වැඩිය කතා නොකරන පැති දෙකක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,727
    9,022
    113
    මේ කරුණු බොහොමයක් ගන්නේ Dhanusha Gihan Pathirana මෑත කාලේ ඉදිරිපත් කල අදහස් වලින්. මේ කියන කලාපය කවුරුවත් කොහෙවත් කතා කරනවා දැකලා නොතිබුණු නිසා සහ මේ කියන දේවල්වල වැදගත්කම නිසා සෑහෙන කම්පනයක් කෝපයක් සහ බියක් ඇති වෙනවා.

    අපි ලංකාවේ ආර්ථික අර්බුධය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් කතා කරේ ඩොලර් හිඟය, අයවැය පරතරය, අධි පරිභෝජනය, බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතනවල නාස්තිය සහ අකාර්යක්ෂමතාවය, දේශපාලකයන්ගේ දූෂණ වංචා ආදිය විදිහට. ඒත් කතා නොවෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන කියන්න යන්නේ.

    1. Over/Under invoicing හරහා ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටට යාම

    Over invoicing කියන්නේ මෙහෙම එකක්. මම මොනවා හරි දෙයක් මිලදී ගන්නකොට, ඒ මිලදී ගන්න භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලකට රිසිට් එකක් දාගන්නවා. නිකං උදාහරණයකට ගාමන්ට් ෆැක්ටරි එකක් තමන්ගේ අවශ්‍යතා සඳහා රෙදිපිලි ඉන්දියාවෙන් ගේනවා කියල හිතන්න. ඉන්දියාවෙන් මිලට ගන්න රෙදිවල සැබෑ මිල ඩොලර් මිලියන පහයි. හැබැයි මේකේ මිල ඩොලර් මිලියන හයක් කියල තමා මෙයාල රිසිට් එක දාගන්නේ. මේ කියන්නේ අතිරේක ඩොලර් මිලියනයක් රටෙන් පිටට යනවා. ඒ මොකටද? ඒ ඩොලර් මිලියනය රටෙන් පිට ෆැක්ටරි අයිතිකාරයාගේ හෝ මේ වැඩේට සම්බන්ධ කෙනෙක්ගේ ඩොලර් අකවුන්ට් එකකට තමා යන්නේ.

    Under invoicing කියන්නේ මම මොනවා හරි විකුණනකොට, ඒ භාණ්ඩවල වටිනාකමකට වඩා අඩු වටිනාකමකට රිසිට් එක දැමීම. උදාහරණයකට ගාමන්ට් එකක් නිමි ඇඳුම් අපනයනය කරනකොට ඒ නිමි ඇඳුම් වල සැබෑ විකුණුම් මිල ඩොලර් මිලියන තුනක් නම්, මෙයාලා මේකට මිලදී ගන්නාගෙන් අය කරගන්නේ ඩොලර් මිලියන දෙකහමාරයි. මේ ගාණට රිසිට් එක දැම්මම, ඩොලර් මිලියන බාගයක් රට ඇතුලට එන්නේ නෑ කිසිම විටක. ඇඳුම් මිලදී ගත් කෙනාට නැවත ඒ ඇඳුම් නියම මිලට විකුනලා ඩොලර් මිලියන තුන (හෝ වැඩියෙන්) හොයාගත හැකියි.

    මේ අවස්ථා දෙකේදීම මිලදී ගන්නා කෙනා සහ විකුණන කෙනා එකම පාර්ශවයක් වුනත් වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකම කරන්න පූර්ව සාධකයක් විදිහට ඉහල උද්ධමනයක් සහ අඩු තීරුබදු පවතින්න ඕන. උදාහරණයකට රෙදිපිළි රට ඇතුලට ගේනකොට ලොකු ටැක්ස් එකක් වදිනවා නම් මේක එච්චර සාර්ථක නෑ. නමුත් මේ වැඩ සිද්ධ වෙන්නේ වෙළඳ ගිණුම හරහා අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීම් විදිහට. මේ අංශ වලට බද්ද 0% හෝ ඊට ආසන්න නිසා මේ වැඩේ කරන්න පුළුවන්. මේ දෙකම නීති විරෝධී වැඩ.

