වටිනා දේ රැකීම හොඳයි. හැබැයි ඒ නිසා මෙහෙමත් වෙන්න පුළුවන්.

hpalpola

Well-known member
  • එදිනෙදා ජීවත් වෙද්දි මිනිස්සුන්ට නොයෙක් දේවල් වුවමනා වෙනවා. මේ දේවල් අතරෙ තියෙන ඉඳිකට්ට පවා මිනිස්සුන්ට වටිනවා. හැබැයි ඒ ඒ දේවල වටිනාකම වැඩි වෙන්න වෙන්න ඒවට දක්වන උනන්දුවත් වෙනස් වෙනවා. ඕනැ තැනකින් ඕනා වෙලාවට ගන්න තියෙන වැඩිය වුවමනා නොවෙන දේවලට දෙන අගය එහෙම නොවෙන දේවලට නැහැ. මෙහෙම වටිනාකම් දීමේ කිසි වරදක් නැහැ.

    හැබැයි බුදු දහමට අනුව මේ වටිනාකම් දීමට යාමේ නරක පැත්තකුත් තියෙනවා. ඒක මෙහෙමයි.

    අපි වටිනාකම් දීලා ආරක්ෂා කරන්න යන දේවල් නිසා අපිට ද්වේශය නැත්නම් දුක ඇති වෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නෙ. නිකමට හිතන්න වාහනයක් තියෙනවා කියලා. මේක වටිනවා. ඒ නිසා හෝදලා පිරිසිදු කරලා තියාගන්නවා. කව්රුහරි වැලිත් එක්ක ඒ වාහනේට නැග්ගොත් ඒ කෙනා එක්ක තරහ යනවා. ඒ වැලි නිසා වාහනය අපිරිසිදු කරපු නිසා. ඒ වගේම දුක හිතෙනවා, අනේ මගේ වාහනය අපිරිසිදු වුනානේ කියලා. දුක හිතෙන්නෙ තමුන්ගේ දේපල එක්ක. තරහ හිතෙන්නෙ දේපලට බලපෑම් කල කෙනා එක්ක. මේ විදියට තරහක් නැත්නම් ද්වේශයක් ඇති වෙන්නෙ ඇයි කියලා බැලුවොත් තේරේවි ඒකට හේතුව ලෝභකම කියලා. මේ ලෝභකම ඇතිවෙන්නෙ අර වටිනා දේත් එක්ක. ලෝභකම කියන්නෙ තණ්හාවෙම අංගයක්නෙ. ලෝභකම නිසා තමයි ආරක්ෂා කරන්න දේවල් කරන්නෙ. මගේ දේ කියලා අල්ලාගෙන කටයුතු කිරීම තමයි මෙතැනදි වෙන්නෙ.

    මේ ලෝභකම ඇති වෙන්නෙ ඇයි කියලා හිතුවම පේන දේ තමයි ලෝභකම ඇති වෙන්නෙ මෝහය නිසා කියන එක. දැන් මතක තියා ගන්න මේ වෙද්දි දුක ඇති වෙලා තියෙන්නෙ. අපි දැක්කා දුක ඇති වුනේ ලෝභකම නිසා කියලා. ඒ ලෝභකම ඇති වුනේ මෝහය නිසා. මෝහය නිසා තමයි අපිට නො⁣තේරෙන්නෙ ඇහෙන දකින දැනෙන හැම දෙයක්ම සතර මහා භූතයන්ගෙන් නැත්නම් ශුද්ධ අෂ්ටකයෙන් හැදිලා තියෙනවා කියන එක. ශුද්ධ අෂ්ටක කියන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, රූප, ගණ්ධ, රස, ඕජා කියන ජාති 8. මිනිසා ඇතුලු ඕනැම දෙයක් හැදිලා තියෙන්නෙ මේ අංග 8 එකතු වෙලා. අපි මේ කතාවට ගත්ත වාහනය හැදිලා තියෙන්නෙත් මේ ශුද්ධ අෂ්ටකයෙන්. හැබැයි අපිට එහෙම පේන්නෙ නැහැ. නිකමට හිතන්න වාහනයක් කියන්නෙ උපාංග කීපයක එකතුවක්. ඒ එකතුව තමයි අපි දකින්නෙ වාහනයක් විදියට. ඉතින් මේ ශුද්ධ අෂ්ටකවල ස්වභාවය තමයි වෙනස් වෙන ගතිය, නොපවතින ගතිය. වෙනස් වෙන නොපවතින දේ වල ස්වභාවය දුකයි. අර වාහනය අපිරිසිදු වෙනවා කො⁣යි විදියට වුනත්. පැද්දත් නොපැද්දත් ඒක දිරනවා. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි මේ ලෝක ස්වභාවය නොපෙනීම තමයි මෝහය වෙන්නෙ. මේ මෝහය නිසා වෙනස්වෙන, නොපවතින දුක් සහිත දෙයක් ගැන ලෝභය ඇති කරගන්නවා. ඒ ලෝභය නිසා ද්⁣වේශය නැත්නම් දුක ඇති කරගන්නවා.

