මට මේකේ ඉන්න එක්ස්පර්ට්ලගෙන් පොඩි උපදෙසක් ගන්න ඕනා..
මගේ තියෙන්නේ Suzuki Swift 1.3L 2003 Jeep Model කාර් එකක්. දැන් ටික කාලෙක ඉදලා සමහර වෙලාවට විතරක් Idle එකේ Brake/Park/Neutral එකේ ඉන්නකොට Heat එක නගිනවා උපරිමේටම. A/C එකත් දාගෙන ඉන්නේ. A/C හොදට වැඩ කරනවා Cool එකත් තියෙනවා.
මේකේ A/C & Radiator Cooling දෙකටම තියෙන්නේ එක Fan එකයිනේ.. Fan එක Low/Hi Speed දෙකම හොදට වැඩ කරනවා.. දැන් තියෙන්නෙත් ලගදි දාපු Fan එකක්. Fan එක A/C දාල නැතුවත් නියමිත Temp එක අවාම On වෙනවා. මේ හීට් එක නගපු වෙලාවට Hi Speed එකත් වැඩ.
Radiator එකත් දැනට මාස 3කට විතර කලින් ගලවල ඇතුලේ පාත් වල තිබුන බ්ලොක් සුද්ද කරලා දැම්මේ. 50:50 Mixed Coolant දාල තියෙන්නේ.
Thermos Valve එකත් අලුත් එකක් දාල තියෙන්නේ. එකත් නියමිත උෂ්ණත්වේ ආවාම ඇරෙනවා.
දැන් අර විදියට හීට් එක නැගල තියෙනකොට Neutral/Park එකේ තියාගෙනම හොදට Accelerate කරාම ටිකකින් ඔන්න හීට් එක අඩු වෙලා යනවා.
වාහනේ යනකොට හීට් වෙන්නේ නෑ.. අර විදියට Brake/Park/Neutral එකේ ඉන්නකොට විතරයි මෙහෙම වෙන්නේ.
උබලා හිතන විදියට මොකක්ද මේකේ තියෙන අවුල?