    රටේ මුදල් ඒකකය දිගින් දිගට අවප්‍රමාණය වීම නිසා රුපියල් අතේ තියාගැනීම වෙනුවට ඩොලර් තියාගැනීම වඩා හොඳයි. ඒ නිසා තමන් අත ඇති ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටමං කිරීමේ සහ විදේශවල සංචිත කිරීමේ ක්‍රම මේවා.
    මේ ආකාරයට රටෙන් එලියට ප්‍රාග්ධනය අනීතිකව දිගින් දිගට ගලායාම නිසා වෙන දේ තමයි අපේ රට එන්න එන්න දුගී වීම සහ මේ ආකාරයට ප්‍රාග්ධනය විදේශවල සංචිත කරගන්නා පිරිස බලවත් වීම. කොහොමත් මේ ආකාරයේ දේවල් කරන්න පුළුවන් ඉහලම ව්‍යාපාරික ලේයර් එකට විතරයි. මේ දේවල් කරන්න බැංකු පද්ධතියත් හවුල් අතර ඒ බැංකු වල සෑහෙන හිමිකාරිත්වයකුත් ආයේ මේ සෙට් එකටම හිමියි

    මෙහෙම පිටට යන ඩොලර් කියන්නේ වෙළඳාම, ප්‍රේෂණ, ණය සහ විදේශ ආයෝජන විදිහට රට ඇතුලට ආව සල්ලි. අපේ සල්ලි තමා මේ කිහිප දෙනෙක්ගේ ලේයර් එකක් රටෙන් එලියට ගෙනිහින් තියෙන්නේ.

    Global Financial Integrity කියන ආයතනය විසින් 2021 දෙසැම්බර් 16 නිකුත් කල Trade-Related Illicit Financial Flows in 134 Developing Countries 2009-2018 කියන වාර්තාවේ කියවෙන විදිහට මේ ක්‍රම හරහා 2009-18 කාලය අතරතුර ලංකාවෙන් පිටට ගිහින් තියෙන ප්‍රාග්ධනය ඩොලර් 45ක් පමණ වෙනවා.

    මේක සිද්ධ වෙන එක ගැන එක උදාහරණයක් විදිහට දෙන්නේ 2021 වසරේ මෙතරම් ආනයන තහනම් තියෙද්දිත් ඩොලර් බිලියන 20.6ක ආනයන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන වලින් 80%ක් පමණ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට යන වියදම. නමුත් මෙතරම් අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්නුවා නම්, එක අතකින් රට තුල විරැකියාව වැඩි වෙන්න බෑ, අනෙක් අතින් අපනයනවල කාර්මික අපනයන වැඩි වෙන්න ඕන. මේ දෙකම වෙලා නැති අතර (කාර්මික අපනයන අඩුවෙලා) ඩොලර් බිලියන 11ක පමණ අපනයන විතරයි වෙලා තියෙන්නේ. වෙනස ඩොලර් බිලියන දහයකට ආසන්නයි. මෙහෙම වෙන්නේ කොහොමද? මේ පරතරය මෙතරම් වැඩි වෙන්න පුළුවන් විදිහ තමයි ඔය උඩ පැහැදිලි කරලා තියෙන්නේ.

    2. කලු සල්ලි හරහා ප්‍රාග්ධනය අහිමි වීම

    2020ට කලින් ඇස්තමේන්තු කරලා තිබ්බ විදිහ අනුව රටේ විදේශ ප්‍රේෂණ (remittances) වලින් 30%ක් පමණ එන්නේ උන්ඩියල් ක්‍රම මගින්. රුපියල 203 ට ස්ථාවර කිරීම එක්ක මේ ප්‍රතිශතය වැඩි වුනු බව පැහැදිලියි. රටේ මුදල් ඇමති ප්‍රසිද්ධියේ උන්ඩියල් සහ බ්ලැක් මාකට් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. කලින් ඇස්තමේන්තුවට අනුව 2009-18 කාලය තුල ලංකාවට උන්ඩියල් ක්‍රම නිසා අහිමි වී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන විස්සක් විතර වෙනවා. මේ කලු සල්ලි නැවත භාවිතා වෙන්නේ මත්ද්‍රව්‍ය, ආයුධ, මිනිස් වෙළඳාම ආදී වෙළඳාම් සඳහා.

    එතකොට මේ ඇස්තමේන්තු අනුව බැලුවොත් 2009-18 කාලය තුල පමණක් ලංකාවට අහිමි වී ඇති ප්‍රාග්ධනයේ ඩොලර් ප්‍රමාණය බිලියන 65ක් විතර. වසරකට ඩොලර් බිලියන 6.5ක්. අපි එච්චර ණය ගන්නෙවත් නෑ අවුරුද්දකට. අපේ මුළු ණය බර වෙන්නෙත් ඩොලර් බිලියන 55යි. ඒ නිසා අපි මේ කතා කරන්නේ කජු ඇට කොස් ඇට ගැන නෙමෙයි.

