ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ නවතා ඇති වාහන සම්බන්ධයෙන් පළ වූ අදහස් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පසුගිය දින කිහිපයේ ජනාධිපති කාර්යාලයට භාරදුන් වාහන 107ක් පොලිස් ආරක්ෂාව යටතේ ජනාධිපති කාර්යාලයෙන් පිටත තාවකාලිකව ගාල් කර ඇති බව වාර්තා වේ.
එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බව එම නිවේදනයේ දැක්වෙයි.
එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට ලබා නොදුන් අතර හිටපු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත්කළ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට තම පාලන සමයේදී ලබාදුන් වාහන බවද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම වාහන භාවිතා කරන්නන්ගේ සම්පූර්ණ ලැයිස්තුව : https://asiatoday.lk/