මට නම් හිතෙන්නෙ අනවශ්‍ය විදිහට රජයේ සේවකයො ඉන්න එක තමා ලන්කාවේ ආර්ථිකය කඩන් වැටෙන්ඩ ප්‍රදාන හේතුව.
හිතපන් මන් driving ලයිශන් renew කරන්ඩ දීල අවුරුද්දකට වැඩියි තාම නෑ. හැබැයි RMV office වල සිය ගනන් ඉන්නව පුටු රත් කර කර. හරියට බැලුවොත් මේක ඉන්ශුරන්ස් එක්ක insurance renew කරහම කාඩ් එක issue කරනව වගේ වැඩක් නෙ .අදාල මෙඩිකල් ටෙස්ට් රිපෝට් ටික බාර දුන්නහම.විනාඩි 5 - 10 වැඩක්.
ජොබ් දුන්නේ නැත්තන් චන්ද ගන්න බැහැ. ඉතින් දෙන්න වෙනවා.
පොඩි කාලෙ ඉඳන් හැම දේම නිකන් දීල මිනිස්සුන්ගේ ඔලු හැදිලා තියෙන්නේ හැම දේම රජයෙන් අපිට කරන්න ඕන කියල.
රට ණය වෙලා නිකන් දීමේ විෂම චක්‍රයේ ප්‍රතිපල ඕව.
Waradi mathayak goda naganna hadanawa lankawe witarai dewal nomile denne kiyala. Eka nam waradi kiyala oyath nodannawa wenna ba.
Lankawe businesses walin hariyata income tax gannawada wena ratawal wala wage? High income earners la tax gewanawada wena ratawal wala wage? Ewa hariyata karada kiyala track karanawada? Oya monawath karanne na.
Lankawe mulu system ekama awul. Nomile dena deyak pennala eka witarak awul kiyanne thakkadi kamata.
සම්පත් තියන රටවල් දේවල් නිකන් දෙන එකය්, වියදමවත් පියවගන්න බැරුව ලෝකෙන් වැඩි පොලියට ණය අරන් නිකන් දෙන එකය් සම්පුර්ණ වෙනස්.
ලංකාවේ මොන ලොකු business ද තියෙන්නේ. ඔක්කොම වගේ තියෙනේ රට ඇතුලේ සල්ලි එහෙට මෙහෙට කරන එවය්, තියන විදේශ විනිමය ටිකත් එලියට යවල import කරලා ලාබ ගන්න එවය්. රටට විදේශ විනිමය ගෙන ඒවා ඉතා සුළු ප්රමණයය් තියෙන්නේ.
මොකද රටේ මිනිස්සුට තේරෙන්නේ නැහැ තමන් කැප වෙන්න ඕන රට වෙනුවෙන් කියල.
හැමෝම හිතන්නේ ඉගෙන ගත්තම අපිට international ලෙවෙල් එකට හැම දේම රජයෙන් ලැබෙන්න ඕන. අඩුවට මහන්සි වෙන්න බැහැ. නැත්තන් අපි ලංකාව දාල රට ගිහින් පදිංචි වෙනවා.
රටේ ලොකු business කාරයෝ, දේශපාලකයෝ ඔකොම හොරු. මිනිස්සු පත් කරලා යවන්නෙත් හොරුන්ව. උන්ගෙන් කොහොම tax ගන්නද
මිනිසුස්න්ට පොඩි කාලේ ඉඳන් නිකන් හැම දේම ලැබිල මහන්සි වෙලා දෙයක් ගන්න පුරුද්දක් නැහැ. නමුත් රටේ සම්පත් අඩු නිසා පොඩි මිනිහ ඉඳන් හොරකමෙන් වහංගු ගහල ගොඩ යන්න බලන්නේ. චන්දෙ දෙන්නෙත් තමන්ගේ වාසියට. තමන් පත් කරලා පස්සේ දේශපාලකයන්ට බැනල වැඩක් නැහැ.
අවරුදු ගානක් ඉඳන් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍යය දීල මෙච්චර උගත්තු හදපු රට dollar නැතුව දැන් බංකොලොත් වෙලා තියෙන්නේ ඇය්?
අපි කොච්චර certificate කොළ වලින් පොරවල් උනත් රටට dollar ගෙන සුළු පිරිසගේ යැපෙන්නෝ නිසා.
entrepreneurship skill ඇත්තෙම නැති නිසා.
සරලව කිව්වොත් රජය නොමිලේ කරපු වියදම් වතුරේ ගිහින් නිසා.
එනිසා දැන් වත් ණයට අරන් රජය වියදම් කරනකොට තෙරුන් ගන්න ඕන දැන් රටට අවශ්‍ය දේට ප්‍රතිපල ලැබෙන විදියට වියදම් කරන්න. දෙන දෙයක් රටට බරක් නොකර නොමිලේ නොදී ණයක් විදියට දෙන්න.
එතකොට මිනිස්සු රජය කියන්නේ කප්රුකක් නෙමෙය් තමන්ට දෙයක් ලැබෙන්න නම් මහන්සි වෙන්න ඕන කියන මුලික දේ තෙරුන් ගනී. එතකොට සමාජ සාදාරනය, තමන්ගේ වාසියට හොරුන්ව පත් කරලා යවන එක ඔක්කොම අඩු වෙය්.