    ඉතින් දැන් පැහැදිලි වෙන්න ඇති වටිනා කියන දේවල් නිසා දුක නැත්නම් තරහ ඇති වෙන හැටි. මෙනිසා අපි දැන ගන්න ඕනා වටිනා දේවල් රැක ගැනීමේ වරදක් නැතත් ඒ හේතුවෙන් දුක ඇති වෙන්නත් පුළුවන් බව. දුක ඇති නොවෙන්න වටිනා දේවල් රැකගන්න පුළුවන් බවත් දැන් තේරෙනවා ඇති.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,022
    3,430
    113
    EARTH
    එදිනෙදා ජීවත් වෙද්දි මිනිස්සුන්ට නොයෙක් දේවල් වුවමනා වෙනවා. මේ දේවල් අතරෙ තියෙන ඉඳිකට්ට පවා මිනිස්සුන්ට වටිනවා. හැබැයි ඒ ඒ දේවල වටිනාකම වැඩි වෙන්න වෙන්න ඒවට දක්වන උනන්දුවත් වෙනස් වෙනවා. ඕනැ තැනකින් ඕනා වෙලාවට ගන්න තියෙන වැඩිය වුවමනා නොවෙන දේවලට දෙන අගය එහෙම නොවෙන දේවලට නැහැ. මෙහෙම වටිනාකම් දීමේ කිසි වරදක් නැහැ.

    ඉතින් දැන් පැහැදිලි වෙන්න ඇති වටිනා කියන දේවල් නිසා දුක නැත්නම් තරහ ඇති වෙන හැටි. මෙනිසා අපි දැන ගන්න ඕනා වටිනා දේවල් රැක ගැනීමේ වරදක් නැතත් ඒ හේතුවෙන් දුක ඇති වෙන්නත් පුළුවන් බව. දුක ඇති නොවෙන්න වටිනා දේවල් රැකගන්න පුළුවන් බවත් දැන් තේරෙනවා ඇති.

    දැන් මේකෙන් නිවන් දකින්නෙ කොහොමද? කෙලෙස් නැතිකර ගන්නෙ කොහොමද?
     

    hpalpola

    Well-known member
  • දැන් මේකෙන් නිවන් දකින්නෙ කොහොමද? කෙලෙස් නැතිකර ගන්නෙ කොහොමද?
    නිවන කියන්නෙ මොකක්ද කියලා මතකෙ තියන් කියවලා බලන්න. සමහරවිට බැරි වෙන එකක් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,022
    3,430
    113
    EARTH
    නිවන කියන්නෙ මොකක්ද කියලා මතකෙ තියන් කියවලා බලන්න. සමහරවිට බැරි වෙන එකක් නැහැ.

    මචන් උඹට පුලුවන් වුනාද? ඒ කොහොමද?

    ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක්, මෝහය දුරලීමෙක් වේ නම් මේ නිවනැ යි කියනු ලැබේ

    නිබ්‌බාන සූත්‍රය ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 4. ජම්බුඛාදක සංයුක්තය​

     
    • Like
    Reactions: NRTG

    hpalpola

    Well-known member
  • මචන් උඹට පුලුවන් වුනාද? ඒ කොහොමද?

    ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක්, මෝහය දුරලීමෙක් වේ නම් මේ නිවනැ යි කියනු ලැබේ

    නිබ්‌බාන සූත්‍රය ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 4. ජම්බුඛාදක සංයුක්තය​

    මන් හිතනවා යම් දුරකට පුළුවන් කියලා මචං. හැබැයි තව දුර යන්න තියෙනවා කියලත් දන්නවා.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,022
    3,430
    113
    EARTH
    මන් හිතනවා යම් දුරකට පුළුවන් කියලා මචං. හැබැයි තව දුර යන්න තියෙනවා කියලත් දන්නවා.
    අන්න ඒ තරමක් හෝ පුලුවන් වුනේ මොකක් කරලද? ක්‍රමය ඇහුවෙ මචෝ
     

    hpalpola

    Well-known member
  • අන්න ඒ තරමක් හෝ පුලුවන් වුනේ මොකක් කරලද? ක්‍රමය ඇහුවෙ මචෝ
    ඒක නම් මචං මෙතන මෙහෙමයි කියලා ටයිප් කරන්න අමාරුයි. හැබැයි හෘදය සාක්ෂියට එකඟව මන් දන්නවා මන් ඉන්න තැන සහ තව යන්න ඕනා දුර.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,226
    1,307
    113
    අංගුලිමාල - ආළවක සිල් අරන් අවෙ නැහැනෙ... ප්‍රඥාව නේද මුලට...

    බුදු රදුන්ට සවන් දෙන වෙලාවේ, සිතේ සීලයක් තිබුනෙ නැ කියල කියන්න පුලුවන් ද?

    ප්‍රජ්නාව වැඩෙන්නෙ සමාදිමත් සිතක, සමාදිය වඩෙන්නෙ සීලයත් සමග...
     

    hpalpola

    Well-known member
  • අංගුලිමාල - ආළවක සිල් අරන් අවෙ නැහැනෙ... ප්‍රඥාව නේද මුලට...
    ඔයා හරි. පස්වග මහණුන් සිල් අරන් ආු අය නෙමෙයි. අනාථ පිණ්ඩික නැත්නම් විශාඛා, සුජාතා උග්ග සිටු සිංහ සේනාපති වගේ අය ධර්මය අවබෝධ වුනාමයි සිල් සමාදන් වෙන්නෙ.
     
    • Love
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,022
    3,430
    113
    EARTH
    බුදු රදුන්ට සවන් දෙන වෙලාවේ, සිතේ සීලයක් තිබුනෙ නැ කියල කියන්න පුලුවන් ද?

    ප්‍රජ්නාව වැඩෙන්නෙ සමාදිමත් සිතක, සමාදිය වඩෙන්නෙ සීලයත් සමග...
    සීලයක් හෝ ඕනම දෙයක් වෙන්න මුලින්ම අහන්න ඕන.. අහපු එක ප්‍රඥාවෙන් දකින්න ඕන... ඒ වැඩුන ප්‍රඥාවට අනුව සීලයක් ධ්‍යානයක් හික්මීමක් වෙන්න පුලුවන්..

    වෙන ටෙක්නික් එකක් තියෙනවද?
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    670
    760
    93
    Ambalangoda
    අංගුලිමාල - ආළවක සිල් අරන් අවෙ නැහැනෙ... ප්‍රඥාව නේද මුලට...

    සීලයක් හෝ ඕනම දෙයක් වෙන්න මුලින්ම අහන්න ඕන.. අහපු එක ප්‍රඥාවෙන් දකින්න ඕන... ඒ වැඩුන ප්‍රඥාවට අනුව සීලයක් ධ්‍යානයක් හික්මීමක් වෙන්න පුලුවන්..

    වෙන ටෙක්නික් එකක් තියෙනවද?

    ප්‍රඥාව නැති කෙනෙක් ඒක වර්ධනය කරගන්නෙ කොහොමද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,022
    3,430
    113
    EARTH
    ප්‍රඥාව නැති කෙනෙක් ඒක වර්ධනය කරගන්නෙ කොහොමද?

    අහලා/ මෙනෙහි කරලා... “මම නැවතිලා ඉන්නෙ අංගුලිමාල ඔබත් නවතින්න“ කියපු එක ඇහුවා, ඊට පස්සෙ මෙනෙහි කලා, ඒ වෙලාවෙ සිල් නෙවෙයි කඩුවක් ගත්තෙ..


    සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය

    ත්‍රිපිටකය » විනය පිටකය » චුල්ලවග්ගපාළිය » 7. සඞ්‌ඝභේදක‌ඛන්‌ධකය

    4. “මහණෙනි, අංග අටෙකින් සමන්විත මහණ තෙමේ දූත කාර්‍ය්‍යයෙහි යන්නට සුදුසු ය. කවර අටින් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කියන බසට මොනොවට කන්යොමු කෙරේ ද, අස්වන්නේ (කියන්නේත්) වේ ද, ඉගෙනගන්නේ වේ ද, උගත් දෑ සිතෙහි දරන්නේ වේ ද, කරුණු නුවණින් දැනගන්නේ වේ ද, සෙස්සනට දන්වන්නේ වේ ද, අර්‍ථනිඃශ්‍රිත වූ ද අර්‍ථනිඃශ්‍රිත නො වූද දෑ දැනීමෙහි දක්‍ෂ වේ ද, කලහකාරී නො වේ ද, මහණෙනි, මෙ කී අංග අටින් සමන්විත මහණ තෙම දූතගමන යන්නට සුදුසු වේ.
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    670
    760
    93
    Ambalangoda
    අංගුලිමාල - ආළවක සිල් අරන් අවෙ නැහැනෙ... ප්‍රඥාව නේද මුලට...

    මට හිතෙන්නෙ අගක් මුලක් නැහැ. ඕවා සමගාමීව දියුණු වෙන කාරණා
     
    • Like
    Reactions: INCORRECT

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,226
    1,307
    113
    සීලයක් හෝ ඕනම දෙයක් වෙන්න මුලින්ම අහන්න ඕන.. අහපු එක ප්‍රඥාවෙන් දකින්න ඕන... ඒ වැඩුන ප්‍රඥාවට අනුව සීලයක් ධ්‍යානයක් හික්මීමක් වෙන්න පුලුවන්..

    වෙන ටෙක්නික් එකක් තියෙනවද?

    අහපු එක ප්‍රජ්නාවෙන් දකින්න...ප්‍රජ්නාව ඊට කලින් වැඩිල තියෙන්න එපෙයි?...එක උනේ මොකක් කොරලද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,022
    3,430
    113
    EARTH
    අහපු එක ප්‍රජ්නාවෙන් දකින්න...ප්‍රජ්නාව ඊට කලින් වැඩිල තියෙන්න එපෙයි?...එක උනේ මොකක් කොරලද?
    හොද ප්‍රශ්ණයක්... හැබැයි ධර්මය ශ්‍රවණය වෙන වෙලාවෙම අවබෝධ කරගැනීම ප්‍රඥාව නෙවෙයිද?

    ප්‍රඥාව මුලින් වඩලා පස්සෙ අවබෝධ වෙන්න දෙයක් ඉතුරු නැහැනෙ. ප්‍රඥාව කියන්නෙම අවබෝධයකටනෙ.. එතනට සීලයක් අවශ්‍ය වෙනවද?

    ප්‍රාෙයා්ගිකව ගත්තොත් මලපැනලා කාට හරි ගහන්න යනකොට ඌ කියන කරුණු තේරිලා නොගහ අතහරින්න පුලුවන්නෙ.