වාහන_හොරු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    තමන්ටම කියා වාහනයක් අත් කර ගන්න බොහෝ දෙනෙක් කොයි තරම් සිහින දකිනවා ද, ඒ අතර බොහෝ උදවිය
    හතර වටේම ණය වේලා මොනවා හරි වාහනයක් තමාටම කියා ලබා ගන්නේ බොහෝ දුක් කන්දරාවක් මැද ඉදලායි..
    ඒ අතරින් අපි නොසිතු විරු අන්දමින් තමන් ගේ දහඩිය මහන්සියෙන් හම්බ කර ගත්ත වාහනය සොරකම් වුවා නම්
    ඒ දේ මම නම් හිතන්නේ නෑ, කොයි කාටත් උහුලා ගන්න පුලුවන් දෙයක් කියලා..

    විදෙස් රට වල වගේම මේ රටේදි වුනත් දැන් බහුලවම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි තමන්ගේ වාහනය පැහැර ගෙන යෑම සහ තමාටත්
    නොදැන සොරුන් විසින් තමන්ගේ වහනය සොරකම් කිරිම.
    මෑතකදි වුනත් අපේ රටේ ඕනෑ තරම් මේ වගේ කතා අපිට ප්‍රවෘත්ති වලදි අහන්න ලැබුනා..

    අද මම කියන්න උත්සහ කරන්නේ තමාගේ වාහනය සොරකම් වුවා නම් වැඩි වේලාවක් යන්නට කලින්
    ඒ වාහනය සොයා ගැනිමේ හැකියාවක් ගැන පහදලා දෙන්නයි.

    ( තමන්ගේ වාහනයේ ආරක්ෂිත අනතුරු ඇගවිමේ පද්ධතියක් සවි කරලා තිබ්බාත් ජනාකිර්ණ පරිසරයක බොහෝ උදවිය ඒ පද්ධතිය
    නිෂ්ක්‍රිය කරන්නයි උත්සහ දරන්නේ. ඒ වගේ අවස්ථාවේදි වාහන සොරුන්ට තමන් බලාපොරොත්තු වෙන ක්‍රියාවලිය කිසිම කරදරයකින් තොරව නිරත වීමේ හැකියාව ලැබේ.. )



    • මේ මෙහෙයුමට වැඩි කාලයක් බැටරි රදා පවතින මිල අඩු ජංගම දුරකථනයක් අවශ්‍ය වෙනවා..

    • දැනට අපේ රටේ තියෙන හොදම සම්බන්ධතාවයක් තියෙන ජාලයක් තොරාගෙන තමා ලබා ගත්ත දුරකථනයට ස්ථාපනය කර ගන්න..

    • එම දුරකථනය සයිලන්ට් මොඩ් (SILENT mode) එකට හරවා ගන්න. හරවා ගත්තාට පසු විශේෂයෙන් බලන්න ඕනේ, Vibrate එක Off වේලාද තියෙන්නේ කියන වග. Vibrate එක Off එකේ තියා ගන්න.

    • මෙම දුරකථනයට කිසිදු ආකාරයෙන් හානියක් නොවෙන්න පුලුවන් නම් ආරක්ෂිත ඇසුරනයක් මේ දුරකථනයට එක් කර ගන්න.

    • තමන් ස්ථාපනය කර ගත්ත සීම් පතට වෙනත් දුරකථනයකින් ඇමතුමක් අරන් බලන්න වැඩ කරනවා ද නැද්ද යන වග දැන ගැනිමට..

    • ඉන් පසු එම දුරකථනය තමන්ගේ වාහනයේ නොපෙනෙන තැනක ස්ථාපනය කර ගන්න. එච්චරයි..

    ඔබේ වාහනය සොරකම් වී ඇත්නම් පොලිසියට ඇමතුමක් දීලා තමාගේ වාහනයේ තියෙන දුරකථන අංකය ගැන දැනුවත් කරන්නයි තියෙන්නේ. එවිට පොලිසිය ඒ අංකයට ඇමතුමක් ලබාගෙන ඒ වාහනය කොහෙද තියෙන්නේ කියන වග හොයා ගන්න පුලුවන් කම ලැබෙනවා..


    තමන් ස්ථාපනය කර ගත්ත දුරකථනය සතියකට දෙපාරක් වත් චාජ් කර ගන්න අමතක කරන්න එපා.
    මම හිතනවා මේ ක්‍රියාවලියෙන් තමන්ගේ හිතේ තිබ්බ එක් ගැටළුවක් තරමක් දුරට හරි නිරාකරණය කර ගන්න ලැබෙන්න ඇති කියලා.


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ නම් නියමයි, වැඩිගානක් යන්නෙත් නෑ .. ඒත් ෆෝන් එකට ආන්සර් කරොත් විතරයි නේද අල්ලන්න පුලුවන්,

    නෑ, මචන්, දුරකථන ජාලයේ ආයතනයත් එක්ක සම්බන්ධ වේලා වාහනය තියෙන තැන හොයා ගන්න පුලුවන් ක්‍රම තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ..
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    වැඩේ නම් නියමයි, වැඩිගානක් යන්නෙත් නෑ .. ඒත් ෆෝන් එකට ආන්සර් කරොත් විතරයි නේද අල්ලන්න පුලුවන්,

    පිස්සුද බන් හන්ගන්නේ ආන්ස්වර් කරන්නෙ බැරි වෙන්න නේ, ෆෝන් එක නැති උනාම ලොකේශන් එක හොයාගන්නව ස්ග්නල් වලින්, ඒකෙන් කාර් එක හොයාගන්නව.

    උබ හිතුවද ආන්ස්වර් කරහම හොරාගෙන් කොහෙද ඉන්නේ අහනව කියල. ලොල් :rofl::rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    එළ.ටී.එෆ්.එස්. මාත් ඔහොම එකක් කලින් පොඩ්ඩක් අහල තිබ්බ වගෙ මතකයි.

    අර මයික්‍රොමැක්ස් එකෙ තියෙනව ද කොහෙද සති 3ක් විතර චාර්ජ් එක තියෙන මොඩල් එකක්.
    (micromax x103 ද කොහෙද)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    TFS bro....
    (joke: උස්සන එකට ෆ්‍රී ෆෝන් එකකුත් හම්බවෙනවා )

    ඔව්, ඉතින් ෆොන් එක පෙන තැනක හංගලා තිබ්බා නම් ඉතින් වාහනයේ සිහිනය අත හැර ගන්නයි තියෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැටියා;15525475 said:
    :D උඹ හොඳින්ද බං. අපි හිතුවෙ ලිඳේ පැන්නා කියලා :D

    පනින්න තරම් මානසිකත්වයක් තවම ඉස්මතු වුනේ නෑ බං..
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පැටියා;15525475 said:
    :D උඹ හොඳින්ද බං. අපි හිතුවෙ ලිඳේ පැන්නා කියලා :D

    Love Guru විවාහ වෙලාලු :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ.ටී.එෆ්.එස්. මාත් ඔහොම එකක් කලින් පොඩ්ඩක් අහල තිබ්බ වගෙ මතකයි.

    අර මයික්‍රොමැක්ස් එකෙ තියෙනව ද කොහෙද සති 3ක් විතර චාර්ජ් එක තියෙන මොඩල් එකක්.
    (micromax x103 ද කොහෙද)

    එහෙමද එහෙනම් මේ දුරකථනය මේ මෙහෙයුමට කියාපු භාණ්ඩේ...
    ස්තුතියි දැනුවත් කලාට මේ දුරකථනය ගැන..