වාහන ලීසිං ගැන දන්න අය එන්ඩෝ

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    යාලුවනේ වාහනයක් ලීසිං දාල ගන්න අදහසක් තියෙනවා<ලීසිං සීන් ගැන එක්ස්පිරියන්ස් එකක් නෑ<
    අතේ ලොකු ගානක් නෑ <01 මිලියන් වගේ වාහනේට දාන්න පුළුවන්
    මට උබලගෙන් දැනගන්න ප්‍රශ්න කීපයක් තියෙනවා

    01.ගෙදර පාවිවියට ලක්ස 20-30 අතර රේන්ජ් එකේ තියෙන හොද වාහන මොනවාද
    02.දැනට ලීසිං රේට් අඩුම කොහේද
    03 ලීසිං තියෙන වාහනයක් ගන්නකොට කලින් ලිසිං එක සෙට්ල් කරල වෙන කම්පැනි එකකින් ලීසිං එකක් ගන්න එකද වාසි
    04 Finance Company එකකින් ලිස් ගන්න එකද බෑන්ක් එකකින් ලිස් ගන්න එකද වාසි
     

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    01.ගෙදර පාවිවියට ලක්ස 20-30 අතර රේන්ජ් එකේ තියෙන හොද වාහන මොනවාද
    ඇල්ටො එකක් වගෙ තමයි. ඔය ගානට හොද ඒව දැන් නැතිම තරම්.
    02.දැනට ලීසිං රේට් අඩුම කොහේද
    බැංකු වල අඩයි ෆයිනෑන්ස් කම්පැනි වලට වඩා
    03 ලීසිං තියෙන වාහනයක් ගන්නකොට කලින් ලිසිං එක සෙට්ල් කරල වෙන කම්පැනි එකකින් ලීසිං එකක් ගන්න එකද වාසි
    අයිතිකාරය උගෙ ලීසින් එක සෙට්ල් කරල දෙන්නෙ නැත්තං ඒ පැත්ත හැරිලවත් බලන්න එපා. ඇයි අහන්න එපා බලන්න එපා වෙන වාහනයක් හොයාගනින්
    04 Finance Company එකකින් ලිස් ගන්න එකද බෑන්ක් එකකින් ලිස් ගන්න එකද වාසි
    බැංකු තමයි.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    1) Cars around 2M - 3M

    2) අඩුම නම් බැංකු තමයි, හැබැයි බැංකු වලින් ලීසිං ගන්න අමාරුයි. People's Leasing තමයි මමනම් රෙකමන්ඩ් කරන්නෙ. දැනට දෙපාරක් ලීස් කරල තියෙනව.

    3) තමන්ගෙ නමටම ලීස් එක ගන්න. වාහනේ කලින් අයිති කාරයගෙ නමට තියෙන ලීසිං වලට කරගහන්න එපා

    4) ෆිනෑන්ස් කොම්පැණියකින් ගන්නෙක ලේසී. බැංකුවකින් ගන්න එක වාසී. තමන්ගෙ හැකියාව අනුව තමයි.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    1. ලීසින් company නැතිව bank වලින් personal loan එකක් වගේ දාල ගනින්
    2.උබට අමාරුවක්ම තියේ නම් leasing වලින් ගනින් කෙලවිමේ සම්භාවිතාව වැඩි. උන්ගේ rate වෙනස් hidden fee වැඩි . Speed Draft එහෙම දන්නා එපා. උන්ගේ අන්තිමට settle කරන මගුල් වලට් යන්නත් එපා. Equal payments යන්න.
    3.මේ rate වලට වාහන personal use එකට ගන්න එක හොඳ වැඩක් නෙවෙයි. උබේ ආදායමෙන් 20% වගේ පොලිය
     

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    01.ගෙදර පාවිවියට ලක්ස 20-30 අතර රේන්ජ් එකේ තියෙන හොද වාහන මොනවාද
    perodua viva elite එකකට යන්න මරුටියකට වඩා හැම අතින්ම හොදයි. 28, 30 වගේ ගාණකට ගන්න පුළුවන්. ඔටෝ එකක් ගන්නවා නම් මැනුවල් ආපු ඔටෝ කරපු එකක්ද කියලා බලන්න. හැම වාහනේටම දැන් FB group තියෙනවා, ඒවට ජොයින් උනා නම් විස්තර දැනගන්න පුළුවන්

    02.දැනට ලීසිං රේට් අඩුම කොහේද
    බැංකුවක බලන්න, ගන්න අමාරුයි කල් යනවා හැබැයි ලීසින් කම්පනි වලට වඩා ලාබායි

    03 ලීසිං තියෙන වාහනයක් ගන්නකොට කලින් ලිසිං එක සෙට්ල් කරල වෙන කම්පැනි එකකින් ලීසිං එකක් ගන්න එකද වාසි
    තමන්ගේ නමට ගන්න

    04 Finance Company එකකින් ලිස් ගන්න එකද බෑන්ක් එකකින් ලිස් ගන්න එකද වාසි
    බෑන්ක් එකකින්
     
    • Love
    Reactions: pubba8766

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    01. Alto, viva elite, Astar වගේ තියනවා පුලුවන් තරම් අවුරුද්ද අලුත් වාහනයක් ගන්න. මොකද මේ දවස් වල වාහනයක් කරන එක පට්ට අමාරුයි. පරණ Europe නෙමෙයි ජපන් වාහනත් කරගන්න බෑ
    02.Banks වල අඩුයි leasing company වලට වඩා. Leasing company වල ගන්න ලේසියි
    03 Leasing settle කරලා ගන්න, ඒකම කරන එක කරන්න එපා කවදාවත් :no:
    04 Answered in (02)