    මීට අමතරව ලංකා රජය විසින් පසුගිය ජනවාරි වෙනකම් ISB ගෙවීම් කරනවා. මෙහෙම ගෙවන්නේ පැහැදිලිවම ඉදිරියට මිනිස්සුන්ට තෙල් ගේන්න, බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිවෙන බව හොඳින් පෙනි පෙනී. ඩිෆෝල්ට් කරන්න වෙන බව දැනගෙන. මිනිස්සු මැරෙන්න යන බව පෙනෙද්දී. මීට අමතරව (කාල වකවානුව දන්නේ නෑ - W.D. ලක්ෂ්මන් ඉන්න කාලේ) ලංකාවේ තිබ්බ රන් සංචිත වලින් ඩොලර් බිලියන ටොන් දහතුනක රන් සංචිත රත්තරන් මිල ඉතා පහල මට්ටමකට වැටුණු වෙලාවක විකුනලා දාලා තියෙනවා. මේවා විකුණුවේ කාටද කියල දන්නේ නෑ. අන්තිමට එක සතයක් නැති වෙනකම්ම රටේ මිනිස්සු හොයපු ඩොලර් ටික එලියට ඇදලා තමා මෙයාලා IMF යන්නේ.

    මේ සියල්ල තව හොයා බලන්න, පරීක්ෂා කරන්න. වැරදි ඇති නම් දැනුවත් කරන්න. අපිට අප්‍රිකාව වගේ වෙන්න ඕනේ නැත්තන්, මේ ප්‍රශ්න ගැන දැනුවත් වීමත්, ඒවා සම්බන්ධව විසඳුම් සහිත වැඩපිලිවෙලකුත් අපිට අවශ්‍යයි. ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් සියල්ලම පාහේ උඩ කිවූ ව්‍යාපාරික ලේයර් එක විසින් අල්ලාගෙන ඇති බව සහතික නිසා ඔවුන් විශ්වාස කල නොහැකියි. ඇමතිවරුන්ට උපදෙස් දෙන්න පත් කල ආර්ථික කමිටුවේ හිටියෙත් ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් සෙට් එකනේ. මේ කිසිවක් ගැන අපි කිසිත් නොදැන ඉන්නේ කොහොමද කියලත් ඇසිය යුතුයි.

    ---

    මේ සාකච්ජාවෙ දනුශ කියන කාරණා ගැනත් අහන්න

    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,265
    5,663
    113
    ගෙදර/බෝඩිමේ
    Good one machan, godak un undial danawa ubala innakan api salli ewan na kiyala natta ussagena gonnu wage :rofl:
    Un danne na unge $ (or any other currency) mokaata yanawada kiyala, unge lankawe pawulata nikan RS kola tikak hambenawa rata athule wena account ekakin.
    Parliment eke inna we$ige puthala bank walin $ illuwama unta nodi innawa kiyala mun hithanne, thawa undial karata 225 unta riddanna wage gon talks denawa, habai kaalayak giyama ridenna ganne unge pawul wala unta kiyala unta theren na, K@ri Basil oya undial game eke chain eke eka purukak, kohen giyath unta comission enawa..

    Rata inna ape gon sinhalu uda dagena thawa undial karanawa... oka chakrayak moda sinhalunta echchara therenne na, gedarata Rupiyal kola wadipura enawa nan oona kakka bettak karai sad :(

    Btw math kalin ohoma dala thiyenawa, eth scene eka danagattata passe wade nawattuwa, nikan Rs 2000-3000 ට උක denna ona nane 👍
     
    Last edited:

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,718
    113
    Alaska
    D
    Good one machan, godak un undial danawa ubala innakan api salli ewan na kiyala natta ussagena gonnu wage :rofl:
    Un danne na unge $ (or any other currency) mokaata yanawada kiyala, unge lankawe pawulata nikan RS kola tikak hambenawa rata athule wena account ekakin.
    Parliment eke inna we$ige puthala bank walin $ illuwama unta nodi innawa kiyala mun hithanne, thawa undial karata 225 unta riddanna wage gon talks denawa, habai kaalayak giyama ridenna ganne unge pawul wala unta kiyala unta theren na, K@ri Basil oya undial game eke chain eke eka purukak, kohen giyath unta comission enawa..

    Rata inna ape gon sinhalu uda dagena thawa undial karanawa... oka chakrayak moda sinhalunta echchara therenne na, gedarata Rupiyal kola wadipura enawa nan oona kakka bettak karai sad :(
    Do you think they don’t know this ? This is also a type of protest. It’s their own wish. They are earning under hot scorching sun and you are saying to give it to this corrupt regime ? Current regime has to go then the dollars will flow.
     
    • Haha
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,265
    5,663
    113
    ගෙදර/බෝඩිමේ
    D

    Do you think they don’t know this ? This is also a type of protest. It’s their own wish. They are earning under hot scorching sun and you are saying to give it to this corrupt regime ? Current regime has to go then the dollars will flow.
    ow ow current regime giyata passe undial walata purudu wechcha siinhalu salli ewai meen kiyala balan idapan machan :lol: Basil Rs pawenna nodi boruwata allan hitiya undial heththa business eka hadaganna kan e karala undial aulak na kiuwe ubala wage hithana unuth inna nisa, eka nisa unta ratata $ awath ekai nathath ekai... awe nathi unoth worst case wenne un pacha wela gedara yanawa, rate minissu homben yanawa..
    uba mama dapu eke eka paththak allan comment eka dala thiyenne, wadiya ona na 225 un trip ekak yanna bank walin $ illuwama student kenekta yawaganna nathi $ mawila enne mawila...
     
