Auto Miraj නම් දාන්න එපා , උන්ගෙන් වැඩ ටික කරෝ ගන්න එකින් එක අපි උන්ට කියන්න ඕන. සැරයක් මුන් වාහනේ හෝදලා විදුරු හරියට වහන්නේ නැතිව . සීට් වල ඉදල ෂැම්පු . අහපුවම ඉන්ටීරියර් එක ක්ලීන් කරන්නලු ෂැම්පු දැම්මේ , යකෝ ඉන්ටිරියර් එක ක්ලීන් කරන්න නම් දැම්මේ , කරන මගුලක් කරලා ඉවර කරන්න ඕනනේ බාරදෙනන්න යද්දී . වින්ඩ්ස්ක්‍රීන් එක ඇතුල් පැත්තේ සබන් බෝල වෙළුණාම එන පැල්ලම් ඇවිත් . පස්සේ කියවන හින්ද ආපහු අරන් ගිහින් සුද්ද කරලා ගෙනාව .
ටොයෝට එකේ හොදයි. සමහර පාර්ට්ස් තව පාවිච්චි කරන්න තිබ්බත් මාරු කරන්නම තමයි උන් හදන්නේ , පාර්ට්ස් තිබ්බේ නැති කාලේ උන්ම කියනවා දැන්ම මාරු කරන්න ඕන නෑ තව දුවන්න පුළුවන් කියල , පාර්ට්ස් තියෙද්දී උන් කියන්නේ හෙටින් පස්සේ දුවන්නම බෑ වගේ ලයින් එකක් . හැබැයි වැඩ පිළිවෙලට වෙලාවට කරලා දෙනවා . .
ඔය දෙකටම වඩා බන් උබට රිලයබල් ගැරිජ් එකක් තියෙනවා නම් ඒක තමයි හොදම .