වැටුණු සෙබළා රෝහලේදී මියයයි
පවු බන්, මේ වගෙ රටක ඉපදිච්ච එක ගැන ලැජ්ජයි දැන් නම්

දඹුල්ල බස් නැවතුම්පළ, පොදු වැසිකිළිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු ප්රදේශවාසීන් කිහිප දෙනෙකු විසින් ත්රීරෝද රථයකින් දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒවන විටත් ඔහු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන ඇති බවයි වාර්තා වුනේ.
බොහෝ පිරිසක් වැටි සිටි හමුදා සෙබළාට උදව්ව කිරීම මගහැර ගොස් තිබූ අතර විනාඩි 30 ක පමණ කාලයකට පසු දඹුල්ලේ තරුණ තරුණියන් පිරිසක් විසින් අවධානමද නොතකා එම හමුදා සෙබළා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම යුද හමුදා සෙබලා දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට පැමිණ සිය ගමන් මල්ල එම ස්ථානයේ තබා වැසිකිළියට ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙනවාත් සමග එක වැරම ඇද වැටුණු බවයි වැසිකිළියේ සේවකයෙකු පවසා ඇත්තේ.
එම ස්ථානයේ පැය භාගයක පමණ කාලයක් මෙම තරුණයා හුස්ම අදිමින් සිට ඇති බව පැවසෙන අතර බොහෝ දෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුධ හමුදා සෙබලාට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවුනු බවයි වාර්තා වුනේ.
පසුව වහා ම ක්රියාත්මක වුන තරුණයන් දෙදෙනෙකු විසින් ත්රිරෝද රථයක් කතා කොට ඔවුන් විසින්ම ඔසවාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් එම සෙබළා රෝහලට රැගෙන ගිය පසු මෙම පුද්ගලයා මියගිය බව දැනගැනීමත් සමඟ කැප කිරීම් කළ තරුණයන් සහ තරුණියන්ට ඇතැම් පිරිස් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කර තිබුණා.
මෙම යුදහමුදා සෙබලාගේ මියයෑම කෙසේ සිදුවුවේද යන්න පිළිබඳ දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
http://www.nethgossip.lk/article/36411

යකෝ බස් ස්ටෑන්ඩ් එක කියන්නෙ ටවුම මැදනෙ.. එකෙක් ලගට ගියේ නෑ කියමුමකෝ ඒත් 1990 ගත්තත් විනාඩි 5න් එන්න පුලුවන්නෙ..