වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය

    වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි : ආනයන භාණ්ඩ සදහා නව නීති රැසක්


    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයකටත්, රාජ්‍ය සේවකයින් සඳහා මාස 06 කාලයකට අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    එම කාල සීමාවේදී ණයවර ලිපි විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. රුපියල අවප්‍රමාණයට ලක්වීම සිමා කිරීම මෙම තීරණය ගැනීමට හේතුවයි.

    එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සදහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනේ වටිනාකමෙන් 50% කට පමණි. මුලින් එය 70%ක් ව පැවතියා.

    මේ අතර ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, රූපවාහිනි, සුවද විළවුන්, ජංගම දුරකථන සහ අනෙක් දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ටයර් සහ පාවහන් ආනයනය කිරීමේදී එම භාණ්ඩ වල වටිනාකමෙන් 100% ක තැන්පතුවක් තිබීම අනිවාර්ය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    රජය අඛණ්ඩව විනිමය අනුපාතයන් වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මුදල් හා ජනමාධය අමාත්‍යාංශය නිවේදනය කරනවා.



    neth
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සදහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනේ වටිනාකමෙන් 50% කට පමණි. මුලින් එය 70%ක් ව පැවතියා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මුන් බැංකු කඩනවා අපිට තමා ඔක්කොම ප්‍රශ්ණ.උන් නම් දැන් වාහන ඔක්කොම අරන් ඉවරයිනේ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පාර්ලිමේන්තු මන්ත්‍රීලට permit නැවැත්තුවට වැඩක් වෙනවද බන්.. උන්ට 2015 පාර්ලිමේන්තුවට ආපු ගමන් නේද permit දුන්නෙ.
     
    Last edited:

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    වාහන බලපත්‍ර දෙන එක නවත්තලම දැම්ම නම් හරි. හැමෝම ජොබ් කරන්නේ මහන්සි වෙලා තමයි. එක කට්ටියකට විතරක් permit දෙන එක අසාදාරණයි මම නම් කියන්නේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Erosan will be here in 3, 2, 1...

    :rolleyes:ඉතින් දැන් උබ කියන්නේ මුන් හරි කියලද?ඇමති බල්ලෝ ගන්න වාහන ඔක්කොම අරන් තියෙන්නේ.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :rolleyes:ඉතින් දැන් උබ කියන්නේ මුන් හරි කියලද?ඇමති බල්ලෝ ගන්න වාහන ඔක්කොම අරන් තියෙන්නේ.

    ඔව් බන්. උන් නම් ඇමති කම ගන්නත් කලින් ඔක්කොම සුපිරි වාහන අරන් තියෙන්නේ. දැක්කනේ වෙල්ගමයා ගාව තියෙන සුපිරි වාහන collection එක? මම කියන්නේ බන් මේක දැක්කහම එරෝසන්ට රජ මගුල් වගේ නිසා. ඌ කැමතිත් ආණ්ඩුව මේ වගේ වැඩ කරලා ජනතාවට එපා වෙනවා දකින්න. මේ ආණ්ඩුව රටට යහපතක් කරනවා දකින්න ඌ කැමති නෑ. වාසනාවට එහෙම කිසිම දෙයක් මේ ආණ්ඩුව කරන්නෙත් නෑ. :D
     

    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    The Loan to Value Ratio (LTV) for Hybrid vehicles will be revised from 70:30 to 50:50 basis and the importers of all vehicles other than buses, lorries and ambulances will have to keep a 200 percent cash margin at the time of opening of the LCs.

    Daily mirror.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක හොඳ නැද්ද බං ඉතිං ? :eek: මට නිකං හිතෙනවනෙ හොඳයි හොඳයි වගේ කියල :eek:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    වාහන බලපත්‍ර දෙන එක නවත්තලම දැම්ම නම් හරි. හැමෝම ජොබ් කරන්නේ මහන්සි වෙලා තමයි. එක කට්ටියකට විතරක් permit දෙන එක අසාදාරණයි මම නම් කියන්නේ
    එහෙම කියන්නේ ඔයාගේ මෝඩ කමට. private sector එකේ ගෙවන salary ඒකෙන බාගයක් වගේ තමයි එකම ජොබ් එක government කරන අයට ලැබෙන්නේ. රජයට private sector එකේ වගේ තරගකාරී විදියට salary දෙන්නන බැරි නිසා තමයි car permit, pension වගේ දේවල් දෙන්නේ. ඉතින් එකත් නැති උනාම ජොබ් වල සමතුලිතතාවය නැති වෙනවා. හිතපන් මිනිහෙක් අමාරුවෙන් ඉගනගෙන කට්ට කාල තැනකට ඇවිල්ල මැරෙනකන්ම වාහනයක් වත් ගන්න බෑ කියන්නේ ඉතින්...
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    එහෙම කියන්නේ ඔයාගේ මෝඩ කමට. private sector එකේ ගෙවන salary ඒකෙන බාගයක් වගේ තමයි එකම ජොබ් එක government කරන අයට ලැබෙන්නේ. රජයට private sector එකේ වගේ තරගකාරී විදියට salary දෙන්නන බැරි නිසා තමයි car permit, pension වගේ දේවල් දෙන්නේ. ඉතින් එකත් නැති උනාම ජොබ් වල සමතුලිතතාවය නැති වෙනවා. හිතපන් මිනිහෙක් අමාරුවෙන් ඉගනගෙන කට්ට කාල තැනකට ඇවිල්ල මැරෙනකන්ම වාහනයක් වත් ගන්න බෑ කියන්නේ ඉතින්...


    Oya issara ban dan government job wala ita wada padi hambenawa :no::no::no:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ගොඩක් අය කියනවා permit දෙන එක නවත්තන එක හොදයි කියල. එහෙම කියන අය private sector එකේ ජොබ් කරන රාජ්‍ය අංශය ගැන දැනුමක් නැති අය.
    රජයේ hospital වල doctors ලා, රජයේ enginers ලා, පරිපාලන සේවයේ ඉහල නිලදාරීන්(දේශපාලන පත්වීම් හැර) ඔක්කොම ඔය රජයේ ජොබ් එක කරන්නේ car permit එකයි pension එකයි නිසා. ඔය මිනිස්සු private වැඩ කරා නම් රජයේ වගේ දෙගුණයක් පඩි ගන්න තිබුන. එහෙම පඩි ගෙවනවා නම් ඉතින් permit ඕන නෑ තමයි. ඔය ලැබෙන සුළු වරප්‍රසාදය වත් ලැබෙන්නේ නැත්තම් ඔය මිනිස්සු ඔක්කොම job අතැරලා private වැඩ කරයි. හොර පත්වීම් ගත්ත වැඩ බැරි කීපදෙනෙක් විතරක් ඉතුරු වෙයි.
    private වැඩ කරන උබට vehicle allowance එකක් දෙනවා කියල හිතන්නකෝ. ලබන මාසේ ඉදල ඒක නවත්තනවා කිවුවොත් මොකද හිතන්නේ.
    ඇමතිලා කොහොමත් වාහන අරගෙන ඉවරයි. අනිත් එක උන්ට දෙන්නේ මේ නිලදාරින්ට දෙනවා වගේ 3.6 million permit මෙනෙයි. 100% tax ෆ්‍රී උන් පට්ට සේවයක් කරන නිසා.