වාහන වලින් යන්න බැ

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    ජූනි 7 වැනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමත් සමඟ, අද සිට සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සරල පැහැදිලිකිරීමක් පහතින්.

    අද (24):
    - දවස පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

    හෙට (25):
    - උදෑසන 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ.

    අනිද්දා (26) සිට මැයි 30 දක්වා:
    - දවස පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

    මැයි 31:
    - උදෑසන 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ.

    ජූනි 1 සිට ජූනි 3 දක්වා:
    - දවස පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

    ජූනි 4:
    - උදෑසන 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ.

    ජූනි 5 සිට ජූනි 6 දක්වා:
    - දවස පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

    ජූනි 7:
    - උදෑසන 4 සිට සංචරණ සීමා ලිහිල් කෙරේ.

    සංචරණ සීමා පවතින කාලය තුළ:
    - පුද්ගල සංචරණය සපුරා තහනම්. නිවසින් බැහැර යා නොහැක.
    - අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් වාර්තා කළ හැක.

    සංචරණ සීමා ලිහිල් කරන කාලය තුළ:
    - අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට එක් අයෙකුට පමණක් නිවසින් බැහැර යා හැක.
    - ATM යන්ත්‍ර දුර ඇති අවස්ථාවලදී හැර වාහනවල ගමන්කිරීමට ඉඩ නොලැබේ.
    - ළඟම පිහිටි වෙළඳසැල් වෙත පා ගමනින් ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ මිලදී ගත හැක.
    - විවෘතව තැබෙනුයේ සුපිරි වෙළඳසැල්, සිල්ලර කඩ, බේකරි අලෙවිසැල්, මාළු, එළවළු, පළතුරු වෙළඳසැල් හා ඔසුහල් පමණි.

    හෙට (25) දිනයේ වාහනවලින් ගොස් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර ළඟම පිහිටි වෙළඳසැල්වලට පමණක් පා ගමනින් ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන බව රජය පවසනවා. හෙට දිනයේ විවෘත කිරීමට අවස්ථාව ලැබෙන්නේ සුපිරි වෙළඳසැල්, සිල්ලර කඩ, බේකරි අලෙවිසැල්, මාළු, එළවළු, පළතුරු වෙළඳසැල් හා ඔසුහල් පමණයි. හැඳුනුම්පත් අංක ක්‍රමය හෙට දිනයට වලංගු නොවන අතර ගෙදරින් එක් අයෙකුට පමණක් වෙළඳසැලට යාමට හැකියාව ලැබෙනවා. සංචරණ සීමා ලිහිල් වන මැයි 31 සහ ජූනි 4 වැනි දිනයන් වලටද මෙය වලංගු වනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Source Please
    18--1601986544.jpg