    Last edited:
    • Like
    Reactions: neo7x

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,718
    113
    Alaska
    I
    ow ow current regime giyata passe undial walata purudu wechcha siinhalu salli ewai meen kiyala balan idapan machan :lol: Basil undial aulak na kiuwe ubala wae hithana unuth inna nisa, eka nisa unta ratata $ awath ekai nathath ekai... awe nathi unoth worst case wenne un pacha wela gedara yanawa, rate minissu homben yanawa..
    uba mama dapu eke eka paththak allan comment eka dala thiyenne, wadiya ona na 225 un trip ekak yanna bank walin $ illuwama student kenekta yawaganna nathi $ mawila enne mawila...
    I understand what you say, Even I had trouble finding dollars. I was put in a queue and later rejected. But if peoples don’t have confidence in the government they will not send. Undial is not the problem here, Government’s trust is the problem. I think when the government changes, people will send dollars through official channels.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    37,618
    1
    50,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක්කෙනෙකුට නිතිය තද කරද්දී තව කෙනෙකුට නීති බුරුල් කරනවා.

    දැන් මේ ලිපියේ කියන ප්‍රශ්නවලට නීති දැම්මට වැඩක් තියෙනවද ගෝට + කබ්‍රාල් ගත්ත වැරදි තීරණ නිසා රටට අහිමි වුන ධනස්කන්ධය ගැන කිසිම පියවරක් ගන්නේ නැත්නම්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,265
    5,663
    113
    ගෙදර/බෝඩිමේ
    I

    I understand what you say, Even I had trouble finding dollars. I was put in a queue and later rejected. But if peoples don’t have confidence in the government they will not send. Undial is not the problem here, Government’s trust is the problem. I think when the government changes, people will send dollars through official channels.
    The government has already lost their credibility, no matter what majority won't vote for them in the next election, but what if people don't get enough supplies to survive just because of the $ crisis & even knowing that fact we still doing Undial, that's not right.

    Just don't do any donate shit to the accounts they mention, just transfer your money through a bank or any app that crosses money borders, I found that wise doesn't cross money borders.

    P.S : Machan undial walata purudu una minissunta RS wadiyen labenawa nam echcharai, Rata inna ayagen pena widiyata 70-80% wage minissunta money borders cross wenawada, thamange $ tika aththatama ratata yanawada nadda kiyana eken wadak na, unta ona rate thamange pawulata wadiyen RS labena widiyak witharai, man danna samahara minissu innawa issarath undial damme dan undial dana gana aduwen danawa mun hora kanawa eka nisa aduwen danne kiyala, Government eka gedara giyama thawa wadipura undial dana size eke porawal ee...typical yakka puttu :lol:
     
    What wise doesn’t cross money borders ? How is that ? 😮
     
    We lose more than 5 bn worth of remittances per anum due to black market exchanges. This is a behemoth of an issue. Realistically speaking, countering it might be more challenging than ousting Rajapaksas. If you think politicians are jerks wait until you see trade mafias. They are powerful because their existence is validated by the greed of ordinary people.

    ------ Post added on May 1, 2022 at 12:19 PM
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,781
    113
    තව මෙහෙමත් වෙනවා. බී ඕ අයි වල රෝ මැටීරියල් ටැක්ස් ෆ්‍රී ගේන්න දෙනවානෙ. ඉතින් ඔය සුද්දො කරන්නෙ තව මෙහෙ හොටෙල් අනන් මනන් වෙන බිස්නස් පටන් ගන්නවා. ඒවට යන බඩුත් බී ඕ අයි කම්පැනි වලට ඕනෙ එව්වා කියලා තමයි ගෙන්වන්නෙ ටැක්ස් නැතුව. එතනින් ලංකාවට සල්ලි කෙළවෙනවා. තව පිටරට ඉඳලා එන උන්ව ඒ හොටෙල් වලට ගත්තම ඒ සල්ලි යන්නෙත් සුද්දන්ටමයි. ඕවට ඉතින් මෙහෙ උන් උදව් කරනවා.
     
    • Like
    Reactions: lovethebomb

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,176
    4,469
    113
    23
    Dinosaur, Colorado
    මේ කරුණු බොහොමයක් ගන්නේ Dhanusha Gihan Pathirana මෑත කාලේ ඉදිරිපත් කල අදහස් වලින්. මේ කියන කලාපය කවුරුවත් කොහෙවත් කතා කරනවා දැකලා නොතිබුණු නිසා සහ මේ කියන දේවල්වල වැදගත්කම නිසා සෑහෙන කම්පනයක් කෝපයක් සහ බියක් ඇති වෙනවා.

