට් කරලා නැහැ සති ගානකින්. jump එකක් ගහල start කරගත්තේ.

    එහෙම දුවල ගෙදර ඇවිත් බලද්දී බෑන්ක් වල FD rate තවත් වැඩි වෙලා. ඉතින් ලොවෙත් තව අඩු වෙනවා, speed-draft, flouting leasing දාල එහෙම ගත්තු උන් අනාතයි, උන්ගේ monthly payment එක තවත් වැඩි වෙනවා එකෙන්
    Price adu welada??? Mokada wikunana aya kiyanne??

    Fd4 aka kiyak kiwwada??
     
    Similar threads