එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල වෙසක් පොහොය දිනක මහනුවර සිදු කෙරුණු උපසම්පදා මහා පුණ්‍ය උත්සවයක සිතුවම් කිහිපයක් තමයි මේ දැක්වෙන්නේ. අපි මේක උපුටාගත්තේ 1876 පෙබරවාරි 19 වෙනිදා බ්‍රිතාන්‍යයේ මුද්‍රණයට පිටවුණු "හාපර්ස් වීක්ලි" පුවත් පතින්. ඒකාලේ මේ උත්සවය හැම සුද්දෙකුටම දැකබලාගන්න විවෘත වුණු උත්සවයක් නෙවෙයි. එහෙමත් කෙනෙකුට තමයි දැකබලාගන්න ලැබුණේ.
වාහලනාග උපසම්පදා විනය කර්මය 
මේ කියන දවසේ උපසම්පදා අපේක්ෂාකළ පුද්ගලයා හෙවත් සාමණේරනම උත්සවය පැවැති ස්ථානයට එන්නේ ඉස්තරම්ම ඇඳුමකින් සැරසිලා. (පත්තරේ නොකිව්වට මේ තමයි වාහල නාග ඇඳුම. මේ උපසම්පදා කර්මය දළදා මාළිගාව හා සම්බන්ධ සුවිශේෂ එකක්.) ඒ විතරක් නෙවෙයි ඔහු එන්නේ අලියෙකුගේ පිටේ. ඔහු තමුන්ගේ නෑදෑ හිතමිතුරන් සමඟ බෙර සහ නර්තන වාදන මැදින් උභය විහාරයේ පොහොය සීමාව වෙත පැමිණෙනවා. ගුරුහාමුදුරුවන් වහන්සේ මූලිකත්වය ගෙන ඔහු කටයුත්ත සිදුකරන්නට පිළියෙල කෙරුණු විශාල ශාලාවක් වෙත කැඳවාගෙන යනවා. එය හඳුන්වන්නේ පොහොය ගෙය ලෙසයි. මෙම පොහොය ගෙය හතර පැත්තෙන් කුළුණු පෙළවල් ඇදි ඊට එපිටින් පළල් ප්‍රවේශමාර්ග සහිත සෘජුකෝණාශ්‍රාකාර කුටියක්. එහි මැද්දෑවේ බොහොම ඉඩ කඩ තිබුණා. මේ දිගටි ශාලාවේ දෙපැත්තෙන් එක් පැත්තක හරි මැදින් වයස්ගත මහානායක ස්වාමින් වහන්සේ එනම් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ කුෂන් මෙට්ටයක් මත දැමූ බුමුතුරුණක බිම හිඳ වැඩම කොට සිටියා. එතුමන්ට දෙපසින් ශාලාව දිගේ තවත් වියපත් ස්වාමින් වහන්සේලා තිහක් හතළිහක් පමණ පැදුරු මත දැමූ ඇතිරිලි මත පෙරදිගට ආවේණික වූ දෙපා එරමිණියා ගොතාගත් සෙයියාවෙන් බිම හිඳ වැඩ සිටියා. ශාලාවේ අනෙක් පස උපසම්පදා අපේක්ෂක සාමණේරයන් වහන්සේ සිටගෙන සිටියා. කුළුණු වලින් එපිටින්, ශාලාවේ දකුණු පසින් අනෙකුත් ස්වාමින් වහන්සේලාද, වම් පසින්, පැමිණි අමුත්තන්ද, පිටුපසින් බෞද්ධ ගිහි ජනයාද රැස්වී සිටියා.
මෙම උපසම්පදා කර්මය ගැන මේ විදිහේ විස්තරයකුත් මේ පත්තරයේ සඳහන් වෙනවා. මේ වගේ විනය කර්මයක් සිදුකරන්නටනම් අවම වශයෙන් උපසම්පදා ලද භික්ෂූන් දසදෙනෙකුවත් සහභාගී වී සිටිය යුතුයිලු. මේ කටයුත්තේ මූලිකත්වය දරන නායක භික්ෂුව හෙවත් උපාධ්‍යායන් වහන්සේ උපසම්පදාව ලබා අවුරුදු දහයක්වත් ගත වී තිබිය යුතුයිලු. සහභාගී වන සියලු භික්ෂුන් වහන්සේලා තමුන්ගේ සම්පූර්ණ අවධානය නොනවත්වා සම්පූර්ණ කටයුත්තටම සැදැහැතියෙන් ලබා දිය යුතුයිලු. උපසම්පදාවේ පිහිටුවීමට පෙර සාමණේර තෙරුණ්ගේ දහම් දැනුම දැඩි පරීක්ෂා කිරීමකට විචාරීමකට ලක් කරනවාලු.
කටයුත්ත අවසානයේ සාමණේරයන් වහන්සේ මහානායක හිමියන් හට වැඳ නමස්කාර කොට එතුමන් වෙතින් කහ සියුරු ලබාගන්නවා. ඔහු එතැනින් ඉවත්ව හැඳ සිටි අගනා සළු පිළි ඉවත්කොට, ගුරු හාමුදුරුවන්ගේද සහය ඇතිව නැවත කසාවත ඇඟලා බෞද්ධ භික්ෂුවක් ලෙසින් ගිහි දිවියට සමු දෙනවා. මෙම කහ සිවුරු පැළඳීමේදී මෙවන් දෙයක අරුත ඇති ගාථාවක් පුරුච්චාරණය කරනවාලු. "මා මෙම සිවුරු ඇඟලන්නේ, සීතලෙන් ආරක්ෂා වීමටය, උණුසුමෙන් ආරක්ෂාවීමටය, මැසි මදුරු කරදරවලින්, සුළඟින් සහ හිරුගෙන්, සර්ප දෂ්ටනයෙන් ආරක්ෂා වීමටය, විලි වසාගැනීමටය. මා මෙය වීනීතව ඇඟලමි. පරිහරණයට පමණී, අලංකාරයට හෝ ප්‍රදර්ශනය පිණිස නොවේ." ඔහු නැවත සභාව ඉදිරියට විත් සංඝයා වහන්සේ නමක් වන්නට තමාගේ ඇති ශක්‍යතාවය තවදුරටත් පිරික්සුම පිණිස සහභාගී වී ශික්ෂාපද කියා සීලයෙහි පිහිටා පරිපූර්ණ භික්ෂුවක් ලෙසින් තමන්ගේ දිවිය ආරම්භකරනවා.
පත්තරේ ඒ ලිපිය අහවර කරන්නේ බොහෝ ප්‍රාචීන බෞද්ධයන් සෑහෙන වෙනස්වීම් වලට- හොඳ හෝ නරක- ලක් වී තිබුණත්, තවමත් සිලෝනයේ පිරිසිඳු බුදුදහම ආරක්ෂාවී ඇති බව සඳහන් කරමින්. සිතුවම් එක්ක තියන ඡායාරූපත් මේ ලිපියට වැදගත් වේය කියල හිතලා අපි එකතු කලා. ඒක නම් 1890-1910 ගණන් වල වෙන්න ඕනා. ඒ සියම් නිකායේ උපසම්පදා මංගල්‍යයක අවස්ථාවක්. දළදා මාලිගාව ආශ්‍රිතව කෙරෙන ප්‍රධාන උත්සව කීපයකින් එකක්. ඡායාරූපගත කරලා තියන්නේ ස්කෝවන් සමාගම.
MomentInCeylon .