    අපි ලංකාවේ ආර්ථික අර්බුධය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් කතා කරේ ඩොලර් හිඟය, අයවැය පරතරය, අධි පරිභෝජනය, බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතනවල නාස්තිය සහ අකාර්යක්ෂමතාවය, දේශපාලකයන්ගේ දූෂණ වංචා ආදිය විදිහට. ඒත් කතා නොවෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන කියන්න යන්නේ.

    1. Over/Under invoicing හරහා ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටට යාම

    Over invoicing කියන්නේ මෙහෙම එකක්. මම මොනවා හරි දෙයක් මිලදී ගන්නකොට, ඒ මිලදී ගන්න භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලකට රිසිට් එකක් දාගන්නවා. නිකං උදාහරණයකට ගාමන්ට් ෆැක්ටරි එකක් තමන්ගේ අවශ්‍යතා සඳහා රෙදිපිලි ඉන්දියාවෙන් ගේනවා කියල හිතන්න. ඉන්දියාවෙන් මිලට ගන්න රෙදිවල සැබෑ මිල ඩොලර් මිලියන පහයි. හැබැයි මේකේ මිල ඩොලර් මිලියන හයක් කියල තමා මෙයාල රිසිට් එක දාගන්නේ. මේ කියන්නේ අතිරේක ඩොලර් මිලියනයක් රටෙන් පිටට යනවා. ඒ මොකටද? ඒ ඩොලර් මිලියනය රටෙන් පිට ෆැක්ටරි අයිතිකාරයාගේ හෝ මේ වැඩේට සම්බන්ධ කෙනෙක්ගේ ඩොලර් අකවුන්ට් එකකට තමා යන්නේ.

    Under invoicing කියන්නේ මම මොනවා හරි විකුණනකොට, ඒ භාණ්ඩවල වටිනාකමකට වඩා අඩු වටිනාකමකට රිසිට් එක දැමීම. උදාහරණයකට ගාමන්ට් එකක් නිමි ඇඳුම් අපනයනය කරනකොට ඒ නිමි ඇඳුම් වල සැබෑ විකුණුම් මිල ඩොලර් මිලියන තුනක් නම්, මෙයාලා මේකට මිලදී ගන්නාගෙන් අය කරගන්නේ ඩොලර් මිලියන දෙකහමාරයි. මේ ගාණට රිසිට් එක දැම්මම, ඩොලර් මිලියන බාගයක් රට ඇතුලට එන්නේ නෑ කිසිම විටක. ඇඳුම් මිලදී ගත් කෙනාට නැවත ඒ ඇඳුම් නියම මිලට විකුනලා ඩොලර් මිලියන තුන (හෝ වැඩියෙන්) හොයාගත හැකියි.

    මේ අවස්ථා දෙකේදීම මිලදී ගන්නා කෙනා සහ විකුණන කෙනා එකම පාර්ශවයක් වුනත් වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකම කරන්න පූර්ව සාධකයක් විදිහට ඉහල උද්ධමනයක් සහ අඩු තීරුබදු පවතින්න ඕන. උදාහරණයකට රෙදිපිළි රට ඇතුලට ගේනකොට ලොකු ටැක්ස් එකක් වදිනවා නම් මේක එච්චර සාර්ථක නෑ. නමුත් මේ වැඩ සිද්ධ වෙන්නේ වෙළඳ ගිණුම හරහා අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීම් විදිහට. මේ අංශ වලට බද්ද 0% හෝ ඊට ආසන්න නිසා මේ වැඩේ කරන්න පුළුවන්. මේ දෙකම නීති විරෝධී වැඩ.

    රටේ මුදල් ඒකකය දිගින් දිගට අවප්‍රමාණය වීම නිසා රුපියල් අතේ තියාගැනීම වෙනුවට ඩොලර් තියාගැනීම වඩා හොඳයි. ඒ නිසා තමන් අත ඇති ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටමං කිරීමේ සහ විදේශවල සංචිත කිරීමේ ක්‍රම මේවා.
    මේ ආකාරයට රටෙන් එලියට ප්‍රාග්ධනය අනීතිකව දිගින් දිගට ගලායාම නිසා වෙන දේ තමයි අපේ රට එන්න එන්න දුගී වීම සහ මේ ආකාරයට ප්‍රාග්ධනය විදේශවල සංචිත කරගන්නා පිරිස බලවත් වීම. කොහොමත් මේ ආකාරයේ දේවල් කරන්න පුළුවන් ඉහලම ව්‍යාපාරික ලේයර් එකට විතරයි. මේ දේවල් කරන්න බැංකු පද්ධතියත් හවුල් අතර ඒ බැංකු වල සෑහෙන හිමිකාරිත්වයකුත් ආයේ මේ සෙට් එකටම හිමියි

    මෙහෙම පිටට යන ඩොලර් කියන්නේ වෙළඳාම, ප්‍රේෂණ, ණය සහ විදේශ ආයෝජන විදිහට රට ඇතුලට ආව සල්ලි. අපේ සල්ලි තමා මේ කිහිප දෙනෙක්ගේ ලේයර් එකක් රටෙන් එලියට ගෙනිහින් තියෙන්නේ.

