වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරනවා

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරනවා

    930449378ranil-at-parliament2.jpg


    වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කෙසේ වෙතත් ජාතිය ගොඩනැඟීමේ බද්ද වෙනසක් සිදුනොවන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    ඒ අනූව ජාතිය ගොඩනැඟීමේ බද්ද සියයට 2 අනුපාතයේම තබාගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

    කෙසේ වුවද වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා විදුලිබිල මත බර පටවා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොකරන බවද අගමැතිවරයා කීවේය.

    රාජපක්ෂ රෙජිමය අපේ රට ණය උගුලක සිර කළ බවත්, රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවී සිටින බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

    රාජපක්‍ෂ රෙජීමය අපේ රට හසුකර ඇති ආර්ථික උගුලෙන් රට ගලවා ගැනීමට අකමැති අයත් සිටින බවත්, මේ ආකාරයට උගුලේ සිරවී සිටියොත් රටට අනාගතයක් නැති බව ඒ අය දන්නා බවත්, එහෙත් ඒ අයට අවශ්‍ය රට විනාශයට පත් වෙනවා දැකීමට බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉන්පසු ‘මෙන්න, යහපාලන ආණ්ඩුව රට විනාශ කළා, රට හදන්න පුළුවන් අපිටයි’ කියමින් නැවත බලයට පත් වීම යැයිද පෙන්වාදුන්නේය.

    රාජපක්‍ෂ රෙජීමය කළේ ණය ගෙවීම සඳහා තව තව ණය ගැනීම බවද, මේ නිසා සිදුවූයේ ණය පිට ණය හා පොලී පිට පොලී පැටවීම බවද කියා සිටි අගමැතිවරයා රාජපක්‍ෂ රෙජීමය මේ ආකාරයට වැඩි වැඩියෙන් ණය ගනිමින් සුරංගනා ආර්ථිකයක් මවා පෙන්නා රටේ සමහරු පමණක් නොව, ආර්ථික දර්ශක සකස් කරන ජාත්‍යන්තර ආයතන පවා රැවටූ බවද කියා සිටියේය.

    මේ නිසා පටු දේශපාලන කෝණ වලින් නොබලා, මේ ගමන යන්නට එකට එක් වන ලෙසත්, සියලුදෙනා එකාවන්ව මේ අභියෝග ජය ගැනීමට අවංක චේතනාවෙන් එක් වුවහොත්, අපේ රට ඉහළට ඔසවා තැබීමට හැකි බවත්, අගමැතිවරයා පැවසුවේය.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    15% dakva... vediwenawa..okkoma banda ha seva valata gahana VAT eka... athyawashya eva hera...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    ඔච්චර නය ගොඩක හිර කරලනම් මේක බාර ගත්තේ අහවල් මගුලටද පිම්පියෝ ? මහින්දගේ දවසේ වියදම නතරකරලා රට සංවර්ධනය කරන්න ආපු එවුන්ගේ දැන් කතා කොහොමද .

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අපිට නම් උබත් එක්ක ගමන් යන්න ඕනේ නෑ. අපි කොලුකාරයෝ නෙවි.

     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මෙන්න මේ ටික කරගන්නනෙ බන් ඔය සේරම කථන්දර :lol::lol: දැන් හරිනේ..ඔබට සතුටුයිද දැන්...

    Clip.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    රට ඉවරයි පුතේ.. අන්තිම අඩියට හින්දලා හපේ විතරක් දෙයි.. දැන් ඉතින් පැනපල්ලා මහ මුහුදට..කොරන්න බැරි දේවල් කෙප්ප කෙලලා බදාගෙන කොරන්න ගියාම ඔහොම වෙනවා

    14551909913128.jpeg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලෝක බැංකුවෙන් බිලියන දෙකක නායක ඉල්ලලා..එකට ලෝක බැංකුවෙන් දාපු කොන්දේසි ඔය :lol::lol: :rofl::rofl: