අනයන සීමාවලට පෙර ආනයනකරුවෝ වසර 5කට වාහන ගෙන්වලා
දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තාවලින් වාර්තා වේ.
මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවලින් ද එම තොරතුර සනාථ කර ඇත.
මෙරට ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ ගැන පසුගියදා විශේෂ අධ්‍යයනයක් කර තිබේ.
එහිදී හෙළිදරව් වූ දත්ත අනුව 2018 ජූලි මස 01 වැනිදා වන විට තිබූ තත්ත්වය අනාවරණය වී ඇත.
ඒ අනුව මෙරට වාර්ෂික කාර් අවශ්‍යතාවය 45,000ක් පමණය.
මේ වනවිට රට තුළට ආනයනය කර ඇති කාර් රථ සංඛ්‍යාව 2,34,000කි.
වසරකට ශ්‍රී ලංකාවේ වාර්ෂික ද්විත්ව කාර්ය වාහන අවශ්‍යතාව 4000ක් පමණය. දැනට ගබඩා අංගනවල මෙම වර්ගයේ වාහන 24,276ක් තිබේ.
වාර්ෂිකව රට තුළ අලෙවි වන ත්‍රීරෝද රථ සංඛ්‍යාව 2,0000 පමණ වේ. එහෙත් දැනට ගබඩා අංගනවල ත්‍රීරෝද රථ 1,68,419ක් ගාල් කර ඇත්තේ අලෙවිය පිණිසය.
එමෙන්ම රටේ වාර්ෂික මෝටර් සයිකල් අවශ්‍යතාව 30,00,00කි. නමුත් දැනට මෝටර් සයිකල් අලෙවිකරුවන් ළඟ අලෙවියට ගෙන්වා ඇති මෝටර් සයිකල් 9,43,920ක් රඳවාගෙන ඇත.
මේ ආකාරයට වසර 5කට පමණ ප්‍රමාණවත් වන වාහන තොගයක් රට තුළට එකවර ආනයනය කිරීම රටේ බරපතළ විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව මෙම සමීක්ෂණය පැවැත්වූ විද්වත්හු පෙන්වා දෙති.
source

Last edited:

15