    Global Financial Integrity කියන ආයතනය විසින් 2021 දෙසැම්බර් 16 නිකුත් කල Trade-Related Illicit Financial Flows in 134 Developing Countries 2009-2018 කියන වාර්තාවේ කියවෙන විදිහට මේ ක්‍රම හරහා 2009-18 කාලය අතරතුර ලංකාවෙන් පිටට ගිහින් තියෙන ප්‍රාග්ධනය ඩොලර් 45ක් පමණ වෙනවා.

    මේක සිද්ධ වෙන එක ගැන එක උදාහරණයක් විදිහට දෙන්නේ 2021 වසරේ මෙතරම් ආනයන තහනම් තියෙද්දිත් ඩොලර් බිලියන 20.6ක ආනයන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන වලින් 80%ක් පමණ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට යන වියදම. නමුත් මෙතරම් අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්නුවා නම්, එක අතකින් රට තුල විරැකියාව වැඩි වෙන්න බෑ, අනෙක් අතින් අපනයනවල කාර්මික අපනයන වැඩි වෙන්න ඕන. මේ දෙකම වෙලා නැති අතර (කාර්මික අපනයන අඩුවෙලා) ඩොලර් බිලියන 11ක පමණ අපනයන විතරයි වෙලා තියෙන්නේ. වෙනස ඩොලර් බිලියන දහයකට ආසන්නයි. මෙහෙම වෙන්නේ කොහොමද? මේ පරතරය මෙතරම් වැඩි වෙන්න පුළුවන් විදිහ තමයි ඔය උඩ පැහැදිලි කරලා තියෙන්නේ.

    2. කලු සල්ලි හරහා ප්‍රාග්ධනය අහිමි වීම

    2020ට කලින් ඇස්තමේන්තු කරලා තිබ්බ විදිහ අනුව රටේ විදේශ ප්‍රේෂණ (remittances) වලින් 30%ක් පමණ එන්නේ උන්ඩියල් ක්‍රම මගින්. රුපියල 203 ට ස්ථාවර කිරීම එක්ක මේ ප්‍රතිශතය වැඩි වුනු බව පැහැදිලියි. රටේ මුදල් ඇමති ප්‍රසිද්ධියේ උන්ඩියල් සහ බ්ලැක් මාකට් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. කලින් ඇස්තමේන්තුවට අනුව 2009-18 කාලය තුල ලංකාවට උන්ඩියල් ක්‍රම නිසා අහිමි වී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන විස්සක් විතර වෙනවා. මේ කලු සල්ලි නැවත භාවිතා වෙන්නේ මත්ද්‍රව්‍ය, ආයුධ, මිනිස් වෙළඳාම ආදී වෙළඳාම් සඳහා.

    එතකොට මේ ඇස්තමේන්තු අනුව බැලුවොත් 2009-18 කාලය තුල පමණක් ලංකාවට අහිමි වී ඇති ප්‍රාග්ධනයේ ඩොලර් ප්‍රමාණය බිලියන 65ක් විතර. වසරකට ඩොලර් බිලියන 6.5ක්. අපි එච්චර ණය ගන්නෙවත් නෑ අවුරුද්දකට. අපේ මුළු ණය බර වෙන්නෙත් ඩොලර් බිලියන 55යි. ඒ නිසා අපි මේ කතා කරන්නේ කජු ඇට කොස් ඇට ගැන නෙමෙයි.

    මීට අමතරව ලංකා රජය විසින් පසුගිය ජනවාරි වෙනකම් ISB ගෙවීම් කරනවා. මෙහෙම ගෙවන්නේ පැහැදිලිවම ඉදිරියට මිනිස්සුන්ට තෙල් ගේන්න, බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිවෙන බව හොඳින් පෙනි පෙනී. ඩිෆෝල්ට් කරන්න වෙන බව දැනගෙන. මිනිස්සු මැරෙන්න යන බව පෙනෙද්දී. මීට අමතරව (කාල වකවානුව දන්නේ නෑ - W.D. ලක්ෂ්මන් ඉන්න කාලේ) ලංකාවේ තිබ්බ රන් සංචිත වලින් ඩොලර් බිලියන දහතුනක රන් සංචිත රත්තරන් මිල ඉතා පහල මට්ටමකට වැටුණු වෙලාවක විකුනලා දාලා තියෙනවා. මේවා විකුණුවේ කාටද කියල දන්නේ නෑ. අන්තිමට එක සතයක් නැති වෙනකම්ම රටේ මිනිස්සු හොයපු ඩොලර් ටික එලියට ඇදලා තමා මෙයාලා IMF යන්නේ.

