වැටුන ළමයා ළගට ගුරුවරු ගිහින් නෑ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    අල්ලපු පන්තියේ කෝවිඩ් පොසිටිව් ලමයෙක් හිටියා ඒ ළමයා ළඟ හිටිය අයටත් පොසිටිව්. ප්‍රින්සිපල් කිව්වා පොසිටිව් ටික ඇරෙන්න ඉතුරු ඔක්කොම ඉස්කෝලේ එන්න ඕන කියලා. ඉතින් කට්ටිය ආවා.
    අද බලනකොට දෙමාපියෝ ඇතුලු පන්තියම කොරන්ටීන් 😐🐮
    අපි තාමත් ස්කෝලේ යනවා 🥺
    කොහේ සින් එකක්ද මේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පඩි මදි ලබ්බක් කව්ද මුලින්ම ගෙනාවේ මෙතන්ට ? දැන් ඉතින් මි හරකා වගේ කැ ගැහුවට වැඩක් නැහැ.
    කෑගහුවා.. උඹට සද්දේ ඈහුනද. 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 නිකන් එක දිගට ගොන් කතා කියන්න එපා බන්... පඩිය ගෑන කලින් එකෙක් දාලා තිබ්බ එකකට රිප්ලයි කලේ කලින්. මේ සිද්ධියට පඩි සම්බන්ධයක් නෑ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව මිසක්.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    "පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී "

    පිනා තමා ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ . ඌ මොන ලබ්බටද රැස්වීම් තිවුවේ මේ ප්‍රශ්න අස්සේ. කියන්න තියෙන මගුලක් ගුරුවරු හරහා පන්ති වලට දන්වන්න තිවුනනේ. රටේ ගොඩක් ප්‍රශ්න වලට මුල ගොබ්බ රාජ්‍ය සේවකයෝ...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    පාසැල් යලි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා ඊයේ (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික්ක වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසනවා.

    අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සඳහන් කළේ තිලකපුර ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ සාමාජිකයෙකු නිවසට පැමිණීමෙන් පසුව ඔහුව නිවසේදීම ස්වයං නිරෝධායනයට යොමු කර තිබු බවත් ඊයේ දිනයේදී පාසැල් යලි විවෘත කිරීම හේතුවෙන් දෙමාපියන් විසින් සිය දරුවන් දෙදෙනාව පාසැල් කරා යොමු කර ඇති බවයි.

    ස්වයං නිරෝධායනයට යොමු කර සිටි මෙම ආරක්ෂක අංශ සාමාජිකයාට ඊයේ දහවල් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කොට ඇති අතර ඒ අනුව ඔහුව වහාම ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත.

    රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයේදී මෙම ආරක්ෂක අංශ සාමාජිකයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර පසුව ඔහුගේ බිරිඳගේ ද සිදුකළ PCR පරීක්ෂණයේදී ඇයද කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන තිබෙනවා.

    ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසැල් දෙකක 09 සහ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මෙම දරුවන් දෙදෙනා ඊයේ දිනයේදී පාසැල් පැමිණ තිබීම හේතුවෙන් ඔවුන් අධ්‍යාපනය ලැබූ පන්ති දෙකේ සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට තමන් උපදෙස් ලබාදුන් බවයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ.

    හෙට දිනයේ දී මෙම ළමුන් දෙදෙනා ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර ඔවුන්ගේ ප්‍රථිපල මත ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් වන පන්ති දෙකේ සෙසු ළමුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

    මේ වන විට මෙම ළමුන් දෙදෙනා ගේ සමීප ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    "පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී "

    පිනා තමා ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ . ඌ මොන ලබ්බටද රැස්වීම් තිවුවේ මේ ප්‍රශ්න අස්සේ. කියන්න තියෙන මගුලක් ගුරුවරු හරහා පන්ති වලට දන්වන්න තිවුනනේ. රටේ ගොඩක් ප්‍රශ්න වලට මුල ගොබ්බ රාජ්‍ය සේවකයෝ...

    ප්‍රින්සිපල් ආස ඇති කතා පවත්වන්න.
     

    gama22

    Well-known member
  • ඔව් මචං. මේවගේ දේවල් වෙනවා කියලා පුරෝකතනය කරලා ඒකට අවශ්‍ය පුහුනුව හා පහසුකම් ගුරුවරුන්ට දෙන්න ඕනේ. ඒ මොකවත් නැතුව නිකං ඉස්කෝල විතරක් ඇරියට හරියන්නෙ නෑ.


    මටත් No kids බං. එව්නාට හිතපං අපි ඉස්කෝලේ යන කාලෙ අපිට ඔහොම වෙලා තිබුනනම් මොන වගේ දැනෙයිද.
    Mask ekak dagena pulwanam kagahapanko minissu 5 denekta ahenna. Guruwarunta pp thiya atha hodanna vathura nathi pasal kiyak thiyenawada ban .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,183
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී "

    පිනා තමා ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ . ඌ මොන ලබ්බටද රැස්වීම් තිවුවේ මේ ප්‍රශ්න අස්සේ. කියන්න තියෙන මගුලක් ගුරුවරු හරහා පන්ති වලට දන්වන්න තිවුනනේ. රටේ ගොඩක් ප්‍රශ්න වලට මුල ගොබ්බ රාජ්‍ය සේවකයෝ...
    ඇයි පිනාට ඉස්කෝලෙ රැස්වීම් තියන්න බැරිද එතකොට?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    දැන් කපිල අවබෝධයක් ලබාගන්න ඇති.

    FB_IMG_1606228269380.jpg