වාහන_Tax

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    electic car adu una,kiyakinda kiyala kiwuwe naha
    police dada gahana eka 500 idan 2500 wadi una
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,099
    16,895
    113
    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 25කින් හා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කෙරුණා.

    මුං ඇට කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 15කින් සහ අර්තාපල් කිලෝ 1ක මිල රුපියල් 5කින් ද අඩු කිරීමටයි මෙහිදී යෝජනා කෙරුණේ.

    සුදු සීනි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 2කින්ද, හාල්මැස්සන් කිලෝග‍්‍රෑමයක් රුපියල් 5කින් ද අඩු කරන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රකාශ කළේ.

    මේ අතර දුම්රිය මගීන් සදහා පෙර ගෙවුම් කාඞ් ක‍්‍රමයක් හඳුන්වා දීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා.

    එමෙන්ම රිය අනතුරු අවම කිරීමේ අරමුණින් විද්‍යුත් මෝටර් රථ හඳුන්වා දීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට යෝජනා කරන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ.


    එමෙන්ම පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ හිමියන්ට ආසන 32කින් යුත් බස් රථවලට මාරුවීම දිරිගැන්වීම සදහා සියයට 75ක පොලී සහන යටතේ ණය ලබාදීමට ද යෝජිතයි. ත‍්‍රීරෝද රථ සහ පාසල් වෑන් රථ ක්ෂේත‍්‍රය විධිමත් අයුරින් නියාමනය කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමට ද මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා.

    මේ අතර සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුරු’ ලෙස නම් කිරීමට ද මෙවර අයවැය මගින් යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රකාශ කළා. එමෙන්ම චිත‍්‍රපට සංරක්ෂණය කිරීම ස`දහා ද චිත‍්‍රපට සංස්ථාවේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ඇති.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,099
    16,895
    113
    14963295_1281784011866311_2902080435681480834_n.png