    මේ සියල්ල තව හොයා බලන්න, පරීක්ෂා කරන්න. වැරදි ඇති නම් දැනුවත් කරන්න. අපිට අප්‍රිකාව වගේ වෙන්න ඕනේ නැත්තන්, මේ ප්‍රශ්න ගැන දැනුවත් වීමත්, ඒවා සම්බන්ධව විසඳුම් සහිත වැඩපිලිවෙලකුත් අපිට අවශ්‍යයි. ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් සියල්ලම පාහේ උඩ කිවූ ව්‍යාපාරික ලේයර් එක විසින් අල්ලාගෙන ඇති බව සහතික නිසා ඔවුන් විශ්වාස කල නොහැකියි. ඇමතිවරුන්ට උපදෙස් දෙන්න පත් කල ආර්ථික කමිටුවේ හිටියෙත් ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් සෙට් එකනේ. මේ කිසිවක් ගැන අපි කිසිත් නොදැන ඉන්නේ කොහොමද කියලත් ඇසිය යුතුයි.

    ---

    මේ සාකච්ජාවෙ දනුශ කියන කාරණා ගැනත් අහන්න

    බම්ප්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,705
    1
    25,637
    113
    කැළෑ පොජ්ජේ
    මීට අමතරව (කාල වකවානුව දන්නේ නෑ - W.D. ලක්ෂ්මන් ඉන්න කාලේ) ලංකාවේ තිබ්බ රන් සංචිත වලින් ඩොලර් බිලියන දහතුනක රන් සංචිත රත්තරන් මිල ඉතා පහල මට්ටමකට වැටුණු වෙලාවක විකුනලා දාලා තියෙනවා

    Mekata source ekak thiynawada bn???

    Lankawe 13bn usd total reserves wath thibila naa neda bn??? Gold witharak 13 billion thibuna kiyla hithagannath ba..:baffled:

    Wd lakshman governer hitiye 2019 wagene...ape max foreign reseves usd 9bn wage..

    Edit: ton 13kda?? Samnyen gold wage ewa reserves dollars walin kiyanne naa neda? Ton walin ne kiyanne
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,022
    113
    Mekata source ekak thiynawada bn???

    Lankawe 13bn usd total reserves wath thibila naa neda bn??? Gold witharak 13 billion thibuna kiyla hithagannath ba..:baffled:

    Wd lakshman governer hitiye 2019 wagene...ape max foreign reseves usd 9bn wage..

    Edit: ton 13kda?? Samnyen gold wage ewa reserves dollars walin kiyanne naa neda? Ton walin ne kiyanne

    Oh yes yes, it should be tonnes. Thanks for pointing it out.

    Source is open source historical data.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,364
    47,121
    113
    (ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.09, ප.ව.7.45) Over invoiceing හා Under invoiceing මගින් ව්‍යාපාරිකයන් මෙරට ඩොලර් විදේශයට රැගෙන යන ආනයන - අපනයන සෙල්ලම තුළින් රට බංකොලොත් වීම තවදුරටත් සිදුවන බවත් එම ක්‍රියාවලිය පිළිබඳව 2016 දී 'මුල්‍ය අර්බුදය පාමුල' කෘතිය තුළින් පවා තමන් අනාවරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.
    ඔහු මේ බව විස්තරාත්මකව පවසා සිටියේ ඊයේ (08) දින පාර්ලිමේන්තු විවාදය අවස්ථාවේදී අදහස් දක්වමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක;

    "අද අපේ රට බංකොලොත් රටක් හැටියට අපි මේ අයවැය විවාද කරනවා. අපි පෙනී ඉන්න යම් යම් මිත්‍යාවන් ප්‍රමාණයක් පිළිබඳව අවබෝධය ඇති කරගන්නවා. පසුගියදා අපේ රටේ සෘජු විදේශ ආයෝජන හා විදේශ ආයෝජකයන් රටෙන් රැගෙන ගිය ඩොලර් ප්‍රමාණය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරළියට ආවා. 2020 ගත්තොත් ලෝකයේ සාමාන්‍යයෙන් ආයෝජනයකින් ලබාගන්න පුළුවන් ලාභාංශය 4.7 යි. නමුත් ලංකාවේ ඒක 7.4යි. ඒ කියන්නේ ලංකාව වැඩියෙන් ලාභ උපයන්න පුළුවන් තැනක්. නමුත් අපිට වැඩියෙන් ආයෝජන ඇවිල්ලා නෑ. 2020 මුල්‍යමය වශයෙන් ඇතිවෙච්ච විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 243. ලාභාංශ අරන් තියෙනවා 428 ක්. 2019 - 2022 සිදුවෙමින් තියෙන්නේ මොකක්ද? ආයෝජන වලට වඩා වැඩි ප්‍රමාණයක් ලාභාංශ හැටියට රටෙන් එළියට යනවා. ඒ කියන්නේ මධ්‍යකාලීන විදියට, මේක අර්බුදයක් බවට පත්වෙනවා. අපේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මේක ලොකු බරක් එකතු කරන තැනක්.

    මේ පිළිබඳව මුලින්ම 2016 දී මම කෘතියක් කළා 'මුල්‍ය අර්බුදය පාමුල' කියලා. අද මේ මුහුණ දීලා තියෙන ප්‍රශ්නය අපි 2016 දී විස්තර කළා. එතනදි අපි පෙන්වලා දුන්නා Global Integrity Report එකට අනුව ලංකාවේ ආනයන - අපනයන මේ සෙල්ලම වෙනවා කියලා. මෙතන වෙන්නේ ආනයන වලදී Over invoiceing කරලා ඩොලර් එහෙ ගෙනියනවා. ඒ වගේම අපනයන වලදී Under invoiceing කරලා ඩොලර් අනිත් පැත්තට ගෙනියනවා. ආසන්නයෙන් පසුගිය දශක දෙකක කාලය තුළ මෙය ඩොලර් බිලියන 2 - 2.5 ත් අතර ප්‍රමාණයක්. මේ කාලයේම ලංකාවේ ගෙවුම් ශේෂයත් ඊට සමාන ප්‍රමාණයක්. රටේ රේගු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යංශය මේ මහා පරිමාණයෙන් සිදුකරන ඩොලර්, ආනයන අපනයන සෙල්ලම වලක්වා ගැනීමට ගන්න නීතිමය හා තාක්ෂණිකමය ක්‍රියාමාර්ග වගේම ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.

    මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ගිය ජූලි මාසේ සිට ඔවුන් මිනුම් දණ්ඩක් හැටියට අරගෙන පරීක්ෂා කළා කියලා, ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් ලංකාවට රැගෙන ඇවිල්ලා තියෙන මුදල් ප්‍රමාණය, අපනයන වටිනාකමින් 17% යි කියලා. සමස්තයක් හැටියට ගත්තම එය 23% යි. ඉතින් බෙහෙත්, පොහොර, තෙල් , ගල් අඟුරු ටික ගන්න ඩොලර් නැතුව බිඳ වැටිලා තියෙන රට ඇතුලේ ව්‍යාපාරික පන්තිය ක්‍රියා කරන්නේ මෙලෙස නම් ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කිරීමේ වගකීම මේ පාර්ලිමේන්තුවටත්, ආණ්ඩුවටත් තියෙනවා.

    තව මායාවක් තමයි අපි පනත් වෙනස් කරනවා. මෑතදී ඛනිජ තෙල් ක්ෂේත්‍රය ලිබරල්කරණයට ලක් කළා. නමුත් තෙල් ගෙන්නන්න මේ වෙනකන් එකම කෙනෙක්වත් ඉදිරිපත් වෙලා නෑ. තෙල් බෙදාහැරීම සම්බන්ධයෙන් IOC වලට අමතරව තවත් අය ඇවිල්ලා නෑ. විදුලියට දැන් එවැනිම යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. මෙගාවොට් 100 සූර්ය බලයට දැම්මා ටෙන්ඩර්. කිසිම විදේශිකයෙක් ආවේ නෑ. ඇයි මේ එන්නේ නැත්තේ? විදේශ ආයෝජකයන්ට අවශ්‍යයි ඩොලර් වලින් ආයෝජනය කරලා ඩොලර් වලින්ම ආපහු ගෙනියන්න. අපි මොන තරම් ලිබරල්කරණයන් කළත් කිසිම කෙනෙක් මේ රටට එන්නේ නෑ. බලාගාර, වරාය, අධිවේගී මාර්ග අත්පත් කරගන්න උපාය මාර්ගය මත විදේශ කොම්පැනියක් කල්පනා කළොත් මිස.

    අද කතා කරනවා නිදහස් වෙළඳ ගිවිසුම් ගැන. නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිවෙන්න නම් නිදහස් වෙළඳාමක් තියෙන්න ඕන. නිදහස් වෙළඳාමට සීමා පනවලා තියෙන අවස්ථාවක, වෙළඳ ගිවිසුම් එන්නේ නැහැ. ඒ වගේම අපට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් බැංකුව ඖෂධ, පොහොර ගන්න ලබා දීපු ධනය නිවැරදිව පාවිච්චි කරලා නැහැ. පුද්ගලික අංශය පොහොර ලාබෙට ගේනවා ඩොලර් 600 ට. රජය ගේනවා 800 ට. මේ තත්වයන් පිළිබඳ යථාර්ථවාදීව කල්පනා කරලා අපි අලුත් විසඳුම් වලියක් සොයා ගැනීම සඳහා වෙහෙස විය යුතුයි."

    https://www.lankaenews.